යෙදුමෙන් කියවන්න

ගිහිසාමීචිපටිපදාසුත‍්තං

4. 2. 1. 10.

4. 2. 1. 10.

[ගිහිසාමීචිපටිපදාසුත‍්තං]

[ගිහිසාමීචිපටිපදා සූත්‍රය]

10. අථ ඛො අනාථපිණ‍්ඩිකො ගහපති යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො අනාථපිණ‍්ඩිකං ගහපතිං භගවා එතදවොච :

10. එක්බිති අනේපිඬු ගැහැවි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන් අනේපිඬු ගැහැවිහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ.

චතූහි ඛො ගහපති ධම‍්මෙහි සමන‍්නාගතො අරියසාවකො ගිහිසාමීචිපටිපදං පටිපන‍්නො හොති යසොපටිලාභිනිං සග‍්ගසංවත‍්තනිකං. කතමෙහි චතූහි?

ගැහැවියෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ආර්‍ය්‍යශ්‍රාවක යශස් ප්‍රතිලාභයට හේතු වූ ස්වර්‍ගය පිණිස පවත්නා ගිහීසාමීචිපටිපදාවට පිළිපන්නේ වෙයි. කවර සතර කරුණෙකින යත්:

ඉධ ගහපති අරියසාවකො භික‍්ඛුසඞ‍්ඝං පච‍්චුපට‍්ඨිතො හොති චීවරෙන. භික‍්ඛුසඞ‍්ඝං පච‍්චුපට‍්ඨිතො හොති පිණ‍්ඩපාතෙන, භික‍්ඛුසඞ‍්ඝං පච‍්චුපට‍්ඨිතො හොති සෙනාසනෙන, භික‍්ඛුසඞ‍්ඝං පච‍්චුපට‍්ඨිතො හොති ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරෙන.

ගැහැවියෙනි, මෙලොව ආර්‍ය්‍යශ්‍රාවකයෙක් සිවුරෙන් බික්සඟහු පුදනට එළඹ සිටියේ වෙයි. පිඬුවායෙන් බික්සඟහු පුදනට එළඹ සිටියේ වෙයි. සෙනසුනින් බික්සඟහු පුදනට එළඹ සිටියේ වෙයි. ගිලන්පස බෙහෙසත් පිරිකරින් බික්සඟහු පුදනට එළඹ සිටියේ වෙයි.

ඉමෙහි ඛො ගහපති චතූහි ධම‍්මෙහි සමන‍්නාගතො අරියසාවකො ගිහිසාමීචිපටිපදං පටිපන‍්නො හොති යසොපටිලාභිනිං සග‍්ගසංවත‍්තනිකන‍්ති.

ගැහැවියෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත ආර්‍ය්‍යශ්‍රාවක යශස් ගෙණ දෙන ස්වර්‍ගය පිණිස පවත්නා ගිහීසාමිචි ප්‍රතිපත්තියට පිළිපන්නේ වෙයි.

30. ගිහිසාමීචිපටිපදං පටිපජ‍්ජන‍්ති පණ‍්ඩිතා, සම‍්මග‍්ගතෙ සීලවන‍්තෙ චීවරෙන උපට‍්ඨිතා, පිණ‍්ඩපාතසයනෙන ගිලානපච‍්චයෙන ච.

30. සම්‍යග්ගත සිල්වත් පිළිගාවන් සිවුරින් පිඬුවායෙන් යහනින් ගිලන්පසින් උපස්ථාන කරණ පණ්ඩිත ගිහියෝ ගිහීසාමීචි පිළිවෙත පිළිපදිත්.

31. තෙසං දිවා ච රත‍්තො ච සදා පුඤ‍්ඤං පවඩ‍්ඪති, සග‍්ගඤ‍්ච කමතිට‍්ඨානං කම‍්මං කත්‍වාන භද‍්දකන‍්ති.

31. ඔවුනට දවරෑ දෙක්හි හැමදින පින් වැඩෙයි. කල්‍යාණකර්‍ම කොට ස්වර්‍ගයට යෙයි.

පුඤ‍්ඤාභිසන්‍දවග‍්ගො පඨමො.

පුණ්‍යාභිසන්‍දවර්‍ගය පළමුවැනි යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

ද‍්වෙ පුඤ‍්ඤාභිසන්‍දා ද‍්වෙ සංවාසා ද‍්වෙ ච හොන‍්ති සමජීවිනො, සුප‍්පවාසා සුදත‍්තො ච භොජනං ගිහිසාමිචිනාති.

පුණ්‍යාභිසන්‍ද දෙකය, සංවාස දෙකය, සමජීවී දෙකය, සුප්පාවාසය, සුදත්තය, භෝජනය, ගිහීසාමීචිය යි සූත්‍ර දශයෙකි.