යෙදුමෙන් කියවන්න

පරිබ‍්බාජකසුත‍්තං

4. 1. 3. 10.

4. 1. 3. 10.

[පරිබ‍්බාජකසුත‍්තං]

[පරිබ්බාජක සූත්‍රය]

30. [එවං මෙ සුතං] එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ‍්ඣකූටෙ පබ‍්බතෙ. තෙන ඛො පන සමයෙන සම‍්බහුලා අභිඤ‍්ඤාතා අභිඤ‍්ඤාතා පරිබ‍්බාජකා සප‍්පිනියාතීරෙ පරිබ‍්බාජකාරාමෙ පටිවසන‍්ති. සෙය්‍යථීදං: අන‍්නභාරො වරධරො සකුලුදායී ච පරිබ‍්බාජකො අඤ‍්ඤෙ ච අභිඤ‍්ඤාතා අභිඤ‍්ඤාතා පරිබ‍්බාජකා.

30. [මා විසින් මෙසේ අසන ලදී.] එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක. එසමයෙහි ඉතා ප්‍රකට වූ බොහෝ පිරිවැජියෝ සප්පිනියා හෝතෙර පිරිවැජි අරම්හි වෙසෙති. ඔහු කවරහ: “අන්නභාර යැ, වරධර යැ, සකුලුදායී පිරිවැජි යැ, අන්‍ය වූත් ඉපහළ (ප්‍රකට) පිරිවැජියෝ”යි.

අථ ඛො භගවා සායන‍්හසමයං පටිසල‍්ලානා වුට‍්ඨිතො යෙන සිප‍්පිනියාතීරං පරිබ‍්බාජකාරාමො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි. නිසජ‍්ජ ඛො භගවා තෙ පරිබ‍්බාජකෙ එතදවොච :

එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස්වේලෙහි පිළිසලනින් නැගීසිටි සේක් සප්පිනියා හෝතෙර පිරිවැජි අරම් කරා වැඩි සේක. වැඩ පැනවූ අස්නෙහි වැඩහුන් සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ ඒ පිරිවැජියන් බණවා තෙල සුත් වදාළහ:

චත‍්තාරිමානි පරිබ‍්බාජකා ධම‍්මපදානි අග‍්ගඤ‍්ඤානි, රත‍්තඤ‍්ඤානි, වංසඤ‍්ඤානි, පොරාණානි, අසඞ‍්කිණ‍්ණානි, අසඞ‍්කිණ‍්ණපුබ‍්බානි, න සඞ‍්කීයන‍්ති, න සඞ‍්කීයිස‍්සන‍්ති. අප‍්පතිකුට‍්ඨානි සමණෙහි බ්‍රාහ‍්මණෙහි විඤ‍්ඤූහි. කතමානි චත‍්තාරි?

පිරිවැජියෙනි, මේ සතර ධර්‍මපද කෙනෙක් අග්‍රයහයි දත යුත්තාහ. දිගුකල් පැවැතියහයි දත යුත්තාහ, ආර්‍ය්‍යයන්ගේ වංශයහයි දත යුත්තාහ. පෞරාණිකයහ. අවිකීර්‍ණයහ. (අතීතයෙහි බුදුවරුන් විසිනුත් මෙයින් කිමැයි) බැහැර නො කරණ ලදහ. දැනුදු බැහැර නො කරණු ලැබෙති. අනායෙහිත් බැහැර නො කරණු ලබන්නාහ. මහණුන් විසින් බමුණන් විසින් නුවණැතියන් විසින් හෙළා නො දක්නා ලදහ. කවර සතර ධර්‍මපද කෙනෙක යත්:

අනභිජ‍්ඣා, පරිබ‍්බාජකා, ධම‍්මපදං අග‍්ගඤ‍්ඤං රත‍්තඤ‍්ඤං වංසඤ‍්ඤං පොරාණං අසඞ‍්කිණ‍්ණං අසඞ‍්කිණ‍්ණපුබ‍්බං, න සඞ‍්කීයති න සඞ‍්කීයිස‍්සති. අප‍්පතිකුට‍්ඨං සමණෙහි බ්‍රාහ‍්මණෙහි විඤ‍්ඤූහි. අව්‍යාපාදං, පරිබ‍්බාජකා ධම‍්මපදං -පෙ- සම‍්මාසති පරිබ‍්බාජකා ධම‍්මපදං -පෙ- සම‍්මාසමාධි පරිබ‍්බාජකා ධම‍්මපදං අග‍්ගඤ‍්ඤං රත‍්තඤ‍්ඤං පොරාණං අසඞ‍්කිණ‍්ණං අසඞ‍්කිණ‍්ණපුබ‍්බං, න සඞ‍්කීයති න සඞ‍්කීයිස‍්සති. අප‍්පතිකුට‍්ඨං සමණෙහි බ්‍රාහ‍්මණෙහි විඤ‍්ඤූහි.

පිරිවැජියෙනි, අනභිධ්‍යා ධර්‍මපදය අග්‍රය යි දත යුතු ය. දිගුකල් පැවැත්තැ’යි දත යුතු ය. ආර්‍ය්‍යවංශ යයි දතයුතුය. පෞරාණික ය. අසඞ්කීර්‍ණ ය. පෙර බුදුවරුන් විසිනුත් බැහැර නො කරණ ලදී. දැනුදු බැහැර නො කරණු ලැබේ. අනායෙහි දු බැහැර නො කරණු ලබන්නේ ය. මහණුන් විසින් බමුණන් විසින් නුවණැතියන් විසින් නො ගරහන ලදී. පිරිවැජියෙනි, අව්‍යාපාද සඞ්ඛ්‍යාත ධර්‍මපදය ... පිරිවැජියෙනි, සම්‍යක්ස්මෘති සඞ්ඛ්‍යාත ධර්‍මපදය ... පිරිවැජියෙනි, සම්‍යක්සමාධි සඞ්ඛ්‍යාත ධර්‍මපදය අග්‍ර යයි දතයුතු ය. දිගුකල් පැවැත්තැ’යි දතයුතු ය. ආර්‍ය්‍යවංශ යයි දතයුතුය. පෞරාණික ය. අසඞ්කීර්‍ණ ය. පෙර බුදුවරුන් විසින් බැහැර නො කරණ ලදී. දැනුදු බැහැර නො කරණු ලැබෙයි. අනායෙහිත් බැහැර නො කරණු ලබන්නේ ය. මහණුන් විසින් බමුණන් විසින් නුවණැතියන් විසින් නො නිගන්නා ලදී.

ඉමානි ඛො පරිබ‍්බාජකා චත‍්තාරි ධම‍්මපදානි අග‍්ගඤ‍්ඤානි රත‍්තඤ‍්ඤානි වංසඤ‍්ඤානි පොරාණානි අසඞ‍්කිණ‍්ණානි අසඞ‍්කිණ‍්ණපුබ‍්බානි, න සඞ‍්කීයන‍්ති න සඞ‍්කීයිස‍්සන‍්ති. අප‍්පතිකුට‍්ඨානි සමණෙහි බ්‍රාහ‍්මණෙහි විඤ‍්ඤූහි.

පිරිවැජියෙනි, මේ සතර ධර්‍මපදයෝ අග්‍රයහයි දත යුත්තාහ. දිගුකල් පැවැතියහයි දතයුත්තාහ. ආර්‍ය්‍යවංශයහයී දතයුත්තාහ. පෞරාණිකයහ. අසඞ්කීර්‍ණයහ. පෙර බුදුවරුන් විසින් බැහැර නො කරණ ලදහ. දැනුදු බැහැර නො කරණු ලැබෙති. අනායෙහිත් බැහැර නො කරණු ලබන්නාහ. මහණුන් විසින් බමුණන් විසින් නුවණැතියන් විසින් නො නිගන්නා ලදහ.

යො ඛො පරිබ‍්බාජකා එවං වදෙය්‍ය : අහමෙතං අනභිජ‍්ඣං ධම‍්මපදං පච‍්චක‍්ඛාය අභිජ‍්ඣාලුං කාමෙසු තිබ‍්බසාරාගං සමණං වා බ්‍රාහ‍්මණං වා පඤ‍්ඤාපෙස‍්සාමීති. තමහං තත්‍ථ එවං වදෙය්‍යං : එතු. වදතු. ව්‍යාහරතු. පස‍්සාමිස‍්ස ආනුභාවන‍්ති.

පිරිවැජියෙනි, යමෙක් “මම තෙල අනභිධ්‍යා ධර්‍මපදය හැරැපියා අභිධ්‍යාබහුල වූ වස්තුකාමයෙහි තීව්‍රසංරාග ඇති මහණකු හෝ බමුණකු හෝ පණවමී” මෙසේ බෙණේ නම් එහි දී මම ඔහුට මෙසේ කියමි: “එන්නේ යැ. කියන්නෙ යැ. පවසන්නෙ යැ. ඔහුගේ අනුභාවය දක්මී” යි.

සො වත, පරිබ‍්බාජකා, අනභිජ‍්ඣං ධම‍්මපදං පච‍්චක‍්ඛාය අභිජ‍්ඣාලුං කාමෙසු තිබ‍්බසාරාගං සමණං වා බ්‍රාහ‍්මණං වා පඤ‍්ඤාපෙස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති.

පිරිවැජියෙනි, ඒකාන්තයෙන් හෙතෙම අනභිධ්‍යා ධර්‍මපදය හැරපියා අභිධ්‍යා බහුල කොටගෙන වසන වස්තුකාමයෙහි තීව්‍රසංරාග ඇති මහණකු හෝ බමුණකු හෝ පණවන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ.

යො ඛො පරිබ‍්බාජකා එවං වදෙය්‍ය : අහමෙතං අව්‍යාපාදං ධම‍්මපදං පච‍්චක‍්ඛාය ව්‍යාපන‍්නචිත‍්තං පදුට‍්ඨමනසඞ‍්කප‍්පං සමණං වා බ්‍රාහ‍්මණං වා පඤ‍්ඤාපෙස‍්සාමීති. තමහං තත්‍ථ එවං වදෙය්‍යං : එතු. වදතු. ව්‍යාහරතු. පස‍්සාමිස‍්ස ආනුභාවන‍්ති.

පිරිවැජියෙනි, යමෙක් “මම තෙල අව්‍යාපාද ධර්‍මපදය හැරැපියා ව්‍යාපාදයට වන් සිතැති ප්‍රදුෂ්ට වූ මනස්සඞ්කල්ප ඇති මහණකු හෝ බමුණකු හෝ පණවමී” මෙසේ බෙණේ නම්, මම ඒ වචනයෙහි දී ඔහුට මෙසේ කියමි: “එන්නේ යැ. කියන්නෙ යැ. පවසන්නෙ යැ. ඔහුගේ අනුභාව දක්මී” යි.

සො වත පරිබ‍්බාජකා, අබ්‍යාපාදං ධම‍්මපදං පච‍්චක‍්ඛාය බ්‍යාපන‍්නචිත‍්තං පදුට‍්ඨමනසඞ‍්කප‍්පං සමණං වා බ්‍රාහ‍්මණං වා පඤ‍්ඤාපෙස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති.

පිරිවැජියෙනි, හෙතෙම ඒකාන්තයෙන් අව්‍යාපාද ධර්‍මපදය හැරැපියා ව්‍යාපාදයට වන් සිතැති ප්‍රදුෂ්ට වූ මනස්සඞ්කල්ප ඇති මහණකු හෝ බමුණකු හෝ පණවන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ.

යො ඛො පරිබ‍්බාජකා එවං වදෙය්‍ය, අහමෙතං සම‍්මාසතිං ධම‍්මපදං පච‍්චක‍්ඛාය, මුට‍්ඨස‍්සතිං අසම‍්පජානං සමණං වා බ්‍රාහ‍්මණං වා පඤ‍්ඤාපෙස‍්සාමීති. තමහං තත්‍ථ එවං වදෙය්‍යං : එතු වදතු. ව්‍යාහරතු. පස‍්මිස‍්ස ආනුභාවන‍්ති.

පරිව්‍රාජකයෙනි, යමෙක් “මම තෙල සම්‍යක්ස්මෘතිධර්‍මපදය හැරපියා මුළා සිහි ඇති නුවණින් නො දන්නා මහණකු හෝ බමුණකු හෝ පණවන්නෙමී” මෙසේ බෙණේ නම්, මම එහි දී ඔහුට මෙසේ කියමි:” එන්නේ යැ. කියන්නෙ යැ. පවසන්නෙ යැ. ඔහුගේ අනුභාව දක්මී” යි.

සො වත පරිබ‍්බාජකා සම‍්මාසතිං ධම‍්මපදං පච‍්චක‍්ඛාය, මුට‍්ඨස‍්සතිං අසම‍්පජානං සමණං වා බ්‍රාහ‍්මණං වා පඤ‍්ඤාපෙස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති.

පිරිවැජියෙනි, හෙතෙම ඒකාන්තයෙන් සම්‍යක්ස්මෘතිධර්‍මපදය හැරපියා මුළාසිහි ඇති සම්‍යග්ඥාන නැති මහණකු හෝ බමුණකු හෝ පණවන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ.

යො ඛො පරිබ‍්බාජකා, එවං වදෙය්‍ය : අහමෙතං සම‍්මාසමාධිං ධම‍්මපදං පච‍්චක‍්ඛාය අසමාහිතං විබ‍්භන‍්තචිත‍්තං සමණං වා බ්‍රාහ‍්මණං වා පඤ‍්ඤාපෙස‍්සාමීති. තමහං තත්‍ථ එවං වදෙය්‍යං: එතු. වදතු. ව්‍යාහරතු. පස‍්සාමිස‍්ස ආනුභාවන‍්ති.

පිරිවැජියෙනි, යමෙක් “මම තෙල සම්‍යක්සමාධිධර්‍මපදය හැරපියා සමාධිගත නො වූ විභ්‍රාන්ත සිත් ඇතියකු මහණකු හෝ බමුණකු හෝ කොට පණවන්නෙමී” මෙසේ බෙණේ නම්, එබස්හි දී මම ඔහුට මෙසේ කියමි: “එන්නේ යැ. කියන්නෙ යැ. පවසන්නෙ යැ. ඔහුගේ අනුභාවය දක්මී” යි.

සො වත පරිබ‍්බාජකා සම‍්මාසමාධිං ධම‍්මපදං පච‍්චක‍්ඛාය අසමාහිතං විබ‍්භන‍්තචිත‍්තං සමණං වා බ්‍රාහ‍්මණං වා පඤ‍්ඤාපෙස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති.

පිරිවැජියෙනි, හෙතෙම ඒකාන්තයෙන් සම්‍යක්සමාධිධර්‍මපදය හැරපියා සමාධිගත නො වූ විභ්‍රාන්ත සිත් ඇතියකු මහණකු හෝ බමුණකු හෝ කොට පණවන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ.

යො ඛො පරිබ‍්බාජකා ඉමානි චත‍්තාරි ධම‍්මපදානි ගරහිතබ‍්බං පටික‍්කොසිතබ‍්බං මඤ‍්ඤෙය්‍ය, තස‍්ස දිට‍්ඨෙව ධම‍්මෙ චත‍්තාරො සහධම‍්මිකා වාදානුපාතා ගාරය‍්හා ඨානා ආගච‍්ඡන‍්ති. කතමෙ චත‍්තාරො?

පිරිවැජියෙනි, යමෙක් මේ සතර ධර්‍මපදයන් ගැරැහිය යුතු කොට බැහැරැලියැ යුතු කොට හඟනේ නම්, ඔහුට මෙලොව්හි මැ සහේතුක වූ ගර්‍හණීයස්ථාන වූ සතර වැදෑරුම් වාදප්‍රවෘත්තීහු කෙනෙක් එති. කවර සතර කෙනෙක යත්:

අනභිජ‍්ඣං චෙ භවං ධම‍්මපදං ගරහති, පටික‍්කොසති. යෙ ච හි අභිජ‍්ඣාලූ කාමෙසු තිබ‍්බසාරගා සමණබ්‍රාහ‍්මණා, තෙ භොතො පුජ‍්ජා තෙ භොතො පාසංසා.

ඉදින් භවත් අනභිධ්‍යාධර්‍මපදය ගරහනේ නම්, බැහැරලා නම්, අභිධ්‍යා බහුල කොට ඇති වස්තුකාමයෙහි තීව්‍රසංරාග ඇති යම් මහණබමුණු කෙනෙක් ඇද් ද, ඔහු භවත්හු විසින් පූජ්‍යයහ. ඔහු භවත්හු විසින් ප්‍රශස්‍යයහ.

අබ්‍යාපාදඤ‍්චෙ භවං ධම‍්මපදං ගරහති, පටික‍්කොසති. යෙ ච හි බ්‍යාපන‍්නචිත‍්තා පදුට‍්ඨමනසඞ‍්කප‍්පා සමණ බ්‍රාහ‍්මණා. තෙ භොතො පුජ‍්ජා. තෙ භොතො පාසංසා.

ඉදින් භවත් අව්‍යාපාදධර්‍මපදය ගරහනේ නම්, බැහැරලා නම්, ව්‍යාපාදයට වන් සිත් ඇති ප්‍රදුෂ්ට වූ මනස්සඞ්කල්ප ඇති යම් මහණබමුණු කෙනෙක් ඇද් ද, ඔහු භවත්හු විසින් පූජ්‍යයහ. ඔහු භවත්හු විසින් ප්‍රශස්‍යයහ.

සම‍්මාසතිඤ‍්චෙ භවං ධම‍්මපදං ගරහති, පටික‍්කොසති. යෙ ච හි මුට‍්ඨස‍්සතී අසම‍්පජානා සමණබ්‍රාහ‍්මණා, තෙ භොතො පුජ‍්ජා. තෙ භොතො පාසංසා.

ඉදින් භවත් සම්‍යක්ස්මෘතිධර්‍මපදය ගරහා නම්, බැහැරලා නම්, මුළාසිහි ඇති සම්‍යග්ඥාන නැති යම් මහණබමුණු කෙනෙක් ඇද් ද, ඔහු භවත්හු විසින් පූජ්‍යයහ. ඔහු භවත්හු විසින් ප්‍රශස්‍යයහ.

සම‍්මාසමාධිඤ‍්චෙ භවං ධම‍්මපදං ගරහති, පටික‍්කොසති. යෙ ච හි අසමාහිතා විබ‍්භන‍්තචිත‍්තා සමණබ්‍රාහ‍්මණා. තෙ භොතො පුජ‍්ජා. තෙ භොතො පාසංසා.

ඉදින් භවත් සම්‍යක්සමාධි ධර්‍මපදය ගරහා නම්, බැහැරලා නම්, සමාහිත නො වූ විභ්‍රාන්ත සිත් ඇති යම් මහණබමුණු කෙනෙක් ඇද් ද, ඔහු භවත්හු විසින් පූජ්‍යයහ. ඔහු භවත්හු විසින් ප්‍රශස්‍යයහ.

යො ඛො පරිබ‍්බාජකා ඉමානි චත‍්තාරි ධම‍්මපදානි ගරහිතබ‍්බං පටික‍්කොසිතබ‍්බං මඤ‍්ඤෙය්‍ය, තස‍්ස දිට‍්ඨෙව ධම‍්මෙ ඉමෙ චත‍්තාරො සහධම‍්මිකා වාදානුපාතා ගාරය‍්හා ඨානා ආගච‍්ඡන‍්ති.

පිරිවැජියෙනි, යමෙක් මේ සතර ධර්‍මපදයන් ගැරැහියැ යුතු කොට බැහැරැලියැ යුතු කොට හඟනේ නම්, ඔහුට මෙලොව්හි මැ සකාරණ වූ ගර්‍හණීයස්ථාන වූ මේ සතර වැදෑරුම් වාදානුපාතයෝ එති.

යෙපි තෙ පරිබ‍්බාජකා අහෙසුං උක‍්කලා වස‍්ස-භඤ‍්ඤා අහෙතුවාදා, අකිරියවාදා, නත්‍ථිකවාදා. තෙපි ඉමානි චත‍්තාරි ධම‍්මපදානි න ගරහිතබ‍්බං න පටික‍්කොසි තබ‍්බං අමඤ‍්ඤිංසු. තං කිස‍්ස හෙතු: නින්‍දාබ්‍යාරොසා උපාරම‍්භභයාති.

පිරිවැජියෙනි, උක්කලදනව්වැසි වස්ස යැ භඤ්ඤ යැ යන අහේතුවාද අක්‍රියාවාද නාස්තිකවාද ඇති යම් ඒ වාදීහු දෙ දෙනෙක් වූහු ද, ඔහුත් මේ සතර ධර්‍මපදයන් ගැරැහියැ යුතු කොට නෙරැලියැ යුතු කොට නො සිතූහු. ඒ කවර හෙයින යත්: නින්‍දාබියෙන් හා ඝටනබියෙන් හා උපවාදබියෙන් හා ය’යි.

71. අබ්‍යාපන‍්නො සදා සතො අජ‍්ඣත‍්තං සුසමාහිතො, අභිජ‍්ඣාවිනයෙ සික‍්ඛං අප‍්පමත‍්තොති වුච‍්චතීති.

71. ව්‍යාපාදයට නො වන් සිත් ඇති හැමකල ස්මෘතිමත් තමා කෙරෙහි ලා මොනොවට සමාධිගත වූ අභිධ්‍යාවිනය සඞ්ඛ්‍යාත අර්‍හත්ත්‍වයෙහි හික්මෙනුයේ අප්‍රමත්ත යයි කියනු ලැබේ.

උරුවෙලවග‍්ගො තතියො.

උරුවේල වර්‍ගය තුන්වැනි යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

ද‍්වෙ උරුවෙලා ලොකො කාලිකො බ්‍රහ‍්මචරියෙන පඤ‍්චමං, කුහං සන‍්තුට‍්ඨි වංසො ධම‍්මපදං පරිබ‍්බාජකෙන චාති.

උරුවේලසූත්‍ර දෙක යැ, ලොකසූත්‍ර යැ, කාළික (කාළකාරාම) සූත්‍ර යැ, පස්වැනි බ්‍රහ්මචරියසූත්‍ර යැ, කුහකසූත්‍ර යැ, සන්තුට්ඨිසූත්‍ර යැ, වංසසූත්‍ර යැ, ධම්මපද සූත්‍ර යැ, පරිබ්බාජකසූත්‍ර දැ යි (මෙයින් වර්‍ගය පිරෙයි.)