උදායීසුත්තං
4. 1. 4. 10.
4. 1. 4. 10.
[උදායීසුත්තං]
[උදායී සූත්‍රය]
40. අථ ඛො උදායි බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා -පෙ- එකමන්තං නිසින්නො ඛො උදායී බ්රාහ්මණො භගවන්තං එතදවොච:
40. ඉක්බිති උදායි නම් බමුණු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග ..... එකත්පස්ව හුන් උදායී බමුණු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය.
භවම්පි නො ගොතමො යඤ්ඤං වණ්ණෙතීති?
භවත් ගෞතමයන් වහන්සේ ද යාග වණත් හො යි?
න ඛො අහං බ්‍රාහ්මණ, සබ්බං යඤ්ඤං වණ්ණෙමි. න පනාහං බ්‍රාහ්මණ, සබ්බං යඤ්ඤං න වණ්ණෙමි. යථාරූපෙ ඛො බ්‍රාහ්මණ, යඤ්ඤෙ ගාවො හඤ්ඤන්ති, අජෙළකා හඤ්ඤන්ති, කුක්කුටසූකරා හඤ්ඤන්ති, විවිධා පාණා සඞ්ඝාතං ආපජ්ජන්ති. එවරූපං ඛො අහං බ්‍රාහ්මණ, සාරම්භං යඤ්ඤං න වණ්ණෙමි. තං කිස්ස හෙතු: එවරූපං හි බ්‍රාහ්මණ, සාරම්භං යඤ්ඤං න උපසඞ්කමන්ති අරහන්තො වා අරහත්තමග්ගං වා සමාපන්නා.
බමුණ, මම හැම යාග නො වණමි. බමුණ, මම හැම යාග නො වණනෙම් නො ද වෙමි. බමුණ, යම්බඳු යාගයෙකදී ගෙරිහු නැසෙද් ද, එළු බැටළුවෝ නැසෙද් ද, කුකුළු හූරහු නැසෙද් ද, විවිධ ප්‍රාණීහු මරණයට පැමිණෙද් ද, බමුණ, මම මෙබඳු ප්‍රාණවධ සඞ්ඛ්‍යාත මහකරණී ඇති යාගය නො වණමි. ඒ කවර හෙයින යත්? බමුණ, මෙබඳු සාරම්භයාගයට රහත්හු හෝ රහත්මගට පිළිපන්නාහු හෝ නො එළඹෙත් ද, එහෙයිනි.
යථාරූපෙ ච ඛො බ්‍රාහ්මණ, යඤ්ඤෙ නෙව ගාවො හඤ්ඤන්ති. න අජෙළකා හඤ්ඤන්ති, න කුක්කුටසූකරා හඤ්ඤන්ති, න විවිධා පාණා සඞ්ඝාතං ආපජ්ජන්ති . එවරූපං ඛො අහං බ්‍රාහ්මණ, නිරාරම්භං යඤ්ඤං වණ්ණෙමි යදිදං නිච්චදානං අනුකුලයඤ්ඤං. තං කිස්ස හෙතු: එවරූපං හි බ්‍රාහ්මණ, නිරාරම්භං යඤ්ඤං උපසඞ්කමන්ති අරහන්තො වා අරහමග්ගං වා සමාපන්නාති.
බමුණ, යම් බඳු යාගයෙකදී ගෙරිහු නො නැසෙද් ද, එළු බැටළුවෝ නො නැසෙද් ද, කුකුළු හූරහු නො නැසෙද් ද, විවිධ ප්‍රාණීහු විනාශයට නො යෙද් ද, බමුණ, මම මෙබඳු නිරාරම්භ යාගය වණමි. යම් නිත්‍යදානයෙක් කුලපිළිවෙළින් එන දානයෙක් ඇද් ද, එයයි. එය කවර හෙයින යත්? බමුණ, මෙබඳු නිරාරම්භ යාගයට රහත්හු හෝ රහත්මගට පිළිපන්නාහු හෝ එළඹෙති.
99. අභිසඞ්ඛතං නිරාරම්භං යඤ්ඤං කාලෙන කප්පියං, තාදිසං උපසංයන්ති සඤ්ඤතා බ්රහ්මචාරයො.
99. රැස් කළ, ප්‍රාණසමාරම්භ රහිත, කැප වූ, එබඳු දේයධර්‍මයට නිසි කාලයෙහි සංයත වූ බ්‍රහ්මචාරීහු එළඹෙති.
100. විවත්තච්ඡද්දා යෙ ලොකෙ වීතිවත්තා කුලං ගතිං, යඤ්ඤමෙතං පසංසන්ති බුද්ධා පුඤ්ඤස්ස කොවිදා.
100. ලෝකයෙහි කෙලෙස් සියන් පෙරළු වටකුල වටගති ඉක්ම ගිය පුණ්‍යයෙහි කෝවිද වූ යම් බුදු කෙනෙක් ඇද්ද, ඔහු තෙල යාගය පසසත්.
101. යඤ්ඤෙ වා යදි වා සද්ධෙ හුතං කත්වා යථාරහං, පසන්නචිත්තො යජති සුඛෙත්තෙ බ්රහ්මචාරිසු.
101. ප්‍රකෘතිදානයෙහි හෝ නොහොත් ශ්‍රාද්ධදාන (=මතකදාන) යෙහි නිසි පරිදි (හෝම) පූජා කොට බ්‍රහ්මචාරී සඞ්ඛ්‍යාත මනා කෙතෙහි පහන් සිත් ඇතිව යාග කරන්නේ ය.
102. සුහුතං සුයිට්ඨං සුප්පත්තං දක්ඛිණෙය්යෙසු යං කතං, යඤ්ඤො ච විපුලො හොති පසීදන්ති ච දෙවතා.
102. දක්ෂිණාර්හයන් කෙරෙහි යමක් කරණ ලද ද, ඒ මොනොවට කළ පූජාවෙකි. මොනොවට කළ මඞ්ගලදානයෙකි. මොනොවට ලත් දැයෙකි. යාගත් විපුල වෙයි. දෙවියෝත් පහදිති.
103. එවං යජිත්වා මෙධාවී සද්ධො මුත්තෙන චෙතසා, අබ්යාපජ්ඣං සුඛං ලොකං පණ්ඩිතො උපපජ්ජතීති.
103. මනා නුවණ ඇති සැදැහැතියේ මුත්සිතින් මෙසේ යාග කොට ඒ පණ්ඩිත තෙම නිදුක් වූ සුඛ සහිත ලෝකයට එළඹෙයි.
චක්කවග්ගො චතුත්ථො.
චක්කවර්‍ගය සතරවැනි යි.
තස්සුද්දානං:
එහි උද්දානය:
චක්කො සඞ්ගහො සීහො පසාදො වස්සකාරෙන පඤ්චමං, ලොකෙ අපරිහානියො පතිලීනෙන උජ්ජායො උදායිනා තෙ දසාති.
චක්ක, සඞ්ග්‍රහ, සීහ, පසාද, පස්වන වස්සකාර සූත්‍රය ද, දොණ-ලෝක, අපරිහානිය, පතිලීන, උජ්ජාය, උදායී දැ යි ඒ දස සූත්‍රයෝ වෙති.