අපරිහානියසුත්තං
4. 1. 4. 7.
4. 1. 4. 7.
[අපරිහානියසුත්තං]
[අපරිහානිය සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
37. චතූහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු අභබ්බො පරිහානාය නිබ්බානස්සෙව සන්තිකෙ. කතමෙහි චතූහි?
37. මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත මහණ පරිහාණියට අභව්‍යය. නිවන් හමුයෙහි ම සිටුනේය. කවර සතර කරුණෙන යත්:
ඉධ භික්ඛවෙ, භික්ඛු සීලසම්පන්නො හොති, ඉන්ද්රියෙසු ගුත්තද්වාරො හොති, භොජනෙ මත්තඤ්ඤූ හොති, ජාගරියං අනුයුත්තො හොති.
මහණෙනි, මෙසස්නෙහි මහණ ශීලසම්පන්න වෙයි, ඉන්ද්රියයෙහි පියූ දොර ඇතියේ වෙයි, භෝජනයෙහි පමණ දන්නේ වෙයි, නිදි වැරීමෙහි යෙදුනේ වෙයි.
කථඤ්ච භික්ඛවෙ, භික්ඛු සීලසම්පන්නො හොති: ඉධ භික්ඛවෙ, භික්ඛු සීලවා හොති, පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. එවං ඛො භික්ඛවෙ, භික්ඛු සීලසම්පන්නො හොති.
මහණෙනි, කෙසේ නම් මහණ ශීලසම්පන්න වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ සිල්වත් වෙයි, ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවෘත ව වෙසෙයි, ආචාරගෝචරසම්පන්න වෙයි, අණුමාත්‍ර වරදෙහිත් බිය දක්නා සුලු වෙයි, සමාදන් කොට ගෙණ සිකපෙදෙහි හික්මෙයි. මහණෙනි මෙසේ මහණ ශීලසම්පන්න වෙයි.
කථඤ්ච භික්ඛවෙ, භික්ඛු ඉන්ද්රියෙසු ගුත්තද්වාරො හොති: ඉධ භික්ඛවෙ, භික්ඛු චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති නානුව්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙතං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති. රක්ඛති චක්ඛුන්ද්රියං. චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජති.
මහණෙනි, මහණ කෙසේ නම් ඉන්ද්රියයෙහි පියූ දොර ඇතියේ වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඇසින් රූ දැක නිමිති නො ගන්නා සුලු වෙයි. අනුව්‍යඤ්ජන නො ගන්නා සුලු වෙයි. යමක් හේතු කොට ගෙණ චක්ෂුරින්ද්රියයෙහි අසංවෘත ව වසන තෙල මහණහු අභිධ්‍යා දෞර්මනස්ය සඞ්ඛ්‍යාත ලමු අකුසල් දහම්හු ලුහුබැඳ ගන්නාහු වෙත් ද, එය ඇවිරීම පිණිස පිළිපදනේ ය. චක්ෂුරින්ද්රියය රක්නේ ය. චක්ෂුරින්ද්රියයෙහි සංවරයට පැමිණේ.
සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය -පෙ- න නිමිත්තග්ගාහී හොති, නානුව්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙතං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති. රක්ඛති මනින්ද්රියං, මනින්ද්රියෙ සංවරං ආපජ්ජති. එවං ඛො භික්ඛවෙ, භික්ඛු ඉන්ද්රියෙසු ගුත්තද්වාරො හොති.
කණින් හඬ අසා - නැහැයෙන් ගඳ අසා - දිවෙන් රස විඳ - කයින් පහස් පැහැස - සිතින් දහම් දැන නිමිති ගන්නා සුලු නො වේ. අනුව්‍යඤ්ජන ගන්නා සුලු නො වේ. යමක් හේතු කොට ගෙණ මනින්ද්රියයෙහි අසංවෘත ව වසන තෙල මහණහු අභිධ්යාදෞර්මනස්ය සඞ්ඛ්‍යාත ලමු අකුසල් දහම්හු ලුහු බැඳ ගන්නාහු වෙත් ද එය ඇවිරීම පිණිස පිළිපදනේ ය. මනින්‍ද්‍රිය රක්නේ ය. මනින්ද්රියයෙහි සංවරයට පැමිණේ. මහණෙනි, මෙසේ මහණ පියූ දොර ඇතියේ වෙයි.
කථඤ්ච භික්ඛවෙ, භික්ඛු භොජනෙ මත්තඤ්ඤූ හොති: ඉධ භික්ඛවෙ, භික්ඛු පටිසඞ්ඛා යොනිසො ආහාරං ආහාරෙති: නෙව දවාය න මදාය න මණ්ඩනාය න විභූසනාය, යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය විහිංසූපරතියා බ්රහ්මචරියානුග්ගහාය. ඉති පුරාණඤ්ච වෙදනං පටිහඞ්ඛාමි, නවඤ්ච වෙදනං න උප්පාදෙස්සාමි, යාත්‍රා ච මෙ භවිස්සති, අනවජ්ජතා ච ඵාසුවිහාරො චාති. එවං ඛො භික්ඛවෙ, භික්ඛු භොජනෙ මත්තඤ්ඤූ හොති.
මහණෙනි, කෙසේ නම් මහණ භෝජනයෙහි මාත්‍රඥ වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නුවණින් මෙනෙහි කොට අහර වළඳයි. කෙසේ ද: දවය පිණිස නො වෙයි. මද වැඩීමට නො වෙයි. මණ්ඩනයට නො වෙයි. විභූෂණයට නො වෙයි. මේ කරජකායයාගේ ස්ථිතිය පිණිස ම වෙයි, යැපීම පිණිස ම වෙයි, විහිංසා සන්සිඳුවාලීම පිණිස ම වෙයි. මෙසේ මේ අහර නිසා පැරණි වේදනාව ද නසමි. අලුත් වේදනා ද නූපදවමි. මාගේ ජීවිතයාත්‍රාව ද වෙයි. අනවද්‍යතාව ද වෙයි. පහසු විහරණය ද වෙයි. (කියායි.) මහණෙනි, මෙසේ මහණ භෝජනයෙහි මාත්‍රඥ වේ.
කථඤ්ච භික්ඛවෙ, භික්ඛු ජාගරියං අනුයුත්තො හොති: ඉධ භික්ඛවෙ, භික්ඛු දිවසං චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙති, රත්තියා පඨමං යාමං චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙති, රත්තියා මජ්ඣිමං යාමං දක්ඛිණෙන පස්සෙන සීහසෙය්යං කප්පෙති පාදෙ පාදං අච්චාධාය, සතො සම්පජානො උට්ඨානසඤ්ඤං මනසි කරිත්වා. රත්තියා පච්ඡිමං යාමං පච්චුට්ඨාය චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙති. එවං ඛො භික්ඛවෙ, භික්ඛු ජාගරියං අනුයුත්තො හොති.
මහණෙනි, කෙසේ නම් මහණ නිදිවැරීමෙහි යෙදුනේ වේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ දවස සක්මනින් හිඳීමෙන් ආවරණීය දහමින් සිත ශුද්ධ කෙරෙයි. රැය පළමු යම සක්මනින් හිඳීමෙන් ආවරණීය දහමින් සිත පිරිසිදු කෙරෙයි. රැය මැදුම් යම දකුණු ඇළයෙන් දකුණුපයෙහි වම්පය මඳක් ඇද තබා ස්මෘතිමත් වූයේ නුවණින් දන්නේ ‘නැගී සිටිමි’ යන සංඥාව මෙනෙහි කොට ගෙණ සිංහශය්‍යා කෙරෙයි. රැය පැසිම් යම සක්මනින් හිඳීමෙන් ආවරණීය දහමින් සිත පිරිසිදු කෙරෙයි. මහණෙනි, මෙසේ මහණ නිදි වැරීමෙහි යෙදුනේ වෙයි.
ඉමෙහි ඛො භික්ඛවෙ, චතූහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අභබ්බො පරිහානාය, නිබ්බානස්සෙව සන්තිකෙති.
මහණෙනි, මේ සතර දහමින් සමන්වාගත මහණ පරිහාණිය පිණිස අභව්‍ය වෙයි. නිවන් හමුයෙහි ම වෙයි.
88. සීලෙ පතිට්ඨිතො භික්ඛු ඉන්ද්රියෙසු ච සංවුතො, භොජනම්හි ච මත්තඤ්ඤූ ජාගරියං අනුයුඤ්ජති.
88. ප්‍රාතිමෝක්‍ෂශීලයෙහි පිහිටි ඉන්ද්රියයෙහි සංවර ඇති භෝජනයෙහි මාත්‍රඥ වූ මහණ නිදි වැරීමෙහි යෙදුනේ වේ ද,
89. එවං විහාරමාතාපී අහොරත්තමතන්දිතො, භාවයං කුසලං ධම්මං යොගක්ඛෙමස්ස පත්තියා.
89. මෙසේ වසන වැර ඇති දවරෑ නො මැලි නිවන් වදනු සඳහා කුසල්දහම් වඩන -
90. අප්පමාදරතො භික්ඛු පමාදෙ භයදස්සිවා, අභබ්බො පරිහානාය නිබ්බානස්සෙව සන්තිකෙති.
90. අප්‍රමාදයෙහි ඇලුනු ප්‍රමාදයෙහි භය දක්නා සුලු ඒ මහණ පරිහාණිය පිණිස අභව්‍ය වෙයි. නිවන් හමුයෙහි ම සිටුනේය.