යෙදුමෙන් කියවන්න

4. කාළකාරාමසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

4. කාළකාරාමසුත‍්තවණ‍්ණනා

4. කාළකාරාම සූත්‍ර වර්ණනාව

චතුත්‍ථං අත්‍ථුප‍්පත‍්තියං නික‍්ඛිත‍්තං. කතරාය අත්‍ථුප‍්පත‍්තියන‍්ති? දසබලගුණකථාය. අනාථපිණ‍්ඩිකස‍්ස කිර ධීතා චූළසුභද‍්දා “සාකෙතනගරෙ කාළකසෙට‍්ඨිපුත‍්තස‍්ස ගෙහං ගච‍්ඡිස‍්සාමී”ති සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා, “භන‍්තෙ, අහං මිච‍්ඡාදිට‍්ඨිකකුලං ගච‍්ඡාමි. සචෙ තත්‍ථ සක‍්කාරං ලභිස‍්සාමි, එකස‍්මිං පුරිසෙ පෙසියමානෙ පපඤ‍්චො භවිස‍්සති, මං ආවජ‍්ජෙය්‍යාථ භගවා”ති පටිඤ‍්ඤං ගහෙත්‍වා අගමාසි. සෙට‍්ඨි “සුණිසා මෙ ආගතා”ති මඞ‍්ගලං කරොන‍්තොව බහුං ඛාදනීයභොජනීයං පටියාදෙත්‍වා පඤ‍්ච අචෙලකසතානි නිමන‍්තෙසි. සො තෙසු නිසින‍්නෙසු “ධීතා මෙ ආගන‍්ත්‍වා අරහන‍්තෙ වන්‍දතූ”ති චූළසුභද‍්දාය පෙසෙසි. ආගතඵලා අරියසාවිකා අරහන‍්තෙති වුත‍්තමත‍්තෙයෙව “ලාභා වත මෙ”ති උට‍්ඨහිත්‍වා ගතා තෙ නිස‍්සිරිකදස‍්සනෙ අචෙලකෙ දිස‍්වාව “සමණා නාම න එවරූපා හොන‍්ති, තාත, යෙසං නෙව අජ‍්ඣත‍්තං හිරී, න බහිද‍්ධා ඔත‍්තප‍්පං අත්‍ථී”ති වත්‍වා “න ඉමෙ සමණා, ධීධී”ති ඛෙළං පාතෙත්‍වා නිවත‍්තිත්‍වා අත‍්තනො වසනට‍්ඨානමෙව ගතා.

සතරවැන්න අර්ථොත්පත්තියෙහි ඉදිරිපත් කරන ලදි. කවර අර්‍ථොත්පත්තියකදයත්? දශබලයන් වහන්සේගේ ගුණ කථාවෙහිදීය. අනේපිඬු සිටුගේ දියණිය වූල සුභද්දා සාකෙත නුවරෙහි කාලක සිටුපුතුගේ ගෙට යන්නී ශාස්තෲන් වහන්සේ වෙත එළඹ “ස්වාමීනි, මම මිසදිටු කුලයකට යමි. ඉදින් එහිදී සත්කාර ලබන්නෙම් නම් එක් පුරුෂයකු එවන කල්හි ප්‍රමාද වන්නේය, භාග්‍යවතුන් වහන්සේ මා සිහිකරනු මැනවැ”යි ප්‍රතිඥා ගෙන ගියාය. සිටුතෙමේ මගේ ලේලිය ආවායැයි උත්සවයක් කරන්නේ බොහෝ කැවිලි පෙවිලි පිළියෙළ කරවා අචෙලකයන් පන්සියයකට ආරාධනය කළේය. ඒ සිටුතෙමේ එම අචේලකයන් හුන්කල්හි මාගේ දුව පැමිණ රහතුන් වඳීවායි චූල සුභද්‍රාවට පණිවිඩ යැවිය. ලබන ලද ආර්යඵල ඇති ආර්ය ශ්‍රාවිකාවක වූ ඕතොමෝ රහතුන් යයි කී කල්හිම මට ලාභයකැයි නැඟිට ගියාය. අශෝහන දැකුම් ඇති අචේලකයන් දැක දරුව යමෙකුට ඇතුළත ලජ්ජාව නැත්ද පිටත බිය නැත්ද ශ්‍රමණයෝ නම් එබඳු නොවෙයි කියා මේ ශ්‍රමණයෝ නොවෙති. චී චීයි කෙළ හෙලා හැරී තමන් වසන තැනටම ගියාය.

තතො අචෙලකා “මහාසෙට‍්ඨි කුතො තෙ එවරූපා කාලකණ‍්ණී ලද‍්ධා, කිං සකලජම‍්බුදීපෙ අඤ‍්ඤා දාරිකා නත්‍ථී”ති සෙට‍්ඨිං පරිභාසිංසු. සො “ආචරියා ජානිත්‍වා වා කතං හොතු අජානිත්‍වා වා, අහමෙත්‍ථ ජානිස‍්සාමී”ති අචෙලකෙ උය්‍යොජෙත්‍වා සුභද‍්දාය සන‍්තිකං ගන‍්ත්‍වා “අම‍්ම, කස‍්මා එවරූපං අකාසි, කස‍්මා අරහන‍්තෙ ලජ‍්ජාපෙසී”ති ආහ. තාත, අරහන‍්තා නාම එවරූපා න හොන‍්තීති. අථ නං සො ආහ –

ඉක්බිති අචෙලකයෝ මහසිටාණ, ඔබ කොයින් මෙබඳු කාලකණ්ණියක් ලබන ලද්දීද කිම සියලු දඹදිව වෙනත් දැරියක් නැද්දැයි සිටාණන්ට අපහාස කළාහුය. හෙතෙම ඇදුරුවරුනි, දැන හෝ කරන ලද්දක් වේවා, නොදැන හෝ කරන ලද්දක් වේවා, මෙහිලා මම දැන ගන්නෙමියි අචෙලකයන් යවා සුභද්‍රාව වෙත ගොස් දරුව කුමක් නිසා මෙසේ කළෙහිද? කුමක් නිසා රහතුන් ලජ්ජා කරවුවාදැයි ඇසීය. “පියාණෙනි, රහත්හු නම් මෙබඳු නොවෙති”. ඇය කීවාය, ඉක්බිති හෙතෙම ඇයට මෙසේ කීය.

“කීදිසා සමණා තුය‍්හං, බාළ‍්හං ඛො නෙ පසංසසි; කිංසීලා කිංසමාචාරා, තං මෙ අක‍්ඛාහි පුච‍්ඡිතා”ති.

ඔබගේ ශ්‍රමණයෝ කෙබඳු වෙත්ද? දැඩි සේ (ඔබ) ඔවුන් පසසහි, ඔවුන්ගේ ශීලය කුමක්ද? මනා හැසිරීම කුමක්ද? අසනලද්දී මට එය කියව.

සා ආහ –

ඕ තොමෝ කීවාය:

“සන‍්තින්‍ද්‍රියා සන‍්තමනා, සන‍්තතෙජා ගුණමග‍්ගසණ‍්ඨිතා; ඔක‍්ඛිත‍්තචක‍්ඛූ මිතභාණී, තාදිසා සමණා මම.

සන්සුන් ඉඳුරන් ඇත්තාහුය. සන්සුන් සිත් ඇත්තාහුය, සන්සුන් තෙද ඇත්තාහුය, ගුණමාර්ගයෙහි පිහිටියාහුය, යටට හෙළු ඇස් ඇත්තාහුය, පමණට කථාකරන්නාහුය, මගේ ශ්‍රමණයෝ එබඳු වෙති.

“වසන‍්ති වනමොගය‍්හ, නාගො ඡෙත්‍වාව බන්‍ධනං; එකකියා අදුතියා, තාදිසා සමණා මමා”ති.

බැඳුම් සිඳි ඇතකු මෙන් වනයට පිවිස තනිව දෙවැන්නකු නැතිව වෙසෙති. මගේ ශ්‍රමණයෝ එබඳු වෙති.

එවඤ‍්ච පන වත්‍වා සෙට‍්ඨිස‍්ස පුරෙ ඨත්‍වා තිණ‍්ණං රතනානං ගුණං කථෙසි. සෙට‍්ඨි තස‍්සා වචනං සුත්‍වා “යදි එවං, තව සමණෙ ආනෙත්‍වා මඞ‍්ගලං කරොමා”ති. සා පුච‍්ඡි “කදා කරිස‍්සථ, තාතා”ති. සෙට‍්ඨි චින‍්තෙසි – “කතිපාහච‍්චයෙනාති වුත‍්තෙ පෙසෙත්‍වා පක‍්කොසාපෙය්‍යා”ති. අථ නං “ස‍්වෙ අම‍්මා”ති ආහ. සා සායන‍්හසමයෙ උපරිපාසාදං ආරුය‍්හ මහන‍්තං පුප‍්ඵසමුග‍්ගං ගහෙත්‍වා සත්‍ථු ගුණෙ අනුස‍්සරිත්‍වා අට‍්ඨ පුප‍්ඵමුට‍්ඨියො දසබලස‍්ස විස‍්සජ‍්ජෙත්‍වා අඤ‍්ජලිං පග‍්ගය‍්හ නමස‍්සමානා අට‍්ඨාසි. එවඤ‍්ච අවච – “භගවා ස‍්වෙ පඤ‍්චහි භික‍්ඛුසතෙහි සද‍්ධිං මය‍්හං භික‍්ඛං ගණ‍්හථා”ති. තානි පුප‍්ඵානි ගන‍්ත්‍වා දසබලස‍්ස මත්‍ථකෙ විතානං හුත්‍වා අට‍්ඨංසු. සත්‍ථා ආවජ‍්ජෙන‍්තො තං කාරණං අද‍්දස. ධම‍්මදෙසනාපරියොසානෙ අනාථපිණ‍්ඩිකමහාසෙට‍්ඨි දසබලං වන්‍දිත්‍වා “ස‍්වෙ, භන‍්තෙ, පඤ‍්චහි භික‍්ඛුසතෙහි සද‍්ධිං මම ගෙහෙ භික‍්ඛං ගණ‍්හථා”ති ආහ. චූළසුභද‍්දාය නිමන‍්තිතම‍්හ සෙට‍්ඨීති. න, භන‍්තෙ, කඤ‍්චි ආගතං පස‍්සාමාති. ආම, සෙට‍්ඨි, සද‍්ධා පන උපාසිකා දූරෙ යොජනසතමත්‍ථකෙපි යොජනසහස‍්සමත්‍ථකෙපි ඨිතා හිමවන‍්තො විය පඤ‍්ඤායතීති වත්‍වා –

මෙසේද කියා සිටාණන්ගේ ඉදිරියෙහි සිට තුනුරුවන් ගුණ ප්‍රකාශ කළාය. සිටුතෙමේ ඇයගේ වචනය අසා ඉදින් එසේනම් ඔබගේ ශ්‍රමණයන් ගෙන්වා මංගල්‍යයක් (උත්සවයක්) කරමුදැයි ඇසුවේය. “පියාණෙනි, කවදා කරන්නහුද?” කිහිප දිනකිනැයි කීවිට (දූතයන්) යවා කැඳවන්නී යයි (සිතා) ඇයට “දියණිය හෙටය”යි කීවේය, ඕතොමේ සවස්කල්හි මතුමහලට නැග මහත් මල් බඳුනක් ගෙන ශාස්තෲන් වහන්සේගේ ගුණ සිහිකොට මල් අටමිටක් දසබලයන් වහන්සේ වෙතට විසුරුවා ඇඳිලිබැඳ නමදිමින් සිටියාය. මෙසේද කීවාය. “භාග්‍යවතුන් වහන්ස, හෙට භික්ෂුන් පන්සියයක් සමඟ මගේ භික්ෂාව ගනු මැනව”. ඒ මල් ගොස් දසබලයන් වහන්සේ මත්තෙහි වියනක් වී සිටියේය. ශාස්තෲන් වහන්සේ මෙනෙහි කරන්නාහු එම කරුණ දුටුවාහුය. දම්දෙසුම අවසන්හි අනේපිඬු මහසිටාණෝ බුදුන් වැඳ, ස්වාමීනි, හෙට භික්ෂුන් පන්සියයක් සමඟ මගේ ගෙහි භික්ෂාව ගනුමැනවැයි කීහ. “මහ සිටාණෙනි, චූළසුභද්‍රා විසින් ඇරයුම් ලදුමි”යි පැවසූ සේක. “ස්වාමීනි, පැමිණි කිසිවකු නොදකිමු”යි (සිටුතෙමේ කීය). “එසේය සිටාණෙනි, සැදැහැවත් උවැස්ස යොදුන් සියයක් මතුයෙහිද යොදුන් දහසක් මතුයෙහිද සිටියාවුවද හිමවත මෙන් (පැහැදිලිව) පෙනෙන්නේය”යි බුදුන් වහන්සේ පැවසූ සේක.

“දූරෙ සන‍්තො පකාසෙන‍්ති, හිමවන‍්තොව පබ‍්බතො; අසන‍්තෙත්‍ථ න දිස‍්සන‍්ති, රත‍්තිං ඛිත‍්තා යථා සරා”ති. (ධ· ප· 304) –

සන්සුන් වූ තැනැත්තෝ හිමවත් පව්ව මෙන් දුරෙහි බැබලෙති. සන්සුන් නොවූවෝ රැයෙහි විදිනලද හීතල මෙන් නොදක්නා ලැබෙති.

ඉමං ගාථමාහ. අනාථපිණ‍්ඩිකො “භන‍්තෙ, මම, ධීතු සඞ‍්ගහං කරොථා”ති වන්‍දිත්‍වා පක‍්කාමි.

(බුදුරජාණන් වහන්සේ) මේ ගාථාව ප්‍රකාශ කළ සේක. අනේපිඬු සිටුතෙමේ, “ස්වාමීනි, මගේ දියණියට සංග්‍රහ කරනු මැනවැයි වැද පිටත්වූයේයි.

සත්‍ථා ආනන්‍දත්‍ථෙරං ආමන‍්තෙසි – “අහං, ආනන්‍ද, සාකෙතං ගමිස‍්සාමි, පඤ‍්චන‍්නං භික‍්ඛුසතානං සලාකං දෙහි. දදන‍්තො ච ඡළභිඤ‍්ඤානංයෙව දදෙය්‍යාසී”ති. ථෙරො තථා අකාසි. චූළසුභද‍්දා රත‍්තිභාගසමනන‍්තරෙ චින‍්තෙසි – “බුද‍්ධා නාම බහුකිච‍්චා බහුකරණීයා, මං සල‍්ලක‍්ඛෙය්‍ය වා න වා, කිං නු ඛො කරිස‍්සාමී”ති. තස‍්මිං ඛණෙ වෙස‍්සවණො මහාරාජා චූළසුභද‍්දාය කථෙසි – “භද‍්දෙ, මා ඛො ත්‍වං විමනා අහොසි, මා දුම‍්මනා. අධිවුත්‍ථං තෙ භගවතා ස‍්වාතනාය භත‍්තං සද‍්ධිං භික‍්ඛුසඞ‍්ඝෙනා”ති. සා තුට‍්ඨපහට‍්ඨා දානමෙව සංවිදහි. සක‍්කොපි ඛො දෙවරාජා විස‍්සකම‍්මං ආමන‍්තෙසි – “තාත, දසබලො චූළසුභද‍්දාය සන‍්තිකං සාකෙතනගරං ගච‍්ඡිස‍්සති, පඤ‍්ච කූටාගාරසතානි මාපෙහී”ති. සො තථා අකාසි. සත්‍ථා පඤ‍්චහි ඡළභිඤ‍්ඤසතෙහි පරිවුතො කූටාගාරයානෙන මණිවණ‍්ණං ආකාසං විලිඛන‍්තො විය සාකෙතනගරං අගමාසි.

ශාස්තෲන් වහන්සේ “ආනන්ද, මම සාකෙතයට යන්නෙමි. භික්ෂූන් පන්සියයකට සලාකය දෙන්න. දෙන්නේ ද ෂට් අභිඥාලාභීන්ටම දෙන්නේය”යි අනඳ තෙරුන් අමතා වදාළ සේක. තෙරුන් වහන්සේ එසේ කළහ. චූල සුභද්දා තොමෝ, “බුදුවරුනම් බොහෝ කිස ඇත්තාහුය, කටයුතු බහුල වූවාහුය. මා ගැන සලකන්නහුද? නැද්ද? කුමක් නම් කරන්නෙම්දැ”යි රෑ මුළුල්ලෙහි සිතුවාය. එකෙණෙහි වෙසවුණු, මහරජ තෙමේ චූල සුභද්දා සමඟ කථාකරමින්, “යහපත් තැනැත්තිය, නොසතුටු නොවන්න. භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේ සමඟ හෙට ඔබගේ දානය පිළිගන්නා ලදැ”යි පැවසීය. ඕ තුටු පහටුවූවා දානය සංවිධානය කළාය. සක්දෙව්රජ තෙමේද, විස්කම් දෙවියන් අමතා “දරුව, භාග්‍යවතුන් වහන්සේ සාකේත නුවර චූලසුහද්දා සමීපයට වඩිති. කුළුගෙවල් පන්සියයක් මවව”යි කීවේය. හෙතෙම එසේ කළේය. ශාස්තෲන් වහන්සේ ෂඩභිඥාලාභී පන්සියයක් භික්ෂූන් විසින් පිරිවරනලද සේක් කුළුගේ යානයෙන් මිණිවන් අහස සූරමින් මෙන් සාකේත නුවරට වැඩම කළ සේක.

සුභද‍්දා බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස දානං දත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා ආහ – “භන‍්තෙ, මය‍්හං සසුරපක‍්ඛො මිච‍්ඡාදිට‍්ඨිකො, සාධු තෙසං අනුච‍්ඡවිකධම‍්මං කථෙථා”ති. සත්‍ථා ධම‍්මං දෙසෙසි. කාළකසෙට‍්ඨි සොතාපන‍්නො හුත්‍වා අත‍්තනො උය්‍යානං දසබලස‍්ස අදාසි. අචෙලකා “අම‍්හාකං පඨමං දින‍්න”න‍්ති නික‍්ඛමිතුං න ඉච‍්ඡන‍්ති. “ගච‍්ඡථ නීහරිතබ‍්බනියාමෙන තෙ නීහරථා”ති සබ‍්බෙ නීහරාපෙත්‍වා තත්‍ථෙව සත්‍ථු විහාරං කාරෙත්‍වා බ්‍රහ‍්මදෙය්‍යං කත්‍වා උදකං පාතෙසි. සො කාළකෙන කාරිතතාය කාළකාරාමො නාම ජාතො. භගවා තස‍්මිං සමයෙ තත්‍ථ විහරති. තෙන වුත‍්තං – “සාකෙතෙ විහරති කාළකාරාමෙ”ති.

සුභද්‍රා තොමෝ බුදු පාමොක් මහ සඟනට දන් දී ශාස්තෲන් වහන්සේ වැඳ “ස්වාමීනි, මගේ මයිලණු පැත්ත මිථ්‍යාදෘෂ්ටිකය. ඔවුනට ගැලපෙන ධර්‍මකථාවක් දෙසන්නේ නම් මැනවැයි කීවාය. ශාස්තෲන් වහන්සේ ධර්‍ම දේශනා කළසේක. කාලක සිටුතෙමේ සෝවාන් වී තමාගේ උයන ශාස්තෲන් වහන්සේට දුන්නේය. අචෙලකයෝ අපට පළමුව දෙන ලදැයි (උයනින්) ඉවත්ව යාමට නොකැමති වෙති. (සිටුතෙමේ සේවකයින් අමතා) යවු. ඉවත් කළයුතු පිළිවෙළින් ඉවත් කරවු යයි පවසා ඉවත් කරවා එහිම ශාස්තෲන් වහන්සේට විහාරයක් කරවා රාජකීය පරිත්‍යාගයක් කොට පැන් හෙලීය. ඒ විහාරය කාළක විසින් කරන ලද බැවින් කාළකාරාමය නම් වීය. භාග්‍යවතුන් වහන්සේ එකල්හි එහි වසන සේක. එබැවින් සාකෙත විහරති කාළකාරාමෙ යි කියන ලදි.

භික‍්ඛූ ආමන‍්තෙසීති පඤ‍්චසතෙ භික‍්ඛූ ආමන‍්තෙසි. තෙ කිර සාකෙතනගරවාසිනො කුලපුත‍්තා සත්‍ථු ධම‍්මදෙසනං සුත්‍වා සත්‍ථු සන‍්තිකෙ පබ‍්බජිත්‍වා උපට‍්ඨානසාලාය නිසින‍්නා “අහො බුද‍්ධගුණා නාම මහන‍්තා, එවරූපං නාම මිච‍්ඡාදිට‍්ඨිකං කාළකසෙට‍්ඨිං දිට‍්ඨිතො මොචෙත්‍වා සොතාපත‍්තිඵලං පාපෙත්‍වා සකලනගරං සත්‍ථාරා දෙවලොකසදිසං කත”න‍්ති දසබලස‍්ස ගුණං කථෙන‍්ති. සත්‍ථා තෙසං ගුණං කථෙන‍්තානං චිත‍්තං උපපරික‍්ඛිත්‍වා – “මයි ගතෙ මහතී දෙසනා සමුට‍්ඨිස‍්සති, දෙසනාපරියොසානෙ ච ඉමෙ පඤ‍්චසතා භික‍්ඛූ අරහත‍්තෙ පතිට‍්ඨහිස‍්සන‍්ති, මහාපථවී උදකපරියන‍්තං කත්‍වා කම‍්පිස‍්සතී”ති ධම‍්මසභං ගන‍්ත්‍වා පඤ‍්ඤත‍්තවරබුද‍්ධාසනෙ නිසින‍්නො තෙ භික‍්ඛූ ආදිං කත්‍වා යං, භික‍්ඛවෙ, සදෙවකස‍්ස ලොකස‍්සාති ඉමං දෙසනං ආරභි. එවමිදං සුත‍්තං ගුණකථාය නික‍්ඛිත‍්තන‍්ති වෙදිතබ‍්බං.

භික්ඛු ආමන්තෙසී යනු පන්සියයක් භික්ෂූන් ඇමතූ සේක. ඒ සාක්ත නුවරවැසි කුල පුත්‍රයෝ ශාස්තෲන් වහන්සේගේ ධර්‍ම දේශනය අසා ශාස්තෲන් වහන්සේ සමීපයෙහි පැවිදිව උපස්ථාන ශාලාවෙහි හුන්නාහු “ආශ්චර්‍ය්‍යකි, බුදුගුණනම් මහත්ය, ශාස්තෲන් වහන්සේ විසින් මෙබඳු වූ මිසදිටු ගත් කාලක සිටු මිසදිටුවෙන් මුදවා සෝවාන් පෙලට පමුණුවා සියලු නුවර දෙව්ලොව සමාන වූවක් කරන ලදැ”යි ශාස්තෲන් වහන්සේගේ ගුණ කියති. ශාස්තෲන් වහන්සේ ඒ ගුණ කියන්නවුන්ගේ සිත පිරික්සා, මා (එහි) ගියකල්හි මහත් දම් දෙසුමක් හටගන්නේය, දෙසුම කෙළවර මේ පන්සියයක් භික්ෂුහු රහත්බවෙහි පිහිටන්නහුය. මහපොළොව දියකෙළවර කොට සැලෙන්නේ”යයි ධර්‍ම සභාවට ගොස් පනවන ලද උතුම් බුද්ධාසනයෙහි හුන්සේක් ඒ භික්‍ෂූන් ආදිකොට “යං භික්ඛවෙ සදෙවකස්ස ලොකස්ස” යන මේ ධර්‍ම දේශනාව ඇරඹූ සේක. මෙසේ මේ සූත්‍රය ගුණකථාව නිසා ඉදිරිපත් වී යයි දතයුතුය.

තත්‍ථ “තමහං ජානාමී”ති පදපරියොසානෙ මහාපථවී උදකපරියන‍්තං කත්‍වා අකම‍්පිත්‍ථ. අබ‍්භඤ‍්ඤාසින‍්ති අභිඅඤ‍්ඤාසිං, ජානින‍්ති අත්‍ථො. විදිතන‍්ති පාකටං කත්‍වා ඤාතං. ඉමිනා එතං දස‍්සෙති – අඤ‍්ඤෙ ජානන‍්තියෙව, මයා පන පාකටං කත්‍වා විදිතන‍්ති. ඉමෙහි තීහි පදෙහි සබ‍්බඤ‍්ඤුතභූමි නාම කථිතා. තං තථාගතො න උපට‍්ඨාසීති තං ඡද‍්වාරිකං ආරම‍්මණං තථාගතො තණ‍්හාය වා දිට‍්ඨියා වා න උපට‍්ඨාසි න උපගඤ‍්ඡි. අයඤ‍්හි පස‍්සති භගවා චක‍්ඛුනා රූපං, ඡන්‍දරාගො භගවතො නත්‍ථි, සුවිමුත‍්තචිත‍්තො සො භගවා. සුණාති භගවා සොතෙන සද‍්දං. ඝායති භගවා ඝානෙන ගන්‍ධං. සායති භගවා ජිව‍්හාය රසං. ඵුසති භගවා කායෙන ඵොට‍්ඨබ‍්බං. විජානාති භගවා මනසා ධම‍්මං, ඡන්‍දරාගො භගවතො නත්‍ථි, සුවිමුත‍්තචිත‍්තො සො භගවා. තෙන වුත‍්තං – “තං තථාගතො න උපට‍්ඨාසී”ති. ඉමිනා පදෙන ඛීණාසවභූමි කථිතාති වෙදිතබ‍්බා.

එහි තමහං ජානාමි යන පදය අවසන්හි දියකෙළවර කොට මහපොළොව සැළුණේය, අබ්හඤ්ඤාසිං යනු මනාව දැනගතිමි වටහාගතිමි යන අර්ථයයි. විදිතං යනු ප්‍රකට කොට දන්නා ලදි. මා විසින් ප්‍රකට කොට දන්නා ලදැයි අන්‍යයෝ දනිත්මැයි යන මෙය මෙයින් දක්වයි. මෙම තුන් පදයන්ගෙන් සබ්බඤ්ඤුත භූමිය කියන ලද්දේ නමි. තං තථාගතො න උපට්ඨාසි යනු තථාගතයන් වහන්සේ ඒ ඡද්වාරික අරමුණ තෘෂ්ණාවෙන් හෝ දෘෂ්ටියෙන් හෝ වටහා නොගත් සේක. නොඑළඹුණු සේක. මෙය වනාහි, භාග්‍යවතුන් වහන්සේ ඇසින් රූප බලති, භාග්‍යවතුන් වහන්සේට ඡන්දරාගය නැත. ඒ භාග්‍යවතුන් වහන්සේ මනාව මිදුනු සිත් ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ කණින් ශබ්ද අසති, භාග්‍යවතුන් වහන්සේ දිවෙන් රස විඳිති. භාග්‍යවතුන් වහන්සේ ස්පර්‍ශ කළ යුතුදෙය ශරීරයෙන් ස්පර්‍ශ කරති. භාග්‍යවතුන් වහන්සේ මනසින් ධර්‍මය දැනගනිති. භාග්‍යවතුන් වහන්සේට ඡන්දරාගය නැත. ඒ භාග්‍යවතුන් වහන්සේ මනාව මිදුනු සිත් ඇත්තාහ නම් වේ. එහෙයින් “තං තථාගතො න උපට්ඨාසි”යි කියන ලදී. මේ පදයෙන් වනාහි ක්ෂීණාශ්‍රව භූමිය කියන ලදැයි දතයුතුය.

තං මමස‍්ස මුසාති තං මෙ වචනං මුසාවාදො නාම භවෙය්‍ය. තං පස‍්ස තාදිසමෙවාති තම‍්පි මුසාවාදො භවෙය්‍ය. තං මමස‍්ස කලීති තං වචනං මය‍්හං දොසො භවෙය්‍යාති අත්‍ථො. එත‍්තාවතා සච‍්චභූමි නාම කථිතාති වෙදිතබ‍්බා.

තං මමස්ස මුසා යනු මගේ ඒ වචනය මුසාවාදය නම් වයි. තම්පස්ස තාදිසමෙව යනු එයද මුසාවාදය වන්නේයි. තං මම අස්ස කලි යනු ඒ මාගේ වචනය දෝෂයක් වන්නේය යන අර්‍ත්‍ථයයි. මෙපමණකින් සත්‍යභූමිය කියන ලදැයි දතයුතුය.

දට‍්ඨා දට‍්ඨබ‍්බන‍්ති දිස‍්වා දට‍්ඨබ‍්බං. දිට‍්ඨං න මඤ‍්ඤතීති තං දිට‍්ඨං රූපායතනං “අහං මහාජනෙන දිට‍්ඨමෙව පස‍්සාමී”ති තණ‍්හාමානදිට‍්ඨීහි න මඤ‍්ඤති. අදිට‍්ඨං න මඤ‍්ඤතීති “අහං මහාජනෙන අදිට‍්ඨමෙව එතං පස‍්සාමී”ති එවම‍්පි තණ‍්හාදීහි මඤ‍්ඤනාහි න මඤ‍්ඤති. දට‍්ඨබ‍්බං න මඤ‍්ඤතීති “මහාජනෙන දිට‍්ඨං පස‍්සාමී”ති එවම‍්පි තාහි මඤ‍්ඤනාහි න මඤ‍්ඤති. දට‍්ඨබ‍්බඤ‍්හි අදිට‍්ඨම‍්පි හොතියෙව. එවරූපානි හි වචනානි තීසුපි කාලෙසු ලබ‍්භන‍්ති, තෙනස‍්ස අත්‍ථො වුත‍්තො. දට‍්ඨාරං න මඤ‍්ඤතීති පස‍්සිතාරං එකසත‍්තං නාම තාහි මඤ‍්ඤනාහි න මඤ‍්ඤතීති අත්‍ථො. සෙසට‍්ඨානෙසුපි ඉමිනාව නයෙන අත්‍ථො වෙදිතබ‍්බො. ඉමිනා එත‍්තකෙන ඨානෙන සුඤ‍්ඤතාභූමි නාම කථිතා.

දට්ඨා දට්ඨබ්බං යනු දැක දැක්විය යුතු දෙයයි. දිට්ඨං න මඤ්ඤති යනු දක්නා ලද රූපායතනය මම මහජනයා විසින් දුටු දෙයක්ම බලමැයි තෘෂ්ණා මානදෘෂ්ටීන්ගෙන් නොහඟියි. අදිට්ඨං න මඤ්ඤති යනු මම මහජනයා විසින් නොදක්නා ලද මෙයම බලමැයි මෙසේද තෘෂ්ණා මාන දෘෂ්ටීන්ගෙන් නොහඟියි. දට්ඨබ්බං න මඤ්ඤති යනු මහජනයා විසින් දුටු දෙය බලමි. නොදුටුදෙය බලමියි මෙසේද ත්‍රිවිධ මඤ්ඤනාවත්ගෙන් නොහඟියි. දැකිය යුතු හා දුටු යනු වේමය. මෙබඳු වූ වචන තුන් කාලයෙහිම ලැබෙයි. එබැවින් මේ අර්ථය කියන ලදි. දට්ඨාරං න මඤ්ඤති යනු දැකිය යුතු එක් සත්ත්වයකු ඒ මඤ්ඤනාවන්ගෙන් නොහඟියි යන අර්ථයි. සෙසු ද්වාරයන්හිද මේ ක්‍රමයයි. මේ ක්‍රමයෙන්ම අර්‍ත්‍ථය දතයුතුය. මෙයින් මෙපමණකින් සුඤ්ඤතා භූමිය කියන ලදි.

ඉති ඛො, භික‍්ඛවෙති එවං ඛො, භික‍්ඛවෙ. තාදීයෙව තාදීති තාදිතා නාම එකසදිසතා. තථාගතො ච යාදිසො ලාභාදීසු, තාදිසොව අලාභාදීසු. තෙන වුත‍්තං – “ලාභෙපි තාදී, අලාභෙපි තාදී. යසෙපි තාදී, අයසෙපි තාදී. නින්‍දායපි තාදී, පසංසායපි තාදී. සුඛෙපි තාදී, දුක‍්ඛෙපි තාදී”ති (මහානි· 38, 192). ඉමාය තාදිතාය තාදී. තම‍්හා ච පන තාදිම‍්හාති තතො තථාගතතාදිතො අඤ‍්ඤො උත‍්තරිතරො වා පණීතතරො වා තාදී නත්‍ථීති එත‍්තාවතා තාදිභූමි නාම කථිතා. ඉමාහි පඤ‍්චභූමීහි දෙසනං නිට‍්ඨාපෙන‍්තස‍්ස පඤ‍්චසුපි ඨානෙසු මහාපථවී සක‍්ඛිභාවෙන අකම‍්පිත්‍ථ. දෙසනාපරියොසානෙ තෙ පඤ‍්චසතෙ අධුනාපබ‍්බජිතෙ කුලපුත‍්තෙ ආදිං කත්‍වා තං ඨානං පත‍්තානං දෙවමනුස‍්සානං චතුරාසීති පාණසහස‍්සානි අමතපානං පිවිංසු.

ඉති ඛො භික්ඛවෙ යනු මහණෙනි, මෙසේ වනාහියි. තාදියෙව තාදී යනු තාදිතා නම් එකසමාන බවයි. තථාගතයන් වහන්සේ ද ලාභාදියෙහි යම්බඳු වූවාහු ද අලාභාදියෙහි ද එබඳුමය. එහෙයින් “ලාභෙපි තාදි, අලාභෙපි තාදි, යසෙපි තාදි, අයසෙපි තාදි නින්දායපි තාදි, පසංසායපි තාදි, සුඛෙපි තාදි, දුක්ඛෙපි තාදි”යි කියන ලදි. මේ සමානතාවෙන් එකසමානබවම තාදි නමි. තම්හා ච පන තාදිතම්හා යනු ඒ තථාගතයන් වහන්සේගේ තාදි ගුණයෙන් වෙනත් උත්තරීතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ තාදි ගුණයක් නැතැයි මෙපමණකින් තාදි භූමිය කියන ලදි. මෙම භූමි පසෙන් දෙසුම ඉදිරිපත් කරන බුදුන් වහන්සේට පස් තැනෙක්හි මහපොළොව සාක්ෂිභාවයෙන් සැළුණේය. දෙසුම කෙළවර ඒ පන්සියයක් අලුතින් පැමිණි කුලපුතුන් ආදිකොට ඇති එතැනට පැමිණි දෙව්මිනිසුන්ගෙන් අසූසාරදහසක් ප්‍රාණිහු අමෘත පානය බීවාහුයි,

භගවාපි සුත‍්තං නිට‍්ඨාපෙත්‍වා ගාථාහි කූටං ගණ‍්හන‍්තො යංකිඤ‍්චීතිආදිමාහ. තත්‍ථ අජ‍්ඣොසිතං සච‍්චමුතං පරෙසන‍්ති පරෙසං සද‍්ධාය පරපත‍්තියායනාය සච‍්චමුතන‍්ති මඤ‍්ඤිත්‍වා අජ‍්ඣොසිතං ගිලිත්‍වා පරිනිට‍්ඨාපෙත්‍වා ගහිතං. සයසංවුතෙසූති සයමෙව සංවරිත්‍වා පියායිත්‍වා ගහිතගහණෙසු, දිට‍්ඨිගතිකෙසූති අත්‍ථො. දිට‍්ඨිගතිකා හි සයං සංවුතාති වුච‍්චන‍්ති. සච‍්චං මුසා වාපි පරං දහෙය්‍යාති තෙසු සයං සංවුතසඞ‍්ඛාතෙසු දිට‍්ඨිගතිකෙසු තථාගතො තාදී තෙසං එකම‍්පි වචනං “ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤ”න‍්ති එවං සච‍්චං මුසා වාපි පරං උත‍්තමං කත්‍වා න ඔදහෙය්‍ය, න සද‍්දහෙය්‍ය, න පත‍්තියායෙය්‍ය. එතඤ‍්ච සල‍්ලන‍්ති එතං දිට‍්ඨිසල‍්ලං. පටිකච‍්ච දිස‍්වාති පුරෙතරං බොධිමූලෙයෙව දිස‍්වා. විසත‍්තාති ලග‍්ගා ලගිතා පලිබුද‍්ධා. ජානාමි පස‍්සාමි තථෙව එතන‍්ති යථායං පජා අජ‍්ඣොසිතා ගිලිත්‍වා පරිනිට‍්ඨාපෙත්‍වා විසත‍්තා ලග‍්ගා ලගිතා, එවං අහම‍්පි ජානාමි පස‍්සාමි. තථා එවං යථා එතාය පජාය ගහිතන‍්ති එවං අජ‍්ඣොසිතං නත්‍ථි තථාගතානන‍්ති අත්‍ථො.

භාග්‍යවතුන් වහන්සේ ද, සූත්‍රය නිමවා ගාථාවන්ගෙන් කුළු ගන්වන සේක් යං කිඤ්චි යනාදිය කීහ. එහි අජෙඣාසිතං සච්චමුතං පරෙසං යනු අනුන්ගේ ශ්‍රද්ධාවෙන් අනුන්ගේ විශ්වාසයෙන් සත්‍ය යයි හැඟී ඇතුළතට කිඳ ගිලී සම්පූර්‍ණකොට ගන්නා ලදියි. සයං සංවුතෙසු යනු තෙමේම සිහිකොට ඇළුම් කොට ගන්නා ලද දැඩි ගැනීම් ඇති දෘෂ්ටිගතිකයන් කෙරෙහිය යනු අර්ථයයි. දෘෂ්ටිගතිකයෝ සයං සංවුතායි කියනු ලැබෙත්. සච්චං මුසා වාපි පරං දහෙය්‍ය යනු ඒ සයං සංවුත සංඛ්‍යාත වූ දෘෂ්ටිගතිකයන් අතුරෙහි තාදිගුණය ඇති තථාගතයන් වහන්සේ ඔවුන්ගේ එකද වචනයකුදු මෙයම සත්‍යයය, අන්දෙය, හිස්යයි මෙසේ සත්‍යය හෝ මුසාව ශ්‍රේෂ්ඨ උත්තමකොට නොපිළිගන්නාහුය. නොඅදහන්නාහුය. විශ්වාස නොකරන්නාහුය. එතඤ්ච සල්ලං යනු මේ දෘෂ්ටිහුලයි. පටිගච්ච දිස්වා යනු කලින් බෝධිමූලයෙහිම දැකයි. විසත්තා යනු ඇලුණු නියැලුණු පළිබෝධයෝයි. (බාධකයෝයි.) ජානාමි පස්සාමි තථෙව එතං යනු යම් තැනක මේ ප්‍රජාව ඇතුළට වැද ගිලී සම්පූර්ණ කොට ඇලුණේ ද ලැගුණේ ද එසේ මම ද දනිමි, දකිමි එසේම මෙය යම්සේ මේ ප්‍රජාව විසින් ගන්නා ලද්දේ දැයි මෙසේ ඇතුළට බැසගැන්මක් තථාගතයන් වහන්සේට නැත යන අර්ථයි.