දුතියසංවාසසුත්තං
4. 2. 1. 4.
4. 2. 1. 4.
[දුතියසංවාසසුත්තං]
[දුතිය සංවාස සූත්‍රය]
4. චත්තාරො’මෙ භික්ඛවෙ, සංවාසා. කතමෙ චත්තාරො?
4. මහණෙනි, මේ සංවාසයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
ඡවො ඡවාය සද්ධිං සංවසති, ඡවො දෙවියා සද්ධිං සංවසති, දෙවො ඡවාය සද්ධිං සංවසති, දෙවො දෙවියා සද්ධිං සංවසති.
ලමු වූයේ ලමු වූවක හා සමග වෙසෙයි. ලමු වූයේ දෙව්දුවක හා සමග වෙසෙයි. දෙවි වූයේ ලමු වූවක හා එක්ව වෙසෙයි. දෙවිවූයේ දෙව්දුවක හා එක්ව වෙසෙයි.
කථඤ්ච භික්ඛවෙ, ඡවො ඡවාය සද්ධිං සංවසති? ඉධ භික්ඛවෙ, සාමිකො හොති පාණාතිපාතී අදින්නාදායී කාමෙසු මිච්ඡාචාරී මුසාවාදී පිසුනාවාචො ඵරුසවාචො සම්පප්ඵලාපී අභිජ්ඣාලු ව්යාපන්නචිත්තො මිච්ඡාදිට්ඨිකො දුස්සීලො පාපධම්මො මච්ඡෙරමලපරියුට්ඨිතෙන චෙතසා අගාරං අජ්ඣාවසති, අක්කොසකපරිභාසකො සමණබ්රාහ්මණානං. භරියාපිස්ස හොති පාණාතිපාතිනී අදින්නාදායිනී කාමෙසු මිච්ඡාචාරිනී මුසාවාදිනී පිසුනාවාචා ඵරුසාවාචා සම්ඵප්පලාපිනී අභිජ්ඣාලුනී ව්යාපන්නචිත්තා මිච්ඡාදිට්ඨිකා දුස්සීලා පාපධම්මා මච්ඡෙරමලපරියුට්ඨිතෙන චෙතසා අගාරං අජ්ඣාවසති. අක්කොසිකපරිභාසිකා සමණබ්රාහ්මණානං. එවං ඛො භික්ඛවෙ, ඡවො ඡවාය සද්ධිං සංවසති.
මහණෙනි, කෙසේ ලමු වූයේ ලමු වූවක හා සමග වෙසේ ද? මහණෙනි, මෙ ලොව සැමියෙක් ප්‍රාණවධ කරන්නේ, අයිනාදන් ගන්නේ, කාමයන්හි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, පෙහෙසුන් බස් ඇත්තේ, පරොස්බස් ඇත්තේ, පලප් බස් ඇත්තේ, දළ ලොබ බහුල කොට ඇත්තේ, ව්‍යාපාද යුත් සිතැත්තේ, මිසදිටු වූයේ වෙයි. දුසිල් වූයේ, පවිටු දහම් ඇතියේ, වැළඳගත් මසුරු මලැති සිතින් ගිහිගෙයි වෙසෙයි. මහණ බමුණනට ආක්‍රෝශ හා නින්දා පෙරදැරි බස් බණන්නේ වෙයි. ඔහුගේ භාර්‍ය්‍යාව ද ප්‍රාණවධ කරන්නී, අයිනාදන් ගන්නී, කාමයෙහි වරදවා හැසිරෙන්නී, මුසවා බණන්නී, පෙහෙසුන් තෙපලන්නී, පරොස් බස් තෙපලන්නී, පලප් බස් දොඩන්නී, දැඩිලොබ බහුල කොට ඇත්තී, ව්‍යාපාදයට පත් සිතැත්තී, මිසදිටු ඇත්තී වෙයි. දුසිල් වූවා පවිටු දහම් ඇත්තී, වැළද ගත් මසුරුමල ඇති සිතින් ගිහිගෙයි වෙසෙයි. මහණබමුණනට ආක්‍රෝශ හා නින්දා පෙරදැරි බස් බණන්නී වෙයි. මහණෙනි, මෙ පරිදි ලමු වූයේ ලමු වූවක හා එක්ව වෙසෙයි.
කථඤ්ච භික්ඛවෙ, ඡවො දෙවියා සද්ධිං සංවසති? ඉධ භික්ඛවෙ, සාමිකො හොති පාණාතිපාතී -පෙ- මිච්ඡාදිට්ඨිකො පාපධම්මො දුස්සීලො, මච්ඡෙරමලපරියුට්ඨිතෙන චෙතසා අගාරං අජ්ඣාවසති, අක්කොසකපරිභාසකො සමණබ්රාහ්මණානං. භරියා ච ඛ්වස්ස හොති පාණාතිපාතා පටිවිරතා අදින්නාදානා පටිවිරතා කාමෙසු මිච්ඡාචාරා පටිවිරතා මුසාවාදා පටිවිරතා පිසුනාවාචා පටිවිරතා ඵරුසාවාචා පටිවිරතා සම්ඵප්පලාපා පටිවිරතා අනභිජ්ඣාලුනී අව්යාපන්නචිත්තා සම්මාදිට්ඨිකා සීලවතී කල්යාණධම්මා, විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසති. අනක්කොසිකපරිභාසිකා සමණබ්රාහ්මණානං. එවං ඛො, භික්ඛවෙ, ඡවො දෙවියා සද්ධිං සංවසති.
මහණෙනි, කෙසේ ලමු වූයේ දෙව්දුවක හා සමග වෙසේ ද? මහණෙනි, මෙ ලොව සැමියෙක් ප්‍රාණවධ කරන්නේ, ... මිසදිටු වූයේ පවිටු දහම් ඇත්තේ වෙයි. දුසිල් වූයේ, වැළඳගත් මසුරුමල ඇති සිතින් ගිහිගෙයි වෙසෙයි. මහණ බමුණනට ආක්‍රෝශ හා නින්දා පෙරදැරි බස් බණන්නේ වෙයි. ඔහුගේ බිරිය ප්‍රාණවධයෙන් වැළකියා, අයිනාදනින් වැළකියා, කාමයෙහි මිසහසරින් වැළකියා, මුසවායෙන් වැළකියා, පෙහෙසුනෙන් වැළකියා, පරොස් බසින් වැළකියා, පලපින් වැළකියා, බිහිලි දළ ලොබින් වැළකියා, ව්‍යාපායට නො ගිය සිතැත්තී සම්දිටු ඇත්තී වෙයි. සිල්වත් වූවා, කලණ දහම් ඇත්තී, පැහූ මසුරුමල ඇති සිතින් ගිහිගෙයි වුසූ වෙයි. මහණබමුණනට ආක්‍රෝශ හා නින්දා පෙරදැරි බස් නො බණන්නී වෙයි. මහණෙනි, මෙ පරිදි ලමු වූයේ දෙව්දුවක හා එක්ව වෙසෙයි.
කථඤ්ච භික්ඛවෙ, දෙවො ඡවාය සද්ධිං සංවසති: ඉධ භික්ඛවෙ සාමිකො හොති පාණාතිපාතා පටිවිරතො අදින්නාදානා පටිවිරතො කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො මුසාවාදා පටිවිරතො පිසුනාවාචා පටිවිරතො ඵරුසාවාචා පටිවිරතො සම්ඵප්පලාපා පටිවිරතො අනභිජ්ඣාලු අව්යාපන්නචිත්තො සම්මාදිට්ඨිකො සීලවා කල්යාණධම්මො. විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසති අනක්කොසකපරිභාසකො සමණබ්රාහ්මණානං භරියා ච ඛ්වස්ස හොති පාණාතිපාතිනී -පෙ- මිච්ඡාදිට්ඨිකා දුස්සීලා පාපධම්මා මච්ඡෙරමලපරියුට්ඨිතෙන චෙතසා අගාරං අජ්ඣාවසති අක්කොසිකපරිභාසිකා සමණබ්රාහ්මණානං. එවං ඛො භික්ඛවෙ, දෙවො ඡවාය සද්ධිං සංවසති.
මහණෙනි, කෙසේ දෙවිවූයේ ලමුවූවක හා සමග වෙසේ ද? මහණෙනි, මෙලොව සැමියෙක් ප්‍රාණවධයෙන් වැළකුනේ, අයිනාදනින් වැළකුනේ, කාමයෙහි මිසහසරින් වැළකුනේ, මුසවායෙන් වැළකුනේ, පෙහෙසුනින් වැළකුනේ, පරොස් බසින් වැළකුනේ, පලපින් වැළකුනේ, දැඩි ලොබ බිහිලි කොට නැත්තේ, ව්‍යාපාදයට නොපත් සිත් ඇත්තේ, සම්දිටු ඇත්තේ වෙයි. සිල්වත් වූයේ කලණ දහම් ඇත්තේ පැහූ මසුරුමල ඇති සිතින් ගිහිගෙයි වෙසේ. මහණබමුණනට ආක්‍රෝශ හා නින්දා පෙරදැරි බස් නො බණන්නේ වෙයි. ඔහුගේ භාර්‍ය්‍යාව ප්‍රාණවධ කරන්නී, ... මිසදිටු ඇත්තී වෙයි. දුසිල් වූවා, පවිටු දහම් ඇත්තී, වැළඳගත් මසුරුමල ඇති සිතින් ගිහිගෙයි වෙසෙයි. මහණ බමුණනට ආක්‍රෝශ හා නින්දා පෙර දැරි බස් බණන්නී වෙයි. මහණෙනි, මෙ පරිදි දෙවිවූයේ ලමුවූවක හා එක්ව වෙසෙයි.
කථඤ්ච භික්ඛවෙ, දෙවො දෙවියා සද්ධිං සංවසති: ඉධ භික්ඛවෙ, සාමිකො හොති පාණාතිපාතා පටිවිරතො -පෙ- සම්මාදිට්ඨිකො සීලවා කල්යාණධම්මො විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසති. අනක්කොසකපරිභාසකො සමණබ්රාහ්මණානං. භරියාපිස්ස හොති පාණාතිපාතා පටිවිරතා -පෙ- සම්මාදිට්ඨිකා සීලවතී කල්යාණධම්මා විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසති. අනක්කොසිකපරිභාසිකා සමණබ්රාහ්මණානං. එවං ඛො භික්ඛවෙ, දෙවො දෙවියා සද්ධිං සංවසති. ඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො සංවාසාති.
මහණෙනි, කෙසේ දෙවිවූයේ දෙව්දුවක හා එක්ව වෙසේ ද? මහණෙනි, මෙලොව සැමියෙක් ප්‍රාණවධයෙන් වැළකුනේ, ... සම්දිටු ඇත්තේ වෙයි. සිල්වත් වූයේ කලණ දහම් ඇත්තේ පැහූ මසුරුමල ඇති සිතින් ගිහිගෙයි වෙසෙයි. මහණ බමුණනට ආක්‍රෝශ හා නින්දා පෙරදැරි බස් නො බණන්නේ වෙයි. ඔහුගේ බිරිය ද ප්‍රාණවධයෙන් වැළකියා ... සම්දිටු ඇත්තී වෙයි. සිල්වත් වූවා කලණ දහම් ඇත්තී පැහු මසුරුමල ඇති සිතින් ගිහිගෙයි වෙසෙයි. මහණ බමුණනට ආක්‍රෝශ හා නින්දා පෙරදැරි බස් නොබණන්නී වෙයි. මහණෙනි, මෙපරිදි දෙවිවූයේ දෙව්දුවක හා එක්ව වෙසෙයි. මහණෙනි, මේ සතර සහවාසයෝ යි.
12. උභො ච හොන්ති දුස්සීලා කදරියා පරිභාසකා, තෙ හොන්ති ජානිපතයො ඡවා සංවාසමාගතා.
12. දෙමහල්ලෝ ම දුසිල් වූවාහු, තදමසුරු වූවාහු නින්දාපෙරදැරි බස් බණන්නාහු වෙත් ද, ඒ අඹුසැමි දෙදෙනා ලමු ව සහවාසයට ගියාහු වෙත්.
13. සාමිකො හොති දුස්සීලො කදරියො පරිභාසකො, භරියා සීලවතී හොති වදඤ්ඤූ වීතමච්ඡරා, සාපි දෙවී සංවසති ඡවෙන පතිනා සහ.
13. සැමි දුසිල් වෙයි, තද මසුරු වෙයි, නින්දා පෙරදැරි කොට බණන්නේ වෙයි. බිරිය සිල්වත් වෙයි, දන්කලු වෙයි, පැහූ මසුරුමල ඇත්තී වෙයි. ඒ දෙවිය ලමු සැමියා හා එක්ව වෙසෙයි.
14. සාමිකො සීලවා හොති වදඤ්ඤූ වීතමච්ඡරො, භරියා හොති දුස්සීලා කදරියා පරිභාසිකා, සාපි ඡවා සංවසති දෙවෙන පතිනා සහ.
14. සැමි සිල්වත් වෙයි. දන්කලු වෙයි. පැහු මසුරුමල ඇති වෙයි. බිරිය දුසිල් වෙයි, තදමසුරු වෙයි, නින්දා පෙරදැරි බස් බණන්නී වෙයි. හො ද ලමු වූවා දෙවි වූ හිමියා හා එක්ව වෙසෙයි.
15. උභො සද්ධා වදඤ්ඤූ ච සඤ්ඤතා ධම්මජීවිනො, තෙ හොන්ති ජානිපතයො අඤ්ඤමඤ්ඤං පියංවදා.
15. දෙදෙන ම සැදැහැති ව, දන්කලු ව ශීලසංයම ඇති ව දහම්හි සිට දිවිවටනාහු වෙත් ද, ඒ අඹුසැමිහු උනුනට ප්‍රියංවද වෙත්.
16. අත්ථා සම්පචුරා හොන්ති ඵාසත්ථං උපජායති, අමිත්තා දුම්මනා හොන්ති උභින්නං සමසීලිනං.
16. සමසිල් ඇති, ඒ දෙදෙනාගේ අභිවෘද්ධීහු ප්‍රවුර වෙත්. උනුනට පහසු විහරණ වෙයි. අමිත්‍රයෝ ද්වේෂයෙන් දුටුසිත් ඇති වෙත්.
17. ඉධ ධම්මං චරිත්වාන සමසීලබ්බතා උභො, නන්දිනො දෙවලොකස්මිං මොදන්ති කාමකාමිනොති.
17. මෙලොව සමාන ශීලව්‍රත ඇති ඒ දෙදෙන දහම් පුරා සතුටු වූවාහු දෙව්ලොව දී කාමසම්පත් කැමති වන්නාහු මුදිත වෙත්.