යෙදුමෙන් කියවන්න

දුතියපුඤ‍්ඤාභිසන්‍දසුත‍්තං

4. 2. 1. 2.

4. 2. 1. 2.

[දුතියපුඤ‍්ඤාභිසන්‍දසුත‍්තං]

[දුතිය පුඤ්ඤාභිසන්‍ද සූත්‍රය]

2. චත‍්තාරො’මෙ භික‍්ඛවෙ පුඤ‍්ඤාභිසන්‍දා කුසලාභිසන්‍දා සුඛස‍්සාහාරා සොවග‍්ගිකා සුඛවිපාකා සග‍්ගසංවත‍්තනිකා ඉට‍්ඨාය කන‍්තාය මනාපාය හිතාය සුඛාය සංවත‍්තන‍්ති. කතමෙ චත‍්තාරො?

2. මහණෙනි, සුව එළවන, ස්වග්‍ර රූපාදි සම්පත් ගෙණ දෙන, සුඛවිපාක ඇති, ස්වර්‍ගය පිණිස පවත්නා, ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මනවඩනා පිණිස, හිතය පිණිස සුඛය පිණිස පවත්නා, මේ සතර පුණ්‍යප්‍රවාහ කෙනෙකි. කුශලප්‍රවාහ කෙනෙකි. කවර සතර කෙනෙක යත්:

ඉධ භික‍්ඛවෙ අරියසාවකො බුද‍්ධෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගතො හොති : ඉතිපි සො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො විජ‍්ජාචරණසම‍්පන‍්නො සුගතො ලොකවිදූ අනුත‍්තරො පුරිසදම‍්මසාරථි සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවාති. අයං භික‍්ඛවෙ පඨමො පුඤ‍්ඤාභිසන්‍දො කුසලාභිසන්‍දො සුඛස‍්සාහාරො සොවග‍්ගිකො සුඛවිපාකො සග‍්ගසංවත‍්තනිකො ඉට‍්ඨාය කන‍්තාය මනාපාය හිතාය සුඛාය සංවත‍්තති.

මහණෙනි, මෙසස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක බුදුන් කෙරෙහි අවෙත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. ඒ භගවත්හු මේ කරුණෙනුදු අර්‍හත්හ. සම්‍යක් සම්බුද්ධයහ. විද්‍යාචරණසම්පන්නයහ. සුගතයහ. ලෝකවිද්හ. අනුත්තර පුරුෂදම්‍යසාරථියහ. දෙවිමිනිස්නට ශාස්තෘයහ. සිවුසස් දත්හ. රාගාදීන් භග්න හෙයින් භගවත්හ යි කියා යි. මහණෙනි, සුව එළවන, ස්වග්‍ර රූපාදි සම්පත් ගෙණ දෙන, සුඛවිපාක ඇති, ස්වර්‍ගය පිණිස පවත්නා, ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මනවඩන පිණිස හිතය පිණිස සුඛය පිණිස පවත්නා, මේ පළමු වන පුණ්‍යප්‍රවාහය. කුශලප්‍රවාහ යි.

පුන චපරං භික‍්ඛවෙ අරියසාවකො ධම‍්මෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගතො හොති : ස‍්වාක‍්ඛාතො භගවතා ධම‍්මො සන්‍දිට‍්ඨිකො අකාලිකො එහිපස‍්සිකො ඔපනයිකො පච‍්චත‍්තං වෙදිතබ‍්බො විඤ‍්ඤූහීති. අයං භික‍්ඛවෙ දුතියො පුඤ‍්ඤාභිසන්‍දො කුසලාභිසන්‍දො සුඛස‍්සාහාරො සොවග‍්ගිකො සුඛවිපාකො සග‍්ගසංවත‍්තනිකො ඉට‍්ඨාය කන‍්තාය මනාපාය හිතාය සුඛාය සංවත‍්තති.

තවද මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවක ධර්‍මයෙහි අවෙත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. භගවත්හු විසින් ධර්‍මය ස්වාඛ්‍යාතය, සාන්දෘෂ්ටිකය, අකාලිකය, එව බලව යන විධියට අර්‍හය, උපනයනාර්‍හය, නුවණැතියන් විසින් තමා කෙරෙහි ලා දතයුතුය කියා යි. මහණෙනි, සුව එළවන, ස්වග්‍ර රූපාදි සම්පත් ගෙණ දෙන, සුඛවිපාක ඇති, ස්වර්‍ගය පිණිස පවත්නා, ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මනවඩන පිණිස, හිතය පිණිස සුඛය පිණිස පවත්නා, මේ දෙවන පුණ්‍යප්‍රවාහය. කුශලප්‍රවාහ යි.

පුන චපරං භික‍්ඛවෙ අරියසාවකො සඞ‍්ඝෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගතො හොති : සුපටිපන‍්නො භගවතො සාවකසඞ‍්ඝො, උජුපටිපන‍්නො භගවතො සාවකසඞ‍්ඝො, ඤායපටිපන‍්නො භගවතො සාවකසඞ‍්ඝො, සාමීචිපටිපන‍්නො භගවතො සාවකසඞ‍්ඝො, යදිදං චත‍්තාරි පුරිසයුගානි, අට‍්ඨපුරිසපුග‍්ගලා. එස භගවතො සාවකසඞ‍්ඝො ආහුනෙය්‍යො පාහුණෙය්‍යො දක‍්ඛිණෙය්‍යො අඤ‍්ජලිකරණීයො අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්සාති. අයං භික‍්ඛවෙ තතියො පුඤ‍්ඤාභිසන්‍දො කුසලාභිසන්‍දො සුඛස‍්සාහාරො සොවග‍්ගිකො සුඛවිපාකො සග‍්ගසංවත‍්තනිකො ඉට‍්ඨාය කන‍්තාය මනාපාය හිතාය සුඛාය සංවත‍්තති.

තවද මහණෙනි, ආර්‍ය්‍ය ශ්‍රාවක සඞ්ඝයා කෙරෙහි අවෙත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. භගවත්හුගේ ශ්‍රාවකසඞ්ඝ සුප්‍රතිපන්නය, භගවත්හුගේ ශ්‍රාවකසඞ්ඝ ඍජුප්‍රතිපන්නය, භගවත්හුගේ ශ්‍රාවකසඞ්ඝ න්‍යායප්‍රතිපන්නය, භගවත්හුගේ ශ්‍රාවකසඞ්ඝ සාමීචි ප්‍රතිපන්නය. යම් සතර වැදෑරුම් පුරුෂ යුග කෙනෙක්, අෂ්ටපුරුෂ පුද්ගල කෙනෙක් ඇද්ද භගවත්හුගේ තෙල සවුසඟහු ඇර දෙන්නට නිසි අන්නපානප්‍රතිග්‍රහණයට නිසියහ, ආගන්තුක සත්කාරයට නිසිය හ, දක්‍ෂිණා ප්‍රතිග්‍රහණයට නිසියහ, ඇඳිලි බඳනට නිසියහ. ලෝකයාහට අනුත්තරපුණ්‍යක්‍ෂේත්‍රයහ කියා යි. මහණෙනි, සුව එළවන, ස්වග්‍ර රූපාදි සම්පත් ගෙණ දෙන, සුඛ විපාක ඇති, ස්වර්‍ගය පිණිස පවත්නා, ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මන වඩන පිණිස හිතය පිණිස සුඛය පිණිස පවත්නා, මේ තුන්වන පුණ්‍යප්‍රවාහය, කුශල ප්‍රවාහ යි.

පුන චපරං භික‍්ඛවෙ අරියසාවකො අරියකන‍්තෙහි සීලෙහි සමන‍්නාගතො හොති අඛණ‍්ඩෙහි අච‍්ඡිද‍්දෙහි අසබලෙහි අකම‍්මාසෙහි භුජිස‍්සෙහි විඤ‍්ඤුප‍්පසත්‍ථෙහි අපරාමට‍්ඨෙහි සමාධිසංවත‍්තනිකෙහි. අයං භික‍්ඛවෙ චතුත්‍ථො පුඤ‍්ඤාභිසන්‍දො කුසලාභිසන්‍දො සුඛස‍්සාහාරො සොවග‍්ගිකො සුඛවිපාකො සග‍්ගසංවත‍්තනිකො ඉට‍්ඨාය කන‍්තාය මනාපාය හිතාය සුඛාය සංවත‍්තති.

තවද මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවක අඛණ්ඩ වූ අච්ඡිද්‍ර වූ අශබල වූ අකල්මාෂ වූ භුජිස්‍ය වූ විද්වත්ප්‍රශස්ත වූ අපරාමෘෂ්ට වූ සමාධිය පිණිස පවත්නා ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත වෙයි. මහණෙනි, සුව එළවන, ස්වග්‍ර රූපාදි සම්පත් ගෙණ දෙන, සුඛවිපාක ඇති, ස්වර්‍ගය පිණිස පවත්නා, ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මන වඩන පිණිස හිතය පිණිස සුඛය පිණිස පවත්නා, මේ සතරවැනි පුණ්‍යප්‍රවාහය, කුශල ප්‍රවාහ යි.

ඉමෙ ඛො භික‍්ඛවෙ චත‍්තාරො පුඤ‍්ඤාභිසන්‍දා කුසලාභිසන්‍දා සුඛස‍්සාහාරා සොවග‍්ගිකා සුඛවිපාකා සග‍්ගසංවත‍්තනිකා ඉට‍්ඨාය කන‍්තාය මනාපාය හිතාය සුඛාය සංවත‍්තන‍්තීති.

මහණෙනි, සුව එළවන, ස්වග්‍රරූපාදි සම්පත් ගෙණ දෙන, සුඛ විපාක ඇති, ස්වර්‍ගය පිණිස පවත්නා, ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මනවඩන පිණිස හිතය පිණිස, සුඛය පිණිස පවත්නා, මේ සතර වැදෑරුම් පුණ්‍යධාරාය, කුශලධාරා යි.

3. යස‍්ස සද‍්ධා තථාගතෙ අචලා සුප‍්පතිට‍්ඨිතා, සීලඤ‍්ච යස‍්ස කල්‍යාණං අරියකන‍්තං පසංසිතං.

3. යමක් හට තථාගතයන් වහන්සේ කෙරෙහි අචල වූ මොනවට පිහිටි සැදැහැ ඇද්ද, යමක් හට මාර්‍ගඵල සම්ප්‍රයුක්ත හෙයින් ආර්‍ය්‍යකාන්ත වූ එහෙයින් ම පසස්නා ලද කල්‍යාණ ශීලය ඇද්ද,

4. සඞ‍්ඝෙ පසාදො යස‍්සත්‍ථි උජුභූතඤ‍්ච දස‍්සනං, අදළිද‍්දොති තං ආහු අමොඝං තස‍්ස ජීවිතං.

4. යමක් හට සඞ්ඝයා කෙරෙහි ප්‍රසාදය ඇද්ද, ඍජු වූ ධර්‍මදර්‍ශනය ඇද්ද, ඔහු නො දිළින්දහ යි කියත්. ඔහුගේ ජීවිතය අමෝඝ යි.

5. තස‍්මා සද‍්ධඤ‍්ච සීලඤ‍්ච පසාදං ධම‍්මදස‍්සනං, අනුයුඤ‍්ජෙථ මෙධාවී සරං බුද‍්ධානසාසනන‍්ති.

5. එහෙයින් බුදුරදුන්ගේ අනුශාසනය සිහි කරණ ප්‍රශස්ත බුද්ධි ඇතියා සැදෑය, සිල්ය, පැහැදීම්ය, දහම්දස්නය යන මෙහි යෙදෙන්නේ ය.