යෙදුමෙන් කියවන්න

උපක‍්කිලෙසසුත‍්තං

4. 1. 5. 10.

4. 1. 5. 10.

[උපක‍්කිලෙසසුත‍්තං]

[උපක්කිලේස සූත්‍රය]

50. චත‍්තාරොමෙ භික‍්ඛවෙ චන්‍දිමසුරියානං උපක‍්කිලෙසා යෙහි උපක‍්කිලෙසෙහි උපක‍්කිලිට‍්ඨා චන්‍දිමසුරියා න තපන‍්ති න භාසන‍්ති න විරොචන‍්ති. කතමෙ චත‍්තාරො?

50. මහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ සඳහිරු දෙදෙනා නොබබළත් ද, සඳහිරු දෙදෙනාගේ ඒ මේ උපක්ලේශයෝ සතර දෙනෙක. කවර සතර දෙනෙක යත්:

අබ‍්භා භික‍්ඛවෙ චන්‍දිමසුරියානං උපක‍්කිලෙසො යෙන උපක‍්කිලෙසෙන උපක‍්කිලිට‍්ඨා චන්‍දිමසුරියා න තපන‍්ති න භාසන‍්ති න විරොචන‍්ති. මහිකා භික‍්ඛවෙ චන්‍දිමසුරියානං උපක‍්කිලෙසො යෙන උපක‍්කිලෙසෙන උපක‍්කිලිට‍්ඨා චන්‍දිමසුරියා න තපන‍්ති න භාසන‍්ති න විරොචන‍්ති. ධූමරජො, භික‍්ඛවෙ චන්‍දිමසුරියානං උපක‍්කිලෙසො, යෙන උපක‍්කිලෙසෙන උපක‍්කිලිට‍්ඨා චන්‍දිමසුරියා න තපන‍්ති න භාසන‍්ති න විරොචන‍්ති. රාහු භික‍්ඛවෙ අසුරින්‍දො චන්‍දිමසුරියානං උපක‍්කිලෙසො යෙන උපක‍්කිලෙසෙන උපක‍්කිලිට‍්ඨා චන්‍දිමසුරියා න තපන‍්ති න භාසන‍්ති න විරොචන‍්ති. ඉමෙ ඛො භික‍්ඛවෙ චත‍්තාරො චන්‍දිමසුරියානං උපක‍්කිලෙසා යෙහි උපක‍්කිලෙසෙහි උපක‍්කිලිට‍්ඨා චන්‍දිමසුරියා න තපන‍්ති න භාසන‍්ති න විරොචන‍්ති.

මහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ සඳහිරු දෙදෙනා නොබබළත් ද, වලාකුළ සඳහිරු දෙදෙනාගේ ඒ උපක්ලේශය. මහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ සඳහිරු දෙදෙනා නො බබළත් ද, හිම සඳහිරු දෙදෙනාගේ ඒ උපක්ලේශය. මහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ සඳහිරු දෙදෙනා නො බබළත් ද, ධූම-රජස් සඳහිරු දෙදෙනාගේ ඒ උපක්ලේශය. මහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ සඳහිරු දෙදෙනා නො බබළත් ද, රාහු අසුරෙන්‍ද්‍ර සඳහිරු දෙදෙනාගේ ඒ උපක්ලේශය. මහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ සඳහිරු දෙදෙනා නො බබළත් ද, සඳහිරු දෙදෙනාගේ ඒ උපක්ලේශයෝ මේ සතර දෙනා වෙති.

එවමෙව ඛො භික‍්ඛවෙ චත‍්තාරො සමණබ්‍රාහ‍්මණානං උපක‍්කිලෙසා යෙහි උපක‍්කිලෙසෙහි උපක‍්කිලිට‍්ඨා එකෙ සමණබ්‍රාහ‍්මණා න තපන‍්ති න භාසන‍්ති න විරොචන‍්ති. කතමෙ චත‍්තාරො?

මහණෙනි, එපරිදි ම යම් උපක්ලේශයෙකින් කිලිටි වූ කිසි මහණ බමුණු කෙනෙක් නො බබළත් ද, මහණබමුණන්ගේ ඒ උපක්ලේශයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:

සන‍්ති භික‍්ඛවෙ එකෙ සමණබ්‍රාහ‍්මණා සුරං පිවන‍්ති මෙරයං, සුරාමෙරයපානා අප‍්පටිවිරතා. අයං භික‍්ඛවෙ පඨමො සමණබ්‍රාහ‍්මණානං උපක‍්කිලෙසො යෙන උපක‍්කිලෙසෙන උපක‍්කිලිට‍්ඨා එකෙ සමණබ්‍රාහ‍්මණා න තපන‍්ති න භාසන‍්ති න විරොචන‍්ති. සන‍්ති භික‍්ඛවෙ එකෙ සමණබ්‍රාහ‍්මණා මෙථුනං ධම‍්මං පතිසෙවන‍්ති මෙථුනස‍්මා ධම‍්මා අප‍්පටිවිරතා. අයං භික‍්ඛවෙ දුතියො සමණබ්‍රාහ‍්මණානං උපක‍්කිලෙසො යෙන උපක‍්කිලෙසෙන උපක‍්කිලිට‍්ඨා එකෙ සමණබ්‍රාහ‍්මණා න තපන‍්ති න භාසන‍්ති න විරොචන‍්ති. සන‍්ති භික‍්ඛවෙ එකෙ සමණබ්‍රාහ‍්මණා ජාතරූපරජතං සාදියන‍්ති ජාතරූපරජතපටිග‍්ගහණා අප‍්පටිවිරතා. අයං භික‍්ඛවෙ තතියො සමණබ්‍රාහ‍්මණානං උපක‍්කිලෙසො යෙන උපක‍්කිලෙසෙන උපක‍්කිලිට‍්ඨා එකෙ සමණබ්‍රාහ‍්මණා න තපන‍්ති න භාසන‍්ති න විරොචන‍්ති. සන‍්ති භික‍්ඛවෙ එකෙ සමණබ්‍රාහ‍්මණා මිච‍්ඡාජීවෙන ජීවන‍්ති මිච‍්ඡාජීවා අප‍්පටිවිරතා. අයං භික‍්ඛවෙ චතුත්‍ථො සමණබ්‍රාහ‍්මණානං උපක‍්කිලෙසො යෙන උපක‍්කිලෙසෙන උපක‍්කිලිට‍්ඨා එකෙ සමණබ්‍රාහ‍්මණා න තපන‍්ති න භාසන‍්ති න විරොචන‍්ති. ඉමෙ ඛො භික‍්ඛවෙ චත‍්තාරො සමණබ්‍රාහ‍්මණානං උපක‍්කිලෙසා යෙහි උපක‍්කිලෙසෙහි උපක‍්කිලිට‍්ඨා එකෙ සමණබ්‍රාහ‍්මණා න තපන‍්ති න භාසන‍්ති න විරොචන‍්තීති.

මහණෙනි, පස්වැදෑරුම් සුරාව හා සිවුවැදෑරුම් මෛරෙය බොන සුරාමෛරෙය පානයෙන් නො වෙන් ව සිටුනා ඇතැම් මහණබමුණු කෙනෙක් ඇත. මහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ කිසි මහණබමුණු කෙනෙක් (ගුණාලෝකයෙන්) නො බබළත් ද, මහණබමුණන්ගේ මේ පළමුවන උපක්ලේශ යි. මහණෙනි, මෛථුනධර්‍මය සෙවුනා, මෛථුනධර්‍මයෙන් නො වෙන් ව සිටුනා ඇතැම් මහණබමුණු කෙනෙක් ඇත. මහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ කිසි මහණබමුණු කෙනෙක් (ගුණවිරෝචනයෙන්) නො බබළත් ද, මහණබමුණන්ගේ මේ දෙවන උපක්ලේශ යි. මහණෙනි, රන්රිදී පිළිගන්නා රන්රිදී පිළිගැණීමෙන් නො වෙන් ව සිටුනා කිසි මහණබමුණු කෙනෙක් ඇත. මහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ මහණබමුණු කෙනෙක් (ගුණප්‍රතාපයෙන්) නො බබළත් ද, මහණබමුණන්ගේ මේ තුන්වන උපක්ලේශ යි. මහණෙනි, මිථ්‍යාජීවයෙන් ජීවත් වන, මිථ්‍යාජීවයෙන් නො වෙන්ව සිටුනා කිසි මහණබමුණු කෙනෙක් ඇත. මහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ මහණබමුණෝ නො බබළත් ද, මහණබමුණන්ගේ මේ සතර වන උපක්ලේශ යි. මහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ මහණබමුණෝ නො බබළත් ද, මේ සතර මහණබමුණන්ගේ ඒ උපක්ලේශයෝ වෙති.

126. රාගදොසපරික‍්කිට‍්ඨා එකෙ සමණබ්‍රාහ‍්මණා, අවිජ‍්ජානිවුතා පොසා පියරූපාභිනන්‍දිනො.

126. කිසි මහණබමුණු කෙනෙක් රාගද්වේෂයන් විසින් ඔබ මොබ අදනා ලදහ. ප්‍රිය රූපාරම්මණය ගෙන එහි අභිනන්‍දනය කරණ සුලු ඒ පුරුෂයෝ අවිද්‍යායෙන් වැසුනාහ.

127. සුරං පිවන‍්ති මෙරයං පටිසෙවන‍්ති මෙථුනං, රජතං ජාතරූපඤ‍්ච සාදියන‍්ති අවිද‍්දසූ.

127. ඒ අන්‍ධබාලයෝ රහමෙර බොත්. මෙවුන්දම් සේවති. රන්රිදී ද පිළිගණිත්.

128. මිච‍්ඡාජීවෙන ජීවන‍්ති එකෙ සමණබ්‍රාහ‍්මණා, එතෙ උපක‍්කිලෙසා වුත‍්තා බුද‍්ධෙනාදිච‍්චබන්‍ධුනා.

128-129. කිසි මහණබමුණු කෙනෙක් මිථ්‍යාජීවයෙන් ජීවත් වෙති. යම් උපක්ලේශයෙකින් කිලිටි වූ කිසි මහණබමුණු කෙනෙක් තහවුරු නො වූවාහු වැහෙන කෙලෙස් රජස් ඇත්තාහු ගුණප්‍රතාපයෙන් නො බබළත් ද, ගුණඑළියෙන් නො දිලියෙත් ද, තුලුහු ඒ උපක්ලේශයහ යි ආදිත්‍යබන්‍ධු වූ සම්මාසම්බුදුන් විසින් වදාරණ ලදහ.

129. යෙහි උපක‍්කිලිට‍්ඨා එකෙ සමණබ්‍රාහ‍්මණා, න තපන‍්ති න භාසන‍්ති අද‍්ධුවා සරජාපගා.

130. අන්‍ධකාරෙන ඔනද‍්ධා තණ‍්හාදාසා සනෙත‍්තිකා, වඩ‍්ඪෙන‍්ති කටසිං ඝොරං ආදියන‍්ති පුනබ‍්භවන‍්ති.

130. මෝහාන්‍ධකාරයෙන් වළඳනා ලද තෘෂ්ණාවට දාස වූ තෘෂ්ණායොත්‍ර සහිත ඔහු කැකුළු අත්බව වඩත්. පුනර්‍භවය නැවැත ගණිත්.

රොහිතස‍්සවග‍්ගො පඤ‍්චමො.

රෝහිතස්ස වර්‍ගය පස්වැනි යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

සමාධි පඤ‍්හං ද‍්වෙ කොධා රොහිතස‍්සාපරෙ දුවෙ, සුවිදූරවිසාඛා විපල‍්ලාසො උපක‍්කිලෙසෙන තෙ දසාති.

සමාධි හා ප්‍රශ්න යන සූත්‍ර දෙකය, ක්‍රෝධ සූත්‍ර දෙකය, රෝහිතස්ස සූත්‍රය හා අන්‍ය වූ රෝහිතස්ස සූත්‍රය, සුවිදූර, විශාඛ සූත්‍ර දෙකය, විපල්ලාසසූත්‍රය හා උපක්කිලේස සූත්‍රය දැ යි. ඔහු දස කෙනෙකි.

පඨමො පණ‍්ණාසකො.

පඨම පණ්ණාසකය නිමි.