යෙදුමෙන් කියවන්න

සීහසුත‍්තං

4. 1. 4. 3.

4. 1. 4. 3.

[සීහසුත‍්තං]

[සීහ සූත්‍රය]

33. සීහො භික‍්ඛවෙ, මිගරාජා සායන‍්හසමයං ආසයා නික‍්ඛමති. ආසයා නික‍්ඛමිත්‍වා විජම‍්භති. විජම‍්භිත්‍වා සමන‍්තා චතුද‍්දිසා අනුවිලොකෙති. සමන‍්තා චතුද‍්දිසා අනුවිලොකෙත්‍වා තික‍්ඛත‍්තුං සීහනාදං නදති. තික‍්ඛත‍්තුං සීහනාදං නදිත්‍වා ගොචරාය පක‍්කමති. යෙ ඛො පන තෙ භික‍්ඛවෙ, තිරච‍්ඡානගතා පාණා සීහස‍්ස මිගරඤ‍්ඤො නදතො සද‍්දං සුණන‍්ති, තෙ යෙභුය්‍යෙන භයං සංවෙගං සන‍්තාසං ආපජ‍්ජන‍්ති. බිලං බිලාසයා පවිසන‍්ති, දකං දකාසයා පවිසන‍්ති, වනං වනාසයා පවිසන‍්ති, ආකාසං පක‍්ඛිනො භජන‍්ති.

33. මහණෙනි, මෘගරාජන් වූ සිංහ සවස් වේලෙහි වසන තැනින් නික්මෙයි. වාසයෙන් නික්ම වජඹයි. වැජඹ අවට සතර දික් බලයි. හාත්පස සිවුදිගුන් බලා තුන් යලක් සිහනද කෙරෙයි. තුන් යලක් සිංහනාද කොට ගොදුරට යෙ යි. මහණෙනි, යම් තිරිසන්ගිය ප්‍රාණීහු නද කරණ මෘගරාජන් වූ සිංහයාගේ හඬ අසත් ද, ඔහු බෙහෙවින් භයට සංවේගයට සන්ත්‍රාසයට පැමිණෙත්. බිලවාසීහු බිලට වදිත්. උදකවාසීහු දියට වදිත්. වනවාසීහු වලට වදිත්. පක්‍ෂීහු අහස බෙජෙත්.

යෙපි තෙ භික‍්ඛවෙ, රඤ‍්ඤො නාගා ගාමනිගමරාජධානීසු දළ‍්හෙහි වරත‍්තෙහි බන්‍ධනෙහි බද‍්ධා, තෙපි තානි බන්‍ධනානි සඤ‍්ඡින්‍දිත්‍වා සම‍්පදාළෙත්‍වා භීතා මුත‍්තකරීසං චජමානා යෙන වා තෙන වා පලායන‍්ති. එවං මහිද‍්ධියො ඛො, භික‍්ඛවෙ, සීහො මිගරාජා තිරච‍්ඡානගතානං පාණානං, එවං මහෙසක‍්ඛො එවං මහානුභාවො.

මහණෙනි, ගම් නියම්ගම් රජදහන්හි දළ සම්මුවා යොත්බහනින් බැඳ ලූ රාජකීය යම් හස්තීහු ඇත් ද, ඔහු දු ඒ බහන් සිඳ බිඳ බියපත් වූවාහු මලමූ හෙළමින් හිස් ලූ ලූ අත පලත්. මහණෙනි, එවැනි මහත් ඉදුහ ඇති සිංහ මෘගරාජ තිරිසන්ගිය සතුනට එවැනි මහේශාඛ්‍ය වෙයි. එවැනි මහානුභාව වෙයි.

එවමෙව ඛො භික‍්ඛවෙ, යදා තථාගතො ලොකෙ උප‍්පජ‍්ජති අරහං සම‍්මාසම‍්බුද‍්ධො විජ‍්ජාචරණසම‍්පන‍්නො සුගතො ලොකවිදූ අනුත‍්තරො පුරිසදම‍්මසාරථි සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවා. සො ධම‍්මං දෙසෙති: ‘ඉති සක‍්කායො, ඉති සක‍්කායසමුදයො, ඉති සක‍්කායනිරොධො, ඉති සක‍්කායනිරොධගාමිනී පටිපදා’ති.

මහණෙනි, එපරිදි ම යම් කලෙක අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ විද්‍යාචරණසම්පන්න වූ සුගත වූ ලෝකවිත් වූ අනුත්තර වූ පුරුෂදම්‍යසාරථි වූ දෙවි මිනිස්නට ශාස්තෘ වූ සිවුසස් අවබෝධ කළා වූ භාග්‍යවත් වූ තථාගතයන් වහන්සේ ලෝකයෙහි උපදනා සේක් ද, උන්වහන්සේ දහම් දෙසන සේක: සත්කාය මේ ය, සත්කායසමුදය මේ ය, සත්කායනිරෝධය මේ ය, සත්කායනිරෝධගාමිනී ප්‍රතිපත් මේ ය, කියා යි.

යෙපි තෙ භික‍්ඛවෙ, දෙවා දීඝායුකා වණ‍්ණවන‍්තො සුඛබහුලා උච‍්චෙසු විමානෙසු චිරට‍්ඨිතිකා, තෙපි තථාගතස‍්ස ධම‍්මදෙසනං සුත්‍වා යෙභුය්‍යෙන භයං සංවෙගං සන‍්තාසං ආපජ‍්ජන‍්ති.

මහණෙනි, දීර්‍ඝායුෂ්ක වූ ශරීරවර්‍ණයෙන් වර්‍ණවත් වූ සුඛබහුල වූ උස් විමානයෙහි චිරස්ථායී ව සිටුනා වූ යම් දෙවි කෙනෙක් ඇත් ද, ඔහුත් තථාගතයන් වහන්සේගේ දම්දෙසුම් අසා බෙහෙවින් භයට සංවේගයට සන්ත්‍රාසයට වදිත්.

අනිච‍්චා වත කිර භො මයං සමානා නිච‍්චම‍්හා’ති අමඤ‍්ඤිම‍්හ. අද‍්ධුවා වත කිර භො මයං සමානා ධුවම‍්හා’ති අමඤ‍්ඤිම‍්හ. අසස‍්සතා වත කිර භො මයං සමානා සස‍්සතම‍්හා’ති අමඤ‍්ඤිම‍්හ. මයම‍්පි කිර භො අනිච‍්චා අද‍්ධුවා අසස‍්සතා සක‍්කායපරියාපන‍්නා’ති.

“භවත්නි, අපි ඒකාන්තයෙන් අනිත්‍ය ව සිටියමෝ නිත්‍යයම්හ යි සිතුම්හ භවත්නි, අපි ඒකාන්තයෙන් අධ්‍රැව වූවමෝ ධ්‍රැවයම්හ යි සිතුම්හ. භවත්නි අපි ඒකාන්තයෙන් අශාශ්වත වූවමෝ ශාශ්වතයම්හ යි සිතුම්හ. භවත්නි, අපි වූකලී අනිත්‍යයම්හ, අධ්‍රැවයම්හ, අශාශ්වතයම්හ. පඤ්චස්කන්‍ධපර්‍ය්‍යාපන්නයම්හ” යි කියා යි.

එවං මහිද‍්ධියො ඛො භික‍්ඛවෙ, තථාගතො සදෙවකස‍්ස ලොකස‍්ස. එවං මහෙසක‍්ඛො එවං මහානුභාවොති.

මහණෙනි, සදේවක ලෝකයාට තථාගතයන් වහන්සේ එවැනි මහර්ධි ඇතියහ. එවැනි මහේශාඛ්‍යයහ. එවැනි මහානුභාවයහ.

76. යදා බුද‍්ධො අභිඤ‍්ඤාය ධම‍්මචක‍්කං පවත‍්තයි, සදෙවකස‍්ස ලොකස‍්ස සත්‍ථා අප‍්පටිපුග‍්ගලො.

76-77. ශාස්තෘ වූ, සදෘශපුද්ගලරහිත වූ තථාගතයන් වහන්සේ යම් කලෙක චතුස්සත්‍යාවබෝධ කොට ගෙණ සදේවක ලෝකයාහට පඤ්චස්කන්‍ධය ද එහි නිරෝධය ද පඤ්චස්කන්‍ධසමුදය ද දුක් සන්හිඳීම වූ නිවන් කරා යන අරීඅටඟි මග දැ යි ධර්‍මචක්‍රය (දේශනාඥානයෙන්) පැවැත් වූ සේක් ද

77. සක‍්කායඤ‍්ච නිරොධඤ‍්ච සක‍්කායස‍්ස ච සම‍්භවං, අරියං චට‍්ඨඞ‍්ගිකං මග‍්ගං දුක‍්ඛූපසමගාමිනං.

78. යෙපි දීඝායුකා දෙවා වණ‍්ණවන‍්තො යසස‍්සිනො, භීතා සන‍්තාසමාපාදුං සීහස‍්සෙවිතරෙමිගා.

78-79. (ලාභාදියෙහි) තාදී වූ කෙලෙසුන් කෙරෙන් මිදුනු අර්‍හත් ඒ බුදුන්ගේ බස් අසා, “භවත්නි, අපි පඤ්චස්කන්‍ධය පැන නොගියම්හු ල, අනිත්‍යයම්හු ලැ” යි කියා, ශරීරවර්‍ණයෙන් වර්‍ණවත් වූ යශස්වී වූ දීර්‍ඝායුෂ්ක වූ යම් දෙවියෝ ඇත් ද ඔහු සිංහරාජයාට ඉතරමෘගයන් බියපත් වන්නාක් සෙයින් බිය වැදුනාහු සංත්‍රාසයට වැටුනාහ.

79. අවීතිවත‍්තා සක‍්කායං අනිච‍්චා කිර භො මයං, සුත්‍වා අරහතො වාක්‍යං විප‍්පමුත‍්තස‍්ස තාදිනො’ති.