යෙදුමෙන් කියවන්න

චක‍්කසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

4. 1. 4. 1.

4. 1. 4. 1.

[චක‍්කසුත‍්තං]

[චක්ක සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

31. චත‍්තාරිමානි භික‍්ඛවෙ, චක‍්කානි යෙහි සමන‍්නාගතානං දෙවමනුස‍්සානං චතුචක‍්කං වත‍්තති, යෙහි සමන‍්නාගතා දෙවමනුස‍්සා නචිරස‍්සෙව මහන‍්තත‍්තං වෙපුල‍්ලත‍්තං පාපුණන‍්ති භොගෙසු.

31. මහණෙනි, යමෙකින් සමන්‍වාගත දෙවිමිනිස්නට චතුඃසම්පච්චක්‍ර රඳා පවත්නේ ද, යමෙකින් සමන්‍වාගත දෙවිමිනිස්හු මඳ කලෙකින් ම භෝගයෙහි මහත්බවට විපුලබවට පැමිණෙත් ද, එබඳු වූ මේ සතර චක්‍ර කෙනෙකි.

කතමානි චත‍්තාරි? පතිරූපදෙසවාසො, සප‍්පුරිසුපස‍්සයො, අත‍්තසම‍්මාපණිධි, පුබ‍්බෙ ච කතපුඤ‍්ඤතා.

කවර සතර කෙනෙක යත්: ප්‍රතිරූපදේශවාසය, සත්පුරුෂ භජනය, තමන් මොනොවට (ශ්‍රද්ධාදියෙහි) පිහිටුවා ගැන්ම ය, පෙර කළ පින් ඇති බව යි.

ඉමානි ඛො භික‍්ඛවෙ, චත‍්තාරි චක‍්කානි, යෙහි සමන‍්නාගතානං දෙවමනුස‍්සානං චතුචක‍්කං වත‍්තති, යෙහි සමන‍්නාගතා දෙවමනුස‍්සා න චිරස‍්සෙව මහන‍්තත‍්තං වෙපුල‍්ලත‍්තං පාපුණන‍්ති භොගෙසූති.

මහණෙනි, යමෙකින් සමන්‍වාගත දෙවිමිනිස්නට චතුශ්චක්‍ර රඳා පවත්නේ ද, යමෙකින් සමන්‍වාගත දෙවිමිනිස්හු මඳ කලෙකින් ම භෝගයෙහි මහත්බවට විපුලබවට පැමිණෙත් ද, එබඳු වූ මේ සතර චක්‍රසම්පත්හු යි.

72. පතිරූපෙ වසෙ දෙසෙ අරියමිත‍්තකරො සියා, සම‍්මාපණිධිසම‍්පන‍්නො පුබ‍්බෙ පුඤ‍්ඤකතො නරො, ධඤ‍්ඤං ධනං යසො කිත‍්ති සුඛං චෙතාධිවත‍්තතීති.

72. මිනිස් ප්‍රතිරූපදෙශයෙහි වසන්නේ ය. බුද්ධා දී ආර්‍ය්‍යයන්ගේ සිත් අරියනුවෙක් වන්නේ ය. සම්‍යක් චිත්තප්‍රණිධියෙන් සමන්‍වාගත වන්නේ ය. පෙර කළ පින් ඇතියෙක් වන්නේ ය. ධාන්‍යය ද ධනය ද යශස් ද කීර්‍තති ද සුඛ ද යන මේ තෙල මිනිසා වතුරන්නේ ය.

4. 1. 4. 2.

4. 1. 4. 2.

[සඞ‍්ගහවත්‍ථුසුත‍්තං]

[සඞ්ගහවත්‍ථු සූත්‍රය]

32. චත‍්තාරිමානි භික‍්ඛවෙ සඞ‍්ගහවත්‍ථූනි.

32. මහණෙනි, මේ සංග්‍රහ වස්තූහු සතර දෙනෙකි.

කතමානි චත‍්තාරි? දානං, පෙය්‍යවජ‍්ජං, අත්‍ථචරියා, සමානත‍්තතා.

කවර සතර දෙනෙක යත්: දානය, ප්‍රියවචනය, අර්‍ත්‍ථචර්‍ය්‍යාය, සමානාත්මතා යි.

ඉමානි ඛො භික‍්ඛවෙ, චත‍්තාරි සඞ‍්ගහවත්‍ථූනීති.

මහණෙනි, මේ සතර සඞ්ග්‍රහ වස්තූහු යි.

73. දානඤ‍්ච පෙය්‍යවජ‍්ජඤ‍්ච අත්‍ථචරියා ච යා ඉධ, සමානත‍්තතා ච ධම‍්මෙසු තත්‍ථ තත්‍ථ යථාරහං, එතෙ ඛො සඞ‍්ගහා ලොකෙ රථස‍්සාණීව යායතො.

73. මෙලොව යම් දානයෙක් වේ ද, යම් ප්‍රිය වචනයෙක් වේ ද, යම් අර්‍ත්‍ථසංවර්‍ධනකථායෙක් වේ ද, ඒ ඒ ධර්‍මෙයහි යථාර්‍හවශයෙන් සුඛදුඃඛ විසින් සමානාත්මතායෙක් වේ ද, ලෝකයෙහි සිටුනා තෙල සඞ්ග්‍රහයෝ ගමන්ගත් රථයාගේ අකුරග ගැසූ ඇණය වැනියහ.

74. එතෙ ච සඞ‍්ගහා නාස‍්සු න මාතා පුත‍්තකාරණා, ලභෙථ මානං පූජං වා පිතා වා පුත‍්තකාරණා.

74. තෙල සංග්‍රහයෝ නො වෙත් නම්, මවු පුතු කාරණ කොට ගෙණ බුහුමන් හෝ පිදුම් හෝ නො ලබයි. පුතු කාරණ කොට ගෙණ පියා හෝ (මානාදිය) නො ලබයි.

75. යස‍්මා ච සඞ‍්ගහා එතෙ සමවෙක‍්ඛන‍්ති පණ‍්ඩිතා, තස‍්මා මහත‍්තං පප‍්පොන‍්ති පාසංසා ච භවන‍්ති තෙ’ති.

75. යම් හෙයකින් පඬිහු තෙල සඞ්ග්‍රහයන් මොනොවට දකිත් ද, එහෙයින් ඔහු මහත්‍වයට පැමිණෙත්, ප්‍රශස්‍ය ද වෙති.