අග්ගප්පසාදසුත්තං
4. 1. 4. 4.
4. 1. 4. 4.
[අග්ගප්පසාදසුත්තං]
[අග්ගප්පසාද සූත්‍රය]
34. චත්තාරො’මෙ භික්ඛවෙ, අග්ගප්පසාදා. කතමෙ චත්තාරො?
34. මහණෙනි, මේ අග්‍රප්‍රසාදයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
යාවතා භික්ඛවෙ, සත්තා අපදා වා දිපදා වා චතුප්පදා වා බහුප්පදා වා රූපිනො වා අරූපිනො වා සඤ්ඤිනො වා අසඤ්ඤිනො වා නෙවසඤ්ඤිනාසඤ්ඤිනො වා, තථාගතො තෙසං අග්ගමක්ඛායති අරහං සම්මාසම්බුද්ධො. යෙ භික්ඛවෙ, බුද්ධෙ පසන්නා, අග්ගෙ තෙ පසන්නා. අග්ගෙ ඛො පන පසන්නානං අග්ගො විපාකො හොති.
මහණෙනි, පා නැති හෝ දෙපා ඇති හෝ සියුපා ඇති හෝ බොහෝ පා ඇති හෝ රූපී වූ හෝ අරූපී වූ හෝ සංඥී වූ හෝ අසංඥී වූ හෝ නෛවසංඥීනාසංඥී (භවාග්රගත) වූ හෝ යම් පමණ සත්ත්වයෝ ඇත් ද, ඔවුනට අර්හත් සම්‍යක්සම්බුද්ධ තථාගතයන් වහන්සේ අග්‍රයහ යි කියනු ලැබෙත්. මහණෙනි, යම් කෙනෙක් බුදුන් කෙරෙහි ප්‍රසන්න වෙත් ද, ඔහු අග්‍රස්ථානයෙහි ප්‍රසන්නයහ. අග්‍රස්ථානයෙහි ප්‍රසන්නයනට අග්‍රවිපාකයෙක් වෙයි.
යාවතා භික්ඛවෙ, ධම්මා සඞ්ඛතා, අරියො අට්ඨඞ්ගිකො මග්ගො තෙසං අග්ගමක්ඛායති. යෙ භික්ඛවෙ, අරියෙ අට්ඨඞ්ගිකෙ මග්ගෙ පසන්නා, අග්ගෙ තෙ පසන්නා. අග්ගෙ ඛො පන පසන්නානං අග්ගො විපාකො හොති.
මහණෙනි, යම් පමණ හේතුයෙන් නිපන් දහම්හු ඇත් ද, අරී අටඟිමග ඔවුනට අග්‍රය යි කියනු ලැබේ. මහණෙනි, යම් කෙනෙක් අරී අටඟි මගෙහි ප්‍රසන්න වෙත් ද, ඔහු අග්‍රස්ථානයෙහි ප්‍රසන්නයහ. අග්‍රස්ථානයෙහි ප්‍රසන්නයනට විපාකයෙක් වෙයි.
යාවතා භික්ඛවෙ, ධම්මා සඞ්ඛතා වා අසඞ්ඛතා වා, විරාගො තෙසං ධම්මානං අග්ගමක්ඛායති. යදිදං මදනිම්මදනො පිපාසවිනයො ආලයසමුග්ඝාතො වට්ටුපච්ඡෙදො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං. යෙ භික්ඛවෙ, ධම්මෙ පසන්නා, අග්ගෙ තෙ පසන්නා. අග්ගෙ ඛො පන පසන්නානං අග්ගො විපාකො හොති.
මහණෙනි, හේතුයෙන් නිපන්නා වූ හෝ හේතුයෙන් නො නිපන්නා වූ හෝ යම් පමණ දහම්හු ඇත් ද, ඔවුනට නිවන අග්‍රය යි කියනු ලැබේ. රාගාදී මද මඩනා, පවස් සන්හිඳුවන, ආලයතෘෂ්ණා නසන, වටදුක් සිඳලන, තෘෂ්ණාක්ෂය කරණ, විගතරාග ඇති, නිරෝධ සඞ්ඛාත නිවණෙක් ඇත් ද, එය යි. මහණෙනි, යම් කෙනෙක් විරාගධර්‍මයෙහි ප්‍රසන්න වෙත් ද, ඔහු අග්‍රස්ථානයෙහි ප්‍රසන්නයහ. අග්‍රස්ථානයෙහි ප්‍රසන්නයනට අග්‍රවිපාකයෙක් වෙයි.
යාවතා භික්ඛවෙ, සඞ්ඝා වා ගණා වා, තථාගතසාවකසඞ්ඝො තෙසං අග්ගමක්ඛායති. යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා එස භගවතො සාවකසඞ්ඝො ආහුනෙය්යො පාහුණෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. යෙ භික්ඛවෙ, සඞ්ඝෙ පසන්නා, අග්ගෙ තෙ පසන්නා. අග්ගෙ ඛො පන පසන්නානං අග්ගො විපාකො හොති.
මහණෙනි, යම් පමණ සඟහු හෝ වෙත් ද, ගණහු හෝ වෙත් ද, තථාගතශ්රාවකසඞ්ඝ ඔවුනට අග්‍රය යි කියනු ලැබේ. යම් සතර පුරුෂයුග කෙනෙක් වෙත් ද, අෂ්ටාර්ය්ය පුද්ගල කෙනෙක් වෙත් ද, බුදුන් ගේ මේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ ආහුන සඞ්ඛ්‍යාත සත්කාරයට නිසිය, පාහුණ සඞ්ඛ්‍යාත ආගන්තුක සත්කාරයට නිසිය. දක්ෂිණාවට නිසිය. අඤ්ජලිකරණයට නිසිය, ලෝකයාහට අනුත්තර පුණ්යක්ෂේත්රය වෙයි. මෙබඳු ශ්‍රාවකසඞ්ඝයා යි. මහණෙනි, යම් කෙනෙක් සඟුන් කෙරෙහි ප්‍රසන්න වෙත් ද, ඔහු අග්‍රස්ථානයෙහි ප්‍රසන්නයහ. අග්‍රස්ථානයෙහි ප්‍රසන්නයනට අග්‍රවිපාකයෙක් වෙයි.
ඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො අග්ගප්පසාදාති.
මහණෙනි, මේ සතර අග්‍රප්‍රසාදයෝ ය.
80. අග්ගතො වෙ පසන්නානං අග්ගං ධම්මං විජානතං, අග්ගෙ බුද්ධෙ පසන්නානං දක්ඛිණෙය්යෙ අනුත්තරෙ.
80. අග්‍රස්ථානයෙහි එකැතින් පහන් වූ අග්‍ර චතුස්සත්යධර්මය දන්නා වූ, දක්ෂිණාර්හ වූ අනුත්තර වූ අග්‍ර වූ බුදුන් කෙරෙහි පහන් ඇත්තනට -
81. අග්ගෙ ධම්මෙ පසන්නානං විරාගූපසමෙ සුඛෙ, අග්ගෙ සඞ්ඝෙ පසන්නානං පුඤ්ඤක්ඛෙත්තෙ අනුත්තරෙ.
81. විරෝගොපශමසුඛ සඞ්ඛ්‍යාත අග්රධර්මයෙහි පහන් ඇත්තනට, පුණ්‍යක්‍ෂේත්‍ර වූ අනුත්තර වූ අග්‍ර සඞ්ඝයා කෙරෙහි පහන් ඇත්තනට -
82. අග්ගස්මිං දානං දදතං අග්ගං පුඤ්ඤං පවඩ්ඪති, අග්ගං ආයුං ච වණ්ණො ච යසො කිත්ති සුඛං බලං.
82. අග්‍රස්ථානයෙහි ලා දන් දෙන ඇත්තනට අග්‍ර පින් වැඩේ. අග්‍ර වූ ආයුෂය, වර්ණය, යශස, කීර්‍තතිය, සුඛය, බලය ද ලැබේ.
83. අග්ගස්ස දාතා මෙධාවී අග්ගධම්මසමාහිතො, දෙවභූතො මනුස්සො වා අග්ගප්පත්තො පමොදතීති.
83. අග්‍ර වූ ශ්‍රද්ධාදි ධර්මයෙන් යුක්ත වූයේ අග්‍ර වූ සඞ්ඝරත්නය විෂයෙහි දන් දෙන ප්රශස්ත නුවණ ඇතියේ දෙවිබවට පැමිණියේ හෝ මිනිසත්බවට පැමිණියේ හෝ අග්‍රප්‍රාප්ත ව සතුටු වෙයි.