යෙදුමෙන් කියවන්න

සුවිදූරවිදුරසුත‍්තං

4. 1. 5. 7.

4. 1. 5. 7.

[සුවිදූරවිදුරසුත‍්තං]

[සුවිදූරවිදූර සූත්‍රය]

47. චත‍්තාරිමානි භික‍්ඛවෙ සුවිදූරවිදූරානි. කතමානි චත‍්තාරි?

47. මහණෙනි, මේ සුවිදූර-විදූරස්ථානයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:

නභං ච භික‍්ඛවෙ, පථවී ච, ඉදං පඨමං සුවිදූරවිදූරෙ. ඔරිමඤ‍්ච භික‍්ඛවෙ තීරං සමුද‍්දස‍්ස පාරිමඤ‍්ච තීරං, ඉදං දුතියං සුවිදූරවිදූරෙ. යතො ච භික‍්ඛවෙ වෙරොචනො අබ‍්භුදෙති, යත්‍ථ ච අත්‍ථමෙති, ඉදං තතියං සුවිදූරවිදූරෙ. සතඤ‍්ච භික‍්ඛවෙ ධම‍්මො අසතඤ‍්ච ධම‍්මො, ඉදං චතුත්‍ථං සුවිදූරවිදූරෙ.

මහණෙනි, සුවිදූර - විදූරස්ථානයෙහි වන අහස හා පොළොව හා යයි මේ පළමුවැන්න යි. මහණෙනි, සුවිදූර - විදූරස්ථානයෙහි වන සමුද්‍රයාගේ මෙතෙර හා එතෙර හා යයි මේ දෙවැන්න යි. මහණෙනි, යම් තැනෙක හිරු නැඟේ ද, යම් තැනෙක හිරු අස්තයට යේ ද, මේ තෙවැන්න යි. මහණෙනි, සුවිදූර - විදූරස්ථානයෙහි වන සත්පුරුෂධර්‍මය හා අසත්පුරුෂධර්‍මය හා යයි මේ සිවුවැන්නයි.

ඉමානි ඛො භික‍්ඛවෙ චත‍්තාරි සුවිදූරවිදූරානීති.

මහණෙනි, මේ සතර සුවිදූර - විදූරස්ථානයෝ යි.

117. නභං ච දූරෙ පඨවී ච දූරෙ පාරං සමුද‍්දස‍්ස තදාහු දූරෙ, යතො ච වෙරොචනො අබ‍්භුදෙති පභඞ‍්කරො යත්‍ථ ච අත්‍ථමෙති.

117. අහස ද දුරෙහි වෙයි. පොළොව ද එයින් දුරෙහි වෙයි. සමුද්‍රයාගේ පරතෙරෙක් ඇද්ද එ ද දුරෙහිය යි කියත්. ප්‍රභාකර වූ හිරු යම් තැනෙක උදා වේ ද, යම් තැනෙක අස්තයට යේ ද (ඒ දෙතැන ද) දුරෙහි ය යි කියත්.

118. තතො හවෙ දූරතරං වදන‍්ති සතඤ‍්ච ධම‍්මං අසතඤ‍්ච ධම‍්මං, අබ්‍යායිකො හොති සතං සමාගමො යාවම‍්පි තිට‍්ඨෙය්‍ය තථෙව හොති, ඛිප‍්පං හි වෙති අසතං සමාගමො තස‍්මා සතං ධම‍්මො අසබ‍්භි ආරකාති.

118. සද්ධර්‍මය ද අසද්ධර්‍මය ද එයට ද වඩා ඒකාන්තයෙන් දූරතරය යි කියත්. සත්සමාගමය ද වෙන්ව නොයන ස්වභාව ඇති වෙයි. යම් තාක් (යම්සේ) සිටුනේ ද එසේ ම සිටුනේ වෙයි. අසත්සමාගමය වහා අපගත වෙයි. එබැවින් සත්පුරුෂධර්‍මය අසත්පුරුෂයන් කෙරෙන් දුර වෙයි.