යෙදුමෙන් කියවන්න

වස‍්සකාරසුත‍්තං

4. 1. 4. 5.

4. 1. 4. 5.

[වස‍්සකාරසුත‍්තං]

[වස්සකාර සූත්‍රය]

35. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්‍දකනිවාපෙ. අථ ඛො වස‍්සකාරො බ්‍රාහ‍්මණො මගධමහාමත‍්තො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවතා සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො වස‍්සකාරො බ්‍රාහ‍්මණො මගධමහාමත‍්තො භගවන‍්තං එතදවොච:

35. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි (ලෙහෙනුන්ට වැටුප් දුන් හෙයින්) කලන්‍දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩ වසන සේක. එක්බිති මගධමහාමාත්‍ර වූ වස්සකාර බමුණු බුදුන් කරා එළඹියේ ය. එළඹ බුදුන් සමග සතුටු විය. සම්මෝදනයට නිසි සිහිකරනට නිසි කථා කොට නිමවා එකත්පස්ව හුන්නේ ය. එකත්පස්ව හුන් මගධමහාමාග්‍ර වස්සකාර බමුණු බුදුනට තෙල සැළ කෙළේ ය.

චතූහි ඛො මයං භො ගොතම, ධම‍්මෙහි සමන‍්නාගතං මහාපඤ‍්ඤං මහාපුරිසං පඤ‍්ඤපෙම. කතමෙහි චතූහි?

භවත් ගෞතමයන් වහන්ස, අපි සතර කරුණෙකින් සමන්‍වාගත වූ මහාප්‍රාඥයා මහාපුරුෂයකු කොට පණවම්හ. කවර සතර කරුණෙන යත්:

ඉධ භො ගොතම, බහුස‍්සුතො හොති තස‍්ස තස‍්සෙව සුතජාතස‍්ස. තස‍්ස තස‍්සෙව ඛො පන භාසිතස‍්ස අත්‍ථං ජානාති ‘අයං ඉමස‍්ස භාසිතස‍්ස අත්‍ථො, අයං ඉමස‍්ස භාසිතස‍්ස අත්‍ථො’ති. සතිමා ඛො පන හොති චිරකතම‍්පි චිරභාසිතම‍්පි සරිතා අනුස‍්සරිතා. යානි ඛො පන තානි ගහට‍්ඨකානි කිඞ‍්කරණීයානි, තත්‍ථ දක‍්ඛො හොති, අනලසො, තත්‍රූපායායවීමංසාය සමන‍්නාගතො අලං කාතුං අලං සංවිධාතුං. ඉමෙහි ඛො මයං භො ගොතම, චතූහි ධම‍්මෙහි සමන‍්නාගතං මහාපඤ‍්ඤං මහාපුරිසං පඤ‍්ඤපෙම. සචෙ පන මෙ භො ගොතම, අනුමොදිතබ‍්බං, අනුමොදතු මෙ භවං ගොතමො. සචෙ පන මෙ භො ගොතම, පටික‍්කොසිතබ‍්බං, පටික‍්කොසතු මෙ භවං ගොතමොති.

භවත් ගෞතමයන් වහන්ස, මෙලොව්හි ඒ ඒ ශ්‍රැතජාතය පිළිබඳ බහුශ්‍රැතයෙක් වෙයි. “මේ තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය, මේ තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය” යි කියා ඒ ඒ භාෂිතය පිළිබඳ අර්‍ත්‍ථය දන්නේ වෙයි. පෙර කළ දෑ පෙර වුණු දෑ සිහි කරණ, පුන පුනා ගොස් සිහි කොට ගන්නා ස්මෘති ඇතියෙක් වෙයි. ගිහිගෙහි වැටෙන, කුම් කෙරෙම්දැ යි විමසා කළ යුතු යම් ඒ දෑ ඇත් ද, එහි ලා අනලස් වූ එහි ලා උපායවීමාංසායෙන් සමන්‍වාගත වූ කරන්නට පොහොසත් සංවිධානයට පොහොසත් දක්‍ෂයෙක් වෙයි. භවත් ගෞතමයන් වහන්ස, අපි මේ සතර කරුණෙන් සමන්‍වාගත මහාප්‍රාඥයා මහාපුරුෂයකු කොට පණවම්හ. භවත් ගෞතමයන් වහන්ස, ඉදින් මබස අනුමෙවිය යුතු නම් භවත් ගෞතමයන් වහන්සේ මබස අනුමෝදන් කෙරෙත්වා. භවත් ගෞතමයන් වහන්ස, ඉදින් මබස නෙරලිය යුතු නම් භවත් ගෞතමයන් වහන්සේ මබස නෙරත්වා යි.

නෙව ඛො ත්‍යාහං බ්‍රාහ‍්මණ, අනුමොදාමි. න පටික‍්කොසාමි. චතූහි ඛො අහං බ්‍රාහ‍්මණ, ධම‍්මෙහි සමන‍්නාගතං මහාපඤ‍්ඤං මහාපුරිසං පඤ‍්ඤපෙමි. කතමෙහි චතූහි?

බමුණ, තාගේ වචනය මම අනුමෝදන් නො කරමි. නො ද බැහැර කරමි. බමුණ, මම සතර කරුණෙකින් සමන්‍වාගත මහපැණැතියා මහපුරිස් කොට පණවමි. කවර සතර කරුණෙන යත්:

ඉධ බ්‍රාහ‍්මණ, බහුජනහිතාය පටිපන‍්නො හොති බහුජනසුඛාය බහු’ස‍්ස ජනතා අරියෙ ඤායෙ පතිට‍්ඨාපිතා, යදිදං කල්‍යාණධම‍්මතා කුසලධම‍්මතා.

බමුණ, මෙලොව බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුඛ පිණිස පිළිපන්නෙක් වෙයි. ඔහු විසින් කල්‍යාණධර්‍මතා සඞ්ඛ්‍යාත, කුශලධර්‍මතා සඞ්ඛ්‍යාත විවසුන් සහගිය මගෙහි බොහෝ ජනතාව පිහිටුවන ලදු වෙයි.

සො යං විතක‍්කං ආකඞ‍්ඛති විතක‍්කෙතුං. තං විතක‍්කං විතක‍්කෙති. යං විතක‍්කං නාකඞ‍්ඛති විතක‍්කෙතුං, න තං විතක‍්කං විතක‍්කෙති. යං සඞ‍්කප‍්පං ආකඞ‍්ඛති සඞ‍්කප‍්පෙතුං, තං සඞ‍්කප‍්පං සඞ‍්කප‍්පෙති. යං සඞ‍්කප‍්පං නාකඞ‍්ඛති සඞ‍්කප‍්පෙතුං, න තං සඞ‍්කප‍්පං සඞ‍්කප‍්පෙති. ඉති චෙතොවසිප‍්පත‍්තො හොති විතක‍්කපථෙසු.

හේ නෙක්ඛම්මාදි යම් විතර්‍කයක් විතර්‍කනය කරන්නට කැමැති වේ ද, ඒ විතර්‍කය විතර්‍කනය කෙරෙයි. කාමාදි යම් විතර්‍කයක් විතර්‍කනය කරන්නට නො කැමැති වේ ද, ඒ විතර්‍කය විතර්‍කනය නො කෙරෙයි. යම් සංකල්පයක් සංකල්පනා කරන්නට කැමැති වේ ද, ඒ සංකල්පය සංකල්පනා කෙරෙයි. යම් සංකල්පයක් සංකල්පනා කරන්නට නො කැමැති වේ ද, ඒ සංකල්පය සංකල්පනා නො කෙරෙයි. මෙසේ විතර්‍කපථයෙහි චිත්තවශීප්‍රාප්ත වේ:

චතුන‍්නං ඣානානං ආභිචෙතසිකානං දිට‍්ඨධම‍්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච‍්ඡලාභී අකසිරලාභී.

විශුද්ධචිත්තසංනිඃශ්‍රිත වූ ඉහාත්මසුඛවිහරණ ඇති සතර වැදෑරුම් දැහැන් කැමැති සේ ලබන සුල්ලේ, නිදුකින් ලබන සුල්ලේ, විපුල සේ ලබන සුල්ලේ වෙයි.

ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති.

ආස්‍රවක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තමන් විසින් ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ගෙණ ඇටිඇටිසඳ සමවැද වෙසෙයි.

නෙව ඛො ත්‍යාහං බ්‍රාහ‍්මණ, අනුමොදාමි. න පන පටික‍්කොසාමි. ඉමෙහි ඛො අහං බ්‍රාහ‍්මණ, චතූහි ධම‍්මෙහි සමන‍්නාගතං මහාපඤ‍්ඤං මහාපුරිසං පඤ‍්ඤාපෙමීති.

බමුණ, තාගේ වචනය මම අනුමෝදන් නො කරමි. නො ද බැහැර කෙරෙමි. බමුණ, මේ සතර කරුණින් සමන්‍වාගත මහපැණැතියා මහපුරිස් කොට පණවමි.

අච‍්ඡරියං භො ගොතම. අබ‍්භුතං භො ගොතම. යාවසුභාසිතං චිදං භොතා ගොතමෙන. ඉමෙහි ච මයං චතූහි ධම‍්මෙහි සමන‍්නාගතං භවන‍්තං ගොතමං ධාරෙම.

භවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්‍ය්‍යය, භවත් ගෞතමයන් වහන්ස, අද්භූතය, භවත් ගෞතමයන් වහන්සේ විසින් තෙල බස පරමකෝටින් සුභාෂිතය. අපි භවත් ගෞතමයන් වහන්සේ මේ සතර ධර්‍මයෙන් සමන්‍වාගතයකු කොට ධරම්හ.

භවං හි ගොතමො බහුජනහිතාය පටිපන‍්නො බහුජනසුඛාය, බහු තෙ ජනතා අරියෙ ඤායෙ පතිට‍්ඨාපිතා යදිදං කල්‍යාණධම‍්මතා කුසලධම‍්මතා.

භවත් ගෞතමයන් වහන්සේ වනාහි බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුඛ පිණිස පිළිපන් සේක. මුබ වහන්සේ විසින් බොහෝ ජනතාවක් කල්‍යාණධර්‍මතා කුශලධර්‍මතා සඞ්ඛ්‍යාත ආර්‍ය්‍යන්‍යාය යි කියන ලද විවසුන් සහගිය මගෙහි පිහිටුවන ලදු.

භවං හි ගොතමො යං විතක‍්කං ආකඞ‍්ඛති විතක‍්කෙතුං, තං විතක‍්කං විතක‍්කෙති. යං විතක‍්කං නාකඞ‍්ඛති විතක‍්කෙතුං, න තං විතක‍්කං විතක‍්කෙති. යං සඞ‍්කප‍්පං ආකඞ‍්ඛති සඞ‍්කප‍්පෙතුං, තං සඞ‍්කප‍්පං සඞ‍්කප‍්පෙති. යං සඞ‍්කප‍්පං නාකඞ‍්ඛති සඞ‍්කප‍්පෙතුං, න තං සඞ‍්කප‍්පං සඞ‍්කප‍්පෙති. භවං හි ගොතමො චෙතොවසිප‍්පත‍්තො විතක‍්කපථෙසු.

භවත් ගෞතමයන් වහන්සේ නෙක්ඛම්මාදි යම් විතර්‍කයක් විතර්‍කනයට කැමැති සේක් ද, ඒ විතක් විතකන සේක. යම් කාමාදි විතර්‍කයක් විතකන්නට නො කැමැති සේක් ද, ඒ විතක් නො විතකන සේක. යම් සංකල්පයක් සංකල්පනය කිරීමට කැමැති සේක් ද, ඒ සංකල්පය සංකල්පනය කරණ සේක. යම් සංකල්පයක් සංකල්පනා කරන්නට නො කැමැති සේක් ද, ඒ සංකල්පනාව සංකල්පනා නො කරණ සේක. භවත් ගෞතමයන් වහන්සේ විතර්‍ක පථයෙහි චිත්තවශී ප්‍රාප්තයහ.

භවං හි ගොතමො චතුන‍්නං ඣානානං ආභිචෙතසිකානං දිට‍්ඨධම‍්මසුඛවිහාරානං නිකාමලාභී අකිච‍්ඡලාභී අකසිරලාභී.

භවත් ගෞතමයන් වහන්සේ වනාහි විශුද්ධ චිත්ත සංනිඃශ්‍රිත වූ ඉහාත්ම සුඛ විහරණ ඇති සිවු දැහැන් කැමැති සේ ලබන සුල්ලහ. නිදුකින් ලබන සුල්ලහ. විපුල කොට ලබන සුල්ලහ.

භවං හි ගොතමො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරතීති.

භවත් ගෞතමයන් වහන්සේ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධිය ඵලප්‍රඥාව ඉහාත්මයෙහි ම තමන් වහන්සේ වෙසෙසින් දැන පසක් කොට ගෙණ සමවැද වසන සේක.

අද‍්ධා ඛො තෙ බ්‍රාහ‍්මණ, ආසජ‍්ජ උපනීයවාචා භාසිතා. අපි ච ත්‍යාහං ව්‍යාකරිස‍්සාමි:

බමුණ, තා විසින් ඝටා එළවා තෙපුලෙක් ඒකාන්තයෙන් ම බණන ලදී. වැලිත් තාහට මම එළි කොට කියන්නෙමි.

අහං හි බ්‍රාහ‍්මණ, බහුජනහිතාය පටිපන‍්නො බහුජනසුඛාය. බහු මෙ ජනතා අරියෙ ඤායෙ පතිට‍්ඨාපිතා, යදිදං කල්‍යාණධම‍්මතා කුසලධම‍්මතා.

බමුණ, මම වනාහි බහුජනහිතය පිණිස, බහුජනසුඛය පිණිස පිළිපන්මි. මා විසින් කල්‍යාණධර්‍මතා කුශලධර්‍මතා සඞ්‍යාත වූ ආර්‍ය්‍යන්‍යාය යි කියන ලද විවසුන් සහගිය මගෙහි බොහෝ ජනතාවක් පිහිටුවන ලදු.

අහං හි බ්‍රාහ‍්මණ, යං විතක‍්කං ආකඞ‍්ඛාමි විතක‍්කෙතුං, තං විතක‍්කං විතක‍්කෙමි. යං විතක‍්කං නාකඞ‍්ඛාමි විතක‍්කෙතුං, න තං විතක‍්කං විතක‍්කෙමි. යං සඞ‍්කප‍්පං ආකඞ‍්ඛාමි සඞ‍්කප‍්පෙතුං, තං සඞ‍්කප‍්පං සඞ‍්කප‍්පෙමි. යං සඞ‍්කප‍්පං නාකඞ‍්ඛාමි සඞ‍්කප‍්පෙතුං, න තං සඞ‍්කප‍්පං සඞ‍්කප‍්පෙමි.

බමුණ, මම යම් විතර්‍කයක් විතකන්නට කැමැතියෙම් ද, ඒ විතක් විතකමි. යම් විතර්‍කයක් විතකන්නට නො කැමැතියෙම් ද, ඒ විතක් නො විතකමි. යම් සංකල්පයක් සංකල්පනය පිණිස කැමැතියෙම් ද, ඒ සංකල්පය සංකල්පනා කරමි. යම් සංකල්පයක් සංකල්පනය පිණිස නො කැමැතියෙම් ද, ඒ සංකල්පය සංකල්පනා නො කරමි.

අහං හි බ්‍රාහ‍්මණ, චෙතොවසිප‍්පත‍්තො විතක‍්කපථෙසු. අහං හි බ්‍රාහ‍්මණ, චතුන‍්නං ඣානානං ආභිචෙතසිකානං දිට‍්ඨධම‍්මසුඛවිහාරානං නිකාමලාභී අකිච‍්ඡලාභී අකසිරලාභී.

බ්‍රාහ්මණය, මම විතර්‍කපථයෙහි චිත්තවශීප්‍රාප්තයෙමි. බ්‍රාහ්මණය, මම විශුද්ධචිත්තසංනිඃශ්‍රිත වූ දෘෂ්ටධර්‍මසුඛ විහරණ වූ සිවු දැහැන් කැමැති සේ ලබන සුල්ලෙම් නිදුකින් ලබන සුල්ලෙම්, විපුල සේ ලබන සුල්ලෙම් වෙමි.

අහං හි බ්‍රාහ‍්මණ, ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරාමීති.

බ්‍රාහ්මණය, මම ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධිය හා ඵලප්‍රඥාව ඉහාත්මයෙහි ම තමා විසින් වෙසෙසින් දැන පසක් කොට සමවැද වෙසෙමි.

84. යො වෙදි සබ‍්බසත‍්තානං මච‍්චුපාසා පමොචනං, හිතං දෙවමනුස‍්සානං ඤායං ධම‍්මං පකාසයී, යං වෙ දිස‍්වා ච සුත්‍වා ච පසීදති බහුජ‍්ජනො.

84. යම් කෙනෙක් සර්‍වසත්ත්‍වයන්ගේ මෘත්‍යුපාශය මුදා ලන මග අවබෝධ කළ සේක් ද, යම් ධර්‍මයක් නුවණින් දැක අසා බොහෝ දෙන ඒකාන්තයෙන් පහදනේ ද, දෙවිමිනිස්නට හිත වූ ඒ න්‍යායධර්‍මය පැවසූ සේක් ද,

85. මග‍්ගාමග‍්ගස‍්ස කුසලො කතකිච‍්චො අනාසවො, බුද‍්ධො අන‍්තිමසාරීරො මහාපඤ‍්ඤො මහාපුරිසොති වුච‍්චතීති.

85. මාර්‍ගාමාර්‍ග පිළිබඳ කුශල වූ කෘතකෘත්‍ය වූ අනාස්‍රව වූ අන්තිම දේහධාරී වූ චතුස්සත්‍යාවබෝධ ඇති ඒ මහාප්‍රාඥයන් වහන්සේ මහාපුරුෂයහ යි කියනු ලැබෙත්.