පතිලීනසුත්තං
4. 1. 4. 8.
4. 1. 4. 8.
[පතිලීනසුත්තං]
[පතිලීන සූත්‍රය]
38. පනුන්නපච්චෙකසච්චො භික්ඛවෙ, භික්ඛු සමවයසට්ඨෙසනො පස්සද්ධකායසඞ්ඛාරො පතිලීනොති වුච්චති.
38. මහණෙනි, (සත්‍යදර්‍ශන නම් මේ යයි වෙන වෙන ගත්වන බැවින්) ප්රත්යෙක සඞ්ඛ්‍යාත දෘෂ්ටිසත්‍යයන් පහ කළ මහණ මොනොවට වුහුටු හැම සෙවීම් ඇතියේ සන්හුන් කායසංස්කාර ඇතියේ එකලා බවට ගියේය යි කියනු ලැබේ.
කථඤ්ච භික්ඛවෙ, භික්ඛු පනුන්නපච්චෙකසච්චො හොති? ඉධ භික්ඛවෙ, භික්ඛුනො යානි තානි පුථුසමණබ්රාහ්මණානං පුථුපච්චෙකසච්චානි සෙය්යථිදං: සස්සතො ලොකොති වා අසස්සතො ලොකොති වා අන්තවා ලොකොති වා අනන්තවා ලොකොති වා තං ජීවං තං සරීරන්ති වා අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති වා හොති තථාගතො පරම්මරණාති වා න හොති තථාගතො පරම්මරණාති වා හොති ච න හොති තථාගතො පරම්මරණාති වා නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වා සබ්බානිස්ස තානි පනුන්නානි හොන්ති, චත්තානි වන්තානි මුත්තානි පහීණානි පටිනිස්සට්ඨානි. එවං ඛො භික්ඛවෙ, භික්ඛු පනුන්නපච්චෙකසච්චො හොති.
මහණෙනි, කෙසේ නම් මහණ ප්රත්යෙක සත්‍යයන් හළේ වේ ද යත්: මහණෙනි, බොහෝ මහණ බමුණන්ගේ යම් ඒ බොහෝ වූ වෙන් වෙන් කොට ගත් සත්‍යයෝ ඇත. ඒ කෙසේය යත්: ලෝකය ශාස්වතය කියා හෝ, ලෝකය අශාශ්වතය කියා හෝ, ලෝකය අන්ත ඇතියේය කියා හෝ, ලෝකය අන්ත නැතියේය කියා හෝ, ඒ ම ජීවය ඒ ම ශරීරය කියා හෝ, ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙක කියා හෝ, සත්ත්වයා මරණින් මතුයෙහි වෙයි කියා හෝ, සත්ත්වයා මරණින් මතුයෙහි නො වෙයි කියා හෝ, සත්ත්වයා මරණින් මතුයෙහි වන්නේත් නොවන්නේත් වෙයි කියා හෝ, සත්ත්වයා මරණින් මතුයෙහි නො ම වෙයි නොවන්නේත් නො වෙයි කියා හෝ, දෘෂ්ටීහු වෙත් ද, මෙසස්නෙහි ඒ මහණහු විසින් එ හැම වාදයෝ හරණ ලද්දාහු වෙත්; ත්‍යක්ත වෙත්; වාන්ත වෙත්; මුදන ලද්දාහු වෙත්; ප්‍රහීණ වෙත්; බැහැර ලන ලද්දාහු වෙත්. මහණෙනි මෙසේ මහණ ප්රනුදිතප්රත්යෙකසත්ය නම් වෙයි.
කථඤ්ච භික්ඛවෙ, භික්ඛු සමවයසට්ඨෙසනො හොති? ඉධ භික්ඛවෙ, භික්ඛුනො කාමෙසනා පහීණා හොති, භවෙසනා පහීණා හොති, බ්රහ්මචරියෙසනා පටිප්පස්සද්ධා. එවං ඛො භික්ඛවෙ, භික්ඛු සමවයසට්ඨෙසනො හොති.
මහණෙනි, කෙසේ නම් මහණ මොනොවට වුහුටු හැම සෙවීම් ඇතියේ වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණහට කාමෛෂණාව ප්‍රහීණ වෙයි. භවෛෂණාව ප්‍රහීණ වෙයි. බ්‍රහ්මචර්‍ය්‍ය - ඒෂණාව ප්‍රතිප්‍රශ්‍රබ්ධ වෙයි. මහණෙනි මෙසේ මහණ මොනොවට වුහුටු හැම සෙවීම් ඇත්තේ නම් වෙයි.
කථඤ්ච භික්ඛවෙ, භික්ඛු පස්සද්ධකායසඞ්ඛාරො හොති? ඉධ භික්ඛවෙ, භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛං අසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. එවං ඛො භික්ඛවෙ, භික්ඛු පස්සද්ධකායසඞ්ඛාරො හොති.
මහණෙනි, කෙසේ නම් මහණ සන්හුන් කායසංස්කාර ඇත්තේ වේද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් කැලම සෞමනස්යදෞර්මනස්ය දෙදෙනා අස්තයට යෑමෙන් දුඃඛ නොවූත් සුඛ නොවූත් උපේක්ෂා ස්මෘතිපරිශුද්ධිය ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට සමවැද වෙසෙයි. මහණෙනි, මෙසේ මහණ සන්හුන් කායසංස්කාර ඇත්තේ වෙයි.
කථඤ්ච භික්ඛවෙ, භික්ඛු පතිලීනො හොති? ඉධ භික්ඛවෙ, භික්ඛුනො අස්මිමානො පහීණො හොති. උච්ඡින්නමූලො, තාලාවත්ථුකතො අනභාවකතො, ආයතිං අනුප්පාදධම්මො. එවං ඛො භික්ඛවෙ, භික්ඛු පතිලීනො හොති.
මහණෙනි, කෙසේ නම් මහණ එකලා වූයේ වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණහට ‘අස්මි’ මානය ප්‍රහීණ වෙයි, මුලසුන් වෙයි; තාලයක් සෙයින් අවස්තුක බව කරණ ලද්දේ වෙයි, අභාවය කරණ ලද්දේ වෙයි, මතුයෙහි නූපදනා ධර්මතා ඇතියේ වෙයි. මහණෙනි, මෙසේ මහණ එකලා වූයේ නම් වෙයි.
පනුන්නපච්චෙකසච්චො භික්ඛවෙ, භික්ඛු සමවයසට්ඨෙසනො පස්සද්ධකායසඞ්ඛාරො පතිලීනොති වුච්චතීති.
මහණෙනි, මහණ ප්රත්යෙක දෘෂ්ටිසත්‍යය හළේ, මොනොවට හළ හැම සෙවීම් ඇතියේ, සන්හුන් කායසංස්කාර ඇතියේ එකලා වූයේය යි කියනු ලැබේ.
91. කාමෙසනා භවෙසනා බ්රහ්මචරියෙසනා සහ, ඉති සච්චපරාමාසො දිට්ඨිට්ඨානා සමුස්සයා.
91-92. සියලු රාගයා කෙරෙන් විරක්ත වූ අර්හත්ඵල විමුක්තියෙන් සමන්වාගත වූ මහණහු විසින් කාමේසනාය, භවෙසනාය යන මෙය හා බ්රහ්මචරියේසනාය යන ඒසනාවෝ හරණ ලදහ. උස්ව නැඟ සිටුනා දෘෂ්ටීහු ද ඉතිසත්යපරාමර්ෂය ද යන දෘෂ්ටිසත්යයෝ නසන ලදහ.
92. සබ්බරාගවිරත්තස්ස තණ්හක්ඛයවිමුත්තිනො, එසනා පටිනිස්සට්ඨා දිට්ඨිට්ඨානා සමූහතා.
93. ස වෙ සන්තො සතො භික්ඛු පස්සද්ධො අපරාජිතො, මානාභිසමයා බුද්ධො පතිලීනොති වුච්චතීති.
93. සන්හුන් කෙලෙසුන් ඇති ස්මෘතිමත් කාය - චිත්තපස්සද්ධි ඇති නොපරදවන ලද සිවුසස් දත් ඒ මහණ ඒකාන්තයෙන් මානයාගේ ප්‍රහාණාභිසමයයෙන් “පතිලීන” යයි කියනු ලැබේ.