සමාධිභාවනාසුත්තං
4. 1. 5. 1.
4. 1. 5. 1.
[සමාධිභාවනාසුත්තං]
[සමාධිභාවනා සූත්රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
41. චතස්සො ඉමා භික්ඛවෙ, සමාධිභාවනා. කතමා චතස්සො?
41. මහණෙනි, මේ සමාධිභාවනාවෝ සතරදෙනෙකි. කවර සතර දෙනෙකයත්:
අත්ථි භික්ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා දිට්ඨධම්මසුඛවිහාරාය සංවත්තති.
මහණෙනි, වඩන ලද බිහිලි කරණ ලද සමාධිභාවනායෙක් දුටුධැමි සුවවෙහෙර පිණිස පවත්නේ වෙයි.
අත්ථි භික්ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා ඤාණදස්සනපටිලාභාය සංවත්තති.
මහණෙනි, වඩන ලද බිහිලි කරණ ලද සමාධිභාවනායෙක් දිව්යචක්ෂුර්ඥානදර්ශනප්රතිලාභය පිණිස පවත්නේ වෙයි.
අත්ථි භික්ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා සතිසම්පජඤ්ඤාය සංවත්තති.
මහණෙනි, වඩන ලද බිහිලි කරණ ලද සමාධිභාවනායෙක් ස්මෘතිසම්ප්රඥානය පිණිස පවත්නේ වෙයි.
අත්ථි භික්ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා ආසවානං ඛයාය සංවත්තති.
මහණෙනි, වඩන ලද බිහිලි කරණ ලද සමාධිභාවනායෙක් ආස්රවක්ෂය පිණිස පවත්නේ වෙයි.
කතමා ච භික්ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා දිට්ඨධම්මසුඛවිහාරාය සංවත්තති:
මහණෙනි, වඩන ලද බිහිලි කරණ ලද දුටුධැමි සුවවෙහෙර පිණිස පවත්නා සමාධිභාවනා කවර?
ඉධ භික්ඛවෙ, භික්ඛු විවිච්චෙව කාමෙහි -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. අයං භික්ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා දිට්ඨධම්මසුඛවිහාරාය සංවත්තති.
මහණෙනි, මෙසස්නෙහි මහණ කාමයන් කෙරෙන් වෙන්ව ම ... චතුර්ත්ථධ්යානයට සමවැද වෙසෙයි. මහණෙනි, වඩන ලද බිහිලි කරණ ලද මෙ සමාධිභාවනාව දෘෂ්ටධර්මසුඛවිහරණය පිණිස පවත්නී ය යි කියනු ලැබේ.
කතමා ච භික්ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා ඤාණදස්සනපටිලාභාය සංවත්තති:
මහණෙනි, වඩන ලද බිහිලි කරණ ලද කවර සමාධිභාවනායෙක් ඥානදර්ශනප්රතිලාභය පිණිස පවත්නේ ද?
ඉධ භික්ඛවෙ, භික්ඛු ආලොකසඤ්ඤං මනසි කරොති, දිවාසඤ්ඤං අධිට්ඨාති, යථා දිවා තථා රත්තිං, යථා රත්තිං තථා දිවා. ඉති විවටෙන චෙතසා අපරියොනද්ධෙන සප්පභාසං චිත්තං භාවෙති. අයං භික්ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා ඤාණදස්සනපටිලාභාය සංවත්තති.
මහණෙනි, මෙසස්නෙහි මහණ ආලෝකසංඥාව මෙනෙහි කෙරෙයි. මෙසේ විවෘත වූ නො වැළඳුනු සිතින් දිවාසංඥාව ඉටයි. දවහල් ආලෝකසංඥාව යම් පරිදි ද රැය ද එපරිදි ම ය. රැය යම් පරිදි ද දවහලත් එපරිදි ම ය. දිව්යචක්ෂුර්ඥානයෙන් ආලෝක සහිත සිත වඩයි. මහණෙනි, භාවිත වූ බහුලීකෘත වූ මේ සමාධිභාවනාව ඥානදර්ශනප්රතිලාභය පිණිස පවත්නී ය.
කතමා ච භික්ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා සතිසම්පජඤ්ඤාය සංවත්තති:
මහණෙනි, භාවිත බහුලීකෘත කවර සමාධිභාවනායෙක් ස්මෘතිසම්ප්රඥානය පිණිස පවත්නේ ද:
ඉධ භික්ඛවෙ, භික්ඛුනො විදිතා වෙදනා උප්පජ්ජන්ති, විදිතා උපට්ඨහන්ති. විදිතා අබ්භත්ථං ගච්ඡන්ති. විදිතා සඤ්ඤා -පෙ- විදිතා විතක්කා උප්පජ්ජන්ති විදිතා උපට්ඨහන්ති. විදිතා අබ්භත්ථං ගච්ඡන්ති. අයං භික්ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා සතිසම්පජඤ්ඤාය සංවත්තති.
මහණෙනි, මෙ සස්නෙහි මහණහට වේදනාවෝ ප්රකටව උපදිත්. ප්රකටව වටහත්. ප්රකටව අස්තයට යෙත්. සංඥාවෝ ප්රකටව විතර්කයෝ ප්රකටව උපදිත්. ප්රකටව වටහත්. ප්රකටව අස්තයට යෙත්. මහණෙනි, භාවිත බහුලීකෘත වූ මේ සමාධිභාවනාව ස්මෘතිසම්ප්රඥානය පිණිස පවත්නී ය.
කතමා ච භික්ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා ආසවානං ඛයාය සංවත්තති:
මහණෙනි, භාවිත බහුලීකෘත කවර සමාධිභාවනායෙක් ආස්රවක්ෂය පිණිස පවත්නේ ද:
ඉධ භික්ඛවෙ, භික්ඛු පඤ්චුපාදානක්ඛන්ධෙසු උදයබ්යයානුපස්සී විහරති. ඉති රූපං, ඉති රූපස්ස සමුදයො, ඉති රූපස්ස අත්ථඞ්ගමො. ඉති වෙදනා, ඉති වෙදනාය සමුදයො, ඉති වෙදනාය අත්ථඞ්ගමො. ඉති සඤ්ඤා, ඉති සඤ්ඤාය සමුදයො, ඉති සඤ්ඤාය අත්ථඞ්ගමො. ඉති සංඛාරා, ඉති සංඛාරානං සමුදයො, ඉති සංඛාරානං අත්ථඞ්ගමො. ඉති විඤ්ඤාණං, ඉති විඤ්ඤාණස්ස සමුදයො, ඉති විඤ්ඤාණස්ස අත්ථඞ්ගමොති. අයං භික්ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා ආසවානං ඛයාය සංවත්තති.
මහණෙනි, මෙසස්නෙහි මහණ පඤ්ච උපාදානස්කන්ධයෙහි උදා - විය අනුව බලනුයේ වෙසෙයි: මෙසේ රූපය, මෙසේ රූපසමුදයය, මෙසේ රූපයාගේ අස්තඞ්ගමය. මෙසේ වේදනාය, මෙසේ වේදනාසමුදයය, මෙසේ වේදනාවගේ අස්තඞ්ගමය. මෙසේ සංඥාය, මෙසේ සංඥාසමුදයය, මෙසේ සංඥාවගේ අස්තඞ්ගමය. මෙසේ සංස්කාරය, මෙසේ සංස්කාරසමුදයය, මෙසේ සංස්කාරයන්ගේ අස්තඞ්ගමය. මෙසේ විඥානය, මෙසේ විඥානසමුදයය, මෙසේ විඥානයාගේ අස්තඞ්ගමය කියා යි. මහණෙනි, භාවිත බහුලීකෘත මේ සමාධිභාවනාව ආස්රවක්ෂය පිණිස පවත්නී ය.
ඉමා ඛො භික්ඛවෙ, චතස්සො සමාධිභාවනා.
මහණෙනි, මේ සතර සමාධි භාවනාවෝ යි.
ඉදඤ්ච පන මෙතං භික්ඛවෙ, සන්ධාය භාසිතං පාරායනෙ පුණ්ණකපඤ්හෙ:
මහණෙනි, මා විසින් “පාරායනයෙහි පුණ්ණකප්රශ්නයෙහි” දී (සඞ්ඛාය ලෝකස්මිං - යනාදි) තෙල ගයෙක් වදාරණ ලද ද, මේ-ඵලසමාපත්තිය සඳහා වදාරණ ලදී:
104. සඞ්ඛාය ලොකස්මිං පරොවරානි යස්සිඤ්ජිතං නත්ථි කුහිඤ්චි ලොකෙ, සන්තො විධූමො අනීඝො නිරාසො අතාරි සො ජාතිජරන්ති බ්රූමීති.
104. සත්ත්වලෝකයෙහි උත්තමාධමධර්මයන් නුවණින් දැන යමකුට ස්කන්ධලෝකයෙහි කිසිදු ස්කන්ධාදියෙක (කෙලෙස් විසින්) චලිතයෙක් නැද්ද, ශාන්ත වූ ක්රෝධධූම රහිත වූ නිදුක් වූ ආශාරහිත වූ හෙතෙම ජාතිජරා ඉක්ම සිටියේ ය යි කියමි.