ධම්මපදසුත්තං
4. 1. 3. 9.
4. 1. 3. 9.
[ධම්මපදසුත්තං]
[ධම්මපද සූත්‍රය]
29. චත්තාරිමානි භික්ඛවෙ, ධම්මපදානි අග්ගඤ්ඤානි, රත්තඤ්ඤානි, වංසඤ්ඤානි, පොරාණානි, අසඞ්කිණ්ණානි, අසඞ්කිණ්ණපුබ්බානි, න සඞ්කීයන්ති, න සඞ්කීයිස්සන්ති, අප්පතිකුට්ඨානි සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහි. කතමානි චත්තාරි?
29. මහණෙනි, මේ සතර ධර්මපද කෙනෙක් අග්‍රයහ යි දතයුත්තාහ. දිගුකල් පැවතියහ යි දතයුත්තාහ. ආර්‍ය්‍යයන්ගේ වංශයහ යි දතයුත්තාහ. පෞරාණිකයහ. අසංකීර්‍ණයහ. (අතීත බුදුවරුන් විසිනුත් මෙයින් කිමැ යි) බැහැර නොකරණ ලදහ. දැනුදු බැහැර නො කරණු ලැබෙති. අනායෙහිදු බැහැර නොකරණු ලබන්නාහ. මහණුන් විසින් බමුණන් විසින් නුවණැතියන් විසින් නොගරහන ලදහ. කවර සතර දෙනක යත්:
අනභිජ්ඣා භික්ඛවෙ, ධම්මපදං අග්ගඤ්ඤං, රත්තඤ්ඤං, වංසඤ්ඤං, පොරාණං, අසඞ්කිණ්ණං, අසඞ්කිණ්ණපුබ්බං, න සඞ්කීයති, න සඞ්කීයිස්සති, අප්පතිකුට්ඨං සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහි.
මහණෙනි, අනභිධ්‍යා ධර්මපදය අග්‍රය යි දත යුතුය. දිගුකල් පැවැත්තැ යි දත යුතුය. ආර්‍ය්‍යවංශය යි දතයුතුය. පෞරාණිකය. අසංකීර්ණය. (අතීත බුදුවරුන් විසිනුත් මෙයින් කිමැ යි) බැහැර නො කරණ ලදය. දැනුදු බැහැර නොකරණු ලැබේ. අනායෙහිදු බැහැර නො කරණු ලබන්නේ ය. මහණුන් විසින් බමුණන් විසින් නුවණැතියන් විසින් නොගරහන ලදී.
අව්යාපාදො භික්ඛවෙ, ධම්මපදං අග්ගඤ්ඤං, රත්තඤ්ඤං, වංසඤ්ඤං, පොරාණං, අසඞ්කිණ්ණං, අසඞ්කිණ්ණපුබ්බං, න සඞ්කීයති, න සඞ්කීයිස්සති, අප්පතිකුට්ඨං සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහි.
මහණෙනි, අව්‍යාපාද ධර්මපදය අග්‍රය යි දතයුතුය. දිගුකල් පැවැත්තැ යි දතයුතුය. ආර්‍ය්‍යවංශය යි දතයුතුය. පෞරාණිකය. අසංකීර්ණය. (පෙර බුදුවරුන් විසිනුදු මෙයින් කිමැ යි) බැහැර නොකරණ ලදී. දැනුදු බැහැර නොකරණු ලැබේ. අනායෙහිදු බැහැර නොකරණු ලබන්නේ ය. මහණුන් විසින් බමුණන් විසින් නුවණැතියන් විසින් නොගරහන ලදී.
සම්මාසති භික්ඛවෙ, ධම්මපදං අග්ගඤ්ඤං, රත්තඤ්ඤං, වංසඤ්ඤං, පොරාණං, අසඞ්කිණ්ණං, අසඞ්කිණ්ණපුබ්බං, න සඞ්කීයති, න සඞ්කීයිස්සති, අප්පතිකුට්ඨං සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහි.
මහණෙනි, සම්‍යක් ස්මෘතිධර්මපදය අග්‍රය යි දතයුතුය. දිගුකල් පැවැත්තැ යි දත යුතුය. ආර්‍ය්‍යවංශය යි දතයුතුය. පෞරාණිකය. අවිකීර්ණය. (පෙර බුදුවරුන් විසිනුත් මෙයින් කිමැයි) බැහැර නොකරණ ලදී. දැනුදු බැහැර නොකරණු ලැබේ. අනායෙහිදු බැහැර නොකරණු ලබන්නේ ය. මහණුන් විසින් බමුණන් විසින් නුවණැතියන් විසින් නොගරහන ලදී.
සම්මාසමාධි භික්ඛවෙ, ධම්මපදං අග්ගඤ්ඤං, රත්තඤ්ඤං, වංසඤ්ඤං, පොරාණං, අසඞ්කිණ්ණං, අසඞ්කිණ්ණපුබ්බං, න සඞ්කීයති, න සඞ්කීයිස්සති. අප්පතිකුට්ඨං සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහි.
මහණෙනි, සම්‍යක්සමාධි ධර්මපදය අග්‍රය යි දතයුතුය. දිගුකල් පැවැත්තැ යි දත යුතුය. ආර්‍ය්‍යවංශ යයි දතයුතුය. පෞරාණික ය. අවිකීර්ණ ය. (අතීතයෙහි බුදුවරුන් විසිනුත් මෙයින් කිමයි) බැහැර නො කරණ ලදී. දැනුදු බැහැර නො කරණු ලැබේ. අනායෙහිදු බැහැර නො කරණු ලබන්නේ ය. මහණුන් විසින් බමුණන් විසින් නුවණැතියන් විසින් නොගරහන ලදී.
ඉමානි ඛො භික්ඛවෙ, චත්තාරි ධම්මපදානි අග්ගඤ්ඤානි, රත්තඤ්ඤානි, වංසඤ්ඤානි, පොරාණානි, අසඞ්කිණ්ණානි, අසඞ්කිණ්ණපුබ්බානි, න සඞ්කීයන්ති, න සඞ්කීයිස්සන්ති. අප්පතිකුට්ඨානි සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහීති.
මහණෙනි, මේ සතර ධර්මපදයෝ අග්‍රයහයි දතයුත්තාහ. දිගුකල් පැවැත්තහයි දත යුත්තාහ. ආර්‍ය්‍යයන්ගේ වංශයහ යි දතයුත්තාහ. පෞරාණිකයහ. අවිකීර්‍ණයහ. අතීතයෙහි බුදුවරුන් විසිනුත් (මෙයින් කිමැයි) බැහැර නො කරණ ලදහ. දැනුදු බැහැර නො කරණු ලැබේ. අනායෙහිත් බැහැර නො කරණු ලබන්නාහ. මහණුන් විසින් බමුණන් විසින් නුවණැතියන් විසින් නො ගරහන ලදහ.
70. අනභිජ්ඣාලු විහරෙය්ය අව්යාපන්නෙන චෙතසා, සතො එකග්ගචිත්තස්ස අජ්ඣත්තං සුසමාහිතොති.
70. නිස්තෘෂ්ණ වැ පියවි සිතින් වසන්නේය. ස්මෘතියෙන් සමන්වාගත වැ ඒකාග්‍රචිත්ත වැ තමා කෙරෙහි ලා මොනොවට තැබූ සිතැතියෙක් වන්නේ යි.