උජ්ජායසුත්තං
4. 1. 4. 9.
4. 1. 4. 9.
[උජ්ජායසුත්තං]
[උජ්ජාය සූත්‍රය]
39. අථ ඛො උජ්ජායො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො උජ්ජායො බ්රාහ්මණො භගවන්තං එතදවොච:
39. ඉක්බිති උජ්ජාය නම් බමුණු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වී ය. තුස්නට නිසි (කලක්) සිහි කරනට නිසි කථාව කොට නිමවා එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන් උජ්ජාය නම් බමුණු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කෙළේය.
භවම්පි නො ගොතමො යඤ්ඤං වණ්ණෙතීති?
භවත් ගෞතමයන් වහන්සේ ද යාගය වණත් හො යි?
න ඛො අහං බ්‍රාහ්මණ, සබ්බං යඤ්ඤං වණ්ණෙමි. න පනාහං බ්‍රාහ්මණ, සබ්බං යඤ්ඤං න වණ්ණෙමි. යථාරූපෙ ඛො බ්‍රාහ්මණ, යඤ්ඤෙ ගාවො හඤ්ඤන්ති, අජෙළකා හඤ්ඤන්ති, කුක්කුටසූකරා හඤ්ඤන්ති, විවිධා පාණා සඞ්ඝාතං ආපජ්ජන්ති, එවරූපං ඛො අහං බ්‍රාහ්මණ, සාරම්භං යඤ්ඤං න වණ්ණෙමි. තං කිස්ස හෙතු? එවරූපං හි බ්‍රාහ්මණ, සාරම්භං යඤ්ඤං න උපසඞ්කමන්ති අරහන්තො වා අරහමග්ගං වා සමාපන්නා.
බමුණ, මම හැම යාග නො වණමි. බමුණ, මම හැම යාග නො වණනෙම් නො ද වෙමි. බමුණ, යම් බඳු යාගයෙකදී ගෙරිහු නැසෙද් ද, එළු බැටළුවෝ නැසෙද් ද, කුකුළු හූරහු නැසෙද් ද, විවිධ ප්‍රාණීහු මරණයට පැමිණෙද් ද, බමුණ, මම මෙබඳු ප්‍රාණවධ (සමාරම්භ) සහගත යාගය නො වණමි. ඒ කවර හෙයින යත්? බමුණ, මෙබඳු සාරම්භයාගයට රහත්හු හෝ රහත්මගට පිළිපන්නාහු හෝ නො එළඹෙත් ද, එහෙයිනි.
යථාරූපෙ ච ඛො බ්‍රාහ්මණ, යඤ්ඤෙ න ගාවො හඤ්ඤන්ති, න අජෙළකා හඤ්ඤන්ති, න කුක්කුටසූකරා හඤ්ඤන්ති, න විවිධා පාණා සඞ්ඝාතං ආපජ්ජන්ති. එවරූපං ඛො අහං බ්‍රාහ්මණ, නිරාරම්භං යඤ්ඤං වණ්ණෙමි, යදිදං නිච්චදානං අනුකුලයඤ්ඤං. තං කිස්ස හෙතු: එවරූපං හි බ්‍රාහ්මණ, නිරාරම්භං යඤ්ඤං උපසඞ්කමන්ති අරහන්තො වා අරහමග්ගං වා සමාපන්නාති.
බමුණ, යම්බඳු යාගයෙකදී ගෙරිහු නො නැසෙද් ද, එළු බැටළුවෝ නො නැසෙද් ද, කුකුළු හූරහු නො නැසෙද් ද, විවිධ ප්‍රාණීහු විනාශයට නො යෙද් ද, බමුණ, මම මෙබඳු හිංසාරහිත යාගය වණමි. යම් නිත්‍යදානයෙක් කුලපිළිවෙළින් එන දානයෙක් ඇද් ද, එයයි. එය කවර හෙයින යත්? බමුණ, මෙබඳු හිංසා රහිත යාගයට රහත්හු හෝ රහත්මගට පිළිපන්නාහු හෝ එළඹෙති.
94. අස්සමෙධං පුරිසමෙධං සම්මාපාසං වාජපෙය්යං නිරග්ගලං, මහායඤ්ඤා මහාරම්භා න තෙ හොන්ති මහප්ඵලා.
94. අස්සමේධය, පුරිසමෙධය, සම්මාපාසය, වාජපෙය්‍යය, නිරග්ගලය, යන ප්‍රාණවධ සඞ්ඛ්‍යාත මහාරම්භ ඇති, මහායාගයෝ ඇත් ද, ඔහු මහත් ඵල නො වෙති.
95. අජෙළකා ච ගාවො ච විවිධා යත්ථ හඤ්ඤරෙ, න තං සම්මග්ගතා යඤ්ඤං උපයන්ති මහෙසිනො.
95. යම් යාගයෙක එළු බැටළුවෝ ද ගෙරිහු දැ යි විවිධ ප්‍රාණීහු නැසෙද් ද ඒ යාගය කරා සම්‍යග්ගත මහර්ෂීහු නො එළඹෙත්.
96. යං ච යඤ්ඤං නිරාරම්භං යජන්ති අනුකුලං සදා, අජෙළකා ච ගාවො ච විවිධා නෙත්ථ හඤ්ඤරෙ.
96. කුලපිළිවෙළින් එන ප්‍රාණසමාරම්භ රහිත යම් යාගයක් හැමකල්හි යාග කෙරෙත් ද, එළුබැටළුවෝ වෙත්වයි, ගෙරිහු වෙත්වයි, විවිධ ප්‍රාණීහු මෙහි ලා නො නැසෙද් ද,
97. තං ච සම්මග්ගතා යඤ්ඤං උපයන්ති මහෙසිනො, එතං යජෙථ මෙධාවී එසො යඤ්ඤො මහප්ඵලො.
97. ඒ යාගය කරා සම්‍යග්ගත මහර්ෂීහු එළඹෙත්. නුවණැතියේ තෙල යාගය යාග කරන්නේය. තෙල යාගය මහත් ඵලයි.
98. එතං හි යජමානස්ස සෙය්යො හොති න පාපියො, යඤ්ඤො ච විපුලො හොති පසීදන්ති ච දෙවතාති.
98. තෙල යාගය කරන්නාහට විශේෂයෙක් ම වේ. පාපයෙක් නො වේ. යාගය විපුල වේ. දෙවියෝ ද පහදිති.