යෙදුමෙන් කියවන්න

පඨමරොහිතස‍්සසුත‍්තං

4. 1. 5. 5.

4. 1. 5. 5.

[පඨමරොහිතස‍්සසුත‍්තං]

[පඨම රෝහිතස්ස සූත්‍රය]

45. එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ.

45. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.

අථ ඛො රොහිතස‍්සො දෙවපුත‍්තො අභික‍්කන‍්තාය රත‍්තියා අභික‍්කන‍්තවණ‍්ණො කෙවලකප‍්පං ජෙතවනං ඔභාසෙත්‍වා යෙන භගවා තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. එකමන‍්තං ඨිතො ඛො රොහිතස‍්සො දෙවපුත‍්තො භගවන‍්තං එතදවොච:

එක්බිති රෝහිතස්ස දෙව්පුත් රෑ බෙහෙවින් ඉක්ම ගිය කල්හි මනහර වර්‍ණයෙන් මුළු ජේතවනය එකලු කොට භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි රෝහිතස්ස දෙවිපිත් භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:

යත්‍ථ නු ඛො භන‍්තෙ, න ජායති, න ජීයති, න මීයති, න චවති, න උපපජ‍්ජති, සක‍්කා නු ඛො භන‍්තෙ ගමනෙන ලොකස‍්ස අන‍්තං ඤාතුං වා දට‍්ඨුං වා පාපුණිතුං වාති?

වහන්ස, යම් ම තැනෙක නූපදනේ ද, නො දිරන්නේ ද, නො මියන්නේ ද, නො සැවෙන්නේ ද, අපරාපර ප්‍රතිසන්‍ධි වශයෙන් නූපදනේ ද, වහන්ස, පියගමනින් ඒ ලෝකයාගේ කෙළවර දක්නට වේවයි දන්නට වේවයි, පැමිණෙන්නට වේවයි හැකි වේ ද?

යත්‍ථ ඛො ආවුසො, න ජායති, න ජීයති, න මීයති, න චවති, න උපපජ‍්ජති. නාහන‍්තං ගමනෙන ලොකස‍්ස අන‍්තං ඤාතෙය්‍යං දට‍්ඨය්‍යං පත‍්තය්‍යන‍්ති වදාමි.

ඇවත, යම් ම තැනෙක නූපදනේ ද නො දිරන්නේ ද නො මියන්නේ ද නො සැවෙන්නේ ද (අපරාපර ප්‍රතිසන්‍ධි විසින්) නූපදනේ ද, මම පියගමනින් ඒ ලෝකයාගේ ඒ කෙළවර දතයුතු ය යි හෝ දැක්කයුතු යයි හෝ පැමිණිය යුතු ය යි හෝ නො කියමි.

අච‍්ඡරියම‍්භන‍්තෙ, අබ‍්භුතම‍්භන‍්තෙ, යාව සුභාසිතං චිදම‍්භන‍්තෙ භගවතා, යත්‍ථ ඛො ආවුසො න ජායති න ජීයති න මීයති න චවති න උපපජ‍්ජති, නාහන‍්තං ගමනෙන ලොකස‍්ස අන‍්තං ඤාතෙය්‍යං දට‍්ඨය්‍යං පත‍්තය්‍යන‍්ති වදාමීති.

වහන්ස, ආශ්චර්‍ය්‍යය, වහන්ස, අද්භූතය, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙ බස යාවත් සුභාෂිතය. (අත්‍යර්‍ත්‍ථයෙන් සුභාෂිතය) ඇවත, ‘යම් ම තැනෙක නූපදනේ ද නො දිරනේ ද නොමියනේ ද නො සැවනේ ද (අපරාපර ප්‍රතිසන්‍ධි විසින්) නූපදනේ ද, මම පියගමනින් ඒ ලෝකයාගේ ඒ කෙළවර දතයුතු ය යි හෝ දැක්ක යුතු ය යි හෝ පැමිණිය යුතුය යි හෝ නොකියමි” යනුයි.

භූතපුබ‍්බාහං භන‍්තෙ, රොහිතස‍්සො නාම ඉසි අහොසිං භොජපුත‍්තො ඉද‍්ධිමා වෙහාසඞ‍්ගමො. තස‍්ස මය‍්හං භන‍්තෙ, එවරූපො ජවො අහොසි, සෙය්‍යථාපි නාම දළ‍්හධම‍්මො ධනුග‍්ගහො සික‍්ඛිතො කතහත්‍ථො කතූපාසනො ලහුකෙන අසනෙන අප‍්පකසිරෙන තිරියං තාලච‍්ඡායං අතිපාතෙය්‍ය.

වහන්ස, පෙර වූ දැයක් කියමි: මම භෝජපුත්‍ර වූ රෝහිතස්ස නම් ඉදුහ ඇති ආකාශචාරී ඍෂියෙකිම් වීමි. වහන්ස, ඒ මට මෙබඳු ජවයෙක් විය. දොළොස් වසක් තුළ දුනුකම්හි ශික්‍ෂිත, කෘතහස්ත, කළ උපාසනා ඇති, දෘඪධන්‍වන් වූ, ධනුර්‍ධරයෙක් ලඝුශරයෙකින් නිදුක් සේ තල්සෙය සරස විද පියා ඉක්මවා ද, එබඳු ජව ය යි.

එවරූපො පදවීතිහාරො අහොසි, සෙය්‍යථාපි නාම පුරත්‍ථිමා සමුද‍්දා පච‍්ඡිමො සමුද‍්දො.

පෙරදිග මුහුදින් පැළදිග මුහුද යම් පරිදි දුර වේ ද, එපරිදි දුර වූ පාදව්‍යතීහාරයෙක් (පියමාරු කිරීමක්) වීය.

තස‍්ස මය‍්හං භන‍්තෙ, එවරූපෙන ජවෙන සමන‍්නාගතස‍්ස එවරූපෙන ච පදවීතිහාරෙන, එවරූපං ඉච‍්ඡාගතං උප‍්පජ‍්ජි: අහං ගමනෙන ලොකස‍්ස අන‍්තං පාපුණිස‍්සාමීති.

වහන්ස, මෙබඳු ජවයෙන් සමන්‍වාගත, මෙබඳු පාදව්‍යතීහාරයෙන් යුත් ඒ මට මෙබඳු ඉච්ඡායෙක් උපන: ‘මම පියගමනින් ලෝකයාගේ අන්තයට පැමිණෙමි’ යනුයි.

සො ඛො අහං භන‍්තෙ, අඤ‍්ඤත්‍රෙව අසිතපීතඛායිතසායිතා, අඤ‍්ඤත්‍ර උච‍්චාරපස‍්සාවකම‍්මා අඤ‍්ඤත්‍ර නිද‍්දාකිලමථපටිවිනොදනා, වස‍්සසතායුකො වස‍්සසතජීවී වස‍්සසතං ගන‍්ත්‍වා අප‍්පත්‍වාව ලොකස‍්ස අන‍්තං අන‍්තරායෙව කාලකතො.

වහන්ස, ඒ මම බිදීම් පීම් කෑම් ලෙවීම් හැර මල මූකිස හැර, නිද්‍රාක්ලමථු විනෝදනා හැර වර්‍ෂශතායුෂ්ක වූයෙම් වර්‍ෂශතජීවී වූයෙම් සියක් හවුරුදු ගොස් ලෝකාන්තයට නො පැමිණ ම අතර ම කලුරිය කෙළෙමි.

අච‍්ඡරියං භන‍්තෙ, අබ‍්භුතං භන‍්තෙ, යාව සුභාසිතං චිදම‍්භන‍්තෙ භගවතා, යත්‍ථ ඛො ආවුසො න ජායති න ජීයති න මීයති න චවති න උපපජ‍්ජති. නාහන‍්තං ගමනෙන ලොකස‍්ස අන‍්තං ඤාතෙය්‍යං දට‍්ඨය්‍යං පත‍්තය්‍යන‍්ති වදාමීති.

වහන්ස, ආශ්චර්‍ය්‍යය, වහන්ස, අද්භූතය, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් තෙල බස යාවත් සුභාෂිතය, ‘ඇවත, යම් ම තැනෙක නූපදනේ ද, නො දිරනේ ද නො මියනේ ද නො සැවනේ ද (අපරාපර ප්‍රතිසන්‍ධි විසින්) නූපදනේ ද, මම පියගමනින් ඒ ලෝකයාගේ ඒ කෙළවර දතයුතුය යි හෝ දැක්ක යුතුය යි හෝ පැමිණිය යුතුය යි හෝ නො කියමි’ යනුයි.

යත්‍ථ ඛො ආවුසො, න ජායති න ජීයති න මීයති න චවති න උපපජ‍්ජති, නාහන‍්තං ගමනෙන ලොකස‍්ස අන‍්තං ඤාතෙය්‍යං දට‍්ඨය්‍යං පත‍්තය්‍යන‍්ති වදාමි. න චාහං ආවුසො අප‍්පත්‍වාව ලොකස‍්ස අන‍්තං දුක‍්ඛස‍්ස අන‍්තකිරියං වදාමි. අපිචාහං ආවුසො ඉමස‍්මිං යෙව බ්‍යාමමත‍්තෙ කලෙබරෙ සසඤ‍්ඤිම‍්හි සමනකෙ ලොකඤ‍්ච පඤ‍්ඤාපෙමි. ලොකසමුදයඤ‍්ච ලොකනිරොධඤ‍්ච ලොකනිරොධගාමිනිඤ‍්ච පටිපදන‍්ති.

ඇවත, යම් ම තැනෙක නූපදනේ ද, නො දිරනේ ද, නො මියනේ ද නො සැවනේ ද (අපරාපර පිළිසඳ විසින්) නූපදනේ ද, පියගමනින් ලෝකයාගේ ඒ අන්තය දත යුතුය යි, දැක්ක යුතුය යි, පැමිණිය යුතුය යි නො කියමි. ඇවැත්නි, මම සංස්කාර ලෝකයාගේ අන්තයට නො පැමිණ ම දුඃඛයාගේ කෙළවර කිරීම ද නො කියමි. ඇවැත්නි, වැලිත් මම සසංඥ වූ සචිත්තක වූ ව්‍යාමමාත්‍ර වූ මේ ආත්මභාවයෙහි ම දුඃඛසත්‍යය ද සමුදයසත්‍යය ද නිරෝධසත්‍යය ද නිරොධගාමිනී ප්‍රතිපත්තිය ද පණවමි.

113. ගමනෙන න පත‍්තබ‍්බො ලොකස‍්සන‍්තො කුදාචනං, න ච අප‍්පත්‍වා ලොකන‍්තං දුක‍්ඛා අත්‍ථි පමොචනං.

113. කිසි කලෙකදු පියගමනින් ලෝකාන්තය නො පැමිණිය හැකිය. නිවන් නො පැමිණ දුකින් මිදීමෙක් නැත.

114. තස‍්මා හවෙ ලොකවිදූ සුමෙධො ලොකන‍්තගූ වුසිතබ්‍රහ‍්මචරියො, ලොකස‍්ස අන‍්තං සමිතාවි ඤත්‍වා නාසිංසතී ලොකමිමං පරඤ‍්චාති.

114. එබැවින් ලෝකය දත්, සුන්‍දර ප්‍රඥා ඇති, නිවණට ගිය, වැස නිම කළ බඹසර ඇති, සන්සිඳ ලූ පව් ඇති, රහත් තෙම ඒකාන්තයෙන් ලෝකාන්තය දැන මෙ ලොව හා පරලොව හා නො පතනේ ය.