විසාඛසුත්තං
4. 1. 5. 8.
4. 1. 5. 8.
[විසාඛසුත්තං]
[විසාඛ සූත්‍රය]
48. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා විසාඛො පඤ්චාලිපුත්තො උපට්ඨානසාලායං භික්ඛූ ධම්මියා කථාය සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති, පොරියා වාචාය විස්සට්ඨාය අනෙලගලාය අත්ථස්ස විඤ්ඤාපනියා පරියාපන්නාය අනිස්සිතාය.
48. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එසමයෙහි පඤ්චාලී බැමිණියගේ පුත් ආයුෂ්මත් විසාඛ තෙරණුවෝ උපස්ථාන ශාලායෙහිදී පිරිපුන් වචන ඇති, අපළිබුද්ධ, කෙළතොලු නො වූ හෙයින් නිදොස් වූ, අරුත් අඟවන, නිවන් ඇසුරු කළ, වට ඇසුරු නො කළ, දැහැමි කථායෙන් භික්ෂූන් කරුණු දක්වා බෙණෙයි. සමාදන් කරවයි. තෙද ගන්වා බෙණෙ යි. පහදවයි.
අථ ඛො භගවා සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතො යෙනුපට්ඨානසාලා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: කො නු ඛො භික්ඛවෙ, උපට්ඨානසාලායං භික්ඛූ ධම්මියා කථාය සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති පොරියා වාචාය විස්සට්ඨාය අනෙලගලාය අත්ථස්ස විඤ්ඤාපනියා පරියාපන්නාය අනිස්සිතායාති.
එක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි පිළිසලනින් නැගී සිටි සේක් උවටැන්හලට වැඩි සේක. එළඹ පැනවූ අස්නෙහි වැඩහුන් සේක. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක: මහණෙනි, උපස්ථාන ශාලායෙහි දී කවරෙක් නම් පිරිපුන් වචන ඇති, නොපැකිල ගලාබස්නා හෙයින් විසෘත්වර වූ, කෙළතොලු නොවූ හෙයින් නිදොස් වූ, අරුත් අඟවන, නිවන් ඇසුරු කළ, වට ඇසුරු නො කළ, දැහැමි කථායෙන් භික්ෂූන් කරුණු දක්වා බෙණේ ද, සමාදන් කරවා ද, තෙද ගන්වා බෙණේ ද, පහදවා ලයි ද?
ආයස්මා භන්තෙ විසාඛො පඤ්චාලිපුත්තො උපට්ඨානසාලායං භික්ඛූ ධම්මියා කථාය සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති පොරියා වාචාය විස්සට්ඨාය අනෙලගලාය අත්ථස්ස විඤ්ඤාපනියා පරියාපන්නාය අනිස්සිතායාති.
වහන්ස, පඤ්චාලී බැමිණියගේ පුත් ආයුෂ්මත් විසාඛතෙරණුවෝ උපස්ථාන ශාලායෙහි දී පිරිපුන් තෙපුල් ඇති, ගලා බස්නා හෙයින් විසෘත්වර වූ, කෙළෙතොළු නො වූ හෙයින් නිදොස් වූ, අරුත් අඟවන, නිවන් ඇසුරු කළ, වට ඇසුරු නොකළ, දැහැමි කථායෙන් භික්ෂූන් කරුණු දක්වා බෙණෙත්. සමාදන් කරවත්. තෙද ගන්වා බෙණෙත්. පහදවා ලත්.
අථ ඛො භගවා ආයස්මන්තං විසාඛං පඤ්චාලිපුත්තං එතදවොච: සාධු සාධු විසාඛ, සාධු ඛො ත්වං විසාඛ, භික්ඛූ ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි පොරියා වාචාය විස්සට්ඨාය අනෙලගලාය අත්ථස්ස විඤ්ඤාපනියා පරියාපන්නාය අනිස්සිතායාති.
එක්බිති භාග්‍යවතුන් වහන්සේ පඤ්චාලී බැමිණියගේ පුත් ආයුෂ්මත් විසාඛ තෙරුන්හට තෙල වදාළ සේක: “මැනව, මැනව, විසාඛයෙනි, විසාඛයෙනි, මැනව. තෙපි පිරිපුන් බස් ඇති, ගලාබස්නා වදන් ඇති, කෙළතොලු නො වූ හෙයින් නිදොස් වූ, අරුත් අඟවන, නිවන් ඇසුරු කළ, වට ඇසුරු නො කළ, දැහැමි කථායෙන් භික්ෂූන් කරුණු දක්වා බණව, සමාදන් කරව, තෙද ගන්වා බණව, පහදවා ලවයි වදාළහ.
119. න භාසමානං ජානන්ති මිස්සං බාලෙහි පණ්ඩිතං, භාසමානඤ්ච ජානන්ති දෙසෙන්තං අමතං පදං.
119. බාලයන් හා මිශ්‍ර වාස ඇති, දැහැමි බස් නො බණන, පණ්ඩිතයා (පණ්ඩිතයෝ) නොදනිත්, නිර්වාණපදය (නවවිධලෝකෝත්තරධර්මය) දෙසන, දැහැමි කථා බණන්නහු (පණ්ඩිතයෝ) දනිත්.
120. භාසයෙ ජොතයෙ ධම්මං පග්ගණ්හෙ ඉසිනං ධජං, සුභාසිතධජා ඉසයො ධම්මො හි ඉසිනං ධජොති.
120. ධර්මය බණන්නේය, බබුළුවන්නේය. ඍෂිධ්වජය (ලොවුතුරුදහම) නගා බණන්නේය. ඍෂීහු සුභාෂිත ධ්වජ ඇතියහ. ධර්මය වනාහි ඍෂීන්ගේ ධ්වජ යි.