1. පුඤ්ඤාභිසන්දවග්ගො අට්ඨකථා
1. පුඤ්ඤාභිසන්ද වර්ගය
1. පඨමපුඤ්ඤාභිසන්දසුත්තවණ්ණනා
1. ප්‍රථම පුඤ්ඤාභිසන්ද සූත්‍ර වර්ණනාව
දුතියස්ස පඨමෙ පුඤ්ඤාභිසන්දාති පුඤ්ඤස්ස අභිසන්දා, පුඤ්ඤප්පත්තියොති අත්ථො. කුසලාභිසන්දාති තස්සෙව වෙවචනං. තෙ පනෙතෙ සුඛං ආහරන්තීති සුඛස්සාහාරා. සුට්ඨු අග්ගානං රූපාදීනං දායකාති සොවග්ගිකා. සුඛො නෙසං විපාකොති සුඛවිපාකා. සග්ගෙ උපපත්ති සග්ගො, සග්ගාය සංවත්තන්තීති සග්ගසංවත්තනිකා. චීවරං පරිභුඤ්ජමානොති චීවරත්ථාය වත්ථං ලභිත්වා සූචිසුත්තාදීනං අභාවෙන තං නික්ඛිපන්තොපි කරොන්තොපි පාරුපන්තොපි ජිණ්ණකාලෙ පච්චත්ථරණං කරොන්තොපි පච්චත්ථරිතුම්පි අසක්කුණෙය්යං භූමත්ථරණං කරොන්තොපි භූමත්ථරණස්ස අනනුච්ඡවිකං ඵාලෙත්වා පාදපුඤ්ඡනං කරොන්තොපි “පරිභුඤ්ජමානො”ත්වෙව වුච්චති. යදා පන “පාදපුඤ්ඡනම්පි න සක්කා ඉද”න්ති සම්මජ්ජිත්වා ඡඩ්ඩිතං හොති, තදා පරිභුඤ්ජමානො නාම න හොති. අප්පමාණං චෙතොසමාධින්ති අරහත්තඵලසමාධිං. අප්පමාණො තස්ස පුඤ්ඤාභිසන්දොති ඉමිනා දායකස්ස පුඤ්ඤචෙතනාය අප්පමාණතං කථෙති. තස්ස හි “ඛීණාසවො මෙ චීවරං පරිභුඤ්ජතී”ති පුනප්පුනං අනුස්සරණවසෙන පවත්තා පුඤ්ඤචෙතනා අප්පමාණා හොති. තං සන්ධායෙතං වුත්තං. පිණ්ඩපාතාදීසු පන යො පිණ්ඩපාතං පරිභුඤ්ජිත්වා සත්තාහම්පි තෙනෙව යාපෙති, අඤ්ඤං න පරිභුඤ්ජති, සො සත්තාහම්පි තංයෙව පිණ්ඩපාතං පරිභුඤ්ජමානො නාම හොති. එකස්මිං පන සෙනාසනෙ රත්තිට්ඨානදිවාට්ඨානාදීසු චඞ්කමන්තොපි යාව තං සෙනාසනං පහාය අඤ්ඤං න ගණ්හාති, තාව පරිභුඤ්ජමානො නාම හොති. එකෙන පන භෙසජ්ජෙන බ්යාධිම්හි වූපසන්තෙ යාව අඤ්ඤං භෙසජ්ජං න පරිභුඤ්ජති, තාවදෙව පරිභුඤ්ජමානො නාම හොති.
දෙවැනි පණ්ණාසකයෙහි පළමු සූත්‍රයෙහි පුඤ්ඤාභිසන්දා යනු පිනේ ගලාබැසීම්, පිනේ ඉපදීම් යන අරුත්ය, කුසලාභිසන්දා යනු ඊටම පර්ය්යය වචනයකි, ඔවුහු වනාහි සුවය ගෙන එත්නුයි සුඛස්සාහාරා නමි. මනාව අග්‍ර වූ රූපාදිය දෙන්නෝනුයි සොවග්ගිකා නමි. සැපය ඒවායේ විපාකය යන අරුතින් සුඛවිපාකා නමි. ස්වර්ගයෙහි උපත ස්වර්ගයයි, ස්වර්ගය සඳහා පවතියි සග්ගසංවත්තනිකා නමි. චීවරං පරිභුඤ්ඤමානො යනු සිවුරු සඳහා වස්ත්‍රයක් ලැබ ඉදිකටුනුල් ආදිය නොමැති බැවින් එය බහාතබන්නේ ද, කරන්නේ ද, කරවන්නේ ද, පොරවන්නේ ද, දිරුණු කල ඇතිරිල්ලක් කරන්නේ ද, ඇතිරීමට නොහැක්කේ නම් බුමුතුරුනක් කරන්නේ ද, බුමුතුරුනකට නොසුදුසු දෙය පලපලා පාපිස්නක් කරන්නේ ද, පරිභොග කරන්නේ යයි කියනු ලැබේ. යම් විටෙක මෙය පාපිස්නකට ද නොහැකැයි හැමද ඉවතලන ලද්දේ වෙයිද එවිට පරිභොග කරනු ලබන්නේ නොවෙයි අප්පමාණං චෙතොසමාධියං යනු අරහත්ඵල සමාධියයි, අප්පමාණො තස්ස පුඤ්ඤාභිසන්දො යන මෙයින් දායකයාගේ පුණ්යචේතනාවේ අපමණ බව කියයි, ඔහුගේ වනාහි “මගේ සිවුර ක්ෂීණාශ්රවයන් වහන්සේ පරිභොග කරන සේකැ”යි යළි යළිත් සිහිකිරීම් වශයෙන් පැවති පුණ්‍ය චේතනාව අපමණ වෙයි. එය සඳහා මෙය කියන ලදි. පිණ්ඩපාතාදියෙන් යමෙක් පිණ්ඩපාතය වළඳා සත්දිනකුදු එයින්ම යැපෙයි ද අනෙකක් පරිභෝග නොකරයි ද හෙතෙම සත් දිනකුදු එම පිණ්ඩපාතය පරිභොග කරන්නේ නම් වෙයි, එක් සෙනසුනක රාත්‍රි ස්ථාන දිවාස්ථානාදියෙහි සක්මන් කරන්නේ ද යම්තාක් ඒ සෙනසුන අතහැර වෙන සෙනසුනක් නොගනියි ද එතෙක් පරිභාග කරන්නේ නම් වෙයි. එක් බෙහෙතකින් රෝගය සංසිඳෙන කල යම්තාක් වෙනත් බෙහෙතක් නොවළඳයි ද එතෙක් පරිභොග කරන්නේ නමි.
බහුභෙරවන්ති බහූහි භෙරවාරම්මණෙහි සමන්නාගතං. රතනවරානන්ති සත්තන්නම්පි වරරතනානං. ආලයන්ති නිවාසට්ඨානං. පුථූ සවන්තීති බහුකා හුත්වා සන්දමානා. සෙසමෙත්ථ උත්තානමෙව.
බහුභෙරවං යනු බොහෝ වූ බියජනක අරමුණුවලින් යුක්තවූයි, රතනගණානං යනු උතුම් සත්රුවනේයි, ආලයං යනු වසන තැනයි, පුථුස්සවං යනු බොහෝ වී වැගිරෙන්නාවූයි. මෙහි සෙස්ස පැහැදිලිමය.
2. දුතියපුඤ්ඤාභිසන්දසුත්තවණ්ණනා
2. දුතිය පුඤ්ඤාභිසන්ද සූත්‍ර වර්ණනාව
දුතියෙ අරියකන්තෙහීති මග්ගඵලසම්පයුත්තෙහි. තානි හි අරියානං කන්තානි හොන්ති පියානි මනාපානි. සෙසං සුත්තන්තෙ තාව යං වත්තබ්බං සියා, තං විසුද්ධිමග්ගෙ (විසුද්ධි· 1.124 ආදයො) වුත්තමෙව.
දෙවැනි සූත්‍රයෙහි අරියකනෙතහි යන මාර්ගඵල සමඟ යෙදුනවුන්ගෙනි, ඒවා ආර්යයන්ගේ සිත් ගන්නේ වෙයි. ප්‍රිය වූයේ මනාපවූයේ වෙයි. සෙස්ස සූත්‍රාන්තයෙහි යම්තාක් යමක් කිවයුතු ද එය විසුද්ධිමග්ගයෙහි කියන ලද්දේමය.
ගාථාසු පන සද්ධාති සොතාපන්නස්ස සද්ධා අධිප්පෙතා. සීලම්පි සොතාපන්නස්ස සීලමෙව. උජුභූතඤ්ච දස්සනන්ති කායවඞ්කාදීනං අභාවෙන ඛීණාසවස්ස දස්සනං උජුභූතදස්සනං නාම. ආහූති කථයන්ති. පසාදන්ති බුද්ධධම්මසඞ්ඝෙසු පසාදං. ධම්මදස්සනන්ති චතුසච්චධම්මදස්සනං.
ගාථාවන්හි වනාහි, සද්ධා යනු සෝවාන් වූවහුගේ ශ්‍රද්ධාව අදහස් වෙයි. සීලං යනු ද සෝවාන් සීලයයි, උජුභූතඤ්ච දස්සනං යනු කායවංකාදිය නොමැති බැවින් ක්ෂීණාශ්රවයාගේ දර්ශනය සෘජුවූ දර්ශනය නමි. ආහු යනු කියත්, පසාදං යනු බුද්ධ ධර්ම සංඝ යන තුනුරුවන් කෙරෙහි පැහැදීමයි, ධම්මදස්සනං යනු චතුරාර්‍ය්‍යසත්‍ය ධර්මය දැකීමයි.
3. පඨමසංවාසසුත්තවණ්ණනා
3. පඨම සංවාස සූත්‍ර වර්ණනාව
තතියෙ සම්බහුලාපි ඛො ගහපතී ච ගහපතානියො චාති බහුකා ගහපතයො ච ගහපතානියො ච ආවාහවිවාහකරණත්ථාය ගච්ඡන්තා තමෙව මග්ගං පටිපන්නා හොන්ති. සංවාසාති සහවාසා එකතොවාසා. ඡවො ඡවායාති ගුණමරණෙන මතත්තා ඡවො ගුණමරණෙනෙව මතාය ඡවාය සද්ධිං. දෙවියා සද්ධින්ති ගුණෙහි දෙවිභූතාය සද්ධිං. දුස්සීලොති නිස්සීලො. පාපධම්මොති ලාමකධම්මො. අක්කොසකපරිභාසකොති දසහි අක්කොසවත්ථූහි අක්කොසකො, භයං දස්සෙත්වා සන්තජ්ජනෙන පරිභාසකො. එවං සබ්බත්ථ අත්ථො වෙදිතබ්බො.
තෙවැනි සූත්‍රයෙහි සම්බහුලාපී ඛො ගහපතී ච ගහපතානියො ච යනු බොහෝ ගැහැවියෝ ද ගැහැවිනියෝ ද ආවාහ විවාහ කිරීම සඳහා ඒ මගටම පිළිපන්නාහු යති, සංවාසා යනු සහවාසයයි, එක්ව විසීමයි, ඡවො ඡවාය යනු ගුණමරණයෙන්. මැරුණු බැවින් මළසිරුර ගුණමරණයෙන්ම මැරුණු මළ සිරුරක් සමගයි, දෙවියා සද්ධිං යනු ගුණයන්ගෙන් දේවතාවියක වූවක සමගයි, දුස්සීලො යනු සිල් නැත්තේයි. පාපධම්මො ලාමක ධර්ම ඇත්තේයි, අක්කොසකපරිභාසකො යනු දශ ආක්‍රොශ වස්තූන්ගෙන් ආක්‍රොශ කරයි. බිය දක්වා තර්ජනය කිරීමෙන් පරිහව කරන්නේයි, මෙසේ සියලු තන්හි අර්ත්ථය දතයුතුය,
කදරියාති ථද්ධමච්ඡරිනො. ජානිපතයොති ජයම්පතිකා. වදඤ්ඤූති යාචකානං වචනස්ස අත්ථං ජානන්ති. සඤ්ඤතාති සීලසංයමෙන සමන්නාගතා. ධම්මජීවිනොති ධම්මෙ ඨත්වා ජීවිකං කප්පෙන්තීති ධම්මජීවිනො. අත්ථාසං පචුරා හොන්තීති වඩ්ඪිසඞ්ඛාතා අත්ථා එතෙසං බහූ හොන්ති. ඵාසුකං උපජායතීති අඤ්ඤමඤ්ඤං ඵාසුවිහාරො ජායති. කාමකාමිනොති කාමෙ කාමයමානා.
කදරියා යනු දැඩි මසුරෝයි, ජානිපතයො යනු අඹුසැමියෝයි, වදඤ්ඤු යනු ඉල්වන වචනයේ අරුත් දනිති, සඤ්ඤතා යනු සීලසංයමයෙන් යුක්ත වූවෝයි, ධම්මජීවිනො යනු දහමෙහි සිට දිවිගෙවත්නුයි ධම්මජීවිහුය, අත්ථා සම්පචුරා හොන්ති යනු වෘද්ධි සංඛ්‍යාත වූ අර්‍ත්‍ථයෝ මොවුනට බෙහෝ වෙත්, ඵාසත්තං උපජායති යනු ඔවුනොවුනට පහසු විහරණ ඇතිවෙයි, කාමකාමිනො යනු කාමයෙහි කැමැතිවන්නාහුයි.
4. දුතියසංවාසසුත්තවණ්ණනා
4. දුතිය සංවාස සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ කම්මපථවසෙන දෙසනා පවත්තිතා. සෙසං තාදිසමෙව. ඉමෙසු පන ද්වීසුපි සුත්තෙසු අගාරිකපටිපදා කථිතා. සොතාපන්නසකදාගාමීනම්පි වට්ටති.
සිවුවැනි සුත්‍රයෙහි දෙසනාව කර්මපථ වශයෙන් පවත්වන ලදි. සෙස්ස එබඳුමය, මේ සූත්‍ර දෙකෙහි අගාරික පටිපදාව කියන ලදි. සෝවාන් සකෘදාගාමීන්ට ද වටියි.
5-6. පඨම නකුල සමජීවීසුත්තාදිවණ්ණනා
5-6. පඨම නකුල සමජීවී ආදි සූත්‍ර වර්ණනා
පඤ්චමෙ තෙනුපසඞ්කමීති කිමත්ථං උපසඞ්කමි? අනුග්ගණ්හනත්ථං. තථාගතො හි තං රට්ඨං පාපුණන්තො ඉමෙසංයෙව ද්වින්නං සඞ්ගණ්හනත්ථාය පාපුණාති. නකුලපිතා කිර පඤ්ච ජාතිසතානි තථාගතස්ස පිතා අහොසි, පඤ්ච ජාතිසතානි මහාපිතා, පඤ්ච ජාතිසතානි චූළපිතා. නකුලමාතාපි පඤ්ච ජාතිසතානි තථාගතස්ස මාතා අහොසි, පඤ්ච ජාතිසතානි මහාමාතා, පඤ්ච ජාතිසතානි චූළමාතා. තෙ සත්ථු දිට්ඨකාලතො පට්ඨාය පුත්තසිනෙහං පටිලභිත්වා “හන්තාත, හන්තාතා”ති වච්ඡකං දිස්වා වච්ඡගිද්ධිනී ගාවී විය විරවමානා උපසඞ්කමිත්වා පඨමදස්සනෙනෙව සොතාපන්නා ජාතා. නිවෙසනෙ පඤ්චසතානං භික්ඛූනං ආසනානි සදා පඤ්ඤත්තානෙව හොන්ති. ඉති භගවා තෙසං අනුග්ගණ්හනත්ථාය උපසඞ්කමි. අතිචරිතාති අතික්කමිතා. අභිසම්පරායඤ්චාති පරලොකෙ ච. සමසද්ධාති සද්ධාය සමා එකසදිසා. සීලාදීසුපි එසෙව නයො. ඡට්ඨං කෙවලං භික්ඛූනං දෙසිතං. සෙසමෙත්ථ තාදිසමෙව.
පස්වැනි සූත්‍රයෙහි තෙනුපසඞ්කමි යනු කුමක් සඳහා එළඹුනේද යත්? අනුග්‍රහය සඳහාය, තථාගතයන් වහන්සේ වනාහි එරටට වැඩමවන්නාහු මේ දෙදෙනාටම අනුග්‍රහය සඳහා වැඩමවන සේක. නකුලපියා වනාහි ජාති පන්සියයක තථාගතයන් වහන්සේට පියා විය. ජාති පන්සියයක් මහපියා (මහප්පා) ද ජාති පන්සියයක් සුළුපියා ද විය, නකුල මව ජාති පන්සියක් මව වූවාය, පන්සියයක් ජාති මහම්මා ද ජාති පන්සියයක් සුළුමව ද වූවාය, ඔවුහු ශාස්තෲන් වහන්සේ දුටුකල පටන් පුත් සෙනෙහස ලබා, වසු පැටවා දැක වසුපැටවාට ඇළුම් ඇති දෙනක මෙන් දරුව දරුවයි හඬනගමින් ළඟට එළඹ පළමු දැක්කෙන්ම සෝවාන් වූවාහුය. නිවසෙහි පන්සියයක් භික්ෂූන්ට අසුන් පැනවූයේම වෙයි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ ඔවුනට අනුග්‍රහය සඳහා එළඹුණු සේක. අතිචරිතා යනු ඉක්මවන ලද්දේයි, අභිසම්පරායඤ්ච යනු පරලොවෙහි ද යනුයි. සමසද්ධා යනු ශ්‍රද්ධාවෙන් සමවුවාහු එකසමාන වුවාහුයි. ශීලාදියෙහි ද මේ ක්‍රමයමයි. සයවැනි සූත්‍රය හුදෙක් භික්ෂූන්ට දෙසන ලදි. මෙහි සෙස්ස එබඳුමය.
7. සුප්පවාසාසුත්තවණ්ණනා
7. සුප්පවාසා සූත්‍ර වර්ණනාව
සත්තමෙ පජ්ජනිකන්ති තස්ස නිගමස්ස නාමං. කොලියානන්ති කොලරාජකුලානං. ආයුං ඛො පන දත්වාති ආයුදානං දත්වා. ආයුස්ස භාගිනී හොතීති ආයුභාගපටිලාභිනී හොති, ආයුං වා භජනිකා හොති, ආයුප්පටිලාභිනීති අත්ථො. සෙසපදෙසුපි එසෙව නයො.
සත්වැනි සූත්‍රයෙහි සජ්ජනෙලං යනු ඒ නියම්ගමෙහි නමයි, කොලියානං යනු කෝල රජකුලයන්ගේයි. ආයුං ඛො පන දත්වා යනු ආයුෂ දානය දීයි, ආයුස්ස භාගිනි හොති යනු ආයුෂලාභය ලබන්නී වෙයි, ආයුෂ හෝ ඇසුරු කරන්නී වෙයි. ආයුෂ ලබන්නීය යනාර්‍ත්‍ථයි, සෙසු පදයන්හි ද මේ ක්‍රමයමැයි,
රසසා උපෙතන්ති රසෙන උපෙතං රසසම්පන්නං. උජ්ජුගතෙසූති කායවඞ්කාදිරහිතත්තා උජුකමෙව ගතෙසු ඛීණාසවෙසු. චරණූපපන්නෙසූති පඤ්චදසහි චරණධම්මෙහි සමන්නාගතෙසු. මහග්ගතෙසූති මහත්තං ගතෙසු. ඛීණාසවානඤ්ඤෙවෙතං නාමං. පුඤ්ඤෙන පුඤ්ඤං සංසන්දමානාති පුඤ්ඤෙන සද්ධිං පුඤ්ඤං ඝටයමානා. මහප්ඵලා ලොකවිදූන වණ්ණිතාති එවරූපා දානසඞ්ඛාතා දක්ඛිණා තිවිධලොකං විදිතං කත්වා ඨිතත්තා ලොකවිදූනං බුද්ධානං වණ්ණිතා, බුද්ධෙහි පසත්ථාති අත්ථො. යඤ්ඤමනුස්සරන්තාති යඤ්ඤං දානං අනුස්සරන්තා. වෙදජාතාති තුට්ඨිජාතා.
රස්සා උපෙතං යනු රසයෙන් යුක්ත වූ, රස සම්පන්නවූයි, උජ්ජුගතෙසු යනු කායවංකාදිය නොමැති බැවින් සෘජු බවටම ගියා වූ ක්ෂීණාශ්රවයන් කෙරෙහියි, චරණුපපන්නෙසු යනු පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්තවුවන් කෙරෙහියි, මහග්ගතෙසු යනු මහත්බවට ගියවුන් කෙරෙහියි, ක්ෂීණාශ්රවයන්ටම මෙය නමෙකි. පුඤ්ඤෙන පුඤ්ඤං සංසන්දමානා යනු පිණ සමග පිණ සසඳනු ලබන්නාවූයි, මහප්ඵලා ලොකවිදූනවණ්ණිතා යනු මෙබඳු වූ දාන සංඛ්‍යාත වූ දක්ෂිණාව ත්රිවිධලෝකය දන්නා ලද්දක් කොට දැනගත් බැවින් ලොව දැනගත් බුදුවරුන් විසින් වර්ණනා කරන ලදි. බුදුවරුන් විසින් පසස්නා ලදැයි අරුත්ය, යඤ්ඤමනුස්සරන්තා යනු යඥය (යාගය) වූ දානය සිහි කරන්නාහුයි, වෙදජාතා යනු සතුටට පත්වූවාහුයි.
8. සුදත්ත අනාථපිණ්ඩික සුත්තවණ්ණනා
8. සුදත්ත අනාථපිණ්ඩික සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ සඤ්ඤතානන්ති කායවාචාහි සංයතානං. පරදත්තභොජිනන්ති පරෙහි දින්නමෙව භුඤ්ජිත්වා යාපෙන්තානං. කාලෙනාති යුත්තප්පත්තකාලෙන. සක්කච්ච දදාතීති සහත්ථා සක්කාරං කත්වා දදාති. චත්තාරි ඨානානි අනුප්පවෙච්ඡතීති චත්තාරි කාරණානි අනුප්පවෙසෙති දදාති. යසවා හොතීති මහාපරිවාරො හොති.
අටවැනි සූත්‍රයෙහි සඤ්ඤතානං යනු කය වචනයන්ගේ සංයමයට පත් වූවන්ගේයි, පරදත්තභොජිනං යනු අනුන් විසින් දුන් දෙයම වළඳා යැපෙන්නවුන්ගේයි, කාලෙන යනු සුදුසු කාලයෙනි, සක්කච්ච දදාති යනු සියතින් සත්කාර කොට දෙයි, චත්තාරී ඨානානි අනුප්පවෙච්ඡති කරුණු සතරක් පිවිසුවයි, දෙයි; යසවා හොති යනු මහත් පිරිවර ඇත්තේ වෙයි.
9. භොජනදායකසුත්තවණ්ණනා
9. භොජනදායක සූත්‍ර වර්ණනාව
නවමං කෙවලං භික්ඛූනං කථිතං. සෙසමෙත්ථ තාදිසමෙව.
නව වැන්න හුදෙක් භික්ෂූන්ට කියන ලදි. මෙහි සෙස්ස එබඳුමය.
10. ගිහිසාමීචිපටිපදාසුත්තවණ්ණනා
10. ගිහිසාමීචිපටිපදා සූත්‍ර වර්ණනාව
දසමෙ ගිහිසාමීචිපටිපදන්ති ගිහීනං අනුච්ඡවිකං පටිපත්තිං. පච්චුපට්ඨිතො හොතීති අතිහරිත්වා දාතුකාමතාය පතිඋපට්ඨිතො හොති උපගතො, භික්ඛුසඞ්ඝස්ස චීවරං දෙතීති අත්ථො.
දසවැනි සූත්‍රයෙහි සාමීචිපටිපදං යනු ගිහීන්ට සුදුසු පිළිවෙතයි, පච්චුපට්ඨිතා හොති යනු පිළිගන්වා දෙනු කැමැත්තෙන් ළඟට එළඹවූයේ වෙයි, සමීපවූයේ භික්ෂු සංඝයාට සිවුරු දෙයි යන අරුත්ය,
උපට්ඨිතාති උපට්ඨායකො. තෙසං දිවා ච රත්තො චාති යෙ එවං චතූහි පච්චයෙහි උපට්ඨහන්ති, තෙසං දිවා ච රත්තිඤ්ච පරිච්චාගවසෙන ච අනුස්සරණවසෙන ච සදා පුඤ්ඤං පවඩ්ඪති. සග්ගඤ්ච කමතිට්ඨානන්ති තාදිසො ච භද්දකං කම්මං කත්වා සග්ගට්ඨානං උපගච්ඡති. ඉමෙසු චතූසුපි සුත්තෙසු ආගාරියපටිපදා කථිතා. සොතාපන්නසකදාගාමීනම්පි වට්ටති.
උපට්ඨිතා යනු උපස්ථායකයායි, තෙසං දිච්ච රත්තො ච යනු යමෙක් මෙසේ සිවුපසයෙන් උපස්ථාන කරත් ද ඔවුනට දහවල්හි ද රැයෙහි ද පරිත්‍යාග වශයෙන් මෙන්ම සිහිකිරීම් වශයෙන් ද හැමකල්හි පින වැඩෙයි. සග්ගඤ්ච කමතිට්ඨානං යනු එබඳු තැනැත්තේ ඒ යහපත් කර්මය කොට ස්වර්ගයට එළැඹෙයි, මේ සූත්‍රාන්ත සතරෙහිම අගාරිය ප්‍රතිපදාව කියන ලදි. සෝවාන් සකෘදාගාමීන්ට ද මැනවි.
පුඤ්ඤාභිසන්දවග්ගො පඨමො.
පළමුවැනි පුඤ්ඤාභිසන්ද වර්ගයයි.