5. රොහිතස්සවග්ගො අට්ඨකථා
5. රොහිතස්ස වර්ගය
1. සමාධිභාවනාසුත්තවණ්ණනා
1. සමාධිභාවනා සූත්‍ර වර්ණනාව
පඤ්චමස්ස පඨමෙ ඤාණදස්සනප්පටිලාභායාති දිබ්බචක්ඛුඤාණදස්සනස්ස පටිලාභාය. දිවාසඤ්ඤං අධිට්ඨාතීති දිවාති එවං සඤ්ඤං අධිට්ඨාති. යථා දිවා තථා රත්තින්ති යථා දිවා ආලොකසඤ්ඤා මනසි කතා, තථෙව තං රත්තිම්පි මනසි කරොති. දුතියපදෙපි එසෙව නයො. සප්පභාසන්ති දිබ්බචක්ඛුඤාණොභාසෙන සහොභාසං. කිඤ්චාපි ආලොකසදිසං කතං, අත්ථො පනෙත්ථ න එවං සල්ලක්ඛෙතබ්බො. දිබ්බචක්ඛුඤාණාලොකො හි ඉධාධිප්පෙතො.
පස්වැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි ඤාණදස්සනපටිලාභාය යනු දිබ්බචක්ඛු ඥානදර්ශනය ලැබීම සඳහායි. දිවාසඤ්ඤං අධිට්ඨාති යනු දහවල්ය යන මෙබඳු සංඥාවක් අදිටන් කළේය. යථා දිවා තථා රත්තිං යනු යම්සේ දහවලෙහි අලෝක සංඥාව මෙනෙහි කරන ලදද එසේත්ම එම රැය ද මෙනෙහි කරයි. දෙවැනි පදයෙහි ද මෙම ක්‍රමයමැයි. සප්පභාසං යනු දිබ්බචක්ඛුඤාණාලොකය සමඟ වූ ආලෝකයයි. ආලෝකයට සමාන වූ කිසිවක් කරන ලදැයි යන අර්ත්ථය මෙහිදී නොසැලකිය යුතුය. මෙහිදී දිබ්බචක්ඛුඤාණාලොකයම අදහස් කරන ලදි.
විදිතාති පාකටා හුත්වා. කථං පන වෙදනා විදිතා උප්පජ්ජන්ති, විදිතා අබ්භත්ථං ගච්ඡන්තීති? ඉධ භික්ඛු වත්ථුං පරිග්ගණ්හාති, ආරම්මණං පරිග්ගණ්හාති. තස්ස පරිග්ගහිතවත්ථාරම්මණතාය තා වෙදනා “එවං උප්පජ්ජිත්වා එවං ඨත්වා එවං නිරුජ්ඣන්තී”ති විදිතා උප්පජ්ජන්ති, විදිතා තිට්ඨන්ති, විදිතා අබ්භත්ථං ගච්ඡන්ති නාම. සඤ්ඤාවිතක්කෙසුපි එසෙව නයො.
විදිතා යනු ප්රකටවීයි. කෙසේනම් වේදනාවෝ ප්රකටව උපදිත් ද ප්රකටව නැතිවෙත්ද? මෙහිදී භික්ෂුව (අරමුණට නිසි ) වස්තුව ගනියි. අරමුණ ගනියි, ඔහුට හාත්පසින් ගන්නා ලද වස්තු හා අරමුණු ඇති බැවින් ඒ වේදනාවෝ මෙසේ ඉපිද මෙසේ සිට මෙසේ නිරුද්ධ වෙතැයි ප්රකටව උපදිත් ප්රකටව සිටිත් ප්රකටව දුරුවෙත් නමි. සංඥාවිතර්කයන්හි ද මේ ක්‍රමයමයි.
උදයබ්බයානුපස්සීති උදයඤ්ච වයඤ්ච පස්සන්තො. ඉති රූපන්ති එවං රූපං එත්තකං රූපං න ඉතො පරං රූපං අත්ථීති. ඉති රූපස්ස සමුදයොති එවං රූපස්ස උප්පාදො. අත්ථඞ්ගමොති පන භෙදො අධිප්පෙතො. වෙදනාදීසුපි එසෙව නයො. ඉදඤ්ච පන මෙතං, භික්ඛවෙ, සන්ධාය භාසිතන්ති, භික්ඛවෙ, යං මයා එතං පුණ්ණකපඤ්හෙ “සඞ්ඛාය ලොකස්මි”න්තිආදි භාසිතං, තං ඉදං ඵලසමාපත්තිං සන්ධාය භාසිතන්ති අත්ථො.
උදයබ්බයානුපස්සී යනු හටගැනීම ද විනාශය ද දකින්නේයි. ඉතිරූපං යනු රූපය මෙබඳු රූපය මෙපමණකි මෙයින් මත්තෙහි නැත යනුයි. ඉති රූපස්ස සමුදයො යනු රූපයේ හටගැනීම මෙසේය යනුයි. අත්ථගමො යනු විනාශය අදහස් කරයි. වේදනාදියෙහි ද මෙම ක්‍රමයමයි. ඉදඤ්ච පන මෙතං භික්ඛවෙ සන්ධාය භාසිතං යනු මහණෙනි, මා විසින් පුණ්ණක ප්‍රශ්නයෙහිදී “සඞ්ඛාය ලොකස්මිං” ආදිය කියන ලද්දේ ද එය මෙම ඵලසමාපත්තිය සඳහා කියන ලදැයි අර්ථයි.
තත්ථ සඞ්ඛායාති ඤාණෙන ජානිත්වා. ලොකස්මින්ති සත්තලොකෙ. පරොපරානීති උච්චාවචානි උත්තමාධමානි. ඉඤ්ජිතන්ති චලිතං. නත්ථි කුහිඤ්චි ලොකෙති ලොකස්මිං කත්ථචි එකක්ඛන්ධෙපි එකායතනෙපි එකධාතුයාපි එකාරම්මණෙපි නත්ථි. සන්තොති පච්චනීකකිලෙසවූපසමෙන සන්තො. විධූමොති කොධධූමෙන විගතධූමො. එවමෙත්ථ සුත්තන්තෙ මග්ගෙකග්ගතම්පි කථෙත්වා ගාථාය ඵලසමාපත්තියෙව කථිතාති.
එහි සඞ්ඛාය යනු නුවණින් දැනයි. ලොකස්මිං යනු සත්ත්ව ලෝකයෙහියි. පරොවරානි යනු උසස් පහත් උත්තම අධම වූවාහුය. ඉඤ්ජිතං යනු සෙලවුණුයි. නත්ථි කුහිඤ්චි ලොකෙ යනු ලොවෙහි කිසිතැනක එකම ස්කන්ධයක ද ආයතනයක ද එක් ධාතුවක ද එක් අරමුණක් ද නැත. සන්තො යනු විරුද්ධ කෙලෙස් සංසිඳීමෙන් ශාන්තවූයි. විධූමො යනු ක්‍රොධ දුමෙන් ඉවත් වූ දුම් ඇත්තේයි. මෙසේ මෙහි සූත්‍රාන්තයෙහි මාර්ග එකාග්‍රතාව ද කියා ගාථාවෙහි ඵලසමාපත්තියම කියන ලදි.
2. පඤ්හව්යාකරණ සුත්තවණ්ණනා
2. පඤ්හබ්යාකරණ සූත්‍ර වර්ණනාව
දුතියෙ යො ච තෙසං තත්ථ තත්ථ, ජානාති අනුධම්මතන්ති යො එතෙසං පඤ්හානං තස්මිං තස්මිං ඨානෙ බ්‍යාකරණං ජානාති. චතුපඤ්හස්ස කුසලො, ආහු භික්ඛුං තථාවිධන්ති තථාවිධං භික්ඛුං තෙසු චතූසු පඤ්හෙසු කුසලොති එවං වදන්ති. දුරාසදො දුප්පසහොති පරෙහි ඝට්ටෙතුං වා අභිභවිතුං වා න සක්කා. ගම්භීරොති සත්තසීදන්තරමහාසමුද්දො විය ගම්භීරො. දුප්පධංසියොති දුම්මොචාපයො, ගහිතග්ගහණං විස්සජ්ජාපෙතුං න සක්කාති අත්ථො. අත්ථෙ අනත්ථෙ චාති වඩ්ඪියඤ්ච අවඩ්ඪියඤ්ච. අත්ථාභිසමයාති අත්ථසමාගමෙන. ධීරො පණ්ඩිතොති පවුච්චතීති ධිතිසම්පන්නො පුග්ගලො “පණ්ඩිතො අය”න්ති එවං පවුච්චති.
දෙවැනි සූත්‍රයෙහි යො ච නෙසං තත්ථ තත්ථ ජානාති අනුධම්මතං යනු යමෙක් මේ ප්රශ්නයන්ගේ ඒ ඒ තැන විවරණය (පිළිතුර) දකීද යනුයි. චතු පඤ්හස්ස කුසලො ආහු භික්ඛුං තථාවිධං යනු එබඳු වූ භික්ෂුව ඒ සිවුපැනයන්හි දක්ෂයෙකැයි මෙසේ කියත්. දුරාස දො දුප්පසහො යනු අනුන් විසින් ගැටීමට හෝ යටපත් කිරීමට නොහැකියි. ගම්භිරො යනු සප්තමහා සමුද්‍රය මෙන් ගැඹුරුය. දුප්පධංසයො යනු අත්හරවන්නට (මුදවන්නට) දුෂ්කර වූවාහුය. දැඩිව ගැනීම අත්හරවන්නට නොහැක්කෝයි අර්‍ත්‍ථයි. අත්ථෙ අනත්ථෙ ච යනු වැඩ අවැඩ දෙකෙහිය. අත්ථාභිසමයා යනු අර්ත්ථය එක්වීමෙනි. ධීරො පණ්ඩිතොති වුච්චති යනු ධෛර්ය සම්පන්න පුද්ගල තෙමේ මෙතෙම පණ්ඩිතයකැයි කියයි. මෙසේ කියනු ලැබේ.
3. පඨමකොධගරුසුත්තවණ්ණනා
3. පඨම කොධගරු සූත්‍ර වර්ණනාව
තතියෙ කොධගරු න සද්ධම්මගරූති කොධං ගාරවෙන ගරුං කත්වා ගණ්හාති, න සද්ධම්මං, සද්ධම්මං පන අගාරවෙන ලාමකං කත්වා ගණ්හාති. සෙසපදෙසුපි එසෙව නයො.
තෙවැනි සූත්‍රයෙහි කොධගරු න සද්ධම්මගරු යනු ක්‍රෝධය ගෞරවයෙන් ගරුකොට ගනියි, සද්ධර්මය වනාහි අගෞරවයෙන් ලාමක කොට ගනියි. සෙසු පදයන්හි ද මේ ක්‍රමයමයි.
විරූහන්තීති වඩ්ඪන්ති, සඤ්ජාතමූලාය වා සද්ධාය පතිට්ඨහන්ති අචලා භවන්ති.
විරූහන්ති යනු වැඩෙත්. හටගත් මුලින් හෝ ශ්‍රද්ධාවෙන් පිහිටත්, නොසෙල්වී සිටිත්.
4. දුතියකොධගරුසුත්තවණ්ණනා
4. දුතිය කොධගරු සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ කොධගරුතාති කොධම්හි සගාරවතා. එස නයො සබ්බත්ථ.
සතරවැනි සූත්‍රයෙහි කොධගරුතා යනු ක්‍රෝධයෙහි ගෞරවය සහිතබවයි. සියලුතන්හි මේ ක්‍රමයයි.
5. පඨමරොහිතස්සසුත්තවණ්ණනා
5. පඨම රොහිතස්ස සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ යත්ථාති චක්කවාළලොකස්ස එකොකාසෙ භුම්මං. න චවති න උපපජ්ජතීති ඉදං අපරාපරං චුතිපටිසන්ධිවසෙන ගහිතං. ගමනෙනාති පදගමනෙන. ලොකස්ස අන්තන්ති සත්ථා සඞ්ඛාරලොකස්ස අන්තං සන්ධාය වදති. ඤාතෙය්යන්තිආදීසු ඤාතබ්බං දට්ඨබ්බං පත්තබ්බන්ති අත්ථො. ඉති දෙවපුත්තෙන චක්කවාළලොකස්ස අන්තො පුච්ඡිතො, සත්ථාරා සඞ්ඛාරලොකස්ස කථිතො. සො පන “අත්තනො පඤ්හෙන සද්ධිං සත්ථු බ්‍යාකරණං සමෙතී”ති සඤ්ඤාය සම්පහංසන්තො අච්ඡරියන්තිආදිමාහ.
පස්වැනි සුත්‍රයෙහි යත්ථ යනු සක්වල ලොවෙහි එක් තැනක වූ බිමයි. න චවති න උප්පජ්ජති යන මෙය ඒ ඒ තැන චුතිපටිසන්ධි වශයෙන් ගන්නා ලදි. ගමනෙන යනු පා ගමනෙනි. නාහන්තං ලොකස්ස අන්තං යනු ශාස්තෲන් වහන්සේ සංස්කාර ලෝකයේ කෙළවර උදෙසා දේශනා කරති. ඤාතය්යං යනාදියෙහි දතයුතුය, දැකිය යුතුය, පත්විය යුතුය යන අරුත්ය. මෙසේ දිව්‍ය පුත්‍රයා විසින් සක්වල ලෝකයේ කෙළවර අසන ලද්දේ ශාස්තෲන් වහන්සේ විසින් සංස්කාර ලෝකයේ (කෙළවර) කියන ලද්දේ හෙතෙම වනාහි තමන්ගේ ප්රශ්නය සමග ශාස්තෲන් වහන්සේගේ විසඳීම ගැලපේයයි හැඟීමෙන් සතුටට පත්වන්නේ අච්ඡරියං යනාදිය කීවේය.
දළ්හධම්මාති දළ්හධනු උත්තමප්පමාණෙන ධනුනා සමන්නාගතො. ධනුග්ගහොති ධනුආචරියො. සික්ඛිතොති ද්වාදස වස්සානි ධනුසිප්පං සික්ඛිතො. කතහත්ථොති උසභප්පමාණෙපි වාලග්ගං විජ්ඣිතුං සමත්ථභාවෙන කතහත්ථො. කතූපාසනොති කතසරක්ඛෙපො දස්සිතසිප්පො. අසනෙනාති කණ්ඩෙන. අතිපාතෙය්යාති අතික්කමෙය්ය. යාවතා සො තාලච්ඡාදිං අතික්කමෙය්ය, තාවතා කාලෙන එකං චක්කවාළං අතික්කමාමීති අත්තනො ජවසම්පත්තිං දස්සෙති.
දළ්හධම්මා යනු දැඩි වූ දුනු ඇත්තේ, උත්තම ප්‍රමාණයේ දුන්නෙන් සැදුම් ලද්දේයි. ධනුග්ගහො යනු දුනු ඇදුරායි. සික්ඛිතො යනු දොළොස් වසක් ධනු ශිල්පය උගන්නා ලද්දේයි. කතහත්ත්ථො යනු ඉස්බක් පමණ දුරෙහි ද කෙස් අග විදින්නට සමත් බැවින් කෘතහස්ත වූයේයි. කතුපාසනො යනු කරන ලද හී විදීම් ඇත්තේ දක්වන ලද ශිල්ප ඇත්තේයි. අසනෙන යනු ඊතලයෙනි, අතිපාතෙය්ය යනු ඉක්මවන්නේය. යම් කාලයකින් හෙතෙම පතුරු සිදුරක් ඉක්මවන්නේද එපමණ කලකින් එක් සක්වළක් ඉක්මවමැයි තමන්ගේ ජවසම්පත්තිය දක්වයි.
පුරත්ථිමා සමුද්දා පච්ඡිමොති යථා පුරත්ථිමා සමුද්දා පච්ඡිමසමුද්දො දූරෙ, එවං මෙ දූරෙ පදවීතිහාරො අහොසීති වදති. සො කිර පාචීනචක්කවාළමුඛවට්ටියං ඨිතො පාදං පසාරෙත්වා පච්ඡිමචක්කවාළමුඛවට්ටිං අතික්කමති, පුන දුතියපාදං පසාරෙත්වා පරචක්කවාළමුඛවට්ටිං අතික්කමති. ඉච්ඡාගතන්ති ඉච්ඡා එව. අඤ්ඤත්රෙවාති නිප්පපඤ්චතං දස්සෙති. භික්ඛාචාරකාලෙ කිරෙස නාගලතාදන්තකට්ඨං ඛාදිත්වා අනොතත්තෙ මුඛං ධොවිත්වා කාලෙ සම්පත්තෙ උත්තරකුරුම්හි පිණ්ඩාය චරිත්වා චක්කවාළමුඛවට්ටියං නිසින්නො භත්තකිච්චං කරොති, තත්ථ මුහුත්තං විස්සමිත්වා පුන ජවති. වස්සසතායුකොති තදා දීඝායුකකාලො හොති, අයං පන වස්සසතාවසිට්ඨෙ ආයුම්හි ගමනං ආරභි. වස්සසතජීවීති තං වස්සසතං අනන්තරායෙන ජීවන්තො. අන්තරායෙව කාලඞ්කතොති චක්කවාළලොකස්ස අන්තං අප්පත්වා අන්තරාව මතො. සො පන තත්ථ කාලං කත්වාපි ආගන්ත්වා ඉමස්මිංයෙව චක්කවාළෙ නිබ්බත්ති.
පුරත්ථිමා සමුද්දා පච්ඡිමො යනු යම්සේ පෙරදිග සයුරෙන් පෑළදිග සයුර දුරෙහිද එසේ මගේ පියවර තැබීම දුරෙහි වී යයි කියයි. හෙතෙම පෙරදිග සක්වළ මුවවිටෙහි සිටියේ පා දිගු කොට පැසුළුදිග සක්වළ මුවවිට ඉක්මවයි. යළි දෙවැනි පා විහිදුවා පරසක්වල මුවවිට ඉක්මවයි. ඉච්ඡාගතං යනු කැමැත්තමය. අඤ්ඤත්රෙව යනු නොපමා බව දක්වයි. පිඬු හැසිරෙන වේලෙහි මෙතෙම නාගලතා දැහැටිදඬු විකා අනවතප්ත විලෙහි මුව දොවා කාලය පැමිණි විට උතුරුකුරු දිවයිනෙහි පිඬු පිණිස හැසිර සක්වළ මුවවිටෙහි හුන්නේ බත්කිස කරයි. එහි මොහොතක් විවේක ගෙන යළි දුවයි. වස්සසතායුකො යනු එකල්හි දීර්ඝායුෂ්ක කාලය වෙයි. මෙතෙම වනාහි ආයුෂ වර්ෂ සියයක් ඉතිරිව තිබියදී ගමන ඇරඹීය. වස්සසත ජීවි යනු ඒ වසර සියය අනතුරකින් තොරව ජීවත් වන්නේයි. අන්තරායෙව කාලකතො යනු සක්වළ ලොවේ කෙළවරට නොපැමිණ අතරතුරදීම මළේයි. හෙතෙම එහි කලුරිය කොට ද අවුත් මේ සක්වළම උපන්නේය.
අප්පත්වාති සඞ්ඛාරලොකස්ස අන්තං අප්පත්වා. දුක්ඛස්සාති වට්ටදුක්ඛස්ස. අන්තකිරියන්ති පරියන්තකරණං. කළෙවරෙති අත්තභාවෙ. සසඤ්ඤිම්හි සමනකෙති සසඤ්ඤෙ සචිත්තකෙ. ලොකන්ති දුක්ඛසච්චං. ලොකසමුදයන්ති සමුදයසච්චං. ලොකනිරොධන්ති නිරොධසච්චං. පටිපදන්ති මග්ගසච්චං. ඉති “නාහං, ආවුසො, ඉමානි චත්තාරි සච්චානි තිණකට්ඨාදීසු පඤ්ඤපෙමි, ඉමස්මිං පන චතුමහාභූතිකෙ කායස්මිංයෙව පඤ්ඤපෙමී”ති දස්සෙති. සමිතාවීති සමිතපාපො. නාසීසතීති න පත්ථෙති. ඡට්ඨං උත්තානත්ථමෙවාති.
අප්පත්වා යනු සංස්කාර ලෝකයේ අන්තයට නොපැමිණයි, දුක්ඛස්ස යනු සසර දුකටයි, අන්තකිරියං යනු අවසන් කිරීමයි. කළෙවරෙ යනු අත්බවෙහියි, සසඤ්ඤිම්හි සමනකෙ යනු සංඥා සහිත සිත් සහිත වුයෙහියි. ලොකං යනු දුක්ඛ සත්‍යයයි. ලොකසමුදයං යනු සමුදය සත්‍යයයි, ලොකනිරොධං යනු නිරෝධ සත්‍යයයි, පටිපදං යන මාර්ග සත්‍යයයි, මෙසේ ඇවැත්නි මම මේ සිවුසස් තෘණකාෂ්ටාදියෙහි (තණලී ආදියෙහි) නොපනවමි. මේ සතර මහාභූතයන්ගෙන් හටගත් කයෙහිම පනවමැයි දක්වයි. සමිතාවී යනු සමනය කළ පවු ඇත්තේයි. නාසිංසි යනු නොපැතුවේයි, සයවැනි සූත්‍රය පැහැදිලි අරුත ඇත්තේමය.
7. සුවිදූරවිදුරසුත්තවණ්ණනා
7. සුවිදූරවිදූර සූත්‍ර වර්ණනාව
සත්තමෙ සුවිදූරවිදූරානීති කෙනචි පරියායෙන අනාසන්නානි හුත්වා සුවිදූරානෙව විදූරානි. නභඤ්ච, භික්ඛවෙ, පථවී චාති ආකාසඤ්ච මහාපථවී ච. තත්ථ කිඤ්චාපි පථවිතො ආකාසං නාම න දූරෙ, ද්වඞ්ගුලමත්තෙපි හොති. අඤ්ඤමඤ්ඤං අලග්ගනට්ඨෙන පන “සුවිදූරවිදූරෙ”ති වුත්තං. වෙරොචනොති සූරියො. සතඤ්ච, භික්ඛවෙ, ධම්මොති චතුසතිපට්ඨානාදිභෙදො සත්තතිංසබොධිපක්ඛියධම්මො. අසතඤ්ච ධම්මොති ද්වාසට්ඨිදිට්ඨිගතභෙදො අස්සද්ධම්මො.
සත්වැනි සූත්‍රයෙහි සුවිදූරදුරානි යනු යම්කිසි ක්‍රමයකින් ලංවී බොහෝ දුරුවූ දේම දුරුවූයේයි. නභඤ්ච භික්ඛවෙ පඨවී ච යනු අහස හා මහපොළොවයි. එහි අහස නම් පොළොවෙන් දෑඟුල් අඟල පමණෙහිවත් දුරෙහි නොවෙයි. ඔවුනොවුන් නොලැගෙන අරුතින් බොහෝ දුර යයි කියන ලදි. වෙරෙචනො යනු සූර්ය්යයායි. සතඤ්ච භික්ඛවෙ ධම්මො යනු සතර සතිපට්ඨානාදී භේද ඇති සත්තිස් බෝධිපාක්ෂිය ධර්මයි. අසතඤ්ච ධම්මො යනු දෙසැටක් දෘෂ්ටිවශයෙන් භේද ඇති අසද්ධර්මයයි.
පභඞ්කරොති ආලොකකරො. අබ්යායිකො හොතීති අවිගච්ඡනසභාවො හොති. සතං සමාගමොති පණ්ඩිතානං මිත්තසන්ථවවසෙන සමාගමො. යාවාපි තිට්ඨෙය්යාති යත්තකං අද්ධානං තිට්ඨෙය්ය. තථෙව හොතීති තාදිසොව හොති, පකතිං න ජහති. ඛිප්පං හි වෙතීති සීඝං විගච්ඡති.
පහඞ්කරො යනු ආලෝකය කරන්නායි. අව්යයිකො හොති යනු නොපෙනී යන ස්වභාවය ඇත්තේ වෙයි. සතං සමාගමො යනු පණ්ඩිතයන්ගේ මිත්‍රසන්ථව වශයෙන් එක්වීමයි, යාචම්පි තිට්ඨෙය්ය යනු යම්පමණ කාලයක් සිටින්නේය යනුයි, තථෙව හොති යනු එබඳුම වෙයි. පියෙවි ගතිය අත්නොහරියි. ඛිප්පං භි වෙති යනු ඉක්මණින් පහවයයි.
8. විසාඛසුත්තවණ්ණනා
8. විසාඛ සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ පඤ්චාලපුත්තොති පඤ්චාලබ්රාහ්මණියා පුත්තො. පොරියා වාචායාති පරිපුණ්ණවාචාය. විස්සට්ඨායාති අපලිබුද්ධාය. අනෙලගලායාති නිද්දොසාය චෙව අගළිතාය ච අපතිතපදබ්යඤ්ජනාය. පරියාපන්නායාති විවට්ටපරියාපන්නාය. අනිස්සිතායාති වට්ටං අනිස්සිතාය. විවට්ටනිස්සිතමෙව කත්වා කථෙති, වට්ටනිස්සිතං කත්වා න කථෙතීති අයමෙත්ථ අධිප්පායො.
අටවැන්නෙහි පඤ්චාලිපුත්තො යනු පඤ්චාලි බැමිණියගේ පුතායි. පොරියා වාචාය යනු පිරිපුන් වචනයෙනි, විස්සසට්ඨාය යනු උවදුරු රහිතවූයි, අනෙලගලාය යනු නිදොස් බැවින් මෙන්ම නොගිලිහුණු බැවින්ද ඉවත් නොවූ පදව්‍යංජන ඇත්තාවූයි. පරියාපන්නාය යනු නිවනට පිළිපන්නාවූයි, අනිස්සිතාය යනු සසර ඇසුරු නොකළාවූයි, නිවන ඇසුරු කරන ලද්දක් කොටම කීවේය, සසර ඇසුරුවූවක් කොට නොකීයයි මෙහි මෙය අදහසයි.
නාභාසමානන්ති න අකථෙන්තං. අමතං පදන්ති නිබ්බානපදං. භාසයෙති ඔභාසෙය්ය. ජොතයෙති තස්සෙව වෙවචනං. පග්ගණ්හෙ ඉසිනං ධජන්ති අබ්භුග්ගතට්ඨෙන නවලොකුත්තරධම්මො ඉසීනං ධජො නාම වුච්චති, තමෙව පග්ගණ්හෙය්ය උක්ඛිපෙය්ය, උච්චං කත්වා කථෙය්යාති අත්ථො. නවලොකුත්තරධම්මදීපකං සුභාසිතං ධජො එතෙසන්ති සුභාසිතධජා. ඉසයොති බුද්ධාදයො අරියා. ධම්මො හි ඉසිනං ධජොති හෙට්ඨා වුත්තනයෙනෙව ලොකුත්තරධම්මො ඉසීනං ධජො නාමාති.
නාභාසමානං යනු නොකියන්නේ නොවූයි. අමතං පදං යනු නිර්වාණ පදයයි, භාසයෙ යනු බබළන්නේය. ජොතයෙ යනු එයටම නමෙකි. පග්ගණ්හෙ ඉසිනං ධජං යනු උස්ව නැගී සිටි යන අරුතින් නව ලොවුතුරා දහමට සෘෂීන්ගේ ධ්වජයයි කියනු ලැබේ. එයම දැඩිව ගත්තේය. උඩට නංවන්නේය, උසස් කොට කථා කරන්නේයයි අරුත්ය. නවලොවුතුරා දහම හඟවන සුභාෂිතය නම් වූ ධජය මොවුන්ගේනුයි සුභාසිතධජා නම් වෙයි. ඉසයො යනු බුද්ධාදී වූ ආර්ය්යයෝයි, ධම්මො හි ඉසිනං ධජො යනු යට කියනලද පරිද්දෙන්ම ලොවුතුරා දහම සෘෂිවරුන්ගේ ධජය නම් වේය යනුයි.
9. විපල්ලාසසුත්තවණ්ණනා
9. විපල්ලාස සූත්‍ර වර්ණනාව
නවමෙ සඤ්ඤාවිපල්ලාසාති සඤ්ඤාය විපල්ලත්ථභාවා, චතස්සො විපරීතසඤ්ඤායොති අත්ථො. සෙසපදද්වයෙපි එසෙව නයො. අනිච්චෙ, භික්ඛවෙ, නිච්චන්ති සඤ්ඤාවිපල්ලාසොති අනිච්චෙ වත්ථුස්මිං “නිච්චං ඉද”න්ති එවං ගහෙත්වා උප්පජ්ජනකසඤ්ඤා, සඤ්ඤාවිපල්ලාසොති අත්ථො. ඉමිනා නයෙන සබ්බපදෙසු අත්ථො වෙදිතබ්බො.
නවවැනි සුත්‍රයෙහි සඤ්ඤාවිපල්ලාසා යනු සංඥාවෙන් විපරීත බැවින් සතර විපරීත සංඥාවෝය යන අර්ත්ථයයි. සෙසු දෙකෙහිද මේ ක්‍රමයමැයි. අනිච්චෙ නිච්චන්ති භික්ඛවෙ සඤ්ඤාවිපල්ලාසො යනු අනිත්‍ය වූ වස්තූවෙහි මෙය නිත්‍ය යයි මෙසේ ගෙන උපදින සංඥාව සඤ්ඤාවිපල්ලාසයයි අර්ත්ථයයි. මේ ක්‍රමයෙන් සියලු පදයන්හි අර්ත්ථය දතයුතුය.
අනත්තනි ච අත්තාති අනත්තනි “අත්තා”ති එවංසඤ්ඤිනොති අත්ථො. මිච්ඡාදිට්ඨිහතාති න කෙවලං සඤ්ඤිනොව, සඤ්ඤාය විය උප්පජ්ජමානාය මිච්ඡාදිට්ඨියාපි හතා. ඛිත්තචිත්තාති තෙ සඤ්ඤාදිට්ඨියො විය උප්පජ්ජමානෙන ඛිත්තෙන චිත්තෙන සමන්නාගතා. විසඤ්ඤිනොති දෙසනාමත්තමෙතං, විපරීතසඤ්ඤාචිත්තදිට්ඨිනොති අත්ථො. තෙ යොගයුත්තා මාරස්සාති තෙ මාරස්ස යොගෙ යුත්තා නාම හොන්ති. අයොගක්ඛෙමිනොති චතූහි යොගෙහි ඛෙමං නිබ්බානං අප්පත්තා. සත්තාති පුග්ගලා. බුද්ධාති චතුසච්චබුද්ධා. ඉමං ධම්මන්ති චතුසච්චධම්මං. සචිත්තං පච්චලද්ධාති සකං චිත්තං පටිලභිත්වා. අනිච්චතො දක්ඛුන්ති අනිච්චභාවෙන අද්දසංසු. අසුභතද්දසුන්ති අසුභං අසුභතොයෙව අද්දසංසු. සම්මාදිට්ඨිසමාදානාති ගහිතසම්මාදස්සනා. සබ්බං දුක්ඛං උපච්චගුන්ති සකලං වට්ටදුක්ඛං සමතික්කන්තා.
අනත්තනි ච අත්තා යනු අනාත්ම නොවන්නෙහි ආත්මයයි මෙසේ සංඥා ඇත්තාහු යන අර්ත්ථයයි. මිච්ඡාදිට්ඨිගතා යනු හුදෙක් සංඥා ඇත්තාහුම නොව සංඥාව මෙන් උපදින මිථ්යදෘෂ්ටීන් මෙන් උපදිනු ලබන භ්‍රාන්ත (විසුරුණු) සිතෙන් යුක්ත වූවාහුයි. විසඤ්ඤිනො යනු මෙය දේශනා මාත්‍රයකි. විපරීත වූ සංඥා චිත්තදෘෂ්ටි ඇත්තෝයි අර්‍ත්‍ථයි. තෙ යොගයුත්තා මාරස්ස යනු ඔවුහු මාරයාගේ බැඳුමෙහි යෙදුනාහු නම් වෙත්. අයොගක්ඛෙමිනො යනු සතර යෝගයන්ගෙන් ක්ෂෙමයට, නිවනට නොපත්වූවාහුයි. සත්තා යනු පුද්ගලයෝයි, බුද්ධා යන සිවුසස් බුදුවරුයි, ඉමං ධම්මං යනු සිවුසස් දහම්ය, ස චිත්තං පච්චලද්ධා යනු ස්වකීය සිත ලබාගෙනයි. අතිච්චතද්දක්ඛුං යනු අනිත්‍ය භාවයෙන්ම දුටුවාහුය. අසුභතද්දසුං යනු අසුභය අසුභයක් ලෙසම දුටුවාහුය, සම්මාදිට්ඨිසමාදානා යනු ගන්නාලද සම්‍යක් දශර්නයෙනි, සබ්බං දුක්ඛං උපච්චගුං යනු සියලු සසර දුක් ඉක්මවූවාහුයි.
10. උපක්කිලෙසසුත්තවණ්ණනා
10. උපක්කිලෙස සූත්‍ර වර්ණනාව
දසමෙ උපක්කිලෙසාති විරොචිතුං අදත්වා උපක්කිලිට්ඨභාවකරණෙන උපක්කිලෙසා. මහිකාති හිමං. ධූමො රජොති ධූමො ච රජො ච. රාහූති පුරිමා තයො අසම්පත්තඋපක්කිලෙසා, රාහු පන සම්පත්තඋපක්කිලෙසවසෙන කථිතොති වෙදිතබ්බො. සමණබ්රාහ්මණා න තපන්ති න භාසන්ති න විරොචන්තීති ගුණප්පතාපෙන න තපන්ති, ගුණොභාසෙන න භාසන්ති, ගුණවිරොචනෙන න විරොචන්ති. සුරාමෙරයපානා අප්පටිවිරතාති පඤ්චවිධාය සුරාය චතුබ්බිධස්ස මෙරයස්ස ච පානතො අවිරතා.
දසවැන්නෙහි උපක්කිලෙසා යනු බැබලීමට නොදී කෙලෙසෙන බව ඇතිකිරීම හේතුකොටගෙන උපක්ලේශයෝයි. මහිකා යනු හිමයි, ධූමරජො යනු දුම් හා දූවිලිය, රාහු යනු පළමු තුන නොපත් උපක්ලේශයෝය, රාහු වනාහි සපැමිණි උපක්ලේශ වශයෙන් කියන ලදැයි දතයුතුය, සමණබ්රාහ්මණා න තපන්ති න භාසන්ති න විරොවන්ති යනු ගුණප්රතාපයෙන් නොබබලත්, ගුණ ආලෝකයෙන් නොදිලෙත් ගුණ දිලිසීමෙන් නොදිලෙසෙත්, සුරාමෙරයපානා අප්පටිවිරතා යනු පස් ආකාර සුරාව හා සතරාකාර මෙරය බීමෙන් නොවෙන්වූයි,
අවිජ්ජානිවුතාති අවිජ්ජාය නිවාරිතා පිහිතා. පියරූපාභිනන්දිනොති පියරූපං සාතරූපං අභිනන්දමානා තුස්සමානා. සාදියන්තීති ගණ්හන්ති. අවිද්දසූති අන්ධබාලා. සනෙත්තිකාති තණ්හායොත්තෙනෙව සයොත්තා. කටසින්ති අත්තභාවං. ඝොරන්ති කක්ඛළං. ඉමස්මිං සුත්තෙපි ගාථාසුපි වට්ටමෙව කථිතන්ති.
අවිජ්ජානිවුතා යනු අවිද්‍යාවෙන් වළක්වන ලද වසන ලදයි. පියරූපාභිනන්දිනො යනු ප්‍රිය රූපය, මනරූපය විඳින්නාවූ සතුටු වන්නාවූයි, සාදියන්ති යනු ගනිත්, අවිද්දසු යනු අන්ධ බාලයෝයි, සනෙත්තිකා යනු තෘෂ්ණා රැහැනෙන්ම ගෙනයනු ලබන්නාහුයි, කටසිං යනු ආත්මභාවයයි, ඝොරං යනු රළුවූයි, මේ සූත්‍රයෙහි ද ගාථාවන්හි ද නිවනම කියන ලදි.
රොහිතස්සවග්ගො පඤ්චමො.
පස්වැනි වර්ගයයි.
පඨමපණ්ණාසකං නිට්ඨිතං.
පළමු පණ්ණාසකය නිමි.