නිරයසුත්තං
4. 2. 2. 4.
4. 2. 2. 4.
[නිරයසුත්තං]
[නිරය සූත්‍රය]
14. චතූහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි චතූහි?
14. මහණෙනි, කරුණු සතරෙකින් සමන්වාගත වූයේ ගෙණවුත් බහන ලද්දක් යම් සේ ද, එපරිදි නිරයෙහි නික්ෂිප්තය. කවර සතර කරුණෙන යත්:
පාණාතිපාතී හොති, අදින්නාදායී හොති, කාමෙසු මිච්ඡාචාරී හොති, මුසාවාදී හොති.
පණිවා ඇත්තේ වෙයි. අයිනාදන් ගන්නේ වෙයි. කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මුසවා ඇතියේ වෙයි.
ඉමෙහි ඛො භික්ඛවෙ චතූහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙති.
මහණෙනි, මේ සතර කරුණෙන් සමන්වාගත වූයේ ගෙණවුත් බහන ලද්දක් සෙයින් නිරයෙහි නික්‍ෂිප්ත ය.
40. පාණාතිපාතො අදින්නාදානං මුසාවාදො ච වුච්චති, පරදාරගමනඤ්චාපි නප්පසංසන්ති පණ්ඩිතාති.
40. ප්‍රාණවධය, අදත්තාදානය, මෘෂාවාදය හා පරදාර ගමනය දැයි සතර කරුණෙක් කියනු ලැබේ. පඬිහු ඒ නොපසසත්.
4. 2. 2. 5.
4. 2. 2. 5.
[රූප (ප්පමාණ) සුත්තං]
[රූප (ප්පමාණ) සූත්‍රය]
15. චත්තාරො’මෙ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
15. මහණෙනි, මේ සතර පුඟුල් කෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර කෙනෙක යත්:
රූපප්පමාණො රූපප්පසන්නො, ඝොසප්පමාණො ඝොසප්පසන්නො, ලූඛප්පමාණො ලූඛප්පසන්නො, ධම්මප්පමාණො ධම්මප්පසන්නො.
රූපය ප්‍රමාණ කොට ඇති රූපප්‍රසන්නය, ගුණඝෝෂය ප්‍රමාණ කොට ඇති ඝෝෂප්‍රසන්නය, රූක්‍ෂප්‍රතිපත්ති ප්‍රමාණ කොට ඇති රූක්‍ෂප්‍රසන්නය, ධර්මය ප්‍රමාණ කොට ඇති ධර්මප්රසන්න යි.
ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
මහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
41. යෙ ච රූපෙන පාමිංසු යෙ ච ඝොසෙන අන්වගූ, ඡන්දරාගවසූපෙතා න තෙ ජානන්ති තං ජනං
41. යම් කෙනෙක් රූපයෙන් මැනගත්හු ද, යම් කෙනෙකුත් ඝෝෂප්‍රමාණයෙන් (පැහැදීම් විසින්) අනුගතවූහු ද, ඡන්‍දරාගවසයට වැටුනාහු, ඔහු ඒ අරී ජනයා නො හඳුනත්.
42. අජ්ඣත්තඤ්ච න ජානාති බහිද්ධා ච න පස්සති, සමන්තාවරණො බාලො ස වෙ ඝොසෙන වුය්හති.
42. ආධ්‍යාත්මිකගුණය ද නො දනියි. බැහැරි පිළිවෙත් ද නො දකී. හාත්පසින් ඇවිරීම් ඇති ඒ අඥ තෙමේ ඒකාන්තයෙන් ඝෝෂප්‍රමාණයෙන් ගෙණ යනු ලැබේ.
43. අජ්ඣත්තඤ්ච න ජානාති බහිද්ධා ච විපස්සති, බහිද්ධා ඵලදස්සාවී සොපි ඝොසෙන වුය්හති.
43. ආධ්‍යාත්මික ගුණ ද නො දන්නේ ය. බැහැරි පිළිවෙත් දක්නේය. බාහිර සත්කාරඵල දක්නා සුලු හෙ ද ඝෝෂප්‍රමාණයෙන් ගෙණ යනු ලැබේ.
44. අජ්ඣත්තඤ්ච පජානාති බහිද්ධා ච විපස්සති, විනීවරණදස්සාවී න සො ඝොසෙන වුය්හති.
44. ආධ්‍යාත්මිකගුණ ද දන්නේය. බැහැරි පිළිවෙත් ද දක්නේය. ප්‍රකට විසින් දක්නා හේ ඝෝෂප්‍රමාණයෙන් ගෙණ යනු නො ලැබේ.
4. 2. 2. 6.
4. 2. 2. 6.
[සරාග (පුග්ගල) සුත්තං]
සරාග (පුග්ගල) සූත්‍රය
16. චත්තාරො’මෙ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො? සරාගො, සදොසො, සමොහො, සමානො.
16. මහණෙනි, මේ සතර පුඟුල් කෙනෙක් ලෝකයෙහි ඇත. කවර සතර කෙනෙක යත්: රාග සහිතය, ද්වේෂ සහිත ය, මෝහ සහිත ය, මාන සහිත යි.
ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
මහණෙනි, මේ සතර පුඟුල්හු ලෝකයෙහි විද්‍යමානයහ.
45. සාරත්තා රජනීයෙසු පියරූපාභිනන්දිනො, මොහෙන අධමා සත්තා බද්ධා වඩ්ඪෙන්ති බන්ධනං.
45. රජනීය රූපාදියෙහි සංරක්ත වූ ප්‍රියරූපය අභිනන්දනය කරණ සුලු මෝහයෙන් අධම වූ එයින් බැඳුනු සත්ත්වෙයෝ භවබන්ධනය වඩත්.
46. රාගජඤ්ච දොසජඤ්ච මොහජඤ්චාචාපවිද්දසු. කරොන්ති අකුසලං කම්මං සවිඝාතං දුඛුද්රයං.
46. අවිද්වත් ජනයෝ රාගයෙන් උපන්, ද්වේෂයෙන් උපන් මෝහයෙනු දු උපන් දුක්සහිත වූ මතුයෙහිත් දුක් වඩන අකුශලකර්ම කෙරෙත්.
47. අවිජ්ජානිවුතා පොසා අන්ධභූතා අචක්ඛුකා, යථා ධම්මා තථා සන්තා න නස්සෙවන්ති න මඤ්ඤරෙති.
47. අවිද්‍යායෙන් වටා ගත්, ප්‍රඥාචක්‍ෂුස් රහිත, එයින් ම අන්ධ වූ, පුරුෂයෝ රාගාදීන් තුබූ පරිදි ම එහි වැටුනාහු අපි මෙබඳු ස්වභාව ඇත්තම්හ යි නො සිතත් මය.