යෙදුමෙන් කියවන්න

9. ධම‍්මපදසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

9. ධම‍්මපදසුත‍්තවණ‍්ණනා

9. ධම්මපද සූත්‍ර වර්ණනාව

නවමෙ ධම‍්මපදානීති ධම‍්මකොට‍්ඨාසා. අනභිජ‍්ඣාතිආදීසු අභිජ‍්ඣාපටික‍්ඛෙපෙන අනභිජ‍්ඣා, බ්‍යාපාදපටික‍්ඛෙපෙන අබ්‍යාපාදො, මිච‍්ඡාසතිපටික‍්ඛෙපෙන සම‍්මාසති, මිච‍්ඡාසමාධිපටික‍්ඛෙපෙන සම‍්මාසමාධි වෙදිතබ‍්බො.

නවවැන්නෙහි ධම්මපදානි යනු ධර්‍ම කොට්ඨාශයෝයි, අනභිජ්ඣා යන ආදියෙහි අභිධ්‍යාව ප්‍රතික්‍ෂේපයෙන් අනභිජ්ඣා නමි. ව්‍යාපාදය ප්‍රතික්‍ෂේපයෙන් අව්‍යාපාදො නමි. මිථ්‍යා සතිය ප්‍රතික්‍ෂේපයෙන් සම්මාසති නමි. මිථ්‍යා සමාධි ප්‍රතික්‍ෂේපයෙන් සම්මා සමාධි යි දතයුතුය.

අනභිජ‍්ඣාලූති නිත‍්තණ‍්හො හුත්‍වා. අබ්‍යාපන‍්නෙන චෙතසාති සබ‍්බකාලං පකතිභාවං අවිජහන‍්තෙන චිත‍්තෙන. සතො එකග‍්ගචිත‍්තස‍්සාති සතියා සමන‍්නාගතො ආරම‍්මණෙ එකග‍්ගචිත‍්තො අස‍්ස. අජ‍්ඣත‍්තං සුසමාහිතොති නියකජ‍්ඣත‍්තෙ සුට‍්ඨු ඨපිතචිත‍්තො ඉමස‍්මිං සුත‍්තෙපි ගාථායපි වට‍්ටවිවට‍්ටං කථිතං.

අනභිජක්ඛාලු යනු තෘෂ්ණා නැත්තෙක් වීයි. අව්‍යාපන්නෙන චෙතසා යනු සියලු කාලයෙහි ප්‍රකෘතිබව නොහරින සිතිනි, සතො එකග්ගවිත්තස්ස යනු සිහියෙන් යුක්ත වූයේ අරමුණෙහි එකඟසින් ඇත්තේද ඔහුගේයි. අජ්ඣත්තං සුසමාහිතො යනු ස්වකීය අධ්‍යාත්මයෙහි මනාව තබන ලද සිත් ඇත්තේද ඔහුගේයි. සූත්‍රයෙහි ද ගාථාවන්හි ද වට්ටවිවට්ටය කියනලදි.

10. පරිබ‍්බාජකසුත‍්තවණ‍්ණනා

10. පරිබ්බාජක සූත්‍ර වර්ණනාව

දසමෙ අභිඤ‍්ඤාතාති ඤාතා පාකටා. අන‍්නභාරොතිආදීනි තෙසං නාමානි. පටිසල‍්ලානා වුට‍්ඨිතොති ඵලසමාපත‍්තිතො වුට‍්ඨිතො. සා හි ඉධ පටිසල‍්ලානන‍්ති අධිප‍්පෙතා. පච‍්චක‍්ඛායාති පටික‍්ඛිපිත්‍වා. අභිජ‍්ඣාලුන‍්ති සතණ‍්හං. කාමෙසු තිබ‍්බසාරාගන‍්ති වත්‍ථුකාමෙසු බහලරාගං. තමහං තත්‍ථ එවං වදෙය්‍යන‍්ති තං අහං තස‍්මිං කාරණෙ එවං වදෙය්‍යං. පටික‍්කොසිතබ‍්බං මඤ‍්ඤෙය්‍යාති පටික‍්කොසිතබ‍්බානි පටිබාහිතබ‍්බනි වා මඤ‍්ඤෙය්‍ය. සහධම‍්මිකාති සකාරණා. වාදානුපාතාති ධම‍්මිකවාදෙ ඝට‍්ටයමානා අධම‍්මිකවාදානුපාතා, වාදප‍්පවත‍්තියොති අත්‍ථො. ගාරය‍්හා ඨානාති ගරහිතබ‍්බයුත‍්තකා පච‍්චයා. ආගච‍්ඡන‍්තීති උපගච‍්ඡන‍්ති.

දසවැන්නෙහි අභිඤ්ඤාතා යනු දන්නා ලද, මනාව දන්නා ලද ප්‍රකට වූවාහුයි. අන්නහාරො යනාදිය ඔවුන්ගේ නම්ය. පටිසල්ලාණාවුට්ඨිතො යනු පලසමවතින් නැඟීසිටියේයි. එයම මෙහි පටිසල්ලාණ යනුවෙන් අදහස් කරන ලදී. පච්චකාය යනු ප්‍රතික්‍ෂෙප කොටයි. අභිජ්ඣාලුං යනු තෘෂ්ණා සහිතවූයි. කාමෙසු තිබ්බසාරාංගං යනු වස්තු කාමයන්හි දැඩි රාගයයි. තමහං තත්‍ථ එවං වදෙය්‍යං යනු මම එය ඒ වචනයෙහි කීකල්හි මේ කාරණයෙහි මෙසේ කියන්නෙමි යනුයි. පටික්කොසිතබ්බං මඤ්ඤෙය්‍ය යනු දොස්නැගිය යුත්තකැයි මැඩලිය යුත්තකැයි හඟින්නේය. සහධම්මිකා යනු කරුණු සහිත වූවෝයි වාදානුපාතා යනු ධාර්මිකවාදයෙහි ගැටෙනු ලබන ආධාර්මිකවාදයෙන් පිරිහෙළන වාදප්‍රවෘත්තීනුය යන අර්ථයි. ගාරය්හා ඨානා යනු ගැරහිය යුතු වූ හේතුයි. ආගච්ඡන්ති යන එළඹෙති.

උක‍්කලාති උක‍්කලජනපදවාසිනො. වස‍්සභඤ‍්ඤාති වස‍්සො ච භඤ‍්ඤො චාති ද‍්වෙ ජනා. අහෙතුකවාදාති “නත්‍ථි හෙතු නත්‍ථි පච‍්චයො සත‍්තානං විසුද‍්ධියා”තිඑවමාදිවාදිනො. අකිරියවාදාති “කරොතො න කරීයති පාප”න‍්ති එවං කිරියපටික‍්ඛෙපවාදිනො. නත්‍ථිකවාදාති “නත්‍ථි දින‍්න”න‍්තිආදිවාදිනො. තෙ ඉමෙසු තීසුපි දස‍්සනෙසු ඔක‍්කන‍්තනියාමා අහෙසුං. කථං පන තෙසු නියාමො හොතීති? යො හි එවරූපං ලද‍්ධිං ගහෙත්‍වා රත‍්තිට‍්ඨානදිවාට‍්ඨානෙසු නිසින‍්නො සජ‍්ඣායති වීමංසති, තස‍්ස “නත්‍ථි හෙතු නත්‍ථි පච‍්චයො කරොතො න කරීයති පාපං…පෙ… නත්‍ථි දින‍්නං…පෙ… කායස‍්ස භෙදා උච‍්ඡිජ‍්ජතී”ති තස‍්මිං ආරම‍්මණෙ මිච‍්ඡාසති සන‍්තිට‍්ඨති, චිත‍්තං එකග‍්ගං හොති, ජවනානි ජවන‍්ති. පඨමජවනෙ සතෙකිච‍්ඡො හොති, තථා දුතියාදීසු, සත‍්තමෙ බුද‍්ධානම‍්පි අතෙකිච‍්ඡො අනිවත‍්ති අරිට‍්ඨකණ‍්ටකසදිසො හොති. තත්‍ථ කොචි එකං දස‍්සනං ඔක‍්කමති, කොචි ද‍්වෙ, කොචි තීණිපි. නියතමිච‍්ඡාදිට‍්ඨිකොව හොති, පත‍්තො සග‍්ගමග‍්ගාවරණඤ‍්චෙව මොක‍්ඛමග‍්ගාවරණඤ‍්ච, අභබ‍්බො තස‍්ස අත‍්තභාවස‍්ස අනන‍්තරං සග‍්ගම‍්පි ගන‍්තුං, පගෙව මොක‍්ඛං. වට‍්ටඛාණුකො නාමෙස සත‍්තො පථවිගොපකො, යෙභුය්‍යෙන එවරූපස‍්ස භවතො වුට‍්ඨානං නත්‍ථි. වස‍්සභඤ‍්ඤාපි එදිසා අහෙසුං. නින්‍දාබ්‍යාරොසනඋපාරම‍්භභයාති අත‍්තනො නින්‍දභයෙන ඝට‍්ටනභයෙන උපවාදභයෙන චාති අත්‍ථො. අභිජ‍්ඣාවිනයෙ සික‍්ඛන‍්ති අභිජ‍්ඣාවිනයො වුච‍්චති අරහත‍්තං, අරහත‍්තෙ සික‍්ඛමානො අප‍්පමත‍්තො නාම වුච‍්චතීති සුත‍්තන‍්තෙ වට‍්ටවිට‍්ටං කථෙත්‍වා ගාථාය ඵලසමාපත‍්ති කථිතාති.

උක්කලා යන උක්කල ජනපදවාසීහුය. වස්සභඤ්ඤා යනු වස්ස හා භඤ්ඤ යන දෙදෙනායි. අහෙතුවාදා යනු සත්ත්වයන්ගේ පිරිසුදුබවට හේතු නැත ප්‍රත්‍යය නැතැයි මෙබඳු වූ වාද ඇත්තේයි. අකිරියවාදා යනු “කරොතො න කරීයති පාපං” යනුවෙන් මෙසේ ක්‍රියාව ප්‍රතික්ෂේප කරන වාද ඇත්තාහුයි. නත්‍ථිකවාදා යනු නත්‍ථිදින්නං යනාදී වාද ඇත්තාහුයි. ඔවුහු මේ ත්‍රිවිධ දර්‍ශනයන්හිම බැසගන්නා ලද නියාමයෝ වූහ. කෙසේ නම් ඔවුහු එම දර්‍ශනයන්හි නියාමයෝ වෙත්ද? යමෙක් වනාහි මෙබඳු වූ ලබ්ධියක් ගෙන රාත්‍රි ස්ථාන දිවා ස්ථානයන්හි හුන්නේ සජ්ඣායනය කරයි (උගනියි), විමසයිද හේතුවක් නැති ප්‍රත්‍යයක් නැත කරන්නහු විසින් පාපයක් නොකරනු ලැබේ. -පෙ- දුන්දෙයක් නැත. -පෙ- කය බිඳීමෙන් උච්ඡේදයට යෙයි යන ඒ අරමුණෙහි ඔහුගේ මිථ්‍යා සතිය පිහිටයි. සිත එකඟවෙයි. ජවනයෝ දුවත්. පළමු ජවනයෙහි පිළියම් කළ හැක්කේ වෙයි. දෙවැනි ජවනාදියෙහිද එසේමය. සත්වැන්නෙහිදී බුදුවරුනට ද සුවකළ නොහැකි වන්නේ පෙරළා නොඑන රළු කටුවක් වැනි වූයේ වෙයි. එහි කිසිවෙක් එක් දර්‍ශනයකට බැසගනියිද කිසිවෙක් දෙකකට ද තුනටම බැසගනියිද කිසිවෙක් දෙකකට ද තුනටම බැසගනියිද නියත මිථ්‍යාදෘෂ්ටිකයෙක්ම වෙයි. ස්වර්‍ගමාර්ග ආවරණයටද මොක්‍ෂ මාර්ග ආවරණයටද පත්වූයේ වෙයි. ඒ අත්බවින් අනතුරුව හෙතෙම ස්වර්‍ගයට යාමටද නුසුදුසුවෙයි. මොක්‍ෂයට යාම ගැන කියනුම කිම? සසරට කණුවක් නම් වූ මෙම සත්ත්වයා බොහෝසෙයින් පොළොව රකින්නෙකි. මෙබඳු වූ භවයෙන් නැගීසිටීමක් නැත. වස්ස භඤ්ඤ යන දෙදෙනා ද මෙබන්දෝ වූහ. නින්දාඛ්‍යාරොසනාඋපාරම්භභයා යනු තමන්ට නින්දා භයෙන්ද සම්මත භයෙන්ද දෝෂාරෝපන භයෙන්ද යන අර්‍ත්‍ථයි. අභිජ්ඣාවිනයෙ සික්ඛං යනු රහත්බව අභිජ්ඣාවිනය යයි කියනු ලැබේ. රහත්බවෙහි හික්මෙන්නේ අප්පමත්ත නමැයි කියනු ලැබේ. සූත්‍රාන්තයෙහි සසර හා නිවන කියා ගාථාවෙහි පලසමවත් කියන ලදි.

උරුවෙලවග‍්ගො තතියො.

තුන්වැනි වූ උරුවෙල වර්‍ගයයි.