යෙදුමෙන් කියවන්න

5. බ්‍රහ‍්මචරීයසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

5. බ්‍රහ‍්මචරීයසුත‍්තවණ‍්ණනා

5. බ්‍රහ්මචරිය සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ ජනකුහනත්‍ථන‍්ති තීහි කුහනවත්‍ථූහි ජනස‍්ස කුහනත්‍ථාය. න ජනලපනත්‍ථන‍්ති න ජනස‍්ස උපලාපනත්‍ථං. න ලාභසක‍්කාරසිලොකානිසංසත්‍ථන‍්ති න චීවරාදිථුතිවචනත්‍ථං. න ඉතිවාදප‍්පමොක‍්ඛානිසංසත්‍ථන‍්ති න තෙන තෙන කාරණෙන කතවාදානිසංසත්‍ථං, න වාදස‍්ස පමොක‍්ඛානිසංසත්‍ථං. න ඉති මං ජනො ජානාතූති න “එවං කිර එස භික‍්ඛු, එවං කිර එස භික‍්ඛූ”ති ජනස‍්ස ජානනත්‍ථාය. සංවරත්‍ථන‍්ති පඤ‍්චහි සංවරෙහි සංවරණත්‍ථාය. පහානත්‍ථන‍්ති තීහි පහානෙහි පජහනත්‍ථාය. විරාගත්‍ථන‍්ති රාගාදීනං විරජ‍්ජනත්‍ථාය. නිරොධත්‍ථන‍්ති තෙසංයෙව නිරුජ‍්ඣනත්‍ථාය. අනීතිහන‍්ති ඉතිහපරිවජ‍්ජිතං, අපරපත‍්තියන‍්ති අත්‍ථො. නිබ‍්බානොගධගාමිනන‍්ති නිබ‍්බානස‍්ස අන‍්තොගාමිනං. මග‍්ගබ්‍රහ‍්මචරියඤ‍්හි නිබ‍්බානං ආරම‍්මණං කරිත්‍වා නිබ‍්බානස‍්ස අන‍්තොයෙව වත‍්තති පවත‍්තති. පටිපජ‍්ජන‍්තීති දුවිධම‍්පි පටිපජ‍්ජන‍්ති. ඉමස‍්මිං සුත‍්තෙ වට‍්ටවිවට‍්ටං කථෙත්‍වා ගාථාසු විවට‍්ටමෙව කථිතං.

පස්වැනි සූත්‍රයෙහි, ජනකුහනත්‍ථං යනු තුන්කුහක වස්තූන්හි ජනයා රවටනු පිණිසයි. න ජනලපනත්‍ථං ජනයා වංචාවට පත් නොකරවනු සඳහායි. න ඉතිවාදප්පමොක්ඛානි සංසත්‍ථං යනු ඒ ඒ කරුණින් කරන ලද වාදයන්ගේ අනුසස් සඳහා නොවේ, වාදයේ ප්‍රමුඛානිසංසය සඳහා නොවේ. න ඉති මං ජනො ජානාතු යනු මේ භික්ෂුව මෙසේය. මේ භික්ෂුව මෙසේ යයි ජනයාට දන්වනු සඳහා නොවේ යනුයි. සංවරත්‍ථං යනු සංවර පහෙන් සංවරවීම සඳහායි. පහානත්‍ථං යනු ත්‍රිවිධ ප්‍රහාණයෙන් දුරු කරනු සඳහායි. විරාගත්‍ථං යනු රාගාදීන්හි නොඇලීම සඳහායි. නිරොධත්‍ථං යනු ඒවා දුරුකිරීම සඳහායි. අනීතිහං යනු මෙසේ දුරුකරන ලද අන්‍යයන් විශ්වාස කිරීම යන අර්ථයි. නිබ්බානොගධගාමිනං යනු නිවන ඇතුළතට යන්නාවූයි. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව වනාහි නිවන අරමුණුකොට නිවන ඇතුළෙහිම පවතියි. පටිපජ්ජං යනු ද්විවිධ වූ පිළිපැදීමයි. මේ සූත්‍රයෙන් වර්‍තවිවර්තයන් කියා ගාථාවන්හි විවර්තයම කියන ලදි.

6. කුහකසුත‍්තවණ‍්ණනා

6. කුහක සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ කුහාති කුහකා. ථද‍්ධාති කොධෙන ච මානෙන ච ථද‍්ධා. ලපාති උපලාපකා. සිඞ‍්ගීති “තත්‍ථ කතමං සිඞ‍්ගං, යං සිඞ‍්ගං සිඞ‍්ගාරතා චාතුරතා චාතුරියං පරික‍්ඛත‍්තතා පාරික‍්ඛත‍්තිය”න‍්ති (විභ· 852) එවං වුත‍්තෙහි සිඞ‍්ගසදිසෙහි පාකටකිලෙසෙහි සමන‍්නාගතා. උන‍්නළාති උග‍්ගතනළා තුච‍්ඡමානං උක‍්ඛිපිත්‍වා ඨිතා. අසමාහිතාති චිත‍්තෙකග‍්ගමත‍්තස‍්සාපි අලාභිනො. න මෙ තෙ, භික‍්ඛවෙ, භික‍්ඛූ මාමකාති තෙ මය‍්හං භික‍්ඛූ මම සන‍්තකා න හොන‍්ති. “තෙ මය‍්හ”න‍්ති ඉදං පන සත්‍ථාරං උද‍්දිස‍්ස පබ‍්බජිතත‍්තා වුත‍්තං. තෙ ඛො මෙ, භික‍්ඛවෙ, භික‍්ඛූ මාමකාති ඉධාපි මෙති අත‍්තානං උද‍්දිස‍්ස පබ‍්බජිතත‍්තා වදති, සම‍්මාපටිපන‍්නත‍්තා පන “මාමකා”ති ආහ. වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජන‍්තීති සීලාදීහි ගුණෙහි වඩ‍්ඪනතො වුද‍්ධිං, නිච‍්චලභාවෙන විරූළ‍්හිං, සබ‍්බත්‍ථ පත්‍ථටතාය වෙපුල‍්ලං පාපුණන‍්ති. තෙ පනෙතෙ යාව අරහත‍්තමග‍්ගා විරුහන‍්ති, අරහත‍්තඵලං පත‍්තෙ විරූළ‍්හා නාම හොන‍්ති. ඉති ඉමස‍්මිං සුත‍්තෙපි ගාථාසුපි වට‍්ටවිවට‍්ටමෙව කථිතං.

සයවැනි සූත්‍රයෙහි කුහා යනු කුහකයෝයි. ථද්ධා යනු ක්‍රොධයෙන් හා මානයෙන් දැඩිවූවෝයි. ලපා යනු රවටන්නෝයි. සිඞ්ගී යනු “තත්ථ කතමං සිඞ්ගං යං සිඞ්ගං සිඞ්ගරතා චතුරතා චාතුරියං පරික්ඛත්තතා පරික්ඛිත්තතා පාරික්ඛත්තියං” යි මෙසේ කියනලද අං සමාන ප්‍රකට කෙලෙසුන්ගෙන් යුක්ත වූවාහුයි. උන්නළා යනු උඩඟු වූවාහු හිස්බව නංවා සිටියෝයි. අසමාහිතා යනු සිතෙහි එකඟ බව මඳකුදු නැත්තේයි. න මෙ තෙ භික්ඛවෙ භික්ඛු මාමකා යනු ඒ මගේ භික්ෂූහු මට අයත් වූවෝ නොවෙත්. “තෙ මය්හං” යන මෙය ශාස්තෲන් වහන්සේ උදෙසා පැවිදි වූ බැවින් කියන ලදි. තෙ ඛො මෙ භික්ඛවෙ භික්ඛුමාමකා යනු මෙහිද මගේ යනු තමන් උදෙසා පැවිදි වූ බැවින් කියයි. මනාව පිළිපන් බැවින් මාමක යයි කීහ. වුද්ධිං විරූළ්හං වෙපුල්ලං ආපජ්ජන්ති යනු සීලාදි ගුණයෙන් වැඩෙන බැවින් වෘද්ධියට ද නිශ්චලභාවයෙන් වැඩීයාමටද සියලු තන්හි පතළ බැවින් විපුලත්වයට ද පැමිණෙත්. මොවුහු වනාහි රහත් මග දක්වා වැඩෙති. රහත්ඵලයට පත් කල්හි වැඩුනෝ නම් වෙති. මෙසේ මේ සූත්‍රාන්තයෙහි ද ගාථාවන්හි ද වට්ටවිවට්ටයම කියනලදි.

7. සන‍්තුට‍්ඨිසුත‍්තවණ‍්ණනා

7. සන්තුට්ඨි සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ අප‍්පානීති පරිත‍්තානි. සුලභානීති සුඛෙන ලද‍්ධබ‍්බානි, යත්‍ථ කත්‍ථචි සක‍්කා හොන‍්ති ලභිතුං. අනවජ‍්ජානීති නිද‍්දොසානි. පිණ‍්ඩියාලොපභොජනන‍්ති ජඞ‍්ඝාපිණ‍්ඩියබලෙන චරිත්‍වා ආලොපමත‍්තං ලද‍්ධං භොජනං. පූතිමුත‍්තන‍්ති යංකිඤ‍්චි මුත‍්තං. යථා හි සුවණ‍්ණවණ‍්ණොපි කායො පූතිකායොති වුච‍්චති, එවං අභිනවම‍්පි මුත‍්තං පූතිමුත‍්තමෙව.

සත්වැනි සූත්‍රයෙහි අප්පානි යනු මඳවූ දෙයයි. සුලභානි යනු සුවසේ ලද හැකි දෙයයි. යම්කිසි තැනක ලැබීමට හැකිවෙයි. අනවජ්ජානි යනු නිදොස් වූ දෙයයි. පිණ්ඩියාලොපභොජනං යනු පිඬු සිඟා යාමෙන් ලබන ලද අල්පමාත්‍ර වූ භෝජනයයි. පූතිමුත්තං යනු යම්කිසි මූත්‍රයකි. යම්සේ රන්වන් වූ ශරීරය ද පූතිකා යයි කියනු ලැබේද? එසේ අලුත් වූ මූත්‍රය ද පූතිමුත්‍රයක්ම වේ.

විඝාතොති විගතඝාතො, චිත‍්තස‍්ස දුක‍්ඛං න හොතීති අත්‍ථො. දිසා නප‍්පටිහඤ‍්ඤතීති යස‍්ස හි “අසුකට‍්ඨානං නාම ගතො චීවරාදීනි ලභිස‍්සාමී”ති චිත‍්තං උප‍්පජ‍්ජති, තස‍්ස දිසා පටිහඤ‍්ඤති නාම. යස‍්ස එවං න උප‍්පජ‍්ජති, තස‍්ස නප‍්පටිහඤ‍්ඤති නාම. ධම‍්මාති පටිපත‍්තිධම‍්මා. සාමඤ‍්ඤස‍්සානුලොමිකාති සමණධම‍්මස‍්ස අනුලොමා. අධිග‍්ගහිතාති සබ‍්බෙතෙ තුට‍්ඨචිත‍්තස‍්ස භික‍්ඛුනො අධිග‍්ගහිතා හොන‍්ති අන‍්තොගතා න පරිබාහිරාති.

විඝානො යනු දුරුවූ උවදුරු ඇත්තේයි, සිතට දුකක් නොවේය යන අර්‍ත්‍ථයි. දිසා න පටිහඤ්ඤති යනු යමෙකුට වනාහි අසුවල් තැනට ගියේ සිවුරු ආදිය ලබන්නෙමියි සිතක් උපදියිද ඔහුට දිශා පිළිලැගෙයි නමි. ධම්මා යනු ප්‍රතිපත්ති ධර්‍මයෝයි. සාමඤ්ඤස්සානුලොමිකා යනු ශ්‍රමණ ධර්‍මයට අනුලොම් වූවෝයි. අධිග්ගහිතා යනු ඒ සියල්ලෝ සතුටු සිතැති භික්ෂුවට අධිගෘහීත වූවෝ වෙති. ඇතුළත් වූවෝයි. බාහිර වූවෝ නොවෙති.