යෙදුමෙන් කියවන්න

දුතියරොහිතස‍්සසුත‍්තං

4. 1. 5. 6.

4. 1. 5. 6.

[දුතියරොහිතස‍්සසුත‍්තං]

[දුතිය රෝහිතස්ස සූත්‍රය]

46. අථ ඛො භගවා තස‍්සා රත‍්තියා අච‍්චයෙන භික‍්ඛූ ආමන‍්තෙසි: ඉමං භික‍්ඛවෙ, රත‍්තිං රොහිතස‍්සො දෙවපුත‍්තො අභික‍්කන‍්තාය රත‍්තියා අභික‍්කන‍්තවණ‍්ණො කෙවලකප‍්පං ජෙතවනං ඔභාසෙත්‍වා යෙනාහං තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා මං අභිවාදෙත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. එකමන‍්තං ඨිතො ඛො භික‍්ඛවෙ, රොහිතස‍්සො දෙවපුත‍්තො මං එතදවොච:

46. එක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රැය ඇවෑමෙන් භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, මේ රැය රෝහිතස්ස දෙව්පුත් රැය බෙහෙවින් ඉකුත් කල්හි (- මධ්‍යම රාත්‍රියෙහි) විශිෂ්ට ඡවිවර්‍ණ ඇත්තේ මුළු දෙව්රම බබුළුවා මා වෙත පැමිණියේ ය. පැමිණ මා සකසා වැඳ එකත්පස් ව සිටියේ ය. මහණෙනි, එකත්පස්ව සිටි රෝහිතස්ස දෙව්පුත් මට තෙල සැළ කෙළේය:

යත්‍ථ නු ඛො භන‍්තෙ න ජායති න ජීයති න මීයති න චවති න උපපජ‍්ජති. සක‍්කා නු ඛො සො භන‍්තෙ, ගමනෙන ලොකස‍්ස අන‍්තං ඤාතුං වා දට‍්ඨුං වා පාපුණිතුං වාති.

වහන්ස, යම් ම තැනෙක නූපදනේ ද, නො දිරනේ ද, නො මියනේ ද, නො සැවනේ ද, (අපරාපර පිළිසඳ විසින්) නූපදනේ ද, වහන්ස, පියගමනින් ඒ ලෝකයාගේ එකෙළවර දන්නට වේවයි දක්නට වේවයි පැමිණෙන්නට වේවයි හැකි වේ ද?

එවං වුත‍්තෙ අහං භික‍්ඛවෙ, රොහිතස‍්සං දෙවපුත‍්තං එතදවොචං: යත්‍ථ ඛො ආවුසො, න ජායති න ජීයති න මීයති න චවති න උපපජ‍්ජති. නාහන‍්තං ගමනෙන ලොකස‍්ස අන‍්තං ඤාතෙය්‍යං දට‍්ඨය්‍යං පත‍්තය්‍යන‍්ති වදාමීති.

මහණෙනි, මෙසේ කී කල්හි මම රෝහිතස්ස දෙව්පුත් හට මෙසේ කීමි: ඇවත, යම් ම තැනෙක නූපදනේ ද, නො දිරනේ ද, නොමියනේ ද, නො සැවනේ ද, (අපරාපර පිළිසඳ විසින්) නූපදනේ ද, මම පියගමනින් ඒ ලෝකයාගේ කෙළවර දතයුතු යයි හෝ දැක්ක යුතු ය යි හෝ පැමිණිය යුතු ය යි හෝ නොකියමි.

එවං වුත‍්තෙ භික‍්ඛවෙ, රොහිතස‍්සො දෙවපුත‍්තො මං එතදවොච: අච‍්ඡරියං භන‍්තෙ, අබ‍්භුතං භන‍්තෙ, යාව සුභාසිතං චිදං භන‍්තෙ භගවතා, යත්‍ථ ඛො ආවුසො න ජායති න ජීයති න මීයති න චවති න උපපජ‍්ජති. නාහන‍්තං ගමනෙන ලොකස‍්ස අන‍්තං ඤාතෙය්‍යං දට‍්ඨය්‍යං පත‍්තය්‍යන‍්ති වදාමීති.

මහණෙනි, මෙසේ කී කල්හි රෝහිතස්ස දෙව්පුත් මට මෙසේ කීය: වහන්ස, ආශ්චර්‍ය්‍යය, වහන්ස, අද්භූතය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙ බස යාවත් සුභාෂිතය, ‘ඇවත, යම් ම තැනෙක නූපදනේ ද, නො දිරනේ ද, නො මියනේ ද, නො සැවනේ ද (අපරාපර පිළිසඳ විසින්) නූපදනේ ද, මම පියගමනින් ඒ ලෝකයාගේ එකෙළවර දතයුතු ය යි හෝ දැක්ක යුතු ය යි හෝ පැමිණිය යුතුය යි හෝ නො කියමි’ යනුයි.

භූතපුබ‍්බාහං භන‍්තෙ රොහිතස‍්සො නාම ඉසි අහොසිං භොජපුත‍්තො ඉද‍්ධිමා වෙහාසඞ‍්ගමො. තස‍්ස මය‍්හං භන‍්තෙ එවරූපො ජවො අහොසි: සෙය්‍යථාපි නාම දළ‍්හධම‍්මො ධනුග‍්ගහො සික‍්ඛිතො කතහත්‍ථො කතූපාසනො ලහුකෙන අසනෙන අප‍්පකසිරෙන තිරියං තාලච‍්ඡායං අතිපාතෙය්‍ය.

වහන්ස, පෙර වූ දැයක් කියමි: මම භෝජපුත්‍ර වූ රෝහිතස්ස නම් ඉදුහ ඇති, ආකාශචාරී ඍෂියෙකිම් වීමි. වහන්ස, ඒ මට මෙබඳු ජවයෙක් විය. දොළොස් වසක් තුළ ශික්‍ෂිත, කෘතහස්ත, කෘතොපාසන, දෘඪධන්‍වන් වූ, ධනුර්‍ධරයෙක් ලඝුශරයෙකින් නිදුක් සේ තල්සෙය සරස විදපියා ඉක්මවා ද, එබඳු ජව යි.

එවරූපො පදවීතිහාරො අහොසි, සෙය්‍යථාපි නාම පුරත්‍ථිමා සමුද‍්දා පච‍්ඡිමො සමුද‍්දො. තස‍්ස මය‍්හං භන‍්තෙ එවරූපෙන ජවෙන සමන‍්නාගතස‍්ස එවරූපෙන ච පදවීතිහාරෙන, එවරූපං ඉච‍්ඡාගතං උප‍්පජ‍්ජි: අහං ගමනෙන ලොකස‍්සන‍්තං පාපුණිස‍්සාමීති.

පෙර දිග මුහුදින් පැළදිග මුහු ද යම් පරිදි දුර වේ ද, එපරිදි වූ පාදව්‍යතීහාරයෙක් වීය. වහන්ස, මෙබඳු ජවයෙන් සමන්‍වාගත, මෙබඳු පාදව්‍යතීහාරයෙන් යුත් ඒ මට මෙබඳු ඉච්ඡායෙක් උපන: ‘මම පියගමනින් ලෝකයාගේ කෙළවරට පැමිණෙමි’ යනුයි.

සො ඛො අහං භන‍්තෙ අඤ‍්ඤත්‍රෙව අසිතපීතඛායිතසායිතා අඤ‍්ඤත්‍ර උච‍්චාරපස‍්සාවකම‍්මා අඤ‍්ඤත්‍ර නිද‍්දාකිලමථපටිවිනොදනා වස‍්සසතායුකො වස‍්සසතජීවී වස‍්සසතං ගන‍්ත්‍වා අප‍්පත්‍වාව ලොකස‍්ස අන‍්තං අන‍්තරායෙව කාලකතො.

වහන්ස, ඒ මම බිදීම්, පීම්, කෑම්, ලෙවීම් හැර මලමූ කිස හැර නිද්‍රාක්ලමථු විනෝදනා හැර, වර්‍ෂශතායුෂ්ක වූයෙම්, වර්‍ෂශතජීවී වූයෙම් සියක් හවුරුදු ගොස් ලෝකාන්තයට නො පැමිණ ම අතර ම කලුරිය කෙළෙමි.

අච‍්ඡරියං භන‍්තෙ, අබ‍්භුතං භන‍්තෙ, යාව සුභාසිතං චිදං භන‍්තෙ භගවතා යත්‍ථ ඛො ආවුසො න ජායති න ජීයති න මීයති න චවති න උපපජ‍්ජති, නාහං තං ගමනෙන ලොකස‍්ස අන‍්තං ඤාතෙය්‍යං දට‍්ඨය්‍යං පත‍්තය්‍යන‍්ති වදාමීති.

වහන්ස, ආශ්චර්‍ය්‍යය, වහන්ස, අද්භූතය, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් තෙල බස යාවත් සුභාෂිතය: ‘ඇවත, යම් ම තැනෙක නූපදනේ ද, නො දිරනේ ද, නො මියනේ ද, නො සැවනේ ද, (අපරාපර පිළිසඳ විසින්) නූපදනේ ද, මම පියගමනින් ලෝකයාගේ එකෙළවර දතයුතු ය යි හෝ දැක්ක යුතුය යි හෝ පැමිණිය යුතුය යි හෝ නො කියමි’ යනුයි.

එවං වුත‍්තෙ අහං භික‍්ඛවෙ රොහිතස‍්සං දෙවපුත‍්තං එතදවොචං: යත්‍ථ ඛො ආවුසො න ජායති න ජීයති න මීයති න චවති න උපපජ‍්ජති, නාහං තං ගමනෙන ලොකස‍්ස අන‍්තං ඤාතෙය්‍යං දට‍්ඨය්‍යං පත‍්තය්‍යන‍්ති වදාමීති. න චාහං ආවුසො අප‍්පත්‍වාව ලොකස‍්ස අන‍්තං දුක‍්ඛස‍්ස අන‍්තකිරියං වදාමි. අපි චාහං ආවුසො ඉමස‍්මිං යෙව බ්‍යාමමත‍්තෙ කලෙබරෙ සඤ‍්ඤිම‍්හි සමනකෙ ලොකඤ‍්ච පඤ‍්ඤාපෙමි ලොකසමුදයඤ‍්ච ලොකනිරොධඤ‍්ච ලොකනිරොධගාමිනිඤ‍්ච පටිපදන‍්ති.

මහණෙනි, මෙසේ කී කල්හි මම රෝහිතස්ස දෙව්පුත්හට තෙල කීමි: ඇවත, යම් ම තැනෙක නූපදනේ ද, නො දිරනේ ද, නො මියනේ ද, නො සැවනේ ද, (අපරාපර පිළිසඳ විසින්) නූපදනේ ද, පියගමනින් ලෝකයාගේ ඒ කෙළවර දතයුතු ය යි, දැක්ක යුතුය යි, පැමිණිය යුතුය යි නො කියමි. ඇවැත්නි, මම (සංස්කාර) ලෝකයාගේ අන්තයට නොපැමිණ ම දුඃඛයාගේ කෙළවර කිරීම ද නො කියමි. ඇවැත්නි, වැලිත් මම සසංඥ වූ සචිත්තක වූ ව්‍යාමමාත්‍ර වූ මේ ආත්මභාවයෙහි ම දුඃඛසත්‍යය ද සමුදයසත්‍යය ද නිරෝධසත්‍යය ද නිරොධගාමිනී ප්‍රතිපත්තිය ද පණවමි.

115. ගමනෙන න පත‍්තබ‍්බො ලොකස‍්සන‍්තො කුදාචනං, න ච අප‍්පත්‍වා ලොකන‍්තං දුක‍්ඛා අත්‍ථි පමොචනං.

115. කිසි කලෙකදු පියගමනින් ලොකාන්තය නො පැමිණිය හැකිය. නිවන් නො පැමිණ දුකින් මිදීමෙක් නැත.

116. තස‍්මා හවෙ ලොකවිදූ සුමෙධො ලොකන‍්තගූ වුසිතබ්‍රහ‍්මචරියො, ලොකස‍්ස අන‍්තං සමිතාවි ඤත්‍වා නාසිංසති ලොකමිමං පරඤ‍්චාති.

116. එබැවින් ලෝකය දත්, සුන්‍දර ප්‍රඥා ඇති, නිවණට ගිය, වැස නිම කළ මග බඹසර ඇති, සන්සිඳ ලූ පව් ඇති, රහත් තෙම ඒකාන්තයෙන් ලොකාන්තය දැන මෙලොව හා පරලොව හා නොපතනේ ය.