යෙදුමෙන් කියවන්න

8. අරියවංසසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

8. අරියවංසසුත‍්තවණ‍්ණනා

8. අරියවංස සූත්‍ර වර්ණනාව

අට‍්ඨමස‍්ස අජ‍්ඣාසයිකො නික‍්ඛෙපො. ඉමං කිර මහාඅරියවංසසුත‍්තන‍්තං භගවා ජෙතවනමහාවිහාරෙ ධම‍්මසභායං පඤ‍්ඤත‍්තවරබුද‍්ධාසනෙ නිසින‍්නො අත‍්තනොපි පරපුග‍්ගලානම‍්පි අජ‍්ඣාසයවසෙන පරිවාරෙත්‍වා නිසින‍්නානි චත‍්තාලීස භික‍්ඛුසහස‍්සානි, “භික‍්ඛවෙ”ති ආමන‍්තෙත්‍වා චත‍්තාරොමෙ, භික‍්ඛවෙ, අරියවංසාති ආරභි. තත්‍ථ අරියවංසාති අරියානං වංසා. යථා හි ඛත‍්තියවංසො බ්‍රාහ‍්මණවංසො වෙස‍්සවංසො සුද‍්දවංසො සමණවංසො කුලවංසො රාජවංසො, එවං අයම‍්පි අට‍්ඨමො අරියවංසො අරියතන‍්ති අරියපවෙණී නාම හොති. සො ඛො පනායං අරියවංසො ඉමෙසං වංසානං මූලගන්‍ධාදීනං කාළානුසාරිගන්‍ධාදයො විය අග‍්ගමක‍්ඛායති.

අටවැනි සූත්‍රයට අත්තජ්ඣාසයික නික්ෂෙපයයි. (තමන්ගේ අදහස් පරිදි ඉදිරිපත් කිරීම). මේ මහා ආර්යවංස සූත්‍රාන්තය භාග්‍යවතුන් වහන්සේ දෙව්රම මහවෙහෙරෙහි ධම්සභාවෙහි පනවන ලද උතුම් බුද්ධාසනයෙහි වැඩහුන් සේක් තමන් වහන්සේගේත් අනෙක් පුද්ගලයන්ගේත් අදහස් වශයෙන් පිරිවරා හුන්නා වූ සතළිස් දහසක් භික්ෂූන් වහන්සේලා මහණෙනියි අමතා “චත්තාරො මෙ අරියවංසා” යනුවෙන් ඇරඹූ සේක. එහි අරියවංසා යනු ආර්‍ය්‍යයන්ගේ වංසයෝයි. යම්සේ ක්‍ෂත්‍රිය වංශය, බ්‍රාහ්මණ වංශය, වෛශ්‍ය වංශය, ශුද්‍ර වංශය, ශ්‍රමණ වංශය, කුල වංශය, රාජ වංශය වේ ද එසේ මේ අටවැන්න ආර්‍ය්‍ය වංශයයි. ආර්‍ය්‍ය පරපුර ආර්‍ය්‍ය ප්‍රවේණිය නම් වේ. මේ වංශය වනාහි මූලගන්ධාදියට කලු සඳුන් ආදිය මෙන් මෙම වංශයන්ට අග්‍ර යයි කියනු ලැබේ.

කෙ පන තෙ අරියා, යෙසං එතෙ වංසාති? අරියා වුච‍්චන‍්ති බුද‍්ධා ච පච‍්චෙකබුද‍්ධා ච තථාගතසාවකා ච, එතෙසං අරියානං වංසාති අරියවංසා. ඉතො පුබ‍්බෙ හි සතසහස‍්සකප‍්පාධිකානං චතුන‍්නං අසඞ‍්ඛ්‍යෙය්‍යානං මත්‍ථකෙ තණ‍්හඞ‍්කරො, මෙධඞ‍්කරො, සරණඞ‍්කරො, දීපඞ‍්කරොති චත‍්තාරො බුද‍්ධා උප‍්පන‍්නා, තෙ අරියා, තෙසං අරියානං වංසාති අරියවංසා. තෙසං බුද‍්ධානං පරිනිබ‍්බානතො අපරභාගෙ අසඞ‍්ඛ්‍යෙය්‍යං අතික‍්කමිත්‍වා කොණ‍්ඩඤ‍්ඤො නාම බුද‍්ධො උප‍්පන‍්නො…පෙ… ඉමස‍්මිං කප‍්පෙ කකුසන්‍ධො, කොණාගමනො, කස‍්සපො, අම‍්හාකං භගවා ගොතමොති චත‍්තාරො බුද‍්ධා උප‍්පන‍්නා, තෙසං අරියානං වංසාති අරියවංසා. අපිච අතීතානාගතපච‍්චුප‍්පන‍්නානං සබ‍්බබුද‍්ධ-පච‍්චෙකබුද‍්ධ-බුද‍්ධසාවකානං අරියානං වංසාති අරියවංසා.

ඒ ආර්‍ය්‍යයෝ කවරහුද? මේ වංශයේ කවරකුගේද? බුදු පසේබුදු තථාගත ශ්‍රාවක යන මොවුහු ආර්‍ය්‍ය යයි කියනු ලැබෙති. මේ ආර්‍ය්‍යයන්ගේ වංශයෝනුයි ආර්‍ය්‍යවංශයෝ නමි. මෙයින් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට මත්තෙහි තණ්හඞ්කරය, මේධංකරය, සරණංකරය, දීපංකරයැයි බුදුවරු සතරදෙනෙක් උපන්නාහ. උන්වහන්සේලා ආර්‍ය්‍යයෝය. ඒ ආර්‍ය්‍යයන්ගේ වංශයනුයි ආර්‍ය්‍ය වංශයෝ නම් වෙති. ඒ බුදුවරුන්ගේ පිරිනිවනෙන් පසු කාලයෙහි අසංඛ්‍යයක් ඉක්මවා කොණ්ඩඤ්ඤ නම් බුදු කෙනෙක් උපන්නාහ. - පෙ- මේ කල්පයෙහි කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, අපගේ භාග්‍යවතුන් වහන්සේ වන ගෞතම යන සිවු බුදුවරු උපන්හ. ඒ ආර්‍ය්‍යයන්ගේ වංශයෝනුයි ආර්‍ය්‍ය වංශයෝ නම් වෙති. තවද අතීත වර්‍තමාන අනාගත කාලයට අයත් සම්මාසම්බුද්ධ පච්චෙකබුද්ධ බුද්ධශ්‍රාවක යන ආර්‍ය්‍යයන්ගේ වංශයෙනුයි ආර්‍ය්‍ය වංශයෝ නම් වෙත්.

තෙ ඛො පනෙතෙ අග‍්ගඤ‍්ඤා අග‍්ගාති ජානිතබ‍්බා, රත‍්තඤ‍්ඤා දීඝරත‍්තං පවත‍්තාති ජානිතබ‍්බා, වංසඤ‍්ඤා වංසාති ජානිතබ‍්බා. පොරාණා න අධුනුප‍්පත‍්තිකා. අසංකිණ‍්ණා අවිකිණ‍්ණා අනපනීතා. අසංකිණ‍්ණපුබ‍්බා අතීතබුද‍්ධෙහිපි න සංකිණ‍්ණපුබ‍්බා, “කි ඉමෙහී”ති න අපනීතපුබ‍්බා. න සංකීයන‍්තීති ඉදානිපි න අපනීයන‍්ති. න සංකීයිස‍්සන‍්තීති අනාගතබුද‍්ධෙහිපි න අපනීයිස‍්සන‍්ති. යෙ ලොකෙ විඤ‍්ඤූ සමණබ්‍රාහ‍්මණා, තෙහි අප‍්පටිකුට‍්ඨා, සමණෙහි බ්‍රාහ‍්මණෙහි විඤ‍්ඤූහි අනින්‍දිතා අගරහිතා.

ඒ මේ ආර්‍ය්‍ය වංශයෝ අග්ගඤඤා යනු අග්‍ර යයි දතයුත්තාහ. රත්තඤ්ඤා යනු බොහෝකාලයක් පැවතීයයි දතයුත්තාහ. වංසඤ්ඤා වංශයෝ යයි දතයුත්තාහ. පොරාණා යනු අලුත නූපන්නාහුය. අසංකිණ්ණා යනු නොගැවසුණු ඉවත්නොවූයි. අසංකිණ්ණපුබ්බා යනු අතීත බුදුවරුන්ගෙනුදු නොගැවසුණුවිරූය. මේ බුදුවරුන්ගෙනුදු වෙන්නොවූ විරූය. න සංකීයන්ති යනු දැනුදු ඉවත් නොවෙති. න සංකීයිස්සන්ති යනු අනාගත බුදුවරුන් විසිනුදු ඉවත් නොකරනු ලැබෙත්. ලෝකයෙහි යම් නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙත්ද ඔවුන් විසින් අප්පතිකුට්ඨා සමණෙහි බ්‍රාහ්මණෙහි විඤ්ඤූහි යි නින්දා නොකරනු ලද්දාහ. නොගරහනු ලද්දාහුය.

සන‍්තුට‍්ඨො හොතීති පච‍්චයසන‍්තොසවසෙන සන‍්තුට‍්ඨො හොති. ඉතරීතරෙනාති න ථූලසුඛුමලූඛපණීතථිරජිණ‍්ණානං යෙන කෙනචි, අථ ඛො යථාලද‍්ධාදීනං ඉතරීතරෙන යෙන කෙනචි සන‍්තුට‍්ඨො හොතීති අත්‍ථො. චීවරස‍්මිඤ‍්හි තයො සන‍්තොසා යථාලාභසන‍්තොසො යථාබලසන‍්තොසො යථාසාරුප‍්පසන‍්තොසොති. පිණ‍්ඩපාතාදීසුපි එසෙව නයො. තෙසං විත්‍ථාරකථා “සන‍්තුට‍්ඨස‍්ස, භික‍්ඛවෙ, අනුප‍්පන‍්නා චෙව කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්තී”ති ඉමස‍්මිං සුත‍්තෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බා. ඉති ඉමෙ තයො සන‍්තොසෙ සන්‍ධාය “සන‍්තුට‍්ඨො හොති ඉතරීතරෙන චීවරෙන, යථාලද‍්ධාදීසු යෙන කෙනචි චීවරෙන සන‍්තුට‍්ඨො හොතී”ති වුත‍්තං.

සන්තුට්ඨො හොති යනු ප්‍රත්‍යයෙහි සතුටුවීම් වශයෙන් සතුටුවූයේ වෙයි. ඉතරීතරෙන යනු ස්ථුල, සූක්‍ෂම, රූක්ෂ, ප්‍රණීත, ස්ථිර, දිරාපත් යන දෙය අතුරෙන් යම්කිසිවකිනි. ඉක්බිති ලද දෙයින් යමිකිසි දෙයකින් සතුටු වූයේයි අර්‍ත්‍ථයි. සිවුරෙහි වනාහි යථාලාභ සන්තෝසය, යථාබල සන්තෝසය හා යථාසාරුප්ප සන්තෝස යයි සන්තෝස තුනෙකි. පිණ්ඩපාතාදියෙහිද මේ ක්‍රමයමැයි. මේවායේ විස්තර කථාව, “සන්තුට්ඨස්ස භික්ඛවේ අනුප්පන්නා චෙව අකුසලා ධම්මා උප්පජ්ජන්ති” යන මේ සූත්‍රයෙහි කියන ලද ක්‍රමයෙන් දතයුතුය. මෙසේ මේ තුන් සන්තෝසයන් සඳහා “සන්තුට්ඨො හොති ඉතරිතරෙන චීවරෙන යථාලද්ධාදිසු කෙනචි චීවරෙන සන්තුට්ඨා හොති”යි කියන ලදි.

එත්‍ථ ච චීවරං ජානිතබ‍්බං, චීවරක‍්ඛෙත‍්තං ජානිතබ‍්බං, පංසුකූලං ජානිතබ‍්බං, චීවරසන‍්තොසො ජානිතබ‍්බො, චීවරප‍්පටිසංයුත‍්තානි ධුතඞ‍්ගානි ජානිතබ‍්බානි. තත්‍ථ චීවරං ජානිතබ‍්බන‍්ති ඛොමාදීනි ඡ චීවරානි දුකූලාදීනි ඡ අනුලොමචීවරානි ජානිතබ‍්බානි. ඉමානි ද‍්වාදස කප‍්පියචීවරානි. කුසචීරං, වාකචීරං, ඵලකචීරං, කෙසකම‍්බලං, වාළකම‍්බලං, පොත්‍ථකො, චම‍්මං, උලූකපක‍්ඛං, රුක‍්ඛදුස‍්සං, ලතාදුස‍්සං, එරකදුස‍්සං, කදලිදුස‍්සං, වෙළුදුස‍්සන‍්ති එවමාදීනි පන අකප‍්පියචීවරානි.

මෙහිද චීවරය දතයුතුය. චීවර ක්ෂේත්‍රය දතයුතුය. පංසුකූලය දතයුතුය. චීවර සන්තොසය දතයුතුය. චීවර ප්‍රතිසංයුක්ත වූ ධුතංගයෝ දතයුත්තාහ. සිවුර දතයුතුය යනු? කොමු ආදි සිවුරු සය ද දුහුල් ආදී අනුලොම් සිවුරු සය ද දතයුතුය. මේ දොළොස කැප සිවුරුය. කුසතණ සිවුර, වැහැරිසිවුර, පැතලි පුවරුවලින් කළ සිවුර, කෙසින් හෝ ලොමින් කළ කම්බිලිය, පොතුවලින් කළ සිවුර, සමින් කළ සිවුර, වකමුහුණු පියාපතින් කළ සිවුර, ගසින් කළ වස්ත්‍රය, වැලින් කළ වස්ත්‍රය, ඒරක නම් තණවලින් කළ වස්ත්‍රය, කෙසෙල් පට්ටාවලින් කළ වස්ත්‍රය, හුණ පට්ටාවලින් කළ වස්ත්‍රය, යන මේ ආදිය අකැප සිවුරුය.

චීවරක‍්ඛෙත‍්තන‍්ති “සඞ‍්ඝතො වා ගණතො වා ඤාතිතො වා මිත‍්තතො වා අත‍්තනො වා ධනෙන, පංසුකූලං වා”ති එවං උප‍්පජ‍්ජනතො ඡ ඛෙත‍්තානි, අට‍්ඨන‍්නඤ‍්ච මාතිකානං වසෙන අට‍්ඨ ඛෙත‍්තානි ජානිතබ‍්බානි.

වීවර ක්ෂේත්‍රය යනු සංඝයාගෙන් හෝ සමූහයාගෙන් හෝ ඥාතීන්ගෙන් හෝ මිත්‍රයන්ගෙන් හෝ තමාගේ ධනයෙන් හෝ පාංසුකූලය හෝ වශයෙන් මෙසේ උපදනා බැවින් ක්‍ෂේත්‍ර සය ද මාතෘකා වශයෙන් ක්‍ෂේත්‍ර අට ද දතයුත්තාහ.

පංසුකූලන‍්ති සොසානිකං, පාපණිකං, රථියං, සඞ‍්කාරකූටකං, සොත්‍ථියං, සිනානං, තිත්‍ථං, ගතපච‍්චාගතං, අග‍්ගිදඩ‍්ඪං, ගොඛායිතං, උපචිකඛායිතං, උන්‍දූරඛායිතං, අන‍්තච‍්ඡින‍්නං, දසච‍්ඡින‍්නං, ධජාහටං, ථූපං, සමණචීවරං, සාමුද‍්දියං, ආභිසෙකියං, පන්‍ථිකං, වාතාහටං, ඉද‍්ධිමයං, දෙවදත‍්තියන‍්ති තෙවීසති පංසුකූලානි වෙදිතබ‍්බානි. එත්‍ථ ච සොත්‍ථියන‍්ති ගබ‍්භමලහරණං. ගතපච‍්චාගතන‍්ති මතකසරීරං පාරුපිත්‍වා සුසානං නෙත්‍වා ආනීතචීවරං. ධජාහටන‍්ති ධජං උස‍්සාපෙත්‍වා තතො ආනීතං. ථූපන‍්ති වම‍්මිකෙ පූජිතචීවරං. සාමුද‍්දියන‍්ති සමුද‍්දවීචීහි ථලං පාපිතං. පන්‍ථිකන‍්ති පන්‍ථං ගච‍්ඡන‍්තෙහි චොරභයෙන පාසාණෙහි කොට‍්ටෙත්‍වා පාරුතචීවරං. ඉද‍්ධිමයන‍්ති එහිභික‍්ඛුචීවරං. සෙසං පාකටමෙවාති.

පංසුකූලං යනු සොසානික, (සොහොන් බිමෙන් ලද) පාපණික (වෙළඳ සැලෙන් ලද), රථිය (මගින් ලද), සංකාරකූටකං (කුණුගොඩෙන් ලද), සොත්ථිය (රෝහලින් ලද), සිනාන (නහන තැනින් ලද), තිත්ථ (තොටුපලින් ලද), ගතපච්චාගතං (ගෙන ගොස් ආපසු ගෙනෙන ලද), අග්ගිදඩ්ඪ (ගින්නෙන් දැවුණු), ගොඛායිත (ගවයන් විසින් කන ලද), උපච්කාඛායිත (වේයන් කන ලද), උන්දූරඛායිත (මීයන් කන ලද), අන්තචිඡන්න (කෙළවර සිඳින ලද), දසච්ඡින්න (දහවලු සිඳින ලද), ධජාහට (යුද්ධයෙන් අල්වාගත්), ථූප (ස්ථූප වැසීමට ගත්), සමණචීවර (ශ්‍රමණයන් ගෙන් ලද), සාමුද්දික (මුහුදෙන් ලද), ආභිසෙකිය (අභිෂේකයෙන් ලද), පථික (මාවතෙන් ලද), වාතාහට (සුළගෙන් ගසාගෙන එන ලද), ඉද්ධිමය (ඍද්ධියෙන් ලද), දෙවදත්තිය (දෙවියන් විසින් දෙන ලද), යනුවෙන් තෙවිසි පංසුකූලය දතයුතුය. මෙහිද සොත්ථියං යනු ගැබ්මල ඉවතලන වස්ත්‍රයයි. ගතපච්චාගත යනු මළසිරුර පොරවා සොහොනට ගෙනගොස් රැ ගෙන ආ සිවුරයි. ධජාහට යනු ධජය නංවා එයින් රැගෙන ආ වස්ත්‍රයයි. ථූප යනු තුඹසට පිදූ සිවුරයි. සාමුද්දිය යනු මුහුද රළින් වෙරළට හෙලන ලද වස්ත්‍රයයි. පථික යනු මග යන්නවුන් විසින් සොරබියෙන් ගල්වලින් කොට, පොරවන ලද සිවුරයි, ඉද්ධිමය යනු එහි භික්ෂුභාවයෙන් ලද සිවුරයි. සෙස ප්‍රකට අරුත් ඇත්තේමය.

චීවරසන‍්තොසොති වීසති චීවරසන‍්තොසා – චීවරෙ විතක‍්කසන‍්තොසො, ගමනසන‍්තොසො, පරියෙසනසන‍්තොසො, පටිලාභසන‍්තොසො, මත‍්තපටිග‍්ගහණසන‍්තොසො, ලොලුප‍්පවිවජ‍්ජනසන‍්තොසො, යථාලාභසන‍්තොසො, යථාබලසන‍්තොසො, යථාසාරුප‍්පසන‍්තොසො, උදකසන‍්තොසො, ධොවනසන‍්තොසො, කරණසන‍්තොසො, පරිමාණසන‍්තොසො, සුත‍්තසන‍්තොසො, සිබ‍්බනසන‍්තොසො, රජනසන‍්තොසො, කප‍්පසන‍්තොසො, පරිභොගසන‍්තොසො, සන‍්නිධිපරිවජ‍්ජනසන‍්තොසො, විස‍්සජ‍්ජනසන‍්තොසොති.

චීවර සන්තොෂය යනු විසිවැදෑරුම් සිවුරෙන් ලද සතුට සිවුර ගැන සිතන සතුට, සිවුර ලබන සතුට, පමණට පිළිගැණීමේ සතුට, කෑදරකම ඉවතලීමේ සතුට, ලැබෙන පරිද්දෙන් ලද සතුට, හැකි අන්දමින් ලද සතුට, සුදුසු පරිද්දෙන් ලද සතුට (සේදීමට) දිය ලැබීමේ සතුට, සේදීමේ සතුට, සිවුර කිරීමෙහි සතුට, ප්‍රමාණය දැන ලද සතුට, නූල් ගැන ඇතිවන සතුට, ප්‍රමාණය දැන ලද සතුට, නූල් ගැන ඇතිවන සතුට, මැසීමේ සතුට, පඬු පෙවීමේ සතුට, කප් තැබීමෙහි සතුට, පරිහරණයෙන් ලබන සතුට, අතිරේක වශයෙන් සමීපයෙහි තබාගැනීමෙන් වෙන්වීමේ සතුට, හා ඉවතලන සතුටයි.

තත්‍ථ සාදකභික‍්ඛුනා තෙමාසං නිබද‍්ධවාසං වසිත්‍වා එකමාසමත‍්තං විතක‍්කෙතුං වට‍්ටති. සො හි පවාරෙත්‍වා චීවරමාසෙ චීවරං කරොති, පංසුකූලිකො අඩ‍්ඪමාසෙනෙව කරොති. ඉදං මාසඩ‍්ඪමාසමත‍්තං විතක‍්කනං විතක‍්කසන‍්තොසො නාම. විතක‍්කසන‍්තොසෙන පන සන‍්තුට‍්ඨෙන භික‍්ඛුනා පාචීනඛණ‍්ඩරාජිවාසිකපංසුකූලිකත්‍ථෙරසදිසෙන භවිතබ‍්බං.

එහි සිවුර ඉවසන්නා වූ භික්ෂුව තෙමසක් නිබඳව වසා මසක් පමණ විතර්‍කනය කිරීමට (සිතීමට) වටී. හෙතෙමේද පවාරණය කොට චීවර මාසයෙහි සිවුරකරයි. පංසුකූලික තෙමේ අඩමසකින්ම කරයි. මෙසේ මසක් අඩමසක් පමණ විතර්‍කනය කිරීම විතක්කන සන්තෝසය නමි. විතක්ක සන්තෝසයෙන් සතුටු වූ භික්ෂුව විසින් පාචීන ඛණ්ඩරාජිකවාසී පාංශුකූලික ස්ථවිරයන් මෙන් වියයුතුය.

ථෙරො කිර “චෙතියපබ‍්බතවිහාරෙ චෙතියං වන්‍දිස‍්සාමී”ති ආගතො චෙතියං වන්‍දිත්‍වා චින‍්තෙසි – “මය‍්හං චීවරං ජිණ‍්ණං, බහූනං වසනට‍්ඨානෙ ලභිස‍්සාමී”ති. සො මහාවිහාරං ගන‍්ත්‍වා සඞ‍්ඝත්‍ථෙරං දිස‍්වා වසනට‍්ඨානං පුච‍්ඡිත්‍වා තත්‍ථ වුත්‍ථො පුනදිවසෙ චීවරං ආදාය ආගන‍්ත්‍වා ථෙරං වන්‍දි. ථෙරො “කිං, ආවුසො”ති ආහ. ගාමද‍්වාරං, භන‍්තෙ, ගමිස‍්සාමීති. අහම‍්පාවුසො, ගමිස‍්සාමීති. සාධු, භන‍්තෙති ගච‍්ඡන‍්තො මහාබොධිද‍්වාරකොට‍්ඨකෙ ඨත්‍වා “පුඤ‍්ඤවන‍්තානං වසනට‍්ඨානෙ මනාපං ලභිස‍්සාමී”ති චින‍්තෙත්‍වා “අපරිසුද‍්ධො මෙ විතක‍්කො”ති තතොව පටිනිවත‍්ති. පුනදිවසෙ අම‍්බඞ‍්ගණසමීපතො, පුනදිවසෙ මහාචෙතියස‍්ස උත‍්තරද‍්වාරතො තත්‍ථෙව පටිනිවත‍්තිත්‍වා චතුත්‍ථදිවසෙ ථෙරස‍්ස සන‍්තිකං අගමාසි. ථෙරො “ඉමස‍්ස භික‍්ඛුනො විතක‍්කො න පරිසුද‍්ධො භවිස‍්සතී”ති චීවරං ගහෙත්‍වා තෙන සද‍්ධිංයෙව පඤ‍්හං පුච‍්ඡමානො ගාමං පාවිසි. තඤ‍්ච රත‍්තිං එකො මනුස‍්සො උච‍්චාරපලිබුද‍්ධො සාටකෙයෙව වච‍්චං කත්‍වා තං සඞ‍්කාරට‍්ඨානෙ ඡඩ‍්ඩෙසි. පංසුකූලිකත්‍ථෙරො තං නීලමක‍්ඛිකාහි සම‍්පරිකිණ‍්ණං දිස‍්වා අඤ‍්ජලිං පග‍්ගහෙසි. මහාථෙරො “කිං, ආවුසො, සඞ‍්කාරට‍්ඨානස‍්ස අඤ‍්ජලිං පග‍්ගණ‍්හාසී”ති. නාහං, භන‍්තෙ, සඞ‍්කාරට‍්ඨානස‍්ස අඤ‍්ජලිං පග‍්ගණ‍්හාමි, මය‍්හං පිතු දසබලස‍්ස පග‍්ගණ‍්හාමි, පුණ‍්ණදාසියා සරීරං පාරුපිත්‍වා ඡඩ‍්ඩිතං පංසුකූලං තුම‍්බමත‍්තෙ පාණකෙ විධුනිත්‍වා සුසානතො ගණ‍්හන‍්තෙන දුක‍්කරතරං කතං, භන‍්තෙති. මහාථෙරො “පරිසුද‍්ධො විතක‍්කො පංසුකූලිකස‍්සා”ති චින‍්තෙසි. පංසුකූලිකත්‍ථෙරොපි තස‍්මිංයෙව ඨානෙ ඨිතො විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා තීණි ඵලානි පත‍්තො තං සාටකං ගහෙත්‍වා චීවරං කත්‍වා පාරුපිත්‍වා පාචීනඛණ‍්ඩරාජිං ගන‍්ත්‍වා අග‍්ගඵලං අරහත‍්තං පාපුණි.

තෙරුන් වහන්සේ සෑ පවු විහාරයෙහි සෑය වඳිමැයි පැමිණියාහු සෑය වැඳ “මගේ සිවුර දිරාපත්ය. බොහෝ දෙනා වසන තැනකින් ලබන්නෙමැයි සිතූහ. උන්වහන්සේ මහාවිහාරයට අවුත් සංඝ ස්ථවිරයන් වහන්සේ දැක විසීමට තැනක් විමසා එහි විසූහ. දෙවන දිනයෙහි සිවුරක් රැගෙන අවුත් තෙරුන් වහන්සේ වැන්දාහ. තෙරුන් වහන්සේ “ඇවැත්නි, කිමෙක්දැ”යි ඇසූහ. “ස්වාමීනි, ගම් දොරට යන්නෙමි”යි කීහ. “ඇවැත්නි, මම ද යන්නෙමි”යි තෙරුන් වහන්සේ කීහ. මැනවි ස්වාමීනියි පවසා යන්නාහු මහබෝ දොරටුවෙහි සිට “පින්වතුන් වසන තැන්හි සිතැඟි දෙය ලබන්නෙමැයි සිතා, මගේ සිතුවිල අපිරිසුදු යයි එයින් නොගොස් නැවතුනහ. දෙවැනි දිනයෙහි පෙන්නම්බන සමීපයට ගියාහු අනතුරු දිනයෙහි මහසෑයෙහි උතුරු දොරටුවෙන් ආපසු හැරී සිවුවැනි දිනයෙහි ද තෙරුන් සමීපයට ගියහ. තෙරුන් වහන්සේ මේ භික්ෂුවගේ සිතුවිල්ල පිරිසුදු නොවන්නේ වේ යයි සිවුර රැගෙන ඔහු සමඟම පැන පුළුවුසමින් ගමට පිවිසියහ. ඒ රැයෙහි එක් මිනිසෙක් මලපහ කිරීමේ ලෙඩකින් පෙළුණේ (හැඳසිටි) සළුවෙහි මලපහවී ඒ සළුව කුණුගොඩක දැමීය. පංසුකූලික තෙරුන් වහන්සේ නිල මැස්සන්ගෙන් ගැවසීගත් එම සළුව දැක ඇඳිලි බැඳගත්ත. මහතෙරුන් වහන්සේ කිමෙක්ද ඇවැත්නි, කුණුගොඩට ඇඳිලි බැන්දෙහිදැ?යි ඇසූහ. “ස්වාමීනි, මම කුණුගොඩට ඇඳිලි නොබඳිමි. මගේ පියාණන් වූ බුදුරජාණන් වහන්සේට ඇඳිලි බඳිමි. පුණ්ණාදාසිය විසින් පොරවා විසිකළ පංසුකූලය තුඹක් පමණ පණුවන් ගසාදමා සොහොන් බිමන් ගන්නහු විසින් ස්වාමීනි දුෂ්කර දෙයක් කරන ලදියි කීහ. මහතෙරුන් වහන්සේ පංසුකූලික තෙරුන්ගේ සිතුවිල්ල පිරිසුදු යයි සිතූහ. පාංසුකූලික තෙරුන් වහන්සේ ද එතැන්හිම සිටියාහු විදසුන් වඩා තුන්පලයන්ට පැමිණියාහු ඒ සළුවගෙන සිවුරක් කොට පොරොවා පාචීන කණ්ඩරාජියට ගොස් අග්‍රඵලය වූ අර්හත්වයට පැමිණියහ.

චීවරත්‍ථාය ගච‍්ඡන‍්තස‍්ස පන “කත්‍ථ ලභිස‍්සාමී”ති අචින‍්තෙත්‍වා කම‍්මට‍්ඨානසීසෙනෙව ගමනං ගමනසන‍්තොසො නාම. පරියෙසන‍්තස‍්ස පන යෙන වා තෙන වා සද‍්ධිං අපරියෙසිත්‍වා ලජ‍්ජිං පෙසලං භික‍්ඛුං ගහෙත්‍වා පරියෙසනං පරියෙසනසන‍්තොසො නාම. එවං පරියෙසන‍්තස‍්ස ආහරියමානං චීවරං දූරතො දිස‍්වා “එතං මනාපං භවිස‍්සති, එතං අමනාප”න‍්ති එවං අවිතක‍්කෙත්‍වා ථූලසුඛුමාදීසු යථාලද‍්ධෙනෙව සන‍්තුස‍්සනං පටිලාභසන‍්තොසො නාම. එවං ලද‍්ධං ගණ‍්හන‍්තස‍්සාපි “එත‍්තකං දුපට‍්ටස‍්ස භවිස‍්සති, එත‍්තකං එකපට‍්ටස‍්සා”ති අත‍්තනො පහොනකමත‍්තෙනෙව සන‍්තුස‍්සනං මත‍්තපටිග‍්ගහණසන‍්තොසො නාම. චීවරං පරියෙසන‍්තස‍්ස පන “අසුකස‍්ස ඝරද‍්වාරෙ මනාපං ලභිස‍්සාමී”ති අචින‍්තෙත්‍වා ද‍්වාරපටිපාටියා චරණං ලොලුප‍්පවිවජ‍්ජනසන‍්තොසො නාම.

කොහි ලබන්නෙම්දැයි නොසිතා සිවුරක් සඳහා යන්නහුගේ කමටහන් හිසින් යාම ගමන සන්තෝසය නමි. (සිවුර) සොයන්නහුගේ කවුරුන් හෝ සමග නොසොයා ලජ්ජාශීලී සුපේශල භික්ෂුවක සමඟ සිවුර සෙවීම පරියෙසන සන්තෝසය නමි. එසේ (සිවුර) සොයන්නට ගෙනෙනු ලබන සිවුර දුරදීම දැක මෙය සිතැඟි දෙයක් වන්නේය, සිතැඟි දෙයක් නොවන්නේ යයි මෙසේ නොසිතා රළු මොළොක් ආදීන් අතුරෙන් යමක් ලබන ආකාරයෙන්ම සතුටුවීම පටිලාභ සන්තොසය නමි. මෙසේ ලබන ලද දෙය ගන්නහුගේද දෙපටට මෙපමණකි. තනිපටට මෙපමණකියි තමන්ට ප්‍රමාණවත් පමණින්ම සතුටුවිම මත්තපටිග්ගහණ සන්තෝසය නමි. සිවුරක් සොයන්නහුගේ “අසවලාගේ ගෙදොර කැමැති දෙයක් ලබන්නෙමි”යි නොසිතා ගෙපිළිවෙළින් යාම ලොලුප්පවිවජ්ජන සන්තෝසය නමි.

ලූඛපණීතෙසු යෙන කෙනචි යාපෙතුං සක‍්කොන‍්තස‍්ස යථාලද‍්ධෙනෙව යාපනං යථාලාභසන‍්තොසො නාම. අත‍්තනො ථාමං ජානිත්‍වා යෙන යාපෙතුං සක‍්කොති, තෙන යාපනං යථාබලසන‍්තොසො නාම. මනාපං අඤ‍්ඤස‍්ස දත්‍වා අත‍්තනා යෙන කෙනචි යාපනං යථාසාරුප‍්පසන‍්තොසො නාම.

රූක්ෂ ප්‍රණීත දේ අතුරෙහි යම්කිසිවකින් යැපීමට හැක්කහුගේ ලැබුණු අයුරින් යැපීම යථාලාහ සන්තෝසය නමි. තමන්ගේ ශක්තිය දැන යමකින් යැපීමට හැකිවේද? එයින් යැපීම යථාබල සන්තෝසය නමි. කැමති දෙය අනෙකෙකුට දී තමන් යම්කිසිවකින් යැපීම යථාසාරුප්ප සන්තෝසය නමි.

“කත්‍ථ උදකං මනාපං, කත්‍ථ අමනාප”න‍්ති අවිචාරෙත්‍වා යෙන කෙනචි ධොවනූපගෙන උදකෙන ධොවනං උදකසන‍්තොසො නාම. පණ‍්ඩුමත‍්තිකගෙරුකපූතිපණ‍්ණරසකිලිට‍්ඨානි පන උදකානි වජ‍්ජෙතුං වට‍්ටති. ධොවන‍්තස‍්ස පන මුග‍්ගරාදීහි අපහරිත්‍වා හත්‍ථෙහි මද‍්දිත්‍වා ධොවනං ධොවනසන‍්තොසො නාම. තථා අසුජ‍්ඣන‍්තං පණ‍්ණානි පක‍්ඛිපිත්‍වා තාපිතඋදකෙනාපි ධොවිතුං වට‍්ටති. එවං ධොවිත්‍වා කරොන‍්තස‍්ස “ඉදං ථූලං, ඉදං සුඛුම”න‍්ති අකොපෙත්‍වා පහොනකනීහාරෙනෙව කරණං කරණසන‍්තොසො නාම. තිමණ‍්ඩලපතිච‍්ඡාදනමත‍්තස‍්සෙව කරණං පරිමාණසන‍්තොසො නාම. චීවරකරණත්‍ථාය පන මනාපං සුත‍්තං පරියෙසිස‍්සාමීති අවිචාරෙත්‍වා රථිකාදීසු වා දෙවට‍්ඨානෙ වා ආහරිත්‍වා පාදමූලෙ වා ඨපිතං යංකිඤ‍්චිදෙව සුත‍්තං ගහෙත්‍වා කරණං සුත‍්තසන‍්තොසො නාම.

කවර තැනක කැමති ජලය වේ ද කවර තැනක නොකැමැති ජලය වේදැයි නොසිතා සේදීමට සුදුසු දියකින් සේදීම උදක සන්තෝසය නමි. පඬුවන්, මැටිමුසු, දුඹුරුවන්, කුණුවූ කොළමුසුදිය හා කිළිටි වූ දිය දුරුකිරීමට වටී. මොහොල් ආදියෙන් නොගසා අතින් මැඬ ධෝවන සන්තොසය නමි. එසේ පිරිසුදු නොවන දෙය කොළ බහා රත්කළ දියෙන් වුවද සේදීමට වටියි. මෙසේ දොවා කරන්නහුගේ මෙය රළුය, මෙය මෘදු යයි වෙන්නොකොට පොහෝනා අයුරින්ම කිරීම කරණ සන්තොසය නමි. තෙමඬුලු වැසෙන පමණක්ම කිරීම පරිමාණ සන්තොසය නමි. සිවුරු කිරීම සඳහා කැමැති නූලක් සොයමැයි නොසලකා මහමං ආදියෙහි හෝ දෙවොලක හෝ ගෙනවුත් පාමුල හෝ තබන ලද යම්කිසි හුයක් ගෙන කිරීම සුත්ත සන්තොසය නමි.

කුසිබන්‍ධනකාලෙ පන අඞ‍්ගුලමත‍්තෙ සත‍්ත වාරෙ න විජ‍්ඣිතබ‍්බං. එවං කරොන‍්තස‍්ස හි යො භික‍්ඛු සහායො න හොති, තස‍්ස වත‍්තභෙදොපි නත්‍ථි. තිවඞ‍්ගුලමත‍්තෙ පන සත‍්ත වාරෙ විජ‍්ඣිතබ‍්බං. එවං කරොන‍්තස‍්ස මග‍්ගප‍්පටිපන‍්නෙනාපි සහායෙන භවිතබ‍්බං. යො න හොති, තස‍්ස වත‍්තභෙදො. අයං සිබ‍්බනසන‍්තොසො නාම. රජන‍්තෙන පන කාළකච‍්ඡකාදීනි පරියෙසන‍්තෙන න චරිතබ‍්බං, සොමවක‍්කලාදීසු යං ලභති, තෙන රජිතබ‍්බං. අලභන‍්තෙන පන මනුස‍්සෙහි අරඤ‍්ඤෙ වාකං ගහෙත්‍වා ඡඩ‍්ඩිතරජනං වා භික‍්ඛූහි පචිත්‍වා ඡඩ‍්ඩිතකසටං වා ගහෙත්‍වා රජිතබ‍්බං. අයං රජනසන‍්තොසො නාම. නීලකද‍්දමකාළසාමෙසු යංකිඤ‍්චි ගහෙත්‍වා හත්‍ථිපිට‍්ඨෙ නිසින‍්නස‍්ස පඤ‍්ඤායමානකප‍්පකරණං කප‍්පසන‍්තොසො නාම.

සිවුරු මූට්ටුව බඳනා විට අඟලක් පමණ වූ තැන සත්වරක් නොවිදිය යුතුය. මෙසේ කරන්නහුට යම් භික්ෂු සහායකයෙක් නොවේද? ඔහුට වත් සිඳීමක්ද නැත. අඟල් තුනක් පමණවූවෙහි සත්වරක් විදිය යුතුය. මෙසේ කරන්නහුට මගට පිළිපන් සහායකයකුද විය හැකිය. යමෙක් නොවෙයිද ඔහුට වත්සිඳීම වෙයි. මෙය සිබ්බන සන්තොසය නමි. පඬු පොවන්නහු විසින් කිළිටි පිරිසුදු ආදිය සොයමින් නොහැසිරිය යුතුයි. සෝම පොතු ආදිය අතුරින් යමක් ලබයිද එයින් පඬු පෙවිය යුතුයි. නොලබන්නහු විසින් මිනිසුන් වනයෙහි පොතු ගෙන ඉවත දැමු පඬු හෝ භික්ෂූන් විසින් පිස ඉවතලූ කසට හෝ ගෙන පඬු පෙවිය යුතුයි. මෙය රජන සන්තොසය නමි. නිල්, මඩ, කලු, රන්වන් යන මේවා අතුරින් යමක් ගෙන ඇතුපිටක සිටින්නකුට හැඟෙන ලෙසින් කප තැබීම කප්ප සන්තෝසය නමි.

හිරිකොපීනප‍්පටිච‍්ඡාදනමත‍්තවසෙන පරිභුඤ‍්ජනං පරිභොගසන‍්තොසො නාම. දුස‍්සං පන ලභිත්‍වා සුත‍්තං වා සූචිං වා කාරකං වා අලභන‍්තෙන ඨපෙතුං වට‍්ටති, ලභන‍්තෙන න වට‍්ටති. කතම‍්පි සචෙ අන‍්තෙවාසිකාදීනං දාතුකාමො හොති, තෙ ච අසන‍්නිහිතා, යාව ආගමනා ඨපෙතුං වට‍්ටති. ආගතමත‍්තෙසු දාතබ‍්බං. දාතුං අසක‍්කොන‍්තෙන අධිට‍්ඨාතබ‍්බං. අඤ‍්ඤස‍්මිං චීවරෙ සති පච‍්චත්‍ථරණම‍්පි අධිට‍්ඨාතුං වට‍්ටති. අනධිට‍්ඨිතමෙව හි සන‍්නිධි හොති, අධිට‍්ඨිතං න හොතීති මහාසීවත්‍ථෙරො ආහ. අයං සන‍්නිධිපරිවජ‍්ජනසන‍්තොසො නාම. විස‍්සජ‍්ජෙන‍්තෙන පන න මුඛං ඔලොකෙත්‍වා දාතබ‍්බං, සාරණීයධම‍්මෙ ඨත්‍වා විස‍්සජ‍්ජෙතබ‍්බන‍්ති අයං විස‍්සජ‍්ජනසන‍්තොසො නාම.

විලිබිය වැසෙන පමණක් වශයෙන් පරිභොග කිරීම පරිභොග සන්තොසය නමි. රෙද්දක් ලැබ හුයක් හෝ ඉඳිකටුවක් හෝ කරන්නකු හෝ නොලබන්නහු විසින් (නොමසා) තැබීම වටී. ලබන්නහු විසින් නොවටියි. කරනලද සිවුරද ඉදින් අතවැසි ආදීන්ට දෙනු කැමති වේ ද, ඔවුහු සමීපයෙහි නොවන්නහු නම් පැමිණෙන තෙක් තැබීමට වටී. පැමිණිවිට දියයුතුය. දෙන්නට නොහැක්කහු විසින් අදිටන් කළ යුතුය. අන් සිවුරක් ඇති කල්හි පසුතුරුණද අදිටනට වටීයි. නොඉටු දෙයම සන්නිධි වෙයි. ඉටුදෙය නොවේ යයි මහාසීව තෙරණුවෝ කීහ. මෙය සන්නිධිවිවජ්ජක සන්තොසය නමි. දෙන්නහු විසින් මුහුණ බලා නොදිය යුතුය. සිහිකළයුතු ධර්‍මයන්හි පිහිටා බෙදිය යුතුය යන මෙය විසජ්ජන සන්තොසය නමි.

චීවරප‍්පටිසංයුත‍්තානි ධුතඞ‍්ගානි නාම පංසුකූලිකඞ‍්ගඤ‍්චෙව තෙචීවරිකඞ‍්ගඤ‍්ච. තෙසං විත්‍ථාරකථා විසුද‍්ධිමග‍්ගෙ (විසුද‍්ධි· 1.24-25) වෙදිතබ‍්බා. ඉති චීවරසන‍්තොසමහාඅරියවංසං පූරයමානො භික‍්ඛු ඉමානි ද‍්වෙ ධුතඞ‍්ගානි ගොපෙති. ඉමානි ගොපෙන‍්තො චීවරසන‍්තොසමහාඅරියවංසවසෙන සන‍්තුට‍්ඨො හොතීති.

සිවුරු පිළිබඳ වූ ධුතාග, පාංසුකූලිකාංගය හා තෙචීවරිකාංගයද යන මොවුන්ගේ විස්තර කථා විසුද්ධිමග්ගයෙන් දතයුතුය. මෙසේ චීවර සන්තෝස මහා අරියවංසය පුරනු ලබන භික්ෂුව මේ ධුතාංග දෙක ආරක්ෂා කරයි. මේවා ආරක්ෂා කරන තැනැත්තේ චීවර සන්තොස මහා අරියවංසයෙන් සතුටු වූයේ වෙයි.

වණ‍්ණවාදීති එකො සන‍්තුට‍්ඨො හොති, සන‍්තොසස‍්ස වණ‍්ණං න කථෙති. එකො න සන‍්තුට‍්ඨො හොති, සන‍්තොසස‍්ස වණ‍්ණං කථෙති. එකො නෙව සන‍්තුට‍්ඨො හොති, න සන‍්තොසස‍්ස වණ‍්ණං කථෙති. එකො සන‍්තුට‍්ඨො චෙව හොති, සන‍්තොසස‍්ස ච වණ‍්ණං කථෙති. තං දස‍්සෙතුං “ඉතරීතරචීවරසන‍්තුට‍්ඨියා ච වණ‍්ණවාදී”ති වුත‍්තං.

වණ්ණවාදී යනු එක්කෙනෙක් සතුටු වූයේ වෙයි. සන්තෝසයේ ගුණ නොකියයි. එක්කෙනෙක් නොසතුටුවූයේ වෙයි. සතුටේ ගුණය කියයි. එකෙනෙක් සතුටු නොවූයේත් සතුටෙහි ගුණ නොකියන්නේත් වෙයි. එක්කෙනෙක් සතුටු වූයේත් වෙයි. සතුටේ ගුණ කියන්නේත් වෙයි. ඔහු දැක්වීමට ඉතරීතරවීවරසන්තුට්ඨියා ච වණ්ණවාදී යි කියනලදි.

අනෙසනන‍්ති දූතෙය්‍යපහිනගමනානුයොගපභෙදං නානප‍්පකාරං අනෙසනං. අප‍්පතිරූපන‍්ති අයුත‍්තං. අලද‍්ධා චාති අලභිත්‍වා. යථා එකච‍්චො “කථං නු ඛො චීවරං ලභිස‍්සාමී”ති පුඤ‍්ඤවන‍්තෙහි භික‍්ඛූහි සද‍්ධිං එකතො හුත්‍වා කොහඤ‍්ඤං කරොන‍්තො උත‍්තසති පරිතස‍්සති, සන‍්තුට‍්ඨො භික‍්ඛු එවං අලද‍්ධා චීවරං න පරිතස‍්සති. ලද‍්ධා චාති ධම‍්මෙන සමෙන ලභිත්‍වා. අගධිතොති විගතලොභගිද‍්ධො. අමුච‍්ඡිතොති අධිමත‍්තතණ‍්හාය මුච‍්ඡං අනාපන‍්නො. අනජ‍්ඣොපන‍්නොති තණ‍්හාය අනොත්‍ථතො අපරියොනද‍්ධො. ආදීනවදස‍්සාවීති අනෙසනාපත‍්තියඤ‍්ච ගෙධිතපරිභොගෙ ච ආදීනවං පස‍්සමානො. නිස‍්සරණපඤ‍්ඤොති “යාවදෙව සීතස‍්ස පටිඝාතායා”ති වුත‍්තං නිස‍්සරණමෙව පජානන‍්තො.

අනෙසනං යනු දූතෙය්‍යපහින (පණිවිඩ ගෙන දුතයකු ලෙස යන) ගමනෙහි යෙදීම ප්‍රභේද කොට ඇති විවිධ අනෙසනයි. අප්පතිරූපං යනු නොසුදුසු දෙයයි. අලද්ධා ච යනු නොලැබයි. යම්සේ කෙනෙක් කෙසේනම් සිවුරක් ලබන්නෙම්දැයි පින්වත් භික්ෂුන් සමග එක්වී කුහකකම් කරන්නේ තැතිගැන්මට පැමිණෙයි. සතුටුවන භික්ෂුව මෙසේ සිවුර නොලැබුයේ වුවද නොතැති ගැනෙයි. ලද්ධා ච යනු දැහැමින් සෙමෙන් ලබයි. අගථිතො යනු දුරලු ලෝභ නැමැති ගැට ඇත්තේයි. අමුච්ඡිතො යනු අධිමාත්‍ර වූ තෘෂ්ණාවෙන් මුර්ජාවට නොපැමිණියේයි. අනජඣාපන්නො යනු තෘෂ්ණාවෙන් නොවැසුනේ නොගැලුනේයි. ආදීනවදස්සාමී යනු අනෙසන ඇවත්හිද (ලෝභයෙන්) ගැටගැසුණු පරිභොගයෙහිද ආදීනවය දකින්නේයි. නිස්සරණපඤ්ඤො යනු සීත දුරුකිරීම සඳහා පමණක්ය යනාදියෙන් කියන ලද අත්හැරීමම දන්නේයි.

ඉතරීතරචීවරසන‍්තුට‍්ඨියාති යෙන කෙනචි චීවරෙන සන‍්තුට‍්ඨියා. නෙවත‍්තානුක‍්කංසෙතීති “අහං පංසුකූලිකො, මයා උපසම‍්පදමාළෙයෙව පංසුකූලිකඞ‍්ගං ගහිතං, කො මයා සදිසො අත්‍ථී”ති අත‍්තුක‍්කංසනං න කරොති. නො පරං වම‍්භෙතීති “ඉමෙ පනඤ‍්ඤෙ භික‍්ඛූ න පංසුකූලිකා”ති වා, “පංසුකූලිකඞ‍්ගමත‍්තම‍්පි එතෙසං නත්‍ථී”ති වා එවං පරං න වම‍්භෙති. යො හි තත්‍ථ දක‍්ඛොති යො තස‍්මිං චීවරසන‍්තොසෙ වණ‍්ණවාදාදීසු වා දක‍්ඛො ඡෙකො බ්‍යත‍්තො. අනලසොති සාතච‍්චකිරියාය ආලසියවිරහිතො. සම‍්පජානො පටිස‍්සතොති සම‍්පජානපඤ‍්ඤාය චෙව සතියා ච යුත‍්තො. අරියවංසෙ ඨිතොති අරියවංසෙ පතිට‍්ඨිතො.

ඉතරීතර චීවරසන්තුට්ඨියා යනු කවර හෝ සිවුරකින් සතුටුවීමෙනි. නෙවත්තානුක්කංසෙති යන පංසුකූලිකයෙක්මි. මවිසින් උපසම්පදා මාලකයෙහිදීම පංසුකූලිකාංගය ගන්නා ලදි. මා සමාන කවරෙක් ඇත්දැයි තමන් උසස් කොට සැලකීම නොකරයි. නො ච පරං වම්හෙති යනු මේ අනෙක් භික්ෂූහු පාංසුකූලිකයෝ නොවෙතියි හෝ මොවුනට පාංසුකූලිකමාත්‍රය නැතැයි හෝ යනුවෙන් අනුන් පත්කොට නොතකයි. යො හි තත්‍ථ දක්ඛො යනු යමෙක් ඒ චීවර සන්තෝසයෙහි ගුණකීම් ආදියෙහි දක්ෂයෙක් සුරයෙක් ව්‍යාක්තයෙක් වෙයිද හෙතෙමේයි. අනලසො යනු උනන්දුවෙන් ක්‍රියාකිරීමෙන් අලසබවින් තොර වූයේයි. සම්පජානො පතිස්සතො යනු දැනීම් සහිත නුවණින් මෙන්ම සිහියෙන් ද යුක්ත වූයේයි. අරියවංසෙ ඨිතො යනු ආර්යවංසයෙහි පිහිටියේයි.

ඉතරීතරෙන පිණ‍්ඩපාතෙනාති යෙන කෙනචි පිණ‍්ඩපාතෙන. එත්‍ථාපි පිණ‍්ඩපාතො ජානිතබ‍්බො, පිණ‍්ඩපාතක‍්ඛෙත‍්තං ජානිතබ‍්බං, පිණ‍්ඩපාතසන‍්තොසො ජානිතබ‍්බො, පිණ‍්ඩපාතප‍්පටිසංයුත‍්තං ධුතඞ‍්ගං ජානිතබ‍්බං. තත්‍ථ පිණ‍්ඩපාතොති ඔදනො කුම‍්මාසො සත‍්තු මච‍්ඡො මංසං ඛීරං දධි සප‍්පි නවනීතං තෙලං මධු ඵාණිතං යාගු ඛාදනීයං සායනීයං ලෙහනීයන‍්ති සොළස පිණ‍්ඩපාතා.

ඉතරීතරෙන පිණ්ඩපාතෙන යනු යම්කිසි පිණ්ඩපාතයකිනි. මෙහිද පින්ඩපාතය දතයුතු ය. පිණ්ඩපාත ක්ෂෙත්‍රය දතයුතුය. පිණ්ඩපාත සන්තෝසය දතයුතුය. පිණ්ඩපාතය යනු බත්, කොමු, අග්ගලා, මාලු මස්, කිරි, දි, ගිතෙල්, වෙඬරු, තෙල්, මී, පැණි. කැඳ, කෑ යුතු දෙය, රසවිඳිය යුතු දෙය, ලෙවිය යුතුය යන සොළොස් පිණ්ඩපාතයයි.

පිණ‍්ඩපාතක‍්ඛෙත‍්තන‍්ති සඞ‍්ඝභත‍්තං උද‍්දෙසභත‍්තං නිමන‍්තනං සලාකභත‍්තං පක‍්ඛිකං උපොසථිකං පාටිපදිකභත‍්තං ආගන‍්තුකභත‍්තං ගමිකභත‍්තං ගිලානභත‍්තං ගිලානුපට‍්ඨාකභත‍්තං ධුරභත‍්තං කුටිභත‍්තං වාරභත‍්තං විහාරභත‍්තන‍්ති පන‍්නරස පිණ‍්ඩපාතක‍්ඛෙත‍්තානි.

පිණ්ඩපාත ක්‍ෂේත්‍රය යනු සංඝභත්ත, උද්දේසභත්ත, නිමන්තණ, සලාකභත්ත, පක්ඛික, උපොසථික, පාටිපදික, ආගන්තුක භත්ත, ගමිකභත්ත, ගිලානභත්ත, ගිලානුපට්ඨාකභත්ත, ධූරභත්ත, කුටිභත්ත, වාරකභත්ත, විහාරභත්ත යන පසළොස පිණ්ඩපාත ක්‍ෂේත්‍රයෝයි.

පිණ‍්ඩපාතසන‍්තොසොති පිණ‍්ඩපාතෙ විතක‍්කසන‍්තොසො ගමනසන‍්තොසො පරියෙසනසන‍්තොසො පටිලාභසන‍්තොසො පටිග‍්ගහණසන‍්තොසො මත‍්තපටිග‍්ගහණසන‍්තොසො ලොලුප‍්පවිවජ‍්ජනසන‍්තොසො යථාලාභසන‍්තොසො යථාබලසන‍්තොසො යථාසාරුප‍්පසන‍්තොසො උපකාරසන‍්තොසො පරිමාණසන‍්තොසො පරිභොගසන‍්තොසො සන‍්නිධිපරිවජ‍්ජනසන‍්තොසො විස‍්සජ‍්ජනසන‍්තොසොති පන‍්නරස සන‍්තොසා.

පිණ්ඩපාත සන්තොසය යනු පිණ්ඩපාතයෙහි විතක්ක සන්තොසය, ගමන සන්තොසය, පරියෙසන සන්තොසය, පටිලාභ සන්තොසය, පටිග්ගහණ සන්තොසය, මත්තපටිග්ගහණ සන්තොසය, ලොලුප්පවිවජ්ජන සන්තොසය, යථාලාභ සන්තොසය, යථාබල සන්තොසය, යථාසාරුප්ප සන්තෝසය, උපකාර සන්තොසය, පරිමාණ සන්තොසය, පරිභොග සන්තොසය, සන්නිධි පරිවජ්ජන සන්තොසය, විස්සජ්ජන සන්තෝසය යන පසළොස් සන්තෝසයි.

තත්‍ථ සාදකො භික‍්ඛු මුඛං ධොවිත්‍වා විතක‍්කෙති. පිණ‍්ඩපාතිකෙන පන ගණෙන සද‍්ධිං චරතා සායං ථෙරූපට‍්ඨානකාලෙ “ස‍්වෙ කත්‍ථ පිණ‍්ඩාය චරිස‍්සාමාති? අසුකගාමෙ, භන‍්තෙ”ති එත‍්තකං චින‍්තෙත්‍වා තතො පට‍්ඨාය න විතක‍්කෙතබ‍්බං. එකචාරිකෙන විතක‍්කමාළකෙ ඨත්‍වා විතක‍්කෙතබ‍්බං. තතො පට‍්ඨාය විතක‍්කෙන‍්තො අරියවංසා චුතො හොති පරිබාහිරො. අයං විතක‍්කසන‍්තොසො නාම.

එහි පිණ්ඩපාතය ඉවසන්නා වූ භික්ෂුව මුව දොවා විතර්‍කනය කරයි (විමසා බලයි.). පිණ්ඩපාතික වූ සමුහයා සමඟ හැසිරෙන භික්ෂුව විසින් සවස තෙරුන්ට උවටැන් කරන කල්හි සෙට දිනයෙහි කොහි පිඩුපිණිස හැසිරෙන්නෙමුයි (ඇසූවිට) ස්වාමීනි, අසුවල් ගමෙහියි මෙපමණක් සිතා එතැන් පටන් නොසිතිය යුතුයි. හුදෙකලාව හැසිරෙන්නහු විසින් විතක්ක මාලකයෙහි සිට විමසා බැලිය යුතුයි. එතැන් පටන් විමසන තැනැත්තේ ආර්යවංසයෙන් ගිලිහුණේ පරිබාහිර වූයේ වෙයි. මෙය විතක්ක සන්තොසය නමි.

පිණ‍්ඩාය පවිසන‍්තෙන “කුහිං ලභිස‍්සාමී”ති අචින‍්තෙත්‍වා කම‍්මට‍්ඨානසීසෙන ගන‍්තබ‍්බං. අයං ගමනසන‍්තොසො නාම. පරියෙසන‍්තෙන යං වා තං වා අග‍්ගහෙත්‍වා ලජ‍්ජිං පෙසලමෙව ගහෙත්‍වා පරියෙසිතබ‍්බං. අයං පරියෙසනසන‍්තොසො නාම. දූරතොව ආහරියමානං දිස‍්වා “එතං මනාපං, එතං අමනාප”න‍්ති චිත‍්තං න උප‍්පාදෙතබ‍්බං. අයං පටිලාභසන‍්තොසො නාම. “ඉමං මනාපං ගණ‍්හිස‍්සාමි, ඉමං අමනාපං න ගණ‍්හිස‍්සාමී”ති අචින‍්තෙත්‍වා යංකිඤ‍්චි යාපනමත‍්තං ගහෙතබ‍්බමෙව. අයං පටිග‍්ගහණසන‍්තොසො නාම.

පිඬු හැසිරෙන්නහු විසින් කවර තැනින් ලබන්නෙම්දැයි නොසිතා කමටහන් හිසින් යා යුතුය. මෙය ගමන සන්තොසය නමි. පිණ්ඩපාතය සොයන්නහු විසින් ඒ මේ දෙය නොගෙන ලජ්ජාසහගත වූ විනීත දෙයම ගෙන සෙවියයුතුය. මෙය පිරියෙසන සන්තොසය නමි. දුරදීම ගෙනෙනු ලබන දෙය දැක මෙය කැමති දෙයක්ද අකැමැති දෙයක්දැයි සිතක් නොඉපදවිය යුතුය. මෙය පටිලාභ සන්තෝස නමි. යැපෙන පමණ වූ යම්කිසිවක් ගතයුත්තේමය. මෙය පටිග්ගහණ සන්තොසය නමි.

එත්‍ථ පන දෙය්‍යධම‍්මො බහු, දායකො අප‍්පං දාතුකාමො, අප‍්පං ගහෙතබ‍්බං. දෙය්‍යධම‍්මොපි බහු, දායකොපි බහුං දාතුකාමො, පමාණෙනෙව ගහෙතබ‍්බං. දෙය්‍යධම‍්මො න බහු, දායකොපි අප‍්පං දාතුකාමො, අප‍්පං ගහෙතබ‍්බං. දෙය්‍යධම‍්මො න බහු, දායකො පන බහුං දාතුකාමො, පමාණෙන ගහෙතබ‍්බං. පටිග‍්ගහණස‍්මිඤ‍්හි මත‍්තං අජානන‍්තො මනුස‍්සානං පසාදං මක‍්ඛෙති, සද‍්ධාදෙය්‍යං විනිපාතෙති, සාසනං න කරොති, විජාතමාතුයාපි චිත‍්තං ගහෙතුං න සක‍්කොති. ඉති මත‍්තං ජානිත්‍වාව පටිග‍්ගහෙතබ‍්බන‍්ති අයං මත‍්තපටිග‍්ගහණසන‍්තොසො නාම. අඩ‍්ඪකුලානියෙව අගන‍්ත්‍වා ද‍්වාරපටිපාටියා ගන‍්තබ‍්බං. අයං ලොලුප‍්පවිවජ‍්ජනසන‍්තොසො නාම. යථාලාභසන‍්තොසාදයො චීවරෙ වුත‍්තනයා එව.

මෙහි දෙය්‍යධර්‍මය (දෙනු ලබන දෙය) බොහෝ දායකයන් ඇත්තේ වුව ද මදක් දෙනු කැමැත්තේ (නම්) මඳක් ගතයුතුය. දෙය්‍යධර්‍මය බොහෝ දායකයන් ඇත්තේත් බොහෝ දෙනු කැමැත්තේත් නම් පමණට ගතයුතුය. දෙය්‍ය ධර්‍මය බොහෝ දායකයන් නොමැත්තේ මඳක් දෙනු කැමැත්තේ ද, මඳක් ගතයුතුය. දෙය්‍යධර්‍මය බොහෝ දායකයන් නැත්තේ වුවත් බොහෝ දෙනු කැමැත්තේ ද පමණට ගතයුතුය. පිළිගැනීමෙහිදී පමණ නොදන්නේ මිනිසුන්ගේ පැහැදීම මකාදමයි. සැදැහැයෙන් දෙන දෙය පිරිහෙලයි. ශාස්තෲ ශාසනය නොකරයි. වැදූමවගේ ද සිත ගැනීමට නොහැකි වෙයි. මෙසේ පමණ දැනම පිළිගත යුතුයයි යන මෙය මත්තපටිග්ගහණ සන්තොසය නමි. ආඪ්‍ය (පොහොසත්) කුලයන්ටම නොගොස් දොරටු පිළිවෙලින් (ගෙපිළිවෙලින්) යා යුතුය. මෙය ලොලුප්පවිවජ්ජන සන්තෝසය නමි. යථාලාභ සන්තොසාදිය සිවුර පිළිබඳව කී ආකාර ඇත්තේය.

පිණ‍්ඩපාතං පරිභුඤ‍්ජිත්‍වා “සමණධම‍්මං අනුපාලෙස‍්සාමී”ති එවං උපකාරං ඤත්‍වා පරිභුඤ‍්ජනං උපකාරසන‍්තොසො නාම. පත‍්තං පූරෙත්‍වා ආනීතං න පටිග‍්ගහෙතබ‍්බං. අනුපසම‍්පන‍්නෙ සති තෙන ගාහාපෙතබ‍්බං, අසති හරාපෙත්‍වා පටිග‍්ගහණමත‍්තං ගහෙතබ‍්බං. අයං පරිමාණසන‍්තොසො නාම. “ජිඝච‍්ඡාය පටිවිනොදනං ඉදමෙත්‍ථ නිස‍්සරණ”න‍්ති එවං පරිභුඤ‍්ජනං පරිභොගසන‍්තොසො නාම. නිදහිත්‍වා න පරිභුඤ‍්ජිතබ‍්බන‍්ති අයං සන‍්නිධිපරිවජ‍්ජනසන‍්තොසො නාම. මුඛං අනොලොකෙත්‍වා සාරණීයධම‍්මෙ ඨිතෙන විස‍්සජ‍්ජෙතබ‍්බං. අයං විස‍්සජ‍්ජනසන‍්තොසො නාම.

මෙසේ පිණ්ඩපාතය වළඳා ශ්‍රමණ ධර්‍මය ආරක්ෂා කෙරෙමැයි උපකාරය දැන වැළඳීම උපකාර සන්තෝසය නමි. පාත්‍රය පුරවා ගෙන ආ දෙය නොපිළිගත යුතුය. අනුපසම්පන්නයකු ඇතිවිට ඔහු ලවා ගෙන්වා ගෙන නොමැති කල්හි ගෙන්වාගෙන පිළිගැනීමට සෑහෙන පමණක් ගතයුතුය. මෙය පරිමාණ සන්තෝසය නමි. කුසගින්න දුරුකරන්නා වූ මෙය මෙහි නිස්සරණ යයි මෙසේ වැළඳීම පරිභොග සන්තෝසය නමි. පසෙක තබමින් (ඉතුරුකොට තැන්පත් කරමින්) නොවැළඳිය යුතුය. මෙය සන්නිධිපරිවජ්ජන සන්තොසය නමි. මුව නොබලා සිහිකළයුතු ධර්‍මයෙහි සිටියහු විසින් බෙදාදිය යුතුය. මෙය විස්සජ්ජන සන්තෝසය නමි.

පිණ‍්ඩපාතප‍්පටිසංයුත‍්තානි පන පඤ‍්ච ධුතඞ‍්ගානි පිණ‍්ඩපාතිකඞ‍්ගං සපදානචාරිකඞ‍්ගං එකාසනිකඞ‍්ගං පත‍්තපිණ‍්ඩිකඞ‍්ගං ඛලුපච‍්ඡාභත‍්තිකඞ‍්ගන‍්ති. තෙසං විත්‍ථාරකථා විසුද‍්ධිමග‍්ගෙ (විසුද‍්ධි· 1.26-30) වුත‍්තා. ඉති පිණ‍්ඩපාතසන‍්තොසමහාඅරියවංසං පූරයමානො භික‍්ඛු ඉමානි පඤ‍්ච ධුතඞ‍්ගානි ගොපෙති, ඉමානි ගොපෙන‍්තො පිණ‍්ඩපාතසන‍්තොසමහාඅරියවංසෙන සන‍්තුට‍්ඨො හොති. වණ‍්ණවාදීතිආදීනි වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බානි.

පිණ්ඩපාත පටිසංයුක්තයෝ නම් පංචවිධ ධුතංගයෝයි. ඒවා පිණ්ඩපාතිකාංගය, සපදානචාරිකාංගය, එකාසනිකාංගය, පත්තපිණ්ඩිකාංගය, ඛලුපච්ඡාභත්තිකාංගය යන මොහුයි. ඒවායේ විස්තර කථාව විසුද්ධිමග්ගයෙහි කියන ලදි. මෙසේ පිණ්ඩපාත සන්තොස මහා අරියවංසය පුරනු ලබන භික්ෂුව මේ ධුතංග පස ආරක්ෂා කරයි. මේවා ආරක්ෂා කරන්නේ පිණ්ඩපාත සන්තොස මහා අරියවංසයෙන් සතුටුවූයේ වෙයි. වණ්ණවාදී යනාදිය කියන ලද අයුරින්ම දතයුතුය.

සෙනාසනෙනාති ඉධ සෙනාසනං ජානිතබ‍්බං, සෙනාසනක‍්ඛෙත‍්තං ජානිතබ‍්බං, සෙනාසනසන‍්තොසො ජානිතබ‍්බො, සෙනාසනප‍්පටිසංයුත‍්තං ධුතඞ‍්ගං ජානිතබ‍්බං. තත්‍ථ සෙනාසනන‍්ති මඤ‍්චො පීඨං භිසි බිම‍්බොහනං විහාරො අඩ‍්ඪයොගො පාසාදො හම‍්මියං ගුහා ලෙණං අට‍්ටො මාළො වෙළුගුම‍්බො රුක‍්ඛමූලං යත්‍ථ වා පන භික‍්ඛූ පටික‍්කමන‍්තීති ඉමානි පන‍්නරස සෙනාසනානි.

සෙනාසනෙන යන මෙහි සෙනාසනය දත යුතුය. සෙනාසන ක්‍ෂේත්‍රය දතයුතු ය. සෙනාසන සන්තොසය දතයුතු ය. සෙනාසන ප්‍රතිසංයුක්ත වු ධුතංගය දතයුතුය. එහි සේනාසනය යනු ඇඳ, පුටුව, මෙට්ටය, කොට්ටය, විහාරය, අඩ්ඪයෝග නම් වූ ගෘහය, පහය, මහල්පහය, ගුහාව, ලෙන, අටල්ල, මාලය (වට බිම), උණ පදුර, ගසමුල වැනි යම්බඳු වූ තැනක භික්ෂූහු විවේක ගනිත්ද මේවා පසළොස් සෙනසුන්ය.

සෙනාසනක‍්ඛෙත‍්තන‍්ති සඞ‍්ඝතො වා ගණතො වා ඤාතිතො වා මිත‍්තතො වා අත‍්තනො වා ධනෙන පංසුකූලං වාති ඡ ඛෙත‍්තානි.

සෙනාසනඛෙත්ත යනු සංඝයාගෙන් හෝ ගණ (සමූහ) යාගෙන් හෝ ඥාතීන්ගෙන් හෝ මිත්‍රයන්ගෙන් හෝ තමන්ගේ හෝ ධනයෙන් ලද පාංසුකුලයදැයි ක්ෂෙත්‍ර සයෙකි.

සෙනාසනසන‍්තොසොති සෙනාසනෙ විතක‍්කසන‍්තොසාදයො පන‍්නරස සන‍්තොසා. තෙ පිණ‍්ඩපාතෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බා. සෙනාසනප‍්පටිසංයුත‍්තානි පන පඤ‍්ච ධුතඞ‍්ගානි ආරඤ‍්ඤිකඞ‍්ගං රුක‍්ඛමූලිකඞ‍්ගං අබ‍්භොකාසිකඞ‍්ගං සොසානිකඞ‍්ගං යථාසන්‍ථතිකඞ‍්ගන‍්ති. තෙසං විත්‍ථාරකථා විසුද‍්ධිමග‍්ගෙ (විසුද‍්ධි· 1.31-35) වුත‍්තා. ඉති සෙනාසනසන‍්තොසමහාඅරියවංසං පූරයමානො භික‍්ඛු ඉමානි පඤ‍්ච ධුතඞ‍්ගානි ගොපෙති. ඉමානි ගොපෙන‍්තො සෙනාසනසන‍්තොසමහාඅරියවංසෙන සන‍්තුට‍්ඨො හොති.

සේනාසන සන්තොසො යනු සෙනසුන්හි විතක්ක සන්තොසාදීවු පසළොස් සන්තෝසයයි. ඒවා පිණ්ඩපාතයෙහි කියූ අයුරින්ම දතයුතුය. අරඤ්ඤකංගය, රුක්ඛමූලිකංගය, අබ්භොකාසිකංගය, සොසානිකංගය, යථා සන්ථතිකංග යයි සෙනාසන ප්‍රතිසංයුක්ත වූ පඤ්ච ධුතංගයෝයි. ඒවායේ විස්තර කථාව විසුද්ධිමග්ගයෙහි කියන ලදි. මෙසේ සේනාසන සන්තොස මහා ආර්‍ය්‍ය වංශය පුරනු ලබන්නා වූ භික්ෂුව මේ ධුතංග පස ආරක්ෂා කරයි. මේවා රක්නේ සේනාසන සන්තොස මහා අරියවංස වශයෙන් සතුටු වෙයි.

ගිලානපච‍්චයො පන පිණ‍්ඩපාතෙයෙව පවිට‍්ඨො. තත්‍ථ යථාලාභයථාබලයථාසාරුප‍්පසන‍්තොසෙනෙව සන‍්තුස‍්සිතබ‍්බං. නෙසජ‍්ජිකඞ‍්ගං භාවනාරාමඅරියවංසං භජති. වුත‍්තම‍්පි චෙතං –

ගිලානපච්චය වනාහි පිණ්ඩපාතයෙහිම ඇතුළත් වෙයි. එහි යථාලාභ යථාබල, යථා සාරුප්ප සන්තෝසයෙන්ම සතුටු විය යුතු නෙසජ්ජිකංගය භාවනාරාම අරියවංසය ඇසුරු කෙරෙයි. මෙය කියන ලදි.

“පඤ‍්ච සෙනාසනෙ වුත‍්තා, පඤ‍්ච ආහාරනිස‍්සිතා; එකො වීරියසංයුත‍්තො, ද‍්වෙ ච චීවරනිස‍්සිතා”ති.

පසක් සෙනසුන්හි කියන ලදි. පසක් ආහාර ඇසුරුකොට ඇත. එකක් වීර්යය සමඟ එක්වූයේ වෙයි. සිවුරු ඇසුරුවු දෙකෙකි.

ඉති භගවා පථවිං පත්‍ථරමානො විය සාගරකුච‍්ඡිං පූරයමානො විය ආකාසං විත්‍ථාරයමානො විය ච පඨමං චීවරසන‍්තොසං අරියවංසං කථෙත්‍වා චන්‍දං උට‍්ඨාපෙන‍්තො විය සූරියං උල‍්ලඞ‍්ඝෙන‍්තො විය ච දුතියං පිණ‍්ඩපාතසන‍්තොසං කථෙත්‍වා සිනෙරුං උක‍්ඛිපන‍්තො විය තතියං සෙනාසනසන‍්තොසං අරියවංසං කථෙත්‍වා ඉදානි සහස‍්සනයපටිමණ‍්ඩිතං චතුත්‍ථං භාවනාරාමං අරියවංසං කථෙතුං පුන චපරං, භික‍්ඛවෙ, භික‍්ඛු භාවනාරාමො හොතීති දෙසනං ආරභි.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ පොළොව පතුරුවන්නාක් මෙන් ද සයුරුකුස පුරවන්නාක් මෙන් ද, අහස පළල් කරන්නාක් මෙන් ද, පළමුව චීවරසන්තොස අරියවංසය කියා සඳ ඔසවන්නාක් මෙන් ද, හිරු ඉක්මවන්නාක් මෙන් ද, දෙවැනිව පිණ්ඩපාත සන්තොසය කියා මහමෙර, උගුලන්නාක් මෙන් තෙවනුව සෙනාසන සන්තොස අරියවංසය කියා දැන් දහසක් නයින් යුක්ත වූ සතරවැනි භාවනාරාම අරියවංසය පැවසීමට පුන චපරං භික්ඛවෙ භික්ඛු භාවනාරාමො හොති, යි දේශනාව ඇරඹූ සේක.

තත්‍ථ ආරමණං ආරාමො, අභිරතීති අත්‍ථො. භාවනාය ආරාමො අස‍්සාති භාවනාරාමො. භාවනාය රතොති භාවනාරතො. පඤ‍්චවිධෙ පහානෙ ආරාමො අස‍්සාති පහානාරාමො. අපිච භාවෙන‍්තො රමතීති භාවනාරාමො. පජහන‍්තො රමතීති පහානාරාමොති එවමෙත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො. අයඤ‍්හි චත‍්තාරො සතිපට‍්ඨානෙ භාවෙන‍්තො රමති, රතිං වින්‍දතීති අත්‍ථො. තථා චත‍්තාරො සම‍්මප‍්පධානෙ. චත‍්තාරො ඉද‍්ධිපාදෙ, පඤ‍්චින්‍ද්‍රියානි, පඤ‍්ච බලානි, සත‍්ත බොජ‍්ඣඞ‍්ගෙ, සත‍්ත අනුපස‍්සනා, අට‍්ඨාරස මහාවිපස‍්සනා, සත‍්තතිංස බොධිපක‍්ඛියධම‍්මෙ, අට‍්ඨතිංස ආරම‍්මණවිභත‍්තියො භාවෙන‍්තො රමති, රතිං වින්‍දති. කාමච‍්ඡන්‍දාදයො පන කිලෙසෙ පජහන‍්තො රමති, රතිං වින්‍දති.

එහි සතුටුවීම ආරාමො නමි. භාවනාවෙහි ඇලීම මොහුටනුයි භාවනාරාමො නමි. භාවනාවෙහි ඇලුණේයි භාවනාරතො නමි. පස් ආකාර ප්‍රහාණයන්හි ඇල්ම මොහුට ඇත්තේනුයි පහානාරාමො නමි. මෙසේ මෙහි අර්‍ත්‍ථය දැක්විය යුතුය. මෙතෙම වනාහි සතර සතිපට්ඨානයන් වඩන්නේ සතුටුවෙයි. සතුට විඳියි යනු අර්‍ත්‍ථයයි. එසේ සතර සම්‍යක් ප්‍රධානයන්, සතර සෘද්ධිපාදයන්, පඤ්ච ඉන්ද්‍රියයන්, පඤ්ච බලයන්, සප්ත බොධ්‍යංගයන්, සප්ත අනුපස්සනාවන්, අටළොස් මහා විපස්සනාවන්, සත්තිස් බෝධිපාක්ෂික ධර්‍මයන් අටතිස් ආරම්මණ විභක්තීන් වඩන්නේ සතුටුවෙයි. සතුට විඳියි. කාමච්ඡන්දාදී කෙලෙසුන් දුරලන්නේ සතුටුවෙයි. සතුට විඳියි. කාමච්ඡන්දාදී කෙලෙසුන් දුරලන්නේ සතුටුවෙයි. සතුට විඳියි.

ඉමෙසු පන චතූසු අරියවංසෙසු පුරිමෙහි තීහි තෙරසන‍්නං ධුතඞ‍්ගානං චතුපච‍්චයසන‍්තොසස‍්ස ච වසෙන සකලං විනයපිටකං කථිතං හොති, භාවනාරාමෙන අවසෙසං පිටකද‍්වයං. ඉමං පන භාවනාරාමං අරියවංසං කථෙන‍්තෙන භික‍්ඛුනා පටිසම‍්භිදාමග‍්ගෙ නෙක‍්ඛම‍්මපාළියා කථෙතබ‍්බො, දීඝනිකායෙ දසුත‍්තරසුත‍්තන‍්තපරියායෙන කථෙතබ‍්බො, මජ‍්ඣිමනිකායෙ සතිපට‍්ඨානසුත‍්තන‍්තපරියායෙන කථෙතබ‍්බො, අභිධම‍්මෙ නිද‍්දෙසපරියායෙන කථෙතබ‍්බො.

මේ සතර ආර්‍ය්‍යවංශයන්හි පළමුවැනි තැනින් තෙළෙස් ධුතංගයන්ගේ සිවුපස සන්තෝසය ද වශයෙන් සියලු විනය පිටකය කියන ලද්දේ වෙයි. භාවනාරාමයෙන් ඉතිරි පිටක දෙක කියන ලද්දේ වෙයි. මේ භාවනාරාම අරියවංසය කියන්නා වූ භික්ෂුව විසින් පටිසම්භිදාමග්ගයෙහි නෙක්ඛම්ම පාළියෙන් කිවයුතුය. දීඝනිකායෙහි දසුත්තර සූත්‍රාන්ත පර්යායෙන් කිවයුතුය. මජ්ඣිමනිකායෙන් සතිපට්ඨාන සූත්‍රාන්ත පර්යායෙන් කිවයුතුය. අභිධර්‍මයෙහි නිර්දේශ පර්යායෙන් කිවයුතුය.

තත්‍ථ පටිසම‍්භිදාමග‍්ගෙ නෙක‍්ඛම‍්මපාළියාති –

එහි පටිසම්භිදාමග්ගයෙහි නෙක්ඛම්මපාළියෙන් යනු -

“නෙක‍්ඛම‍්මං භාවෙන‍්තො රමති, කාමච‍්ඡන්‍දං පජහන‍්තො රමති. අබ්‍යාපාදං, බ්‍යාපාදං… ආලොකසඤ‍්ඤං… ථිනමිද‍්ධං… අවික‍්ඛෙපං, උද‍්ධච‍්චං… ධම‍්මවවත්‍ථානං… විචිකිච‍්ඡං… ඤාණං… අවිජ‍්ජං… පාමොජ‍්ජං… අරතිං… පඨමජ‍්ඣානං, පඤ‍්ච නීවරණෙ… දුතියජ‍්ඣානං… විතක‍්කවිචාරෙ… තතියජ‍්ඣානං… පීතිං… චතුත්‍ථජ‍්ඣානං… සුඛදුක‍්ඛෙ… ආකාසානඤ‍්චායතනසමාපත‍්තිං භාවෙන‍්තො රමති, රූපසඤ‍්ඤං පටිඝසඤ‍්ඤං නානත‍්තසඤ‍්ඤං පජහන‍්තො රමති. විඤ‍්ඤාණඤ‍්චායතනසමාපත‍්තිං…පෙ… නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසමාපත‍්තිං භාවෙන‍්තො රමති, ආකිඤ‍්චඤ‍්ඤායතනසඤ‍්ඤං පජහන‍්තො රමති.

නෛෂ්ක්‍රම්‍යය වඩන්නේ සතුටුවෙයි. කාමච්ඡන්දය දුරලන්නේ සතුටුවෙයි. අව්‍යාපාදය වඩන්නේ ව්‍යාපාදය දුරලන්නේ සතුටුවෙයි. ආලොක සංඥාව - ථිනමිද්ධය - අවික්ෂෙපය - උද්ධච්චය - ධර්‍මව්‍යවස්ථානය - විචිකිච්ඡාව - ඥානය - අවිද්‍යාව - ප්‍රමොද බවය - අරතිය - පඨමජ්ඣානය පඤ්චනීවරණයන් - දුතියජ්ඣානය - විතක්ක විචාරයන් තතියජ්ඣානය ප්‍රීතිය - චතුත්ථඣානය - සුඛදුක්ඛයන් - ආකාසනඤ්චායතනය වඩන්නේ සතුටුවෙයි. රූපසංඥාව - ප්‍රතිඝසංඥාව නානත්තසංඥාව දුරලන්නේ සතුටුවෙයි. විඤ්ඤාණඤ්චායතන සමාපත්තිය -පෙ- නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය වඩන්නේ සතුටුවෙයි.

“අනිච‍්චානුපස‍්සනං භාවෙන‍්තො රමති, නිච‍්චසඤ‍්ඤං පජහන‍්තො රමති. දුක‍්ඛානුපස‍්සනං… සුඛසඤ‍්ඤං… අනත‍්තානුපස‍්සනං… අත‍්තසඤ‍්ඤං… නිබ‍්බිදානුපස‍්සනං… නන්‍දිං… විරාගානුපස‍්සනං… රාගං… නිරොධානුපස‍්සනං… සමුදයං… පටිනිස‍්සග‍්ගානුපස‍්සනං… ආදානං… ඛයානුපස‍්සනං … ඝනසඤ‍්ඤං… වයානුපස‍්සනං… ආයූහනං… විපරිණාමානුපස‍්සනං… ධුවසඤ‍්ඤං… අනිමිත‍්තානුපස‍්සනං … නිමිත‍්තං… අප‍්පණිහිතානුපස‍්සනං… පණිධිං… සුඤ‍්ඤතානුපස‍්සනං… අභිනිවෙසං… අධිපඤ‍්ඤාධම‍්මවිපස‍්සනං… සාරාදානාභිනිවෙසං… යථාභූතඤාණදස‍්සනං… සම‍්මොහාභිනිවෙසං… ආදීනවානුපස‍්සනං… ආලයාභිනිවෙසං… පටිසඞ‍්ඛානුපස‍්සනං… අප‍්පටිසඞ‍්ඛං… විවට‍්ටානුපස‍්සනං… සංයොගාභිනිවෙසං… සොතාපත‍්තිමග‍්ගං… දිට‍්ඨෙකට‍්ඨෙ කිලෙසෙ… සකදාගාමිමග‍්ගං… ඔළාරිකෙ කිලෙසෙ… අනාගාමිමග‍්ගං… අනුසහගතෙ කිලෙසෙ… අරහත‍්තමග‍්ගං භාවෙන‍්තො රමති, සබ‍්බකිලෙසෙ පජහන‍්තො රමතී”ති (පටි· ම· 1.41,95).

අනිච්චානුපස්සනාව වඩන්නේ සතුටුවෙයි. නිත්‍ය සංඥාව දුරලන්නේ සතුටුවෙයි. දුක්ඛානුපස්සනාව - සුඛසංඥාව, අනත්තානුපස්සනාව -අත්තසංඥාව - නිබ්බිදානුපස්සනාව - නන්දිය, විරාගානුපස්සනාව - රාගය - නිරොධානුපස්සනාව - සමුදය - පටිනිස්සග්ගානුපස්සනාව - ආදානය (දැඩිව ගැනීම) - ඛයානුපස්සනාව - ඝනසංඥාව - වයානුපස්සනාව - ආයූහනය - විපරිණාමානුපස්සනාව - ධුව සංඥාව - අනිමිත්තානුපස්සනාව - නිමිත්ත අප්පණිහිතානුපස්සනාව - ප්‍රණිධිය - සුඤ්ඤතානුපස්සනාව - අනිනිවෙසය අධිපඤ්ඤාධම්ම විපස්සනාව - සාරාදානාභිනිවෙසය - යථාභූතඤාණදස්සනය - සම්මොහාභිනිවෙසය - ආදීනවානුපස්සනාව - ආලයාභිනිවෙසය - පටිසංඛානුපස්සනාව - අප්පටිසංඛය - විවට්ටානුපස්සනාව - සංයොගාභිනිවෙසය - සොතාපත්තිමග්ගය - දිට්ඨෙකට්ඨෙකිලෙසයන් - සකදාගාමිමග්ගය - ඕළාරික කිලෙසයන් - අනාගාමී මග්ගය - අනුසහගත කිලෙසයන් - අරහත්තමග්ගය වඩන්නේ සතුටුවෙයි. සියලු කෙලෙසුන් දුරලන්නේ සතුටුවේ යයි

එවං පටිසම‍්භිදාමග‍්ගෙ නෙක‍්ඛම‍්මපාළියා කථෙතබ‍්බො.

මෙසේ පටිසම්භිදාමග්ගයෙහි නෙක්ඛම්ම පාළියෙන් කිවයුතුය.

දීඝනිකායෙ දසුත‍්තරසුත‍්තන‍්තපරියායෙනාති –

දීඝනිකායෙහි දසුත්තර සූත්‍රාන්ත පර්යායෙන් යනු -

“එකං ධම‍්මං භාවෙන‍්තො රමති, එකං ධම‍්මං පජහන‍්තො රමති…පෙ… දස ධම‍්මෙ භාවෙන‍්තො රමති, දස ධම‍්මෙ පජහන‍්තො රමති. කතමං එකං ධම‍්මං භාවෙන‍්තො රමති? කායගතාසතිං සාතසහගතං, ඉමං එකං ධම‍්මං භාවෙන‍්තො රමති. කතමං එකං ධම‍්මං පජහන‍්තො රමති? අස‍්මිමානං, ඉමං එකං ධම‍්මං පජහන‍්තො රමති. කතමෙ ද‍්වෙ ධම‍්මෙ…පෙ… කතමෙ දස ධම‍්මෙ භාවෙන‍්තො රමති? දස කසිණායතනානි, ඉමෙ දස ධම‍්මෙ භාවෙන‍්තො රමති. කතමෙ දස ධම‍්මෙ පජහන‍්තො රමති? දස මිච‍්ඡත‍්තෙ, ඉමෙ දස ධම‍්මෙ පජහන‍්තො රමති. එවං ඛො, භික‍්ඛවෙ, භික‍්ඛු භාවනාරාමො හොතී”ති (දී· නි· 3.351-360).

එක් ධර්‍මයක් වඩන්නේ සතුටුවෙයි, එක් ධර්‍මයක් දුරලන්නේ සතුටුවෙයි. -පෙ- දශධර්‍මයන් වඩන්නේ සතුටුවෙයි - දශධර්‍මයන් දුරලන්නේ සතුටුවෙයි. කවරනම් එක් ධර්‍මයක් වඩන්නේ සතුටුවේද? කායගතා සතිය සැනසිලි සහගතය, මේ එක් ධර්‍මය වඩන්නේ සතුටුවෙයි. කවර නම් එක් ධර්‍මයක් දුරලන්නේ සතුටුවේද? අසමිමානය නමැති මේ එක් ධර්‍මය දුරලන්නේ සතුටුවෙයි. කවරනම් ධර්‍ම දෙකක් -පෙ- කවරනම් ධර්‍මදශයක් වඩන්නේ සතුටුවේද? දශකසීනායතන යන මේ දශධර්‍මයන් වඩන්නේ සතුටුවෙයි. කවරනම් දශධර්‍මයක් දුරලන්නේ සතුටුවේද? දශමිථ්‍යාවන්ය. මේ දශධර්‍මයන් දුරලන්නේ සතුටුවෙයි. මෙසේ මහණෙනි, භික්ෂුව භාවනාවෙහි ඇලෙන්නේ යයි

එවං දීඝනිකායෙ දසුත‍්තරසුත‍්තන‍්තපරියායෙන කථෙතබ‍්බො.

මෙසේ දීඝනිකායෙහි දසුත්තර සූත්‍ර පර්‍ය්‍යායෙන් කිවයුතුය.

මජ‍්ඣිමනිකායෙ සතිපට‍්ඨානසුත‍්තන‍්තපරියායෙනාති –

මජ්ඣිමනිකායෙහි සතිපට්ඨාන සූත්‍රාන්ත පර්‍ය්‍යායෙන් යනු -

“එකායනො අයං, භික‍්ඛවෙ, මග‍්ගො…පෙ… යාවදෙව ඤාණමත‍්තාය පටිස‍්සතිමත‍්තාය. අනිස‍්සිතො ච විහරති, න ච කිඤ‍්චි ලොකෙ උපාදියති. එවම‍්පි ඛො, භික‍්ඛවෙ, භික‍්ඛු භාවනාරාමො හොති භාවනාරතො. පහානාරාමො හොති පහානරතො. පුන චපරං, භික‍්ඛවෙ, භික‍්ඛු ගච‍්ඡන‍්තො වා ගච‍්ඡාමීති පජානාති…පෙ… පුන චපරං, භික‍්ඛවෙ, භික‍්ඛු සෙය්‍යථාපි පස‍්සෙය්‍ය සරීරං සිවථිකාය ඡඩ‍්ඩිතං…පෙ… පූතීනි චුණ‍්ණකජාතානි. සො ඉමමෙව කායං උපසංහරති ‘අයම‍්පි ඛො කායො එවංධම‍්මො එවංභාවී එවංඅනතීතො’ති. ඉති අජ‍්ඣත‍්තං වා කායෙ කායානුපස‍්සී විහරති…පෙ… එවම‍්පි ඛො, භික‍්ඛවෙ, භික‍්ඛු භාවනාරාමො හොතී”ති (ම· නි· 1.106 ආදයො).

“මහණෙනි, මේ ඒකායන මාර්‍ගයයි. -පෙ- දැනුම පිණිස, සිහිපත් කිරීම පිණිස ඇසුරු නොකර වෙසෙයි. ලොව කිසිවක් අල්වා නොගනියි. මෙසේද මහණෙනි, භික්ෂුව භාවනාවෙහි ඇළුණේ භාවනාවෙහි සතුටු වූයේ දුරලීමෙහි ඇළුණේ දුරලීමෙහි සතුටුවූයේයි. යළි මහණෙනි, භික්ෂුව යන්නේ යමියි දැනගනියි. තවද මහණෙනි, භික්ෂුව සොහොනෙහි දමනාලද - පෙ- කුණු වූ සුණු බවට පැමිණි ශරීරය යම්සේ දකින්නේද හෙතෙම මෙසේ කයට යොමුකරයි. මේ ශරීරය ද මෙබඳු ස්වභාවය ඇත්තේය, මෙසේ වන්නේය. මේ ස්වභාවය නොයික්මවන ලද්දේ යයි මෙසේ ආධ්‍යාත්මිකව කයෙහි කය මෙනෙහි කරන්නේ වසයි - පෙ- මෙසේ මහණෙනි, භික්ෂුව භාවනාවෙහි ඇළුණේ වේ යයි”

එවං මජ‍්ඣිමනිකායෙ සතිපට‍්ඨානසුත‍්තන‍්තපරියායෙන කථෙතබ‍්බො.

මෙසේ මජ්ඣිමනිකායෙහි සතිපට්ඨාන සූත්‍රාන්ත පර්යායයෙන් කිවයුතුවේ.

අභිධම‍්මෙ නිද‍්දෙසපරියායෙනාති සබ‍්බෙපි සඞ‍්ඛතෙ “අනිච‍්චතො දුක‍්ඛතො රොගතො ගණ‍්ඩතො …පෙ… සංකිලෙසිකධම‍්මතො පස‍්සන‍්තො රමති, එවං ඛො භික‍්ඛු භාවනාරාමො හොතී”ති (මහානි· 13; චූළනි· උපසීවමාණවපුච‍්ඡානිද‍්දෙසො 39, නන්‍දමාණවපුච‍්ඡානිද‍්දෙසො 51). එවං නිද‍්දෙසපරියායෙන කථෙතබ‍්බො.

අභිධර්‍මයෙහි නිද්දේස පරියායයෙන් යනු “සියලු සංස්කෘත ධර්‍මයන් අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් රෝග වශයෙන් ගඩු වශයෙන් -පෙ- සංකිලෙසික උවදුරු ඇති ලෙසින් බලන්නේ (භාවනාවෙහි) සතුටුවේ යයි මෙසේ නිද්දෙස පරියායෙන් කිවයුතුය.

නෙවත‍්තානුක‍්කංසෙතීති “අජ‍්ජ මෙ සට‍්ඨි වා සත‍්තති වා වස‍්සානි අනිච‍්චං දුක‍්ඛං අනත‍්තාති විපස‍්සනාය කම‍්මං කරොන‍්තස‍්ස කො මයා සදිසො අත්‍ථී”ති එවං අත‍්තුක‍්කංසනං න කරොති. නො පරං වම‍්භෙතීති “අනිච‍්චං දුක‍්ඛන‍්ති විපස‍්සනාමත‍්තකම‍්පි නත්‍ථි, කිං ඉමෙ විස‍්සට‍්ඨකම‍්මට‍්ඨානා චරන‍්තී”ති එවං පරවම‍්භනං න කරොති. සෙසං වුත‍්තනයමෙව.

නෙවත්තානුකංසෙති යනු අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්‍ශනා කර්‍මය කරන්නාවූ මගේ අද මේ සැට හෝ සැත්තෑ වර්‍ෂයයි. මා වැනි වූ කවරෙක් ඇත්දැයි මෙසේ තමා උසස්කොට දැක්වීම නොකරයි. නො පරං වම්හෙති යනු අනිත්‍යය දුක්ඛයයි විදර්‍ශනා මාත්‍රයකුදු නැත. කිම මොවුහු අත්හළ කමටහන් ඇත්තාහු හැසිරෙත්දැයි මෙසේ අනුන් පහත්කොට තැකීම නොකරයි. සෙස්ස කියනලද අයුරින්මය.

ඉමෙ ඛො, භික‍්ඛවෙ, චත‍්තාරො අරියවංසාති, භික‍්ඛවෙ, ඉමෙ චත‍්තාරො අරියවංසා අරියතන‍්තියො අරියපවෙණියො අරියඤ‍්ජසා අරියවටුමානීති සුත‍්තන‍්තං විනිවට‍්ටෙත්‍වා ඉදානි මහාඅරියවංසපරිපූරකස‍්ස භික‍්ඛුනො වසනදිසා දස‍්සෙන‍්තො ඉමෙහි ච පන, භික‍්ඛවෙතිආදිමාහ. තත්‍ථ ස‍්වෙව අරතිං සහතීති සොයෙව අරතිං අනභිරතිං උක‍්කණ‍්ඨිතං සහති අභිභවති. න තං අරති සහතීති තං පන භික‍්ඛුං යා එසා පන‍්තෙසු සෙනාසනෙසු අධිකුසලානං ධම‍්මානං භාවනාය අරති නාම හොති, සා සහිතුං අධිභවිතුං න සක‍්කොති. අරතිරතිසහොති අරතිඤ‍්ච පඤ‍්චකාමගුණරතිඤ‍්ච සහති, අධිභවිතුං සක‍්කොති.

ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො අරියවංසා යනු මහණෙනි, මේ සතර ආර්‍ය්‍ය වංශයෝ ආර්‍ය්‍යතන්තීහුය, ආර්‍ය්‍ය ප්‍රවෙණිහුය, ආර්‍ය්‍ය මාර්‍ගයෝය, ආර්‍ය්‍ය මංපෙත්ය යනුයි. සූත්‍රාන්තය හරවා දැන් මහා ආර්යවංශය සපුරන්නා වූ භික්ෂුව වාසය කරන දිශාව දක්වන සේක් ඉමෙහි ච පන භික්ඛවෙ බව යනාදිය පැවසූ සේක. එහි සෙවව අරතිං සහති යනු හෙතෙම මෙසේ නොකැමැත්ත, නොසතුට, උකටලීබව ඉවසයි. මැඬපවත්වයි. තං තං අරති සහති යනු විවේකී සෙනසුන්හි අධිකුශල ධර්‍මයන් වැඩීමට යම්බඳු වූ නොඇලීමක් නම් වේ ද එම නොඇලීම එම භික්ෂුව මැඩලීමට යටපත් කිරීමට අසමත් වෙයි. අරතිරතිසහො යනු (එම භික්‍ෂුව) නොඇල්මද පස්කම් ගුණයෙහි ඇල්මද යටපත් කිරීමට මැඬලීමට සමත්වෙයි.

ඉදානි ගාථාහි කූටං ගණ‍්හන‍්තො නාරතීතිආදිමාහ. තත්‍ථ ධීරන‍්ති වීරියවන‍්තං. නාරති ධීරං සහතීති ඉදං පුරිමස‍්සෙව කාරණවචනං. යස‍්මා සා ධීරං න සහති නප‍්පහොති ධීරං සහිතුං අධිභවිතුං න සක‍්කොති, තස‍්මා නාරති සහති ධීරං. ධීරො හි අරතිස‍්සහොති අරතිසහත‍්තා හි සො ධීරො නාම, තස‍්මා අරතිං සහතීති අත්‍ථො. සබ‍්බකම‍්මවිහායීනන‍්ති සබ‍්බං තෙභූමකකම‍්මං චජිත්‍වා පරිච‍්ඡින‍්නං පරිවටුමං කත්‍වා ඨිතං. පනුණ‍්ණං කො නිවාරයෙති කිලෙසෙ පනුදිත්‍වා ඨිතං කො නාම රාගො වා දොසො වා නිවාරෙය්‍ය. නෙක‍්ඛං ජම‍්බොනදස‍්සෙව, කො තං නින්‍දිතුමරහතීති ජම‍්බොනදසඞ‍්ඛාතස‍්ස ජාතිරත‍්තසුවණ‍්ණස‍්ස නික‍්ඛසදිසං ගරහිතබ‍්බදොසවිමුත‍්තං කො තං පුග‍්ගලං නින්‍දිතුං අරහති. බ්‍රහ‍්මුනාපි පසංසිතොති මහාබ්‍රහ‍්මුනාපි එස පුග‍්ගලො පසංසිතොයෙවාති. දෙසනාපරියොසානෙ චත‍්තාලීස භික‍්ඛුසහස‍්සානි අරහත‍්තෙ පතිට‍්ඨහිංසු.

දැන් ගාථාවන්ගෙන් කුළුගන්වන සේක් නාරති ආදිය කීසේක. එහි ධීරං යනු වීර්ය ඇත්තායි. නාරති ධීරසංහති යන මෙය කලින් කීදෙයට සාධක වචනයයි. යම් හෙයකින් එම නොඇලීම (අරතිය) ධීරසංහතියක් (ධෛර්‍ය්‍යවන්තයන් මැඬලන්නක්) නොවේද? වීර්යවන්තයින් යටපත් කරන්නට මැඩලන්නට නොහැකිවේද, එහෙයින් අරතිය වීර්යවන්තයකු නොමැඩලයි. ධීරො හි අරතිස්සහො යනු අරතිය මැඬලන බැවින්ම හෙතෙම වීර්යවන්තයෙක් නම් වේ. එබැවින් අරතිය මැඬලයි යන අර්‍ත්‍ථයයි. සබ්බකම්මවිහායිනං යනු සියලු ත්‍රෛභූමික කර්‍ම අතහැර පිරිසිඳ සිටියේයි. පනුණ්ණං කො නිවාරයෙ යනු කෙලෙස් දුරුකොට සිටියකු කවරනම් රාගයක් හෝ ද්වේෂයක් හෝ වළක්වන්නේද? නෙක්ඛං ජම්බොනදස්සෙව කො තං නින්දිතුමරහති යනු දඹරන් ගිල්වන ලද රත්තරනකට නිෂ්කයක් මෙන් කවරෙක් නම් ගැරහිය යුතු දොසින් මිදුණු එම පුද්ගලයාට ගැරහීමට සුදුසුවේද? බ්‍රහ්මුනාපි පසංසීතො යනු මහාබ්‍රහ්මයා විසිනුදු එම පුද්ගලතෙමේ පසස්නා ලද්දේමය. දෙසුම කෙළවර සතළිස් දහසක් භික්ෂූන් වහන්සේ රහත්බවෙහි පිහිටියහ.