අනණසුත්තං
4. 2. 2. 2.
4. 2. 2. 2.
[අනණසුත්තං]
[අනණ සූත්‍රය]
12. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො අනාථපිණ්ඩිකං ගහපතිං භගවා එතදවොච :
12. එකල්හි අනාථපිණ්ඩික සිටු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්හි හින. එකත්පස් ව හුන් අනේපිඬු සිටුහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
චත්තාරිමානි ගහපති සුඛානි අධිගමනීයානි ගිහිනා කාමභොගිනා කාලෙන කාලං සමයෙන සමයං උපාදාය. කතමානි චත්තාරි?
ගෘහපතිය, කාමභෝගී ගිහීන් විසින් කලින් කල හේතුවිසින් ලැබිය යුතු මේ සුඛයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
අත්ථිසුඛං භොගසුඛං අනණසුඛං අනවජ්ජසුඛං.
අස්තිසුඛය, භෝගසුඛය, අනණසුඛය, අනවද්‍ය සුඛ යි.
කතමඤ්ච ගහපති අත්ථිසුඛං? ඉධ ගහපති කුලපුත්තස්ස භොගා හොන්ති උට්ඨානවිරියාධිගතා බාහාබලපරිචිතා සෙදාවක්ඛිත්තා ධම්මිකා ධම්මලද්ධා. සො භොගා මෙ අත්ථි උට්ඨානවිරියාධිගතා බාහාබලපරිචිතා සෙදාවක්ඛිත්තා ධම්මිකා ධම්මලද්ධාති අධිගච්ඡති සුඛං, අධිගච්ඡති සොමනස්සං. ඉදං වුච්චති ගහපති අත්ථිසුඛං.
ගැහැවිය, අස්තිසුඛ නම් කවරේය යත්: ගැහැවිය, මෙ ලොව කුලපුත්‍රයකුට උත්ථාන වීර්‍ය්‍යයෙන් ලැබූ බාහුබලයෙන් වඩා ගත් වගුළ සෝදියෙන් ඉපැයූ ධර්‍මයුක්ත වූ දැහැමින් ලත් භෝගයෝ ඇත. හෙතෙම උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලැබූ බාහුබලයෙන් වැඩූ හෙළු සෝදියෙන් ඉපැයූ ධර්‍මයුක්ත වූ ධර්‍මලබ්ධ වූ භෝගයෝ මට ඇතැ යි සුඛය ලබයි. සෞමනස්‍යය ලබයි. ගැහැවිය, මේ අස්තිසුඛය යි. කියනු ලැබේ.
කතමඤ්ච ගහපති භොගසුඛං? ඉධ ගහපති කුලපුත්තො උට්ඨානවිරියාධිගතෙහි භොගෙහි බාහාබලපරිචිතෙහි සෙදාවක්ඛිත්තෙහි ධම්මිකෙහි ධම්මලද්ධෙහි භොගෙ ච භුඤ්ජති, පුඤ්ඤානි ච කරොති. සො උට්ඨානවිරියාධිගතෙහි භොගෙහි බාහාබලපරිචිතෙහි සෙදාවක්ඛිත්තෙහි ධම්මිකෙහි ධම්මලද්ධෙහි භොගෙ ච භුඤ්ජාමි පුඤ්ඤානි ච කරොමීති අධිගච්ඡති සුඛං, අධිගච්ඡති සොමනස්සං. ඉදං වුච්චති ගහපති භොගසුඛං .
ගැහැවිය, භෝගසුඛ නම් කවරේය යත්: ගැහැවිය, මෙ ලොව කුලපුත්‍රයෙක් උත්ථාන වීර්‍ය්‍යයෙන් ලැබූ බාහුබලයෙන් වඩා ගත් වගුළ සෝදියෙන් උපයාගත් ධර්‍මයුක්ත වූ ධර්‍මලබ්ධ වූ භෝගයෙන් භෝගයන් වළද කරයි. පින් ද කරයි. උත්ථාන වීර්‍ය්‍යයෙන් ලැබූ බාහුබලයෙන් වඩාගත් වගුළ සෝදියෙන් ඉපැයූ ධාර්මික වූ ධර්‍මලබ්ධ වූ භෝගයෙන් හේ භෝගයන් ද වළඳමි යි පින් ද කෙරෙමි යි සුඛය විඳියි. සෞමනස්‍යය විඳියි. ගැහැවිය, මේ භෝගසුඛය යි කියනු ලැබේ.
කතමඤ්ච ගහපති අනණසුඛං? ඉධ ගහපති කුලපුත්තො න කස්සචි කිඤ්චි ධාරෙති අප්පං වා බහුං වා. සො න කස්සචි කිඤ්චි ධාරෙමි අප්පං වා බහුං වාති අධිගච්ඡති සුඛං, අධිගච්ඡති සොමනස්සං. ඉදං වුච්චති ගහපති අනණසුඛං.
ගැහැවිය, අනණසුඛය කවරේ ය යත්: ගැහැවිය, මෙ ලොව කුලපුත්‍රයෙක් කිසිවක්හට අල්ප වූ හෝ බොහෝ වූ හෝ කිසිදු ණයක් නො දරයි. හේ කිසිවක්හට අල්ප වූ හෝ බොහෝ වූ හෝ කිසිදු ණයක් නො දරමි යි සුඛය විඳියි. සෞමනස්‍යය ලබයි. ගැහැවිය, මේ අනණසුඛය යි කියනු ලැබේ.
කතමඤ්ච ගහපති අනවජ්ජසුඛං? ඉධ ගහපති අරියසාවකො අනවජ්ජෙන කායකම්මෙන සමන්නාගතො හොති, අනවජ්ජෙන වචීකම්මෙන සමන්නාගතො හොති, අනවජ්ජෙන මනොකම්මෙන සමන්නාගතො හොති. සො අනවජ්ජෙනම්හි කායකම්මෙන සමන්නාගතො, අනවජ්ජෙන වචීකම්මෙන සමන්නාගතො, අනවජ්ජෙන මනොකම්මෙන සමන්නාගතොති අධිගච්ඡති සුඛං, අධිගච්ඡති සොමනස්සං. ඉදං වුච්චති ගහපති අනවජ්ජසුඛං.
ගැහැවිය, අනවද්‍යසුඛය නම් කවරේය යත්: ගැහැවිය, මෙ ලොව ආර්‍ය්‍යශ්‍රාවක අනවද්‍ය කායකර්මයෙන් සමන්වාගත වෙයි. අනවද්‍ය වාක්කර්මයෙන් සමන්වාගත වෙයි. අනවද්‍ය මනඃකර්මයෙන් සමන්වාගත වෙයි. අනවද්‍ය කායකර්මයෙන් සමන්‍වාගතයෙමි යි අනවද්‍ය වාක්කර්මයෙන් සමන්‍වාගතයෙමියි. අනවද්‍ය මනඃකර්මයෙන් සමන්‍වාගතයෙමි යි සුව විඳුනේය. සොම්නස් විඳුනේය. ගැහැවිය, මේ අනවද්‍යසුඛය යි කියනු ලැබේ.
ඉමානි ඛො ගහපති චත්තාරි සුඛානි අධිගමනීයානි ගිහිනා කාමභොගිනා කාලෙන කාලං සමයෙන සමයං උපාදායාති.
ගැහැවිය, කාමභෝගී ගිහිහි විසින් කලින් කල පටන් ගෙණ මේ සතර සුඛයෝ අධිගන්තව්‍යයහ යි වදාළහ.
35. අනණං සුඛං ඤත්වාන අථො අත්ථිසුඛං සරෙ, භුඤ්ජං භොගං සුඛං මච්චො තතො පඤ්ඤා විපස්සති.
35. අනණසුඛය දැන වැලි අස්තිසුඛය සිහි කරන්නේය. භොග සුඛය වළඳනා මිනිස් තෙම ඉක්බිති නුවණින් වෙසෙසා බලන්නේය.
36. විපස්සමානො ජානාති උභො භොගෙ සුමෙධසො, අනවජ්ජසුඛස්සෙතං කලං නාග්ඝති සොළසින්ති.
36. සුන්දර ප්‍රඥා ඇති ඒ මිනිසා වෙසෙසින් බලන්නේ ඒ සුව දෙ කොටස දනී. තෙල (පළමු කොටස වූ අස්තිසුඛාදී තුණ සතර වන කොටස වූ) අනවද්‍ය සුඛයාගේ සොළොස් වන කලාවට ද නො අගී.