යෙදුමෙන් කියවන්න

විපල‍්ලාසසුත‍්තං

4. 1. 5. 9.

4. 1. 5. 9.

[විපල‍්ලාසසුත‍්තං]

[විපල්ලාස සූත්‍රය]

49. චත‍්තාරො’මෙ භික‍්ඛවෙ, සඤ‍්ඤාවිපල‍්ලාසා චිත‍්තවිපල‍්ලාසා දිට‍්ඨිවිපල‍්ලාසා. කතමෙ චත‍්තාරො?

49. මහණෙනි, සංඥාවිපර්‍ය්‍යාසයෝ චිත්තවිපර්‍ය්‍යාසයෝ දෘෂ්ටිවිපර්‍ය්‍යාසයෝ මොහු සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:

අනිච‍්චෙ භික‍්ඛවෙ නිච‍්චන‍්ති සඤ‍්ඤාවිපල‍්ලාසො චිත‍්තවිපල‍්ලාසො දිට‍්ඨිවිපල‍්ලාසො. දුක‍්ඛෙ භික‍්ඛවෙ සුඛන‍්ති සඤ‍්ඤාවිපල‍්ලාසො චිත‍්තවිපල‍්ලාසො දිට‍්ඨිවිපල‍්ලාසො. අනත‍්තනි භික‍්ඛවෙ අත‍්තාති සඤ‍්ඤාවිපල‍්ලාසො චිත‍්තවිපල‍්ලාසො දිට‍්ඨිවිපල‍්ලාසො. අසුභෙ භික‍්ඛවෙ සුභන‍්ති සඤ‍්ඤාවිපල‍්ලාසො චිත‍්තවිපල‍්ලාසො දිට‍්ඨිවිපල‍්ලාසො. ඉමෙ ඛො භික‍්ඛවෙ චත‍්තාරො සඤ‍්ඤාවිපල‍්ලාසා චිත‍්තවිපල‍්ලාසා දිට‍්ඨිවිපල‍්ලාසා.

මහණෙනි, අනිත්‍යවස්තුයෙහි, ‘මේ නිත්‍ය ය’යි ගන්නේ සංඥාවිපර්‍ය්‍යාසයෙකි, චිත්තවිපර්‍ය්‍යාසයෙකි, දෘෂ්ටිවිපර්‍ය්‍යාසයෙකි. මහණෙනි, දුඃඛයෙහි, ‘මේ සුඛය’යි ගන්නේ සංඥාවිපර්‍ය්‍යාසයෙකි, චිත්තවිපර්‍ය්‍යාසයෙකි, දෘෂ්ටිවිපර්‍ය්‍යාසයෙකි. මහණෙනි, අනාත්මයෙහි, ‘මේ ආත්මය’යි ගන්නේ සංඥාවිපර්‍ය්‍යාසයෙකි, චිත්තවිපර්‍ය්‍යාසයෙකි, දෘෂ්ටිවිපර්‍ය්‍යාසයෙකි. මහණෙනි, අශුභයෙහි, ‘මේ ශුභය’යි ගන්නේ සංඥාවිපර්‍ය්‍යාසයෙකි, චිත්තවිපර්‍ය්‍යාසයෙකි, දෘෂ්ටිවිපර්‍ය්‍යාසයෙකි. මහණෙනි, මොහු සතර දෙන සංඥාවිපර්‍ය්‍යාස වෙති, චිත්තවිපර්‍ය්‍යාස, දෘෂ්ටිවිපර්‍ය්‍යාස ද වෙති.

චත‍්තාරො’මෙ භික‍්ඛවෙ න සඤ‍්ඤාවිපල‍්ලාසා න චිත‍්තවිපල‍්ලාසා න දිට‍්ඨිවිපල‍්ලාසා. කතමෙ චත‍්තාරො?

මහණෙනි, සංඥාවිපර්‍ය්‍යාස නොවන, චිත්තවිපර්‍ය්‍යාස නොවන, දෘෂ්ටිවිපර්‍ය්‍යාස නොවන මොහු සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:

අනිච‍්චෙ භික‍්ඛවෙ අනිච‍්චන‍්ති න සඤ‍්ඤාවිපල‍්ලාසො න චිත‍්තවිපල‍්ලාසො න දිට‍්ඨිවිපල‍්ලාසො. දුක‍්ඛෙ භික‍්ඛවෙ දුක‍්ඛන‍්ති න සඤ‍්ඤාවිපල‍්ලාසො න චිත‍්තවිපල‍්ලාසො න දිට‍්ඨිවිපල‍්ලාසො. අනත‍්තනි භික‍්ඛවෙ අනත‍්තාති න සඤ‍්ඤාවිපල‍්ලාසො න චිත‍්තවිපල‍්ලාසො න දිට‍්ඨිවිපල‍්ලාසො. අසුභෙ භික‍්ඛවෙ අසුභන‍්ති න සඤ‍්ඤාවිපල‍්ලාසො න චිත‍්තවිපල‍්ලාසො න දිට‍්ඨිවිපල‍්ලාසො.

මහණෙනි, අනිත්‍යවස්තුයෙහි, ‘මේ අනිත්‍යය’යි ගන්නේ සංඥාවිපර්‍ය්‍යාස නො වේ. චිත්තවිපර්‍ය්‍යාස, දෘෂ්ටිවිපර්‍ය්‍යාස ද නො වේ. මහණෙනි, දුඃඛයෙහි, ‘මේ දුඃඛය’යි ගන්නේ සංඥාවිපර්‍ය්‍යාස නො වේ. චිත්තවිපර්‍ය්‍යාස, දෘෂ්ටිවිපර්‍ය්‍යාස ද නො වේ. මහණෙනි, අනාත්මයෙහි, ‘මේ අනාත්මය’යි ගන්නේ සංඥාවිපර්‍ය්‍යාස නො වේ. චිත්තවිපර්‍ය්‍යාස, දෘෂ්ටිවිපර්‍ය්‍යාස ද නො වේ. මහණෙනි, අශුභයෙහි, ‘මේ අශුභය’යි ගන්නේ සංඥාවිපර්‍ය්‍යාස නො වේ. චිත්තවිපර්‍ය්‍යාස, දෘෂ්ටිවිපර්‍ය්‍යාස ද නො වේ.

ඉමෙ ඛො භික‍්ඛවෙ චත‍්තාරො න සඤ‍්ඤාවිපල‍්ලාසා න චිත‍්තවිපල‍්ලාසා න දිට‍්ඨිවිපල‍්ලාසාති.

මහණෙනි, මොහු සතර දෙන සංඥාවිපර්‍ය්‍යාස නොවෙති, චිත්තවිපර්‍ය්‍යාස, දෘෂ්ටිවිපර්‍ය්‍යාස ද නො වෙත්.

121. අනිච‍්චෙ නිච‍්චසඤ‍්ඤිනො දුක‍්ඛෙ ච සුඛසඤ‍්ඤිනො, අනත‍්තනි ච අත‍්තාති අසුභෙ සුභසඤ‍්ඤිනො.

121. අනිත්‍යවස්තුයෙහි (සංඥාවිපර්‍ය්‍යාස වශයෙන්) නිත්‍ය සංඥා ඇති, දුඃඛයෙහි සුඛසංඥා ඇති, අනාත්මයෙහි ආත්මය යි දත් සංඥා ඇති, අශුභයෙහි ශුභසංඥා ඇති,

122. මිච‍්ඡාදිට‍්ඨිගතා සත‍්තා ඛිත‍්තචිත‍්තා විසඤ‍්ඤිනො, තෙ යොගයුත‍්තා මාරස‍්ස අයොගක‍්ඛෙමිනො ජනා.

122. දෘෂ්ටිවිපර්‍ය්‍යාසවශයෙන් මිත්‍යාදෘෂ්ටියට වැටුනු (චිත්තවිපර්‍ය්‍යාස වශයෙන්) වික්‍ෂිප්ත සිත් ඇති, (මෙසේ) විපරීතසංඥාදිය ගත්, යෝගයෙන් ක්‍ෂේමය නො ලත්, ජනසඞ්ඛ්‍යාත ඒ සත්ත්‍වයෝ මාරයාගේ යෝගයෙහි යුක්ත වූවාහු වෙත්.

123. සත‍්තා ගච‍්ඡන‍්ති සංසාරං ජාතිමරණගාමිනො, යදා ච බුද‍්ධා ලොකස‍්මිං උප‍්පජ‍්ජන‍්ති පභඞ‍්කරා.

123. ජාතිමරණ කරා යන සුලු ඒ සත්හු සසර ඇවිදිති. යම් කලෙක ලෝකයෙහි නැණ එළිය කරණ චතුස්සත්‍යබුද්ධයෝ පහළ වෙත් ද,

124. තෙමං ධම‍්මං පකාසෙන‍්ති දුක‍්ඛූපසමගාමිනං, තෙසං සුත්‍වාන සප‍්පඤ‍්ඤා සචිත‍්තං පච‍්චලද‍්ධ තෙ.

124. ඒ බුදුවරු දුක් සන්හිඳුවන සුලු මේ සිවුසස් දහම් පවසත්. ඒ ප්‍රාඥයෝ ඔවුන්ගේ දහම් අසා ස්වකීය චිත්තය (නො කිලිටි සිත) ලැබ,

125. අනිච‍්චං අනිච‍්චතො දක‍්ඛුං දුක‍්ඛමද‍්දක‍්ඛු දුක‍්ඛතො, අනත‍්තනි අනත‍්තාති අසුභං අසුභතද‍්දසුං, සම‍්මාදිට‍්ඨිසමාදානා සබ‍්බං දුක‍්ඛං උපච‍්චගුන‍්ති.

125. අනිත්‍යය අනිත්‍ය විසින් දුටහ. දුක දුක් විසින් දුටහ. අනාත්මය අනාත්ම විසින් දුටහ. අශුභය අශුභ විසින් දුටහ. මෙසේ සම්‍යග් දර්‍ශනය ගැණීමෙන් සියලු සසර දුක් ඉක්ම ගියහ.