දොණ ලොක සුත‍්තං
4. 1. 4. 6.
4. 1. 4. 6.
[දොණ (ලොක) සුත‍්තං]
[දොණ (ලෝක) සූත්‍රය]
36. එකං සමයං භගවා අන‍්තරා ච උක‍්කට‍්ඨං අන‍්තරා ච සෙතව්‍යං අද‍්ධානමග‍්ගපටිපන‍්නො හොති. දොණොපි සුදං බ්‍රාහ‍්මණො අන‍්තරා ච උක‍්කට‍්ඨං අන‍්තරා ච සෙතව්‍යං අද‍්ධානමග‍්ගපටිපන‍්නො හොති. අද‍්දසා ඛො දොණො බ්‍රාහ‍්මණො භගවතො පාදෙසු චක‍්කානි සහස‍්සාරානි සනෙමිකානි සනාභිකානි සබ‍්බාකාරපරිපූරානි. දිස‍්වානස‍්ස එතදහොසි: “අච‍්ඡරියං වත භො. අබ‍්භුතං වත භො. න වතිමානි මනුස‍්සභූතස‍්ස පාදානි භවිස‍්සන‍්තීති.
36. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ උක්කට්ඨා සේතව්‍යා දෙනුවර අතර අදන්මගට පිළිපන් සේක. ද්‍රෝණ බමුණුත් උක්කට්ඨා සේතව්‍යා දෙනුවර අතර දික්මගට පිළිපන්නේ වෙයි. ද්‍රෝණ බමුණු භාග්‍යවතුන් වහන්සේගේ පාදයෙහි දහසක් අර ඇති නිම් සියෝ නැබ සියෝ සර්‍වාකාරයෙන් පරිපූර්‍ණ වූ ලක්‍ෂණ චක්‍රයන් දිට. දැක ඔහුට මෙ බඳු සිතෙක් වී: “භවත්නි, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යය, භවත්නි ඒකාන්තයෙන් අද්භූතය. ඒකාන්තයෙන් තෙල පාද මිනිසක්හුගේ පාද නොවන්නේ වනැ” යි.
අථ ඛො භගවා මග‍්ගා ඔක‍්කම‍්ම අඤ‍්ඤතරස‍්මිං රුක‍්ඛමූලෙ නිසීදි, පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට‍්ඨපෙත්‍වා.
එක්බිති භාග්‍යවතුන් වහන්සේ මඟින් බැහැරව එක්තරා රුක්මුලෙක පලක් බැඳ උපරිමකාය ඍජු කොට තබා අභිමුඛ කොට සිහිය එළවා වැඩ හුන්හ.
අථ ඛො දොණො බ්‍රාහ‍්මණො භගවතො පාදානි අනුගච‍්ඡන‍්තො අද‍්දස භගවන‍්තං අඤ‍්ඤතරස‍්මිං රුක‍්ඛමූලෙ නිසින‍්නං පාසාදිකං පසාදනීයං සන‍්තින්‍ද්‍රියං සන‍්තමානසං උත‍්තමදමථසමථමනුප‍්පත‍්තං දන‍්තං ගුත‍්තං සංයතින්‍ද්‍රියං නාගං. දිස‍්වා යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං එතදවොච:
එක්බිති ද්‍රෝණ බමුණා භාග්‍යවතුන් වහන්සේගේ පිය අනුව යන්නේ එක්තරා රුක්මුලෙක හුන් ප්‍රසාද ජනක වූ ප්‍රසාදයට කරුණු වූ සන්හුන් ඉඳුරන් ඇති සන්හුන් සිත් ඇති උත්තම දමථ ශමථ සඞ්ඛ්‍යාත අර්‍හත්ත්‍ව මාර්‍ග-සමාධි දෙකට පත් දාන්ත වූ ගෝපිත වූ රැකි ඉඳුරන් ඇති නාග වූ භාග්‍යවතුන් වහන්සේ දිටි. දැක භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය:
දෙවො නො භවං භවිස‍්සතීති? න ඛො අහං බ්‍රාහ‍්මණ, දෙවො භවිස‍්සාමීති. ගන්‍ධබ‍්බො නො භවං භවිස‍්සතීති? න ඛො අහං බ්‍රාහ‍්මණ, ගන්‍ධබ‍්බො භවිස‍්සාමීති. යක‍්ඛො නො භවං භවිස‍්සතීති? න ඛො අහං බ්‍රාහ‍්මණ, යක‍්ඛො භවිස‍්සාමීති. මනුස‍්සො නො භවං භවිස‍්සතීති? න ඛො අහං බ්‍රාහ‍්මණ, මනුස‍්සො භවිස‍්සාමීති.
භවත් දෙවි වෙයි හොයි? බමුණ, මම දෙවි නො වෙමි යි. භවත් ගන්‍ධර්‍ව වෙයි හොයි? බමුණ, මම ගන්‍ධර්‍ව නො වෙමි යි. භවත් යක්‍ෂ වෙයි හොයි? බමුණ, මම යක්‍ෂ නො වෙමි යි. භවත් මනුෂ්‍ය වෙයි හො යි? බමුණ, මම මනුෂ්‍ය නො වෙමි යි.
දෙවො නො භවං භවිස‍්සතීති ඉති පුට‍්ඨො සමානො ‘න ඛො අහං බ්‍රාහ‍්මණ, දෙවො භවිස‍්සාමී’ති වදෙසි. ගන්‍ධබ‍්බො නො භවං භවිස‍්සතීති ඉති පුට‍්ඨො සමානො‘න ඛො අහං බ්‍රාහ‍්මණ, ගන්‍ධබ‍්බො භවිස‍්සාමී’ති වදෙසි. යක‍්ඛො නො භවං භවිස‍්සතීති ඉති පුට‍්ඨො සමානො‘න ඛො අහං බ්‍රාහ‍්මණ, යක‍්ඛො භවිස‍්සාමී’ති වදෙසි. මනුස‍්සො නො භවං භවිස‍්සතීති ඉති පුට‍්ඨො සමානො‘න ඛො අහං බ්‍රාහ‍්මණ, මනුස‍්සො භවිස‍්සාමී’ති වදෙසි. අථ කො චරහි භවං භවිස‍්සතීති.
‘භවත් දෙවි වෙයි හොයි?’ මෙසේ පුළුවුස්නා ලද්දෙහි ‘බමුණ, මම දෙවි නො වෙමි’ යි කියහි. ‘භවත් ගන්‍ධර්‍ව වෙයි හොයි?’ මෙසේ පුළුවුස්නා ලද්දෙහි ‘බමුණ, මම ගන්‍ධර්‍ව නො වෙමි’ යි කියහි. ‘භවත් යක්‍ෂ වෙයි හොයි?’ මෙසේ පුළුවුස්නා ලදුයෙහි ‘බමුණ, මම යක්‍ෂ නො වෙමි’ යි කියහි. ‘භවත් මනුෂ්‍ය වෙයි හොයි?’ මෙසේ පුළුවුස්නා ලදුයෙහි ‘බමුණ, මම මනුෂ්‍ය නො වෙමි’ යි කියහි. එබැවින් භවත් කවරේ ය? යි කීය.
යෙසං ඛො අහං බ්‍රාහ‍්මණ, ආසවානං අප‍්පහීණත‍්තා දෙවො භවෙය්‍යං, තෙ මෙ ආසවා පහීණා උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවකතා ආයතිං අනුප‍්පාදධම‍්මා. යෙසං ඛො අහං බ්‍රාහ‍්මණ, ආසවානං අප‍්පහීණත‍්තා ගන්‍ධබ‍්බො භවෙය්‍යං -පෙ- යක‍්ඛො භවෙය්‍යං -පෙ- මනුස‍්සො භවෙය්‍යං, තෙ මෙ ආසවා පහීණා උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවකතා ආයතිං අනුප‍්පාදධම‍්මා.
බමුණ, මම යම් බඳු කාමාදි ආස්‍රවයන්ගේ අප්‍රහීණභාවය හේතු කොට ගෙණ දෙවි වෙම් නම් මාගේ ඒ ආස්‍රවයෝ ප්‍රහීණයහ. මුලුසුන්හ. මස්තකච්ඡින්න තාලයක් මෙන් අවස්තුකභාවයට පමුණුවන ලදහ. අභාවප්‍රාප්ත කරණ ලදහ. මතුයෙහි නූපදනා දහම් ඇතියහ. බමුණ, මම යම්බඳු ආස්‍රව කෙනකුන්ගේ අප්‍රහීණභාවය හේතු කොට ගෙණ ගන්‍ධර්‍ව වෙම් නම් - යක්‍ෂ වෙම් නම් - මනුෂ්‍ය වෙම් නම් මාගේ ඒ ආස්‍රවයෝ ප්‍රහීණයහ. මුලුසුන්හ. මස්තකච්ඡින්නතාලයක් මෙන් අවස්තුකභාවයට පමුණුවන ලදහ. අභාවප්‍රාප්ත කරණ ලදහ. මතුයෙහි නූපදනා ස්වභාව ඇතියහ.
සෙය්‍යථාපි බ්‍රාහ‍්මණ, උප‍්පලං වා පදුමං වා පුණ‍්ඩරීකං වා උදකෙ ජාතං උදකෙ සංවඩ‍්ඪං උදකං අච‍්චුග‍්ගම‍්ම ඨාති අනුපලිත‍්තං උදකෙන. එවමෙව ඛො අහං බ්‍රාහ‍්මණ, ලොකෙ ජාතො ලොකෙ සංවඩ‍්ඪො ලොකං අභිභුය්‍ය විහරාමි අනුපලිත‍්තො ලොකෙන. බුද‍්ධොති මං බ්‍රාහ‍්මණ, ධාරෙහීති.
බමුණ, යම්සේ උපුලෙක් වේවයි, පියුමෙක් වේවයි, හෙළ පියුමෙක් වේවයි, දියෙහි උපන්නේ දියෙහි වැඩුනේ දිය පැනගෙන නැගී දියෙන් අනුපලිප්තව සිටුනේ ද, බමුණ, එපරිදි ම මම ලොව්හි උපනෙම්, ලොව්හි වැඩුනෙම්, ලොව මැඩ ගෙණ ලෝකයා විසින් අනුපලිප්තව වෙසෙමි. බමුණ, මා බුදුහ යි දනුව.
86. යෙන දෙවූපපත්‍යස‍්ස ගන්‍ධබ‍්බො වා විහඞ‍්ගමො, යක‍්ඛත‍්තං යෙන ගච‍්ඡෙය්‍යං මනුස‍්සත‍්තඤ‍්ච අබ‍්බජෙ, තෙ මය‍්හං ආසවා ඛීණා විද‍්ධස‍්තා විනලීකතා.
86. යම් කාමාදි ආස්‍රව කෙනෙකුන් නිසා මට දෙව්ලොව උපත් වේ නම්, ආකාශවර ගන්‍ධර්‍ව වෙම් නම්, යම් ආස්‍රව කෙනෙකුන් නිසා යක්බවට යෙම් නම්, මිනිස් බවට හා යෙම් නම්, මාගේ ඒ ආස්‍රවයෝ ක්‍ෂීණයහ. විධ්වස්තයහ. පහ කළ නල (බැඳුම්) ඇතියහ.
87. පුණ‍්ඩරීකං යථා වග‍්ගු තොයෙන නූපලිප‍්පති, නූපලිත‍්තොම‍්හි ලොකෙන, තස‍්මා බුද‍්ධොස‍්මි බ්‍රාහ‍්මණාති.
87. සිත්කලු හෙළ පියුමෙක් යම්සේ දියෙන් නො ගැල්වේ ද, එසෙයින් ම ලෝකයා විසින් උපලිප්ත නො වෙමි. බමුණ, එහෙයින් මම බුදුමි.