යෙදුමෙන් කියවන්න

අධම‍්මිකසුත‍්තං

4. 2. 2. 10.

4. 2. 2. 10.

[අධම‍්මිකසුත‍්තං]

[අධම්මික සූත්‍රය]

20. යස‍්මිං භික‍්ඛවෙ සමයෙ රාජානො අධම‍්මිකා හොන‍්ති, රාජයුත‍්තාපි තස‍්මිං සමයෙ අධම‍්මිකා හොන‍්ති. රාජයුත‍්තෙසු අධම‍්මිකෙසු බ්‍රාහ‍්මණගහපතිකාපි තස‍්මිං සමයෙ අධම‍්මිකා හොන‍්ති. බ්‍රාහ‍්මණගහපතිකෙසු අධම‍්මිකෙසු නෙගමජානපදාපි තස‍්මිං සමයෙ අධම‍්මිකා හොන‍්ති. නෙගමජානපදෙසු අධම‍්මිකෙසු විසමං චන්‍දිමසුරියා පරිවත‍්තන‍්ති. විසමං චන්‍දිමසුරියෙසු පරිවත‍්තන‍්තෙසු විසමං නක‍්ඛත‍්තානි තාරකරූපානි පරිවත‍්තන‍්ති. විසමං නක‍්ඛත‍්තෙසු තාරකරූපෙසු පරිවත‍්තන‍්තෙසු විසමං රත‍්තින්‍දිවා පරිවත‍්තන‍්ති. විසමං රත‍්තින්‍දිවෙසු පරිවත‍්තන‍්තෙසු විසමං මාසද‍්ධමාසා පරිවත‍්තන‍්ති. විසමං මාසද‍්ධමාසෙසු පරිවත‍්තන‍්තෙසු විසමං උතුසංවච‍්ඡරා පරිවත‍්තන‍්ති. විසමං උතුසංවච‍්ඡරෙසු පරිවත‍්තන‍්තෙසු විසමං වාතා වායන‍්ති විසමා අපඤ‍්ජසා. විසමං වාතෙසු වායන‍්තෙසු විසමෙසු අපඤ‍්ජසෙසු දෙවතා පරිකුපිතා භවන‍්ති. දෙවතාසු පරිකුපිතාසු දෙවො න සම‍්මාධාරං අනුප‍්පවෙච‍්ඡති. දෙවෙ න සම‍්මා ධාරං අනුප‍්පවෙච‍්ඡන‍්තෙ විසමපාකීනි සස‍්සානි භවන‍්ති. විසමපාකීනි භික‍්ඛවෙ සස‍්සානි මනුස‍්සා පරිභුඤ‍්ජන‍්තා අප‍්පායුකා ච හොන‍්ති දුබ‍්බණ‍්ණා ච බව‍්හාබාධා ච.

20. මහණෙනි, යම් කලෙක්හි රජදරුවෝ අධාර්මික වෙත් ද, එකල රාජපුරුෂයෝ ද අධාර්මික වෙති. රාජපුරුෂයන් අධාර්මික වූ කල බ්‍රාහ්මණගෘහපතිහු ද අධාර්මික වෙති. බ්‍රාහ්මණගෘහපතීන් අධාර්මික වූ කල නිගම ජනපද වාසීහු ද අධාර්මික වෙති. නිගම ජනපද වාසීන් අධාර්මික වූ කල චන්‍ද්‍රසූර්‍ය්‍යයෝ විෂම ව වැටෙත්. විෂම ව චන්‍ද්‍රසූර්‍ය්‍යයන් වැටෙනා කල නක්‍ෂත්‍රතාරකාරූපයෝ විෂම ව වැටෙත්. විෂම ව නක්‍ෂත්‍රතාරකාරූපයන් ප්‍රවෘත්ත වූ කල රාත්‍රින්‍දිවයෝ විෂම ව පවතිත්. විෂම ව රාත්‍රින්‍දිවයන් පවත්නා කල මාසාර්‍ධමාසයෝ විෂම ව පවතිත්. විෂම ව මාසාර්‍ධමාසයන් පවත්නා කල ඍතු සංවත්සරයෝ විෂම ව පවතිත්. විෂම ඍතු සංවත්සරයන් පවත්නා කල දැඩි හෝ මඳ වූ, නො මග ගත් වාත විෂම ව හමයි. දැඩි හෝ මඳ වූ, නො මග ගත් වාත විෂම ව හමන කල්හි දේවතාවෝ ප්‍රකුපිත වෙත්. දේවතාවන් ප්‍රකුපිත වූ කල මනා දහරින් වැසි නො වසියි. වර්‍ෂා සම්‍යක් ධාරායෙන් නො වස්නා කල ශස්‍යයෝ විෂම ව පැසෙත්. මහණෙනි, විෂමපාකී ශස්‍යයන් වළඳ කරණ මිනිස්සු අල්පායුෂ්ක වෙත්. දුර්‍වණ ද වෙත්. දුර්‍වල ද වෙත්. බොහෝ ආබාධ ඇති ද වෙත්.

යස‍්මිං භික‍්ඛවෙ සමයෙ රාජානො ධම‍්මිකා හොන‍්ති, රාජයුත‍්තාපි තස‍්මිං සමයෙ ධම‍්මිකා හොන‍්ති. රාජායුත‍්තෙසු ධම‍්මිකෙසු බ්‍රාහ‍්මණගහපතිකාපි තස‍්මිං සමයෙ ධම‍්මිකා හොන‍්ති. බ්‍රාහ‍්මණගහපතිකෙසු ධම‍්මිකෙසු නෙගමජානපදාපි තස‍්මිං සමයෙ ධම‍්මිකා හොන‍්ති. නෙගමජානපදෙසු ධම‍්මිකෙසු සමං චන්‍දිමසුරියා පරිවත‍්තන‍්ති. සමං චන්‍දිමසුරියෙසු පරිවත‍්තන‍්තෙසු සමං නක‍්ඛත‍්තානි තාරකරූපානි පරිවත‍්තන‍්ති. සමං නක‍්ඛත‍්තෙසු තාරකරූපෙසු පරිවත‍්තන‍්තෙසු සමං රත‍්තින්‍දිවා පරිවත‍්තන‍්ති. සමං රත‍්තින්‍දිවෙසු පරිවත‍්තන‍්තෙසු සමං මාසද‍්ධමාසා පරිවත‍්තන‍්ති. සමං මාසද‍්ධමාසෙසු පරිවත‍්තන‍්තෙසු සමං උතුසංවච‍්ඡරා පරිවත‍්තන‍්ති. සමං උතුසංවච‍්ඡරෙසු පරිවත‍්තන‍්තෙසු සමං වාතා වායන‍්ති. සමා පඤ‍්ජසා. සමං වාතෙසු වායන‍්තෙසු සමෙසු පඤ‍්ජසෙසු දෙවතා අපරිකුපිතා භවන‍්ති. දෙවතාසු අපරිකුපිතාසු දෙවො සම‍්මා ධාරං අනුප‍්පවෙච‍්ඡති. දෙවෙ සම‍්මා ධාරං අනුප‍්පවෙච‍්ඡන‍්තෙ සමපාකීනි සස‍්සානි භවන‍්ති. සමපාකීනි භික‍්ඛවෙ සස‍්සානි මනුස‍්සා පරිභුඤ‍්ජන‍්තා දීඝායුකා ච හොන‍්ති වණ‍්ණවන‍්තො ච බලවන‍්තො ච අප‍්පාබාධා චා’ති.

මහණෙනි, යම් කලෙක රජදරුවෝ ධාර්මික වෙත් ද, එසමයෙහි රාජපුරුෂයෝ ද ධාර්මික වෙත්. රාජපුරුෂයන් ධාර්මික වූකල බ්‍රාහ්මණ ගෘහපතීහු ද ධාර්මික වෙත්. බ්‍රාහ්මණ ගෘහපතීන් ධාර්මික වූ කල නිගම ජනපද වාසීහු ද ධාර්මික වෙත්. නිගම ජනපද වාසීන් ධාර්මික වූ කල සඳහිරු දෙදෙනා සමව පවතිත්. සම ව සඳ හිරු දෙදෙනා පවත්නා කල නක්‍ෂත්‍ර තාරකාරූපයෝ සම ව පවතිත්. සම ව නක්‍ෂත්‍ර තාරකා රූපයන් පවත්නා කල දව රෑ සමව පවතී. සම ව දව රෑ පවත්නා කල මසඩමස් සම ව පවතියි. සම ව මසඩමස් පවත්නා කල ඍතු සංවත්සර සම ව පවතී. සම ව ඍතු සංවත්සර පවත්නා කල අවිෂම වූ නිසි මග ගත් වාතයෝ සම ව හමත්. අවිෂම වූ නිසි මග ගත් වාත සම ව හමන කල දේවතාවෝ ප්‍රකුපිත නො වෙත්. දේවතාවන් ප්‍රකුපිත නො වූ කල වර්‍ෂා සම්‍යක් ධාරායෙන් වස්නේ ය. වර්‍ෂා සම්‍යක් ධාරායෙන් වස්නා කල ශස්‍ය ඵලයෝ සමපාකී වෙත්. මහණෙනි, මිනිස්සු සමපාකී ශස්‍ය ඵලයන් වළඳ කරන්නාහු දීර්‍ඝායුෂ්ක ද වෙති. වර්‍ණවත් ද වෙති. බලවත් ද වෙති. අල්පාබාධත් වෙති.

54. ගුන‍්නං චෙ තරමානානං ජිම‍්හං ගච‍්ඡති පුඞ‍්ගවො, සබ‍්බා තා ජිම‍්හං ගච‍්ඡන‍්ති නෙත‍්තෙ ජිම‍්හං ගතෙ සති.

54. තරණය කරණ ගොනුන් අතුරෙහි පුඞ්ගවයා කුටිල ව යේ නම් ඒ නායක ගවයා කුටිලව ගිය කල්හි සෙසු හැම ගවයෝ කුටිල ව යෙත්.

55. එවමෙව මනුස‍්සෙසු යො හොති සෙට‍්ඨසම‍්මතො, සො චෙ අධම‍්මං චරති පගෙව ඉතරා පජා, සබ‍්බං රට‍්ඨං දුඛං සෙති රාජා චෙ හොතධම‍්මිකො.

55. එපරිදි ම මිනිසුන් අතුරෙහි යම් මිනිසෙක් ශ්‍රේෂ්ඨ සම්මත වේ නම් හෙ ම අධර්‍ම කෙරේ නම් ඉතිරි ප්‍රජාව කැලමය. රජ නො දැහැමි වේ නම් මුළු රට දුඃඛිත වේ.

56. ගුන‍්නං චෙ තරමානානං උජුං ගච‍්ඡති පුඞ‍්ගවො, සබ‍්බා තා උජු ගච‍්ඡන‍්ති නෙත‍්තෙ උජුගතෙ සති.

56. තරණය කරණ ගොනුන් අතුරෙහි පුඞ්ගවයා අකුටිල ව යේ නම් නායකයා ඍජු ව යත් ම ඒ හැම ගවයෝ ඍජුව යෙත්.

57. එවමෙව මනුස‍්සෙසු යො හොති සෙට‍්ඨසම‍්මතො, සො චෙව ධම‍්මං චරති පගෙව ඉතරා පජා, සබ‍්බං රට‍්ඨං සුඛං සෙති, රාජා චෙ හොති ධම‍්මිකොති.

57. එපරිදි ම මිනිසුන් කෙරෙහි යම් මිනිසෙක් ශ්‍රේෂ්ඨ සම්මත වේ ද, හෙ ද දහම් පුරා නම්, ඉතිරි ප්‍රජාව කැලම ය. රජ ධාර්මික වේ නම් මුළු රට සුඛිත වෙයි.

පත‍්තකම‍්මවග‍්ගො දුතියො.

පත්තකම්ම වර්‍ගය දෙවැනි යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

පත‍්තකම‍්මං අනණකො සබ්‍රහ‍්ම නිරයා රූපෙන පඤ‍්චමං, සරාග අහිනා දෙවදත‍්තො පධානං අධම‍්මිකෙන චා’ති.

පත්තකම්ම සූත්‍රය, අනණ සූත්‍රය, සබ්‍රහ්ම සූත්‍රය, නිරය සූත්‍රය, පස්වන රූප සූත්‍රය, සරාග අභි සූත්‍ර දෙකය, දේවදත්ත සූත්‍රය, පධාන සූත්‍රය, අධම්මික සූත්‍රය සමග දශය යි.