සබ්‍රහ‍්මසුත‍්තං
4. 2. 2. 3.
4. 2. 2. 3.
[සබ්‍රහ‍්මසුත‍්තං]
[සබ්‍රහ්ම සූත්‍රය]
13. සබ්‍රහ‍්මකානි භික‍්ඛවෙ තානි කුලානි යෙසං පුත‍්තානං මාතාපිතරො අජ‍්ඣාගාරෙ පූජිතා හොන‍්ති. සපුබ‍්බාචරියකානි භික‍්ඛවෙ තානි කුලානි යෙසං පුත‍්තානං මාතාපිතරො අජ‍්ඣාගාරෙ පූජිතා හොන‍්ති. සපුබ‍්බදෙවතානි භික‍්ඛවෙ, තානි කුලානි යෙසං පුත‍්තානං මාතාපිතරො අජ‍්ඣාගාරෙ පූජිතා හොන‍්ති. සාහුනෙය්‍යකානි භික‍්ඛවෙ, තානි කුලානි යෙසං පුත‍්තානං මාතාපිතරො අජ‍්ඣාගාරෙ පූජිතා හොන‍්ති.
13. මහණෙනි, යම් පුත්‍ර කෙනකුන් විසින් මවුපියෝ ගෙහි දී පුදන ලද්දාහු වෙත් ද, ඒ කුලයෝ බ්‍රහ්ම සහිතයහ. මහණෙනි, යම් පුත්‍ර කෙනකුන් විසින් මවුපියෝ ගෙහි දී පූජිත වෙත් ද, ඒ කුලයෝ පූර්‍වාචාර්‍ය සහිතයහ. මහණෙනි, යම් පුත්‍ර කෙනකුන් විසින් මවුපියෝ ගෙහිදී පූජිත වෙත් ද, ඒ කුලයෝ පූර්‍වාදේවතා සහිතයහ. මහණෙනි, යම් පුත්‍ර කෙනකුන් විසින් මවුපියෝ ගෙහි දී පූජිත වෙත් ද, ඒ කුලයෝ ආහුනෙය්‍ය සහිතයහ.
බ්‍රහ‍්මාති භික‍්ඛවෙ මාතාපිතුන‍්නං එතං අධිවචනං. පුබ‍්බාචරියාති භික‍්ඛවෙ, මාතාපිතුන‍්නං එතං අධිවචනං. පුබ‍්බදෙවාති භික‍්ඛවෙ, මාතාපිතුන‍්නං එතං අධිවචනං. ආහුනෙය්‍යාති භික‍්ඛවෙ මාතාපිතුන‍්නං එතං අධිවචනං. තං කිස‍්ස හෙතු?
මහණෙනි, මවුපියනට ‘බ්‍රහ්ම’ යන මේ නමෙකි. මහණෙනි, මවුපියනට ‘පූර්‍වාචාර්‍ය’ යන මේ නමෙකි. මහණෙනි, මවුපියනට ‘පූර්‍වදේව’ යන මේ නමෙකි. මහණෙනි, මවුපියනට ‘ආහුනෙය්‍ය’ යන නමෙකි. ඒ කවර හෙයින යත්:
බහුකාරා භික‍්ඛවෙ, මාතාපිතරො පුත‍්තානං ආපාදකා පොසකා ඉමස‍්ස ලොකස‍්ස දස‍්සෙතාරොති.
මහණෙනි, මවුපියෝ පුතුනට (දරුවනට) බොහෝ උපකාර ඇතියහ. හදනුවහ, වඩනුවහ. මෙ ලොව දක්වනුවහ.
37. බ්‍රහ‍්මාති මාතාපිතරො පුබ‍්බාචරියාති වුච‍්චරෙ, ආහුනෙය්‍යා ච පුත‍්තානං පජාය අනුකම‍්පකා. තස‍්මා හි නෙ නමස‍්සෙය්‍ය සක‍්කරෙය්‍යාථ පණ‍්ඩිතො.
37-38. මවුපියෝ ‘බ්‍රහ්මයහ’ යි ද, ‘පූර්‍වාචාර්‍ය්‍යයහ’ යි ද කියනු ලැබෙත්. පුත්‍රයන්ගේ (ඇර දෙන්නට නිසි අන්නපාන ප්‍රතිග්‍රහණයට අර්‍හ වන බැවින්) ආහුනෙය්‍යහ. පුත්‍රාඛ්‍යප්‍රජාවට අනුකම්පා කරණුවහ. එයින් ඔවුන් නමදනේ ය. වැලිත් පණ්ඩිත පුත්‍ර තෙමේ අන්නපානයෙනුදු වස්ත්‍රශයනයෙනුදු ඇඟ ඉළීමෙනුදු නැහැවීමෙනුදු පා දෙවීමෙනුදු සත්කාර කරන්නේය.
38. අන‍්නෙන අථ පානෙන වත්‍ථෙන සයනෙන ච, උච‍්ඡාදනෙ නහාපනෙ පාදානං ධොවනෙන ච.
39. තාය නං පාරිචරියාය මාතාපිතූසු පණ‍්ඩිතා, ඉධ චෙව නං පසංසන‍්ති පෙච‍්ච සග‍්ගෙ ච මොදතීති.
39. මවුපියන් කෙරෙහි ලා කරණ ඒ වතාවතින් පඬිහු මෙ ලොව්හි ද ඔහු පසසත්. පරලොව ගොස් ස්වර්‍ගයෙහිදු (විපාක නන්‍දනායෙන්) සතුටු වෙයි.