පඨමසංවාසසුත්තං
4. 2. 1. 3.
4. 2. 1. 3.
[පඨමසංවාසසුත්තං]
[පඨම සංවාස සූත්‍රය]
3. එකං සමයං භගවා අන්තරා ච මධුරං අන්තරා ච වෙරඤ්ජං අද්ධානමග්ගපටිපන්නො හොති. සම්බහුලාපි ඛො ගහපතී ච ගහපතානියො ච අන්තරා ච මධුරං අන්තරා ච වෙරඤ්ජං අද්ධානමග්ගපටිපන්නා හොන්ති. අථ ඛො භගවා මග්ගා ඔක්කම්ම අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසීදි. අද්දස්සුං ඛො ගහපතී ච ගහපතානියො ච භගවන්තං අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසින්නං. දිස්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නෙ ඛො තෙ ගහපතී ච ගහපතානියො ච භගවා එතදවොච:
3. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මධුරා-වේරඤ්ජා දෙ පියෙස අතර අදන්මගට පිළිපන් සේක. බොහෝ ගෘහපතීහු ද ගෘහපති භාර්‍ය්‍යාවෝ ද, මධුරා-වේරඤ්ජා දෙපියෙස අතර අදන්මගට පිළිපන් හ. එක්බිති භාග්‍යවතුන් වහන්සේ මගින් ඉක්ම එක්තරා රුක්මුලෙක වැඩහුන්හ. ඒ ගැහැවියෝ ද ගැහැවි දූහු ද එක්තරා රුක්මුලෙක වැඩහුන් බුදුන් දුටහ. දැක බුදුන් වෙත එළඹිය හ. එළඹ බුදුන් සකසා වැඳ එකත්පස්ව හුන් හ. භාග්‍යවතුන් වහන්සේ එකත්පස්ව හුන් ඒ ගැහැවියනුදු ගැහැවි දූනුදු බණවා තෙල වදාළහ.
චත්තාරො’මෙ ගහපතයො සංවාසා. කතමෙ චත්තාරො?
ගැහැවියෙනි, මේ සතර සහවාස කෙනෙකි. කවර සතර කෙනෙක යත්:
ඡවො ඡවාය සද්ධිං සංවසති, ඡවො දෙවියා සද්ධිං සංවසති, දෙවො ඡවාය සද්ධිං සංවසති. දෙවො දෙවියා සද්ධිං සංවසති.
(ගුණ නැතියෙන්) ලමු වූයේ (ගුණ නැතියෙන්) ලමු වූවක හා සමග වෙසෙයි. ලමු වූයේ (ගුණ සැපතින්) දෙවු දුවක හා සමග වෙසෙයි. (ගුණ සැපතින්) දෙවි වූයේ ලමු වූවක හා සමග වෙසෙයි. දෙවි වූයේ දෙව්දුවක හා සමග වෙසෙයි.
කථඤ්ච ගහපතයො ඡවො ඡවාය සද්ධිං සංවසති: ඉධ ගහපතයො සාමිකො හොති පාණාතිපාතී අදින්නාදායී කාමෙසු මිච්ඡාචාරී මුසාවාදී සුරාමෙරයමජ්ජපමාදට්ඨායී දුස්සීලො පාපධම්මො මච්ඡෙරමලපරියුට්ඨිතෙන චෙතසා අගාරං අජ්ඣාවසති, අක්කොසකපරිභාසකො සමණබ්රාහ්මණානං භරියාපිස්ස හොති පාණාතිපාතිනී අදින්නාදායිනී කාමෙසුමිච්ඡාචාරිනී මුසාවාදිනී සුරාමෙරයමජ්ජපමාදට්ඨායිනී දුස්සීලා පාපධම්මා මච්ඡෙරමලපරියුට්ඨිතෙන චෙතසා අගාරං අජ්ඣාවසති, අක්කොසිකපරිභාසිකා සමණබ්රාහ්මණානං. එවං ඛො ගහපතයො ඡවො ඡවාය සද්ධිං සංවසති.
ගැහැවියෙනි, කෙසේ ලමු වූයේ ලමු වූවක හා සමග වෙසේ ද? ගැහැවියෙනි, මෙ ලොව සැමියෙක් ප්‍රාණවධ කරන්නේ අයිනාදන් ගන්නේ, කාමයෙහි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, මද පමා දෙකට කරුණු වූ රහමෙර බොන්නේ වෙයි. දුසිල් වූයේ පවිටු දහම් ඇතියේ වැළඳ ගත් මසුරු මල ඇති සිතින් ගිහිගෙයි වෙසෙයි. මහණ බමුණනට ආක්‍රෝශ හා නින්දා බස් බණන්නේ වෙයි. ඔහුගේ භාර්‍ය්‍යාව ද ප්‍රාණවධ කරන්නී, අයිනාදන් ගන්නී, කාමයෙහි මිසහසර ඇත්තී, බොරු කියන්නී, මද පමා දෙකට කරුණු වූ රහමෙර බොන්නී වෙයි. දුසිල් වූවා, ලමුදහම් ඇත්තී, වැළඳ ගත් මසුරු මල ඇති සිතින් ගිහිගෙයි වෙසෙයි. මහණ බමුණනට ආක්‍රෝශ හා නින්දා බස් බණන්නී වෙයි. ගැහැවියෙනි, මෙ පරිදි ලමු වූයේ ලමු වූවක හා එක්ව වෙසෙයි.
කථඤ්ච ගහපතයො ඡවො දෙවියා සද්ධිං සංවසති: ඉධ ගහපතයො සාමිකො හොති පාණාතිපාතී -පෙ- සුරාමෙරයමජ්ජපමාදට්ඨායී දුස්සීලො පාපධම්මො. මච්ඡෙරමලපරියුට්ඨිතෙන චෙතසා අගාරං අජ්ඣාවසති. අක්කොසකපරිභාසකො සමණබ්රාහ්මණානං. භරියා ච ඛ්වස්ස හොති පාණාතිපාතා පටිවිරතා අදින්නාදානා පටිවිරතා කාමෙසු මිච්ඡාචාරා පටිවිරතා මුසාවාදා පටිවිරතා සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතා සීලවතී කල්යාණධම්මා, විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසති, අනක්කොසිකපරිභාසිකා සමණබ්රාහ්මණානං. එවං ඛො ගහපතයො ඡවො දෙවියා සද්ධිං සංවසති.
ගැහැවියෙනි, කෙසේ ලමු වූයේ දෙවු දුවක හා එක්ව වෙසේ ද? ගැහැවියෙනි, මෙලොව සැමියෙක් ප්‍රාණවධ කරන්නේ ... මද පමා දෙකට කරුණු වූ රහමෙර බොන්නේ වෙයි. දුසිල් වූයේ, ලමු දහම් ඇත්තේ, වැළඳගත් මසුරු මල ඇති සිතින් ගිහිගෙයි වෙසෙයි. මහණබමුණනට ආක්‍රෝශ හා නින්දාබස් බණන්නේ වෙයි. ඔහුගේ භාර්‍ය්‍යාව ද ප්‍රාණවධයෙන් වැළකියා අයිනාදනින් වැළකියා, කාමයෙහි මිසහසරින් වැළකියා මුසවායෙන් වැළකියා, මද පමා දෙකට කරුණු වූ රහමෙරින් වැළකියා වෙයි. සිල්වත් වූවා, කලණදහම් ඇත්තී, වැළඳ ගත් මසුරුමල නැති සිතින් ගිහිගෙයි වෙසෙයි. මහණබමුණනට ආක්‍රෝශ හා නින්දා බස් නො බණන්නී වෙයි. ගැහැවියෙනි, මෙ පරිදි ලමු වූ යේ දෙව්දුවක හා එක්ව වෙසෙයි.
කථඤ්ච ගහපතයො දෙවො ඡවාය සද්ධිං සංවසති: ඉධ ගහපතයො සාමිකො හොති පාණාතිපාතා පටිවිරතො අදින්නාදානා පටිවිරතො කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො මුසාවාදා පටිවිරතො සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො සීලවා කල්යාණධම්මො, විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසති, අනක්කොසකපරිභාසකො සමණබ්රාහ්මණානං. භරියා ච ඛ්වස්ස හොති පාණාතිපාතිනී -පෙ- සුරාමෙරයමජ්ජපමාදට්ඨායිනී දුස්සීලා පාපධම්මා, මච්ඡෙරමලපරියුට්ඨිතෙන චෙතසා අගාරං අජ්ඣාවසති, අක්කොසිකපරිභාසිකා සමණබ්රාහ්මණානං. එවං ඛො ගහපතයො දෙවො ඡවාය සද්ධිං සංවසති.
ගැහැවියෙනි, කෙසේ දෙවි වූයේ ලමු වූවක හා එක්ව වෙසේ ද? ගැහැවියෙනි, මෙලොව්හි සැමියෙක් ප්‍රාණවධයෙන් වැළකුනේ, අයිනාදනින් වැළකුනේ, කාමයෙහි මිසහසරින් වැළකුනේ, මුසාවාදයෙන් වැළකුනේ, මදපමා දෙකට කරුණු වූ රහමෙරින් වැළකුනේ වෙයි. සිල්වත් වූයේ, කලණදහම් ඇත්තේ, පැහු මසුරුමල ඇති සිතින් ගිහිගෙයි වෙසෙයි. මහණ බමුණන්ට ආක්‍රෝශ හා නින්දා බස් නො බණන්නේ වෙයි. ඔහුගේ භාර්‍ය්‍යාව ද ප්‍රාණවධ කරන්නී ... මද පමා දෙකට කරුණු වූ රහ මෙර බොන්නී වෙයි. දුසිල් වූවා, ලමු දහම් ඇත්තී, වැළඳ ගත් මසුරු මල ඇති සිතින් ගිහිගෙයි වෙසෙයි. මහණබමුණනට ආක්‍රෝශ හා නින්දා බස් බණන්නී වෙයි. ගැහැවියෙනි, මෙ පරිදි දෙවි වූයේ ලමු වූවක හා එක්ව වෙසෙයි.
කථඤ්ච ගහපතයො දෙවො දෙවියා සද්ධිං සංවසති: ඉධ ගහපතයො සාමිකො හොති පාණාතිපාතා පටිවිරතො -පෙ- සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො සීලවා කල්යාණධම්මො, විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසති, අනක්කොසකපරිභාසකො සමණබ්රාහ්මණානං. භරියාපිස්ස හොති පාණාතිපාතා පටිවිරතා -පෙ- සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතා සීලවතී කල්යාණධම්මා; විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසති, අනක්කොසිකපරිභාසිකා සමණබ්රාහ්මණානං. එවං ඛො ගහපතයො දෙවො දෙවියා සද්ධිං සංවසති. ඉමෙ ඛො ගහපතයො චත්තාරො සංවාසාති.
ගැහැවියෙනි, කෙසේ දෙවි වූයේ දෙව්දුවක හා සමග වෙසේ ද? ගැහැවියෙනි, මෙ ලොව සැමියෙක් ප්‍රාණවධයෙන් වැළකුනේ ... මද පමා දෙකට කරුණු වූ රහමෙරින් වැළකුනේ වෙයි. සිල්වත් වූයේ, කලණ දහම් ඇත්තේ, පැහු මසුරුමල ඇති සිතින් ගිහිගෙයි වෙසෙයි. මහණබමුණනට ආක්‍රෝශ හා නින්දා බස් නො බණන්නේ වෙයි. ඔහුගේ භාර්‍ය්‍යාව ද ප්‍රාණවධයෙන් වැළකියා ... මද පමා දෙකට කරුණු වූ රහමෙරින් වැළකියා වෙයි. සිල් වත් වූවා, කලණදහම් ඇත්තී, පැහු මසුරුමල ඇති සිතින් ගිහිගෙයි වෙසෙයි. මහණ බමුණනට ආක්‍රෝශ හා නින්දා බස් නො බණන්නී වෙයි. ගැහැවියෙනි, මෙපරිදි දෙවි වූයේ දෙව්දුවක හා එක්ව වෙසෙයි. ගැහැවියෙනි, මේ සතර සහවාසයෝ යි.
6. උභො ච හොන්ති දුස්සීලා කදරියා පරිභාසකා, තෙ හොන්ති ජානිපතයො ඡවා සංවාසමාගතා.
6. දෙදෙන ම දුසිල් වූවාහු තදමසුරු වූවාහු නින්දා පෙරදැරි බස් බණන්නාහු වෙත් ද, ඒ අඹුසැමි දෙදෙනා ලමු ව සහවාසයට ගියාහු වෙත්.
7. සාමිකො හොති දුස්සීලො කදරියො පරිභාසකො, භරියා සීලවතී හොති වදඤ්ඤූ වීතමච්ඡරා; සාපි දෙවී සංවසති ඡවෙන පතිනා සහ.
7. සැමි දුසිල් වෙයි, තද මසුරු වෙයි. නින්දා පෙරදැරි කොට බස් බණන්නේ වෙයි. බිරිය සිල්වත් වෙයි. දන්කලු වෙයි. පැහූ මසුරුමල ඇත්තී වෙයි. ඒ දේවිය ලමු සැමියා හා එක්ව වෙසෙයි.
8. සාමිකො සීලවා හොති වදඤ්ඤූ වීතමච්ඡරො, භරියා හොති දුස්සීලා කදරියා පරිභාසිකා; සාපි ඡවා සංවසති දෙවෙන පතිනා සහ.
8. සැමි සිල්වත් වෙයි, දන්කලු වෙයි. පැහූ මසුරුමල ඇති වෙයි. බිරිය දුසිල් වෙයි. තද මසුරු වෙයි. නින්දා පෙරදැරි කොට බස් බණන්නී වෙයි. හො ද ලමු වූවා දෙවි වූ හිමියා හා එක්ව වෙසෙයි.
9. උභො සද්ධා වදඤ්ඤූ ච සඤ්ඤතා ධම්මජීවිනො, තෙ හොන්ති ජානිපතයො අඤ්ඤමඤ්ඤං පියංවදා.
9. දෙදෙන ම සැදැහැති ව දන්කලු ව ශීල සංයම ඇති ව දහම් හි සිට දිවි වටනාහු වෙත් ද, ඒ අඹුසැමිහු උනුනට ප්‍රියංවද වෙත්.
10. අත්ථා සම්පචුරා හොන්ති ඵාසත්ථං උපජායති, අමිත්තා දුම්මනා හොන්ති උභින්නං සමසීලිනං.
10. සම සිල් ඇති ඒ දෙදෙනාගේ අභිවෘද්ධිහු ප්‍රවුර වෙත්. උනුනට පහසු විහරණ වෙයි, අමිත්‍රයෝ ද්වේෂයෙන් දුටු සිත් ඇති වෙත්.
11. ඉධ ධම්මං චරිත්වාන සමසීලබ්බතා උභො, නන්දිනො දෙවලොකස්මිං මොදන්ති කාමකාමිනොති.
11. මෙලොව සමානශීලව්රත ඇති ඒ දෙදෙන දහම් පුරා සතුටු වූවාහු දෙව්ලොව දී කාමසම්පත්ති කැමති වන්නාහු (විපාකමෝදනායෙන්) මුදිත වෙත්.