පඨමපුඤ්ඤාභිසන්දසුත්තං
4. 2. 1. 1.
4. 2. 1. 1.
[පඨමපුඤ්ඤාභිසන්දසුත්තං]
[ප්රථම පුඤ්ඤාභිසන්ද සූත්රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
1. චත්තාරො’මෙ භික්ඛවෙ, පුඤ්ඤාභිසන්දා කුසලාභිසන්දා සුඛස්සාහාරා සොවග්ගිකා සුඛවිපාකා සග්ගසංවත්තනිකා ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තන්ති. කතමෙ චත්තාරො?
1. මහණෙනි, සුව එළවන, මොනොවට අග්ර රූපාදි සම්පත් ගෙණ දෙන, සුඛ විපාක ඇති, ස්වර්ගය පිණිස පවත්නා, ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මනවඩන පිණිස හිතය පිණිස සුඛය පිණිස පවත්නා, මේ පුණ්යප්රවාහයෝ කුශලප්රවාහයෝ (කුශලෝප්පත්තීහු) සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
යස්ස භික්ඛවෙ භික්ඛු චීවරං පරිභුඤ්ජමානො අප්පමාණං චෙතොසමාධිං උපසම්පජ්ජ විහරති. අප්පමාණො තස්ස පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො සොවග්ගිකො සුඛවිපාකො සග්ගසංවත්තනිකො ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තති.
මහණෙනි, යම් දායකයකුගේ සිවුරු වළඳනා මහණෙක් අර්හත්වඵලසමාධියට සමවැද වෙසේ ද, ඔහුට සුව එළවන මනා අග්ර රූපාදිසම්පත් දෙන සුඛ විපාක ඇති ස්වර්ගය පිණිස පවත්නා ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මනවඩන පිණිස හිතය පිණිස සුඛය පිණිස පවත්නා අප්රමාණ පුණ්යප්රවාහයෙක් කුශලප්රවාහයෙක් වෙයි.
යස්ස භික්ඛවෙ භික්ඛු පිණ්ඩපාතං පරිභුඤ්ජමානො අප්පමාණං චෙතොසමාධිං උපසම්පජ්ජ විහරති, අප්පමාණො තස්ස පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො සොවග්ගිකො සුඛවිපාකො සග්ගසංවත්තනිකො ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තති.
මහණෙනි, යම් දායකයකුගේ පිඬුවා වළඳන මහණෙක් අර්හත්ත්වඵල සමාධියට එළඹ වෙසේද, ඔහුට සුව එළවන අග්ර වූ රූපාදි සම්පත් ගෙණ දෙන සුඛවිපාක ඇති ස්වර්ගය පිණිස පවත්නා ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මනවඩන පිණිස හිතය පිණිස සුඛය පිණිස පවත්නා අප්රමාණ පුණ්යප්රවාහයෙක් කුශලප්රවාහයෙක් වෙයි.
යස්ස භික්ඛවෙ භික්ඛු සෙනාසනං පරිභුඤ්ජමානො අප්පමාණං චෙතොසමාධිං උපසම්පජ්ජ විහරති, අප්පමාණො තස්ස පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො සොවග්ගිකො සුඛවිපාකො සග්ගසංවත්තනිකො ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තති.
මහණෙනි, යම් දායකයකුගේ සෙනසුන් වළඳ කරණ මහණෙක් අර්හත්ත්වඵලසමාධියට එළඹ වෙසේද, ඔහුට සුව එළවන ස්වග්ර රූපාදිසම්පත් ගෙණ දෙන සුඛවිපාක ඇති ස්වර්ගය පිණිස පවත්නා ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මනවඩන පිණිස හිතය පිණිස සුඛය පිණිස පවත්නා අප්රමාණ පුණ්යප්රවාහයෙක් කුශලප්රවාහයෙක් වෙයි.
යස්ස භික්ඛවෙ භික්ඛු ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං පරිභුඤ්ජමානො අප්පමාණං චෙතොසමාධිං උපසම්පජ්ජ විහරති, අප්පමාණො තස්ස පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො සොවග්ගිකො සුඛවිපාකො සග්ගසංවත්තනිකො ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තති.
මහණෙනි, යම් දායකයකුගේ ගිලන්පස බෙහෙත් පිරිකර වළඳ කරණ මහණෙක් අර්හත්ත්වඵලසමාධියට එළඹ වෙසේ ද, ඔහුට සුව එළවන ස්වග්ර රූපාදිසම්පත් ගෙණ දෙන සුඛවිපාක ඇති ස්වර්ගය පිණිස පවත්නා ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මනවඩන පිණිස හිතය පිණිස, සුඛය පිණිස පවත්නා අප්රමාණ පුණ්යප්රවාහයෙක් කුශලප්රවාහයෙක් වෙයි.
ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො පුඤ්ඤාභිසන්දා කුසලාභිසන්දා සුඛස්සාහාරා සොවග්ගිකා සුඛවිපාකා සග්ගසංවත්තනිකා ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තන්ති.
මහණෙනි, සුව එළවන ස්වග්ර රූපාදිසම්පත් ගෙණ දෙන සුඛවිපාක ඇති ස්වර්ගය පිණිස පවත්නා ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මනවඩන පිණිස හිතය පිණිස සුඛය පිණිස පවත්නා මේ සතර පුණ්යප්රවාහයෝ - කුශලප්රවාහයෝ යි.
ඉමෙහි ච පන භික්ඛවෙ චතූහි පුඤ්ඤාභිසන්දෙහි කුසලාභිසන්දෙහි සමන්නාගතස්ස අරියසාවකස්ස න සුකරං පුඤ්ඤස්ස පමාණං ගහෙතුං, එත්තකො පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො සොවග්ගිකො සුඛවිපාකො සග්ගසංවත්තනිකො ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තතීති. අථ ඛො අසඞ්ඛ්යෙය්යො අප්පමෙය්යො මහාපුඤ්ඤක්ඛන්ධොත්වෙව සඞ්ඛං ගච්ඡති.
මහණෙනි, මේ සතර පුණ්යප්රවාහයෙන් කුශලප්රවාහයෙන් සමන්වාගත ආර්ය්යශ්රාවකයාගේ පුණ්යප්රමාණය ගන්නට සුකර නො වේ. සුව එළවන ස්වග්ර රූපාදිසම්පත් ගෙණ දෙන සුඛවිපාක ඇති ස්වර්ගය පිණිස පවත්නා ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මනවඩන පිණිස හිතය පිණිස සුඛය පිණිස පවත්නා පුණ්යප්රවාහය කුශලප්රවාහය මෙතෙක කියා යි. වැලිත් අසඞ්ඛෙය්ය වූ අප්රමේය වූ මහා පුණ්යස්කන්ධයෙක් ම ය යි ගණයට යෙයි.
සෙය්යථාපි භික්ඛවෙ මහාසමුද්දෙ න සුකරං උදකස්ස පමාණං ගහෙතුං එත්තකානි උදකාළ්හකානීති වා එත්තකානි උදකාළ්හකසතානීති වා එත්තකානි උදකාළ්හකසහස්සානීති වා එත්තකානි උදකාළ්හකසතසහස්සානීති වා. අථ ඛො අසඞ්ඛ්යෙය්යො අප්පමෙය්යො මහාඋදකක්ඛන්ධොත්වෙව සඞ්ඛං ගච්ඡති. එවමෙව ඛො භික්ඛවෙ ඉමෙහි චතූහි පුඤ්ඤාභිසන්දෙහි කුසලාභිසන්දෙහි සමන්නාගතස්ස අරියසාවකස්ස න සුකරං පුඤ්ඤස්ස පමාණං ගහෙතුං, එත්තකො පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො සොවග්ගිකො සුඛවිපාකො සග්ගසංවත්තනිකො ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තතීති. අථ ඛො අසඞ්ඛ්යෙය්යො අප්පමෙය්යො මහාපුඤ්ඤක්ඛන්ධොත්වෙව සඞ්ඛං ගච්ඡතීති.
මහණෙනි, දියලහ මෙතෙකැයි හෝ දියලහසිය මෙතෙකැයි හෝ දියලහදහස් මෙතෙකැ යි හෝ දියලහසුවහස් මෙතෙකැයි හෝ යම්සේ මහමුහුදෙහි දිය පමණ ගන්නට නො හැකි වේ ද, වැලිත් අසඞ්ඛෙය්ය වූ අප්රමේය වූ මහත් උදකස්කන්ධයෙක් ම යයි ගණයට යේ ද, මහණෙනි, එපරිදි ම මේ සතර පුණ්යප්රවාහයෙන් කුශලප්රවාහයෙන් සමන්වාගත ආර්ය්යශ්රාවකයාගේ පුණ්යප්රමාණය ගන්නට නො හැකි වේ. සුඛ එළවන ස්වග්ර රූපාදි සම්පත් ගෙණ දෙන සුඛවිපාක ඇති ස්වර්ගය පිණිස පවත්නා ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මනවඩන පිණිස හිතය පිණිස සුඛය පිණිස පවත්නා පුණ්යප්රවාහය කුශලප්රවාහය මෙතෙක කියා යි. වැලිත් අසඞ්ඛෙය්ය වූ අප්රමේය වූ මහා පුණ්යස්කන්ධයෙක් ම ය යි ගණනට යෙයි.
1. මහොදධිං අපරිමිතං මහාසරං බහුභෙරවං රතනගණානමාලයං, නජ්ජො යථා නරගණසඞ්ඝසෙවිතා පුථූ සවන්තී උපයන්ති සාගරං.
1. පරිමිත රහිත වූ බිහිසුණු අරමුණු ඇති සත්රුවන්ගණට නිවෙස් වූ මහදියකඳ ඇති සයුරුමහදතලාව කරා නරගණසමූහයා විසින් සෙවුනා ලද බොහෝ කොට ගලන නදීහු යම් සේ වැදගණිත් ද,
2. එවං නරං අන්නදපානවත්ථදං සෙය්යානිසජ්ජත්ථරණස්ස දායකං, පුඤ්ඤස්ස ධාරා උපයන්ති පණ්ඩිතං නජ්ජො යථා වාරිවහාව සාගරන්ති.
2. අන්නපාන වස්ත්ර දායක වූ ශය්යානිෂද්යාස්තරණ දායක වූ පණ්ඩිත මිනිසා කරා එපරිදි ම පුණ්යධාරාවෝ වැදගණිත්. දිය වහන නදීන් සයුර කරා වැදගන්නාක් සෙයිනි.