යෙදුමෙන් කියවන්න

පත‍්තකම‍්මසුත‍්තං

4. 2. 2. 1.

4. 2. 2. 1.

[පත‍්තකම‍්මසුත‍්තං]

[පත්තකම්ම සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

11. අථ ඛො අනාථපිණ‍්ඩිකො ගහපති යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො අනාථපිණ‍්ඩිකං ගහපතිං භගවා එතදවොච :

11. එකල්හි අනේපිඬු ගැහැවි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පස් ව හුන් අනේපිඬුසිටුහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:

චත‍්තාරො’මෙ ගහපති ධම‍්මා ඉට‍්ඨා කන‍්තා මනාපා දුල‍්ලභා ලොකස‍්මිං. කතමෙ චත‍්තාරො?

ගැහැවිය, ලෝකයෙහි ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ දුර්‍ලභ වූ මේ සතර දහම්හු ය. කවර සතර දහම්හුය යත්:

භොගා මෙ උප‍්පජ‍්ජන‍්තු සහධම‍්මෙනාති, අයං පඨමො ධම‍්මො ඉට‍්ඨො කන‍්තො මනාපො දුල‍්ලභො ලොකස‍්මිං.

‘මට භෝගසම්පත්හු දහම් නො බිඳ ගෙණ උදාවෙත්ව’ යි ලෝකයෙහි ඉෂ්ට, කාන්ත, මනාප, දුර්‍ලභ මේ පළමුවන දහම ය.

භොගෙ ලද‍්ධා සහධම‍්මෙන යසො මං අබ‍්භුග‍්ගච‍්ඡතු සහඤාතීහි සහඋපජ‍්ඣායෙහීති. අයං දුතියො ධම‍්මො ඉට‍්ඨො කන‍්තො මනාපො දුල‍්ලභො ලොකස‍්මිං.

‘දහම් නො බිඳ ගෙණ භොග සම්පත් ලැබ නෑයන් නො හැර සංදෘෂ්ට, සම්භක්තයන් නො හැර මාගේ පිරිවර සැපත් නැගේව’යි ලෝකයෙහි ඉෂ්ට, කාන්ත, මනාප, දුර්‍ලභ මේ දෙවන දහම ය.

භොගෙ ලද‍්ධා සහධම‍්මෙන යසං ලද‍්ධා සහඤාතීහි සහඋපජ‍්ඣායෙහි චිරං ජීවාමි දීඝමද‍්ධායුං පාලෙමීති, අයං තතියො ධම‍්මො ඉට‍්ඨො කන‍්තො මනාපො දුල‍්ලභො ලොකස‍්මිං.

‘දහම් නො බිඳ භෝගයන් ලැබ නෑයන් නොහැර සංදෘෂ්ට සම්භක්තයන් නො හැර පිරිවර සැපත් ලැබ කලක් ජීවත් වෙම්ව යි - දීර්‍ඝායුෂ රැකගණිම්ව’ යි ලෝකයෙහි ඉෂ්ට, කාන්ත, මනාප දුර්‍ලභ මේ තෙවන දහම ය.

භොගෙ ලද‍්ධා සහධම‍්මෙන, යසං ලද‍්ධා සහඤාතීහි සහඋපජ‍්ඣායෙහි චිරං ජීවිත්‍වා දීඝමද‍්ධායුං පාලෙත්‍වා, කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජාමීති. අයං චතුත්‍ථො ධම‍්මො ඉට‍්ඨො කන‍්තො මනාපො දුල‍්ලභො ලොකස‍්මිං.

‘දහම් නො බිඳ භෝගයන් ලැබ නෑයන් නො හැර සංදෘෂ්ට සම්භක්තයන් නො හැර පිරිවර සැපත් ලැබ කලක් ජීවත් ව දීර්‍ඝායුෂ රැක ගෙණ කාබුන් මරණින් මත්තෙහි සුගති සංඛ්‍යාත ස්වර්‍ගලෝකයට එළඹෙම් ව’ යි ලෝකයෙහි ඉෂ්ට, කාන්ත, මනාප දුර්‍ලභ මේ සතර වන දහම ය.

ඉමෙ ඛො ගහපති චත‍්තාරො ධම‍්මා ඉට‍්ඨා කන‍්තා මනාපා දුල‍්ලභා ලොකස‍්මිං.

ගැහැවිය, ලෝකයෙහි ඉෂ්ට, කාන්ත, මනාප දුර්‍ලභ මේ සතර දහම්හු යි.

ඉමෙසං ඛො ගහපති චතුන‍්නං ධම‍්මානං ඉට‍්ඨානං කන‍්තානං මනාපානං දුල‍්ලභානං ලොකස‍්මිං චත‍්තාරො ධම‍්මා පටිලාභාය සංවත‍්තන‍්ති. කතමෙ චත‍්තාරො?

ගෙහෙවිය, ඉෂ්ට, කාන්ත, මනාප ලෝකයෙහි දුර්‍ලභ මේ සතර ධර්‍මයන්ගේ ප්‍රතිලාභය පිණිස සතර දහම් කෙනෙක් ඇත. කවර සතර කෙනෙක යත්:

සද‍්ධාසම‍්පදා සීලසම‍්පදා චාගසම‍්පදා පඤ‍්ඤාසම‍්පදා.

ශ්‍රද්ධාසම්පදා ය, ශීලසම්පදා ය, ත්‍යාගසම්පදා ය, ප්‍රඥාසම්පදා යි.

කතමා ච ගහපති සද‍්ධාසම‍්පදා? ඉධ ගහපති අරියසාවකො සද‍්ධො හොති, සද‍්දහති තථාගතස‍්ස බොධිං, ඉතිපි සො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො විජ‍්ජාචරණසම‍්පන‍්නො සුගතො ලොකවිදූ අනුත‍්තරො පුරිසදම‍්මසාරථි සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවාති. අයං වුච‍්චති ගහපති සද‍්ධාසම‍්පදා.

ගෙහෙවිය, ශ්‍රද්ධාසම්පදා නම් කවරය යත්: ගෙහෙවිය, මෙ ලොව අරීසවු සැදැහැ ඇත්තේ වෙයි. ‘මෙකරුණිනුදු ඒ භාග්‍යවතුන් වහන්සේ අර්‍හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණ සම්පන්නයහ, සුගතයහ, ලෝකවිදූහ, අනුත්තර පුරුෂදම්‍ය සාරථියහ, දෙවි මිනිස්නට ශාස්තෘයහ, බුද්ධයහ, භගවත් හ’ යි තථාගතයන් වහන්සේගේ සම්‍යක් සම්බෝධිය හදහයි. ගෙහෙවිය, මේ ශ්‍රද්ධාසම්පදා යි කියනු ලැබේ.

කතමා ච ගහපති සීලසම‍්පදා? ඉධ ගහපති අරියසාවකො පාණාතිපාතා පටිවිරතො හොති -පෙ- සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානා පටිවිරතො හොති. අයං වුච‍්චති ගහපති සීලසම‍්පදා.

ගැහැවිය, ශීලසම්පදා නම් කවරය යත්: ගැහැවිය, මෙ ලොව අරීසවු පණිවායෙන් දුරු වූයේ වෙයි. ... මද පමා දෙකට කරුණු වන රහමෙරින් දුරු වූයේ වෙයි. ගෙහෙවිය, මේ ශීලසම්පදා යි කියනු ලැබේ.

කතමා ච ගහපති චාගසම‍්පදා? ඉධ ගහපති අරියසාවකො විගතමලමච‍්ඡෙරෙන චෙතසා අගාරං අජ‍්ඣාවසති, මුත‍්තචාගො පයතපාණි වොසග‍්ගරතො යාචයොගො දානසංවිභාගරතො. අයං වුච‍්චති ගහපති චාගසම‍්පදා.

ගෙහෙවිය, ත්‍යාගසම්පදා නම් කවරය යත්: ගෙහෙවිය, මෙලොව අරීසවු පැහූ මසුරුමල ඇති සිතින් ගිහිගෙයි වෙසෙයි. වුහුටුවත්හි බැලුම් නැතියේ වෙයි. දෙන්නට දෙවි අත් ඇතියේ වෙයි. පීමෙහි ඇලුනේ වෙයි, යදනට නිසිවූයේ වෙයි, දීම් බෙදීම් දෙක්හි ඇලුනේ වේ. ගැහැවිය, මේ ත්‍යාගසම්පදා යි කියනු ලැබේ.

කතමා ච ගහපති පඤ‍්ඤාසම‍්පදා: අභිජ‍්ඣාවිසමලොභාභිභූතෙන ගහපති චෙතසා විහරන‍්තො අකිච‍්චං කරොති කිච‍්චං අපරාධෙති, අකිච‍්චං කරොන‍්තො කිච‍්චං අපරාධෙන‍්තො යසා ච සුඛා ච ධංසති. ව්‍යාපාදාභිභූතෙන ගහපති චෙතසා විහරන‍්තො අකිච‍්චං කරොති කිච‍්චං අපරාධෙති, අකිච‍්චං කරොන‍්තො කිච‍්චං අපරාධෙන‍්තො යසා ච සුඛා ච ධංසති. ථිනමිද‍්ධාභිභූතෙන ගහපති චෙතසා විහරන‍්තො අකිච‍්චං කරොති, කිච‍්චං අපරාධෙති. අකිච‍්චං කරොන‍්තො කිච‍්චං අපරාධෙන‍්තො යසා ච සුඛා ච ධංසති. උද‍්ධච‍්චකුක‍්කුච‍්චාභිභූතෙන ගහපති චෙතසා විහරන‍්තො අකිච‍්චං කරොති, කිච‍්චං අපරාධෙති. අකිච‍්චං කරොන‍්තො කිච‍්චං අපරාධෙන‍්තො යසා ච සුඛා ච ධංසති. විචිකිච‍්ඡාභිභූතෙන ගහපති චෙතසා විහරන‍්තො අකිච‍්චං කරොති කිච‍්චං අපරාධෙති. අකිච‍්චං කරොන‍්තො කිච‍්චං අපරාධෙන‍්තො යසා ච සුඛා ච ධංසති.

ගැහැවිය, ප්‍රඥාසම්පදා නම් කවරය යත්: ගැහැවිය, අභිධ්‍යාවිෂමලෝභයෙන් මැඩුනු සිතින් වසනුයේ අකර්‍තව්‍යය කෙරෙයි, කර්‍තව්‍යය වළහයි, අකර්‍තව්‍යය කරණුයේ කර්‍තව්‍යය වළහනුයේ යශසිනුත් සුඛයෙනුත් පිරිහේ. ගැහැවිය, ව්‍යාපාදයෙන් මැඩුනු සිතින් වසනුයේ අකර්‍තව්‍යය කෙරෙයි, කර්‍තව්‍යය වළහයි. අකර්‍තව්‍යය කරණුයේ කර්‍තව්‍යය වළහනුයේ යශසිනුත් සුඛයෙනුත් පිරිහෙයි. ගැහැවිය, සත්‍යානමිද්ධයෙන් මැඩුනු සිතින් වසනුයේ අකර්‍තව්‍යය කෙරෙයි, කර්‍තව්‍යය වළහයි, අකර්‍තව්‍යය කරණුයේ, කර්‍තව්‍යය වළහනුයේ යශසිනුත් සුඛයෙනුත් පිරිහෙයි. උද්ධච්චකුක්කුච්චයෙන් මැඩුනු සිතින් වසනුයේ අකර්‍තව්‍යය කෙරෙයි, කර්‍තව්‍යය වළහයි, අකර්‍තව්‍යය කරණුයේ කර්‍තව්‍යය වළහනුයේ යශසිනුත් සුඛයෙනුත් පිරිහෙයි. ගෙහෙවිය, විචිකිච්ඡායෙන් මැඩුනු සිතින් වසනුයේ අකර්‍තව්‍යය කෙරෙයි, කර්‍තව්‍යය වළහයි, අකර්‍තව්‍යය කරණුයේ කර්‍තව්‍යය වළහනුයේ යශසිනුත් සුඛයෙනුත් පිරිහෙයි.

ස ඛො සො ගහපති අරියසාවකො අභිජ‍්ඣාවිසමලොභො චිත‍්තස‍්ස උපක‍්කිලෙසොති ඉති විදිත්‍වා අභිජ‍්ඣාවිසමලොභං චිත‍්තස‍්ස උපක‍්කිලෙසං පජහති. ව්‍යාපාදො චිත‍්තස‍්ස උපක‍්කිලෙසොති ඉති විදිත්‍වා ව්‍යාපාදං චිත‍්තස‍්ස උපක‍්කිලෙසං පජහති. ථිනමිද‍්ධං චිත‍්තස‍්ස උපක‍්කිලෙසොති ඉති විදිත්‍වා ථිනමිද‍්ධං චිත‍්තස‍්ස උපක‍්කිලෙසං පජහති. උද‍්ධච‍්චකුක‍්කුච‍්චං චිත‍්තස‍්ස උපක‍්කිලෙසොති ඉති විදිත්‍වා උද‍්ධච‍්චකුක‍්කුච‍්චං චිත‍්තස‍්ස උපක‍්කිලෙසං පජහති. විචිකිච‍්ඡා චිත‍්තස‍්ස උපක‍්කිලෙසොති ඉති විදිත්‍වා විචිකිච‍්ඡං චිත‍්තස‍්ස උපක‍්කිලෙසං පජහති.

ගැහැවිය, ඒ ආර්‍ය්‍යශ්‍රාවක ‘අභිධ්‍යාවිෂමලෝභය චිත්තයාගේ උපක්ලේශයෙක’ යනු දැන චිත්තෝපක්ලේශයක් වූ අභිධ්‍යාවිෂමලෝභය හැර පියයි. ‘ව්‍යාපාදය චිත්තයාගේ උපක්ලේශයෙක’ යනු දැන චිත්තෝපක්ලේශයක් වූ ව්‍යාපාදය හැර පියයි. ‘ස්ත්‍යානමිද්ධය චිත්තයාගේ උපක්ලේශයෙක’ යනු දැන චිත්තෝපක්ලේශයක් වූ ස්ත්‍යානමිද්ධය හැර පියයි. ‘ඖද්ධත්‍යකුකෘත්‍යය චිත්තයාගේ උපක්ලේශයෙක’ යනු දැන චිත්තෝපක්ලේශයක් වූ ඖද්ධත්‍යකුකෘත්‍යය හැර පියයි. ‘විචිකිත්සා චිත්තයාගේ උපක්ලේශයෙක’ යනු දැන චිත්තෝපක්ලේශයක් වූ විචිකිත්සාව හැර පියයි.

යතො ච ඛො ගහපති අරියසාවකස‍්ස අභිජ‍්ඣාවිසමලොභො චිත‍්තස‍්ස උපක‍්කිලෙසොති. ඉති විදිත්‍වා අභිජ‍්ඣාවිසමලොභො චිත‍්තස‍්ස උපක‍්කිලෙසො පහීණො හොති, ව්‍යාපාදො චිත‍්තස‍්ස උපක‍්කිලෙසොති ඉති විදිත්‍වා ව්‍යාපාදො චිත‍්තස‍්ස උපක‍්කිලෙසො පහීණො හොති. ථිනමිද‍්ධං චිත‍්තස‍්ස උපක‍්කිලෙසොති ඉති ථිවිදිත්‍වා ථිනමිද‍්ධං චිත‍්තස‍්ස උපක‍්කිලෙසො පහීණො හොති. උද‍්ධච‍්චකුක‍්කුච‍්චං චිත‍්තස‍්ස උපක‍්කිලෙසොති ඉති විදිත්‍වා උද‍්ධච‍්චකුක‍්කුච‍්චං චිත‍්තස‍්ස උපකිලෙසො පහීණො හොති. විචිකිච‍්ඡා චිත‍්තස‍්ස උපක‍්කිලෙසොති ඉති විදිත්‍වා විචිකිච‍්ඡා චිත‍්තස‍්ස උපක‍්කිලෙසො පහීණො හොති. අයං වුච‍්චති ගහපති අරියසාවකො මහාපඤ‍්ඤො පුථුපඤ‍්ඤො ආපාථදසො පඤ‍්ඤාසම‍්පන‍්නො. අයං වුච‍්චති ගහපති පඤ‍්ඤාසම‍්පදා.

ගෙහෙවිය, යම් කලෙක සිට ආර්‍ය්‍යශ්‍රාවකයාගේ අභිධ්‍යාවිෂමලෝභය චිත්තයාගේ උපක්ලේශයෙක යනු දැන චිත්තෝපක්ලේශයක් වූ අභිධ්‍යාවිෂමලෝභය ප්‍රහීණ වේ ද, ව්‍යාපාදය චිත්තයාගේ උපක්ලේශයෙක යනු දැන චිත්තෝපක්ලේශයක් වූ ව්‍යාපාදය ප්‍රහීණ වේ ද, ස්ත්‍යානමිද්ධය චිත්තයාගේ උපක්ලේශයෙක යනු දැන චිත්තෝපක්ලේශයක් වූ ස්ත්‍යානමිද්ධය ප්‍රහීණ වේ ද, ඖද්ධත්‍යකුකෘත්‍යය චිත්තයාගේ උපක්ලේශයෙක යනු දැන චිත්තෝපක්ලේශයක් වූ ඖද්ධත්‍යකුකෘත්‍යය ප්‍රහීණ වේ ද, විචිකිත්සාව චිත්තයාගේ උපක්ලේශයෙක යනු දැන චිත්තෝපක්ලේශයක් වූ විචිකිත්සාව ප්‍රහීණ වේ ද, ගැහැවිය, මේ ආර්‍ය්‍යශ්‍රාවක මහාප්‍රාඥය යි ද පෘථුලප්‍රාඥය යි ද, ආපාථ දක්නේය යි ද ප්‍රඥාසම්පන්නය යි ද කියනු ලැබේ. ගෙහෙවිය, මේ ප්‍රඥාසම්පදා යි කියනු ලැබේ.

ඉමෙසං ඛො ගහපති චතුන‍්නං ධම‍්මානං ඉට‍්ඨානං කන‍්තානං මනාපානං දුල‍්ලභානං ලොකස‍්මිං ඉමෙ චත‍්තාරො ධම‍්මා පටිලාභාය සංවත‍්තන‍්ති.

ගෙහෙවිය, ලෝකයෙහි ඉෂ්ට, කාන්ත, මනාප දුර්‍ලභ මේ සතර දමහුන්ගේ ප්‍රතිලාභයට මේ සතර දහම් කෙනෙක් ඇත.

ස ඛො සො ගහපති අරියසාවකො උට‍්ඨානවිරියාධිගතෙහි භොගෙහි බාහාබලපරිචිතෙහි සෙදාවක‍්ඛිත‍්තෙහි ධම‍්මිකෙහි ධම‍්මලද‍්ධෙහි චත‍්තාරි කම‍්මානි කත‍්තා හොති. කතමානි චත‍්තාරි?

ගැහැවිය, ඒ ආර්‍ය්‍යශ්‍රාවක උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලැබූ, බාහුබලයෙන් වැඩූ, වගුළ සෝදියෙන් ඉපැයූ, ධර්‍මයුක්ත වූ, දැහැමින් ලද, භෝගයෙන් සතර කමක් කරන්නේ වෙයි. කවර සතර කමෙක යත්:

ඉධ ගහපති අරියසාවකො උට‍්ඨානවිරියාධිගතෙහි භොගෙහි බාහාබලපරිචිතෙහි සෙදාවක‍්ඛිත‍්තෙහි ධම‍්මිකෙහි ධම‍්මලද‍්ධෙහි අත‍්තානං සුඛෙති පීනෙති සම‍්මා සුඛං පරිහරති. මාතාපිතරො සුඛෙති පීනෙති සම‍්මා සුඛං පරිහරති. පුත‍්තදාරදාසකම‍්මකරපොරිසෙ සුඛෙති පීණෙති සම‍්මා සුඛං පරිහරති. මිත‍්තාමච‍්චෙ සුඛෙති පීනෙති සම‍්මා සුඛං පරිහරති. ඉදමස‍්ස පඨමං ඨානගතං හොති පත‍්තගතං ආයතනසො පරිභුත‍්තං.

ගැහැවිය, මෙලොව ආර්‍ය්‍යශ්‍රාවක උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලැබූ, බාහුබලයෙන් වැඩූ, වගුළ සෝදියෙන් ලැබූ, ධර්‍මයුක්ත වූ, ධර්‍මයෙන් ලැබූ, භෝගයෙන් තමා සුඛිත කෙරේ. බලසම්පන්න කෙරෙයි. මොනොවට සැපසේ වැටෙයි. මවුපියන් සුඛිත කෙරෙයි. බලසම්පන්න කෙරෙයි. මොනොවට සැපසේ පරිහරණ කෙරෙයි. අඹුදරු දස්කම්කරු ජනා සුඛිත කෙරෙයි. බලසම්පන්න කෙරෙයි. මොනොවට සැපසේ පරිහරණ කෙරෙයි. මිතුරුයහළුවන් සුඛිත කෙරෙයි. බලසම්පන්න කෙරෙයි. මොනොවට සැපසේ පරිහරණ කෙරෙයි. ඔහුගේ මේ පළමුවන කිස තැනට ගියේ වෙයි. යුක්තස්ථානගත වෙයි. කරුණු අනුව ම වැළඳුනේ වෙයි.

පුන චපරං ගහපති අරියසාවකො උට‍්ඨානවිරියාධිගතෙහි භොගෙහි බාහාබලපරිචිතෙහි සෙදාවක‍්ඛිත‍්තෙහි ධම‍්මිකෙහි ධම‍්මලද‍්ධෙහි යා තා හොන‍්ති ආපදා අග‍්ගිතො වා උදකතො වා රාජතො වා චොරතො වා අප‍්පියතො දායාදතො වා. තථාරූපාසු ආපදාසු භොගෙහි පරියොධාය වත‍්තති. සොත්‍ථිං අත‍්තානං කරොති. ඉදමස‍්ස දුතියං ඨානගතං හොති පත‍්තගතං ආයතනසො පරිභුත‍්තං.

තවද ගැහැවිය, ආර්‍ය්‍යශ්‍රාවක උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලැබූ, බාහුබලයෙන් වැඩූ, වගුළ සෝදියෙන් ලත්, ධර්‍මයුක්ත, දැහැමින් ලත්, භෝගයෙන් ගින්නෙන් වේවයි, දියෙන් වේවයි, රජුන් කෙරෙන් වේවයි, සොරුන් කෙරෙන් වේවයි, අප්‍රිය දායාදයන් කෙරෙන් වේවයි යම් ඒ විපත් ඇත් ද, එබඳු විපත්හි එය ධනයෙන් වසාපියා වැටෙයි. ආත්මය ස්වස්ථ කෙරෙයි. ඔහුගේ මේ දෙවන කිස තැනට ගියේ වෙයි. යුක්තස්ථානගත වෙයි. කරුණු අනුව ම වැළඳුනේ වෙයි.

පුන චපරං ගහපති අරියසාවකො උට‍්ඨානවිරියාධිගතෙහි භොගෙහි බාහාබලපරිචිතෙහි සෙදාවක‍්ඛිත‍්තෙහි ධම‍්මිකෙහි ධම‍්මලද‍්ධෙහි පඤ‍්චබලී කත‍්තා හොති: ඤාතිබලිං අතිථිබලිං පුබ‍්බපෙතබලිං රාජබලිං දෙවතාබලිං. ඉදමස‍්ස තතියං ඨානගතං හොති පත‍්තගතං ආයතනසො පරිභුත‍්තං.

තවද ගැහැවිය, ආර්‍ය්‍යශ්‍රාවක උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලැබූ, බාහුබලයෙන් වැඩූ, වගුළ සෝදියෙන් ඉපැයූ, ධර්‍මයුක්ත වූ, දැහැමෙන් ලත්, භෝගයෙන් පස්බිලි කරන්නේ වෙයි. ඥාතිබලිය, අතිථිබලිය, පූර්‍වප්‍රේතබලිය, රාජබලිය, දේවතාබලි යි. ඔහුගේ මේ තෙවන කිස තැනට ගියේ වෙයි. යුක්තස්ථානගත වෙයි. කරුණු අනුව ම වැළඳුනේ වෙයි.

පුන චපරං ගහපති අරියසාවකො උට‍්ඨානවිරියාධිගතෙහි භොගෙහි බාහාබලපරිචිතෙහි සෙදාවක‍්ඛිත‍්තෙහි ධම‍්මිකෙහි ධම‍්මලද‍්ධෙහි යෙ තෙ සමණබ්‍රාහ‍්මණා මදප‍්පමාදා පටිවිරතා ඛන‍්තිසොරච‍්චෙ නිවිට‍්ඨා. එකමත‍්තානං දමෙන‍්ති, එකමත‍්තානං සමෙන‍්ති, එකමත‍්තානං පරිනිබ‍්බාපෙන‍්ති. තථාරූපෙසු සමණබ්‍රාහ‍්මණෙසු උද‍්ධග‍්ගිකං දක‍්ඛිණං පතිට‍්ඨාපෙති සොවග‍්ගිකං සුඛවිපාකං සග‍්ගසංවත‍්තනිකං. ඉදමස‍්ස චතුත්‍ථං ඨානගතං හොති පත‍්තගතං ආයතනසො පරිභුත‍්තං.

තවද ගැහැවිය, ආර්‍ය්‍යශ්‍රාවක උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලැබූ, බාහුබලයෙන් වැඩූ, වගුළ සෝදියෙන් ඉපැයූ, ධර්‍මයුක්ත වූ, දැහැමින් ලත්, භෝගයෙන් මදප්‍රමාදයෙන් වෙන්ව සිටුනා, ක්‍ෂාන්ති සුරතභාවයෙහි බැස සිටුනා, එක් ම ආත්ම ය දමනය කරණ, එක් ම ආත්මය කෙලෙස් සන්හිඳුවීමෙන් ශමනය කරණ, එක් ම ආත්මය ක්ලේශපරිනිර්‍වාණයෙන් නිවන, යම් මහණබමුණු කෙනෙක් ඇත් ද, එබඳු මහණබමුණන් විෂයයෙහි ඵලදානවශයෙන් ඌර්‍ධවග වූ, ස්වර්‍ගයට හිත වූ, සුඛවිපාක ඇති, ස්වග්‍ර දිව්‍යවර්‍ණාදිය උදා කරණ, දක්‍ෂිණාව පිහිටුවයි. ඔහුගේ මේ සතරවන කිස තැනට ගියේ වෙයි. යුක්තස්ථානගත වෙයි. කරුණු අනුව ම වැළඳුනේ වේ.

ස ඛො සො ගහපති අරියසාවකො උට‍්ඨානවිරියාධිගතෙහි භොගෙහි බාහාබලපරිචිතෙහි සෙදාවක‍්ඛිත‍්තෙහි ධම‍්මිකෙහි ධම‍්මලද‍්ධෙහි ඉමානි චත‍්තාරි පත‍්තකම‍්මානි කත‍්තා හොති.

ගැහැවිය, ඒ ආර්‍ය්‍යශ්‍රාවක උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලැබූ බාහුබලයෙන් වැඩූ, වගුළ සෝදියෙන් ඉපැයූ, ධර්‍මයුක්ත වූ, ධර්‍මලබ්ධ වූ, භෝගයෙන් මේ සතර ප්‍රාප්ත (යෝග්‍ය) කර්‍ම කරන්නේ වෙයි.

යස‍්ස කස‍්සචි ගහපති අඤ‍්ඤත්‍ර ඉමෙහි චතූහි පත‍්තකම‍්මෙහි භොගා පරික‍්ඛයං ගච‍්ඡන‍්ති. ඉමෙ වුච‍්චන‍්ති ගහපති භොගා අට‍්ඨානගතා අප‍්පත‍්තගතා අනායතනසො පරිභුත‍්තා.

ගැහැවිය, යමක්හට මේ සතර ප්‍රාප්තකර්‍ම හැරපියා භෝගයෝ වනසට යෙත් ද, ගැහැවිය, මේ භෝගයෝ අස්ථානගතයහයි ද අප්‍රාප්තගතයහ යි ද අනායතන පරිභුක්තයහ යි ද කියනු ලැබෙත්.

යස‍්ස කස‍්සචි ගහපති ඉමෙහි චතූහි පත‍්තකම‍්මෙහි භොගා පරික‍්ඛයං ගච‍්ඡන‍්ති. ඉමෙ වුච‍්චන‍්ති ගහපති භොගා ඨානගතා පත‍්තගතා ආයතනසො පරිභුත‍්තාති.

ගැහැවිය, යමක්හට මේ සතර ප්‍රාප්ත කර්‍මයෙන් භෝගයෝ වනසට යෙත් ද, ගැහැවිය, මේ භෝගයෝ ස්ථානගතයහ යි ද ප්‍රාප්තගතයහ යි ද ආයතන පරිභුක්තයහ යි ද කියනු ලැබෙත්.

32. භුත‍්තා භොගා භතා භච‍්චා විතිණ‍්ණා ආපදාසු මෙ, උද‍්ධග‍්ගා දක‍්ඛිණා දින‍්නා අථො පඤ‍්චබලී කතා.

32. භෝගයෝ වළඳන ලදහ. පෝෂණය කළ යුත්තෝ පෝෂණය කරණ ලදහ. විපත් පැමිණි කල මා විසින් භෝගයෝ යොදන ලදහ. ඌර්‍ධවග (මතුමත්තෙහි ඵල දෙන) දක්‍ෂිණාව දෙන ලදු. වැලි පඤ්ච බලිහු කරණ ලදහ.

33. උපට‍්ඨිතා සීලවන‍්තො සඤ‍්ඤතා බ්‍රහ‍්මචාරයො, යදත්‍ථං භොගං ඉච‍්ඡෙය්‍ය පණ‍්ඩිතො ඝරමාවසං, සො මෙ අත්‍ථො අනුප‍්පත‍්තො කතං අනනුතාපියං.

33. සංයත බ්‍රහ්මචාරී සිල්වත්හු උපස්ථාන කරණ ලදහ. ගිහිගෙහි වසන පණ්ඩිත තෙමේ යම් අර්‍ත්‍ථයක් සඳහා භොග කැමති වන්නේ ද, මා විසින් ඒ අර්‍ත්‍ථය ලබන ලදී. පසුතැවුලි නොවන කිස කරණ ලදී.

34. එතං අනුස‍්සරං මච‍්චො අරියධම‍්මෙ ඨිතො නරො, ඉධ චෙව නං පසංසන‍්ති පෙච‍්ච සග‍්ගෙ ච මොදතීති.

34. පඤ්චශීල ධර්‍මයෙහි සිටි මිනිසෙක් මේ සිහිකරන්නේ වේ ද, මෙලොව්හිදු ඔහු පසසත්. පරලොව ගොස් ස්වර්‍ගයෙහිදු විපාක නන්‍දනායෙන් සතුටු වෙයි.