1. පඨම උරුවෙලසුත්තවණ්ණනා අට්ඨකථා
1. පඨම උරුවෙලසුත්තවණ්ණනා
1. ප්‍රථම උරුවෙල සූත්‍ර වර්ණනාව
තතියස්ස පඨමෙ උරුවෙලායන්ති එත්ථ උරුවෙලාති මහාවෙලා, මහාවාලිකරාසීති අත්ථො. අථ වා උරූති වාලුකා වුච්චති, වෙලාති මරියාදා. වෙලාතික්කමනහෙතු ආහටා උරු උරුවෙලාති එවමෙත්ථ අත්ථො දට්ඨබ්බො. අතීතෙ කිර අනුප්පන්නෙ බුද්ධෙ දසසහස්සා කුලපුත්තා තාපසපබ්බජ්ජං පබ්බජිත්වා තස්මිං පදෙසෙ විහරන්තා එකදිවසං සන්නිපතිත්වා කතිකවත්තං අකංසු – “කායකම්මවචීකම්මානි නාම පරෙසම්පි පාකටානි හොන්ති, මනොකම්මං පන අපාකටං. තස්මා යො කාමවිතක්කං වා බ්යාපාදවිතක්කං වා විහිංසාවිතක්කං වා විතක්කෙති, තස්ස අඤ්ඤො චොදකො නාම නත්ථි. සො අත්තනාව අත්තානං චොදෙත්වා පත්තපුටෙන වාලුකං ආහරිත්වා ඉමස්මිං ඨානෙ ආකිරතු, ඉදමස්ස දණ්ඩකම්ම”න්ති. තතො පට්ඨාය යො තාදිසං විතක්කං විතක්කෙති, සො තත්ථ පත්තපුටෙන වාලුකං ආකිරති, එවං තත්ථ අනුක්කමෙන මහාවාලුකරාසි ජාතො. තතො නං පච්ඡිමා ජනතා පරික්ඛිපිත්වා චෙතියට්ඨානමකාසි, තං සන්ධාය වුත්තං – “උරුවෙලාති මහාවෙලා, මහාවාලිකරාසීති අත්ථො”ති. තමෙව සන්ධාය වුත්තං – “අථ වා උරූති වාලුකා වුච්චති, වෙලාති මරියාදා, වෙලාතික්කමනහෙතු ආහටා උරු උරුවෙලාති එවමෙත්ථ අත්ථො දට්ඨබ්බො”ති.
තෙවැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි උරුවෙලායං යන මෙහි උරුවෙලා යනු මහාතලයයි, මහවැලි ගොඩය යන අර්ථයයි, නැතහොත් උරු යනු වැලි යයි කියනු ලැබේ. වෙලා යනු සීමාවයි, ඉවුර ඉක්මවා යන හේතුවෙන් ගෙනෙන ලද වැලි උරුවෙලායි මෙසේ මෙහි අර්ථය දැක්විය යුතුය, අතීතයෙහි බුදුන් නූපන් කල්හි කුලපුත්‍රයෝ දසදහසක් තවුස් පැවිද්දෙන් පැවිදිව ඒ පෙදෙසෙහි වසන්නාහු එක් දවසක රැස්වී කතිකාවතක් කළාහුය, කායකර්ම, වාක්කර්මයෝ නම් අන්‍යයන්ට ද ප්‍රකට වෙත්. මනෝ කර්මය වනාහි අප්‍රකටය. එබැවින් යමෙක් කාම විතර්කයක් හෝ ව්‍යාපාද විතර්කයක් හෝ විහිදා, විතර්කයක් හෝ විතර්කනය කරයි ද හෙතෙම එහි පාත්‍ර ගොටුවෙන් වැලි ගෙනවුත් විසුරුවයි. මෙසේ එහි පිළිවෙලින් මහවැලි ගොඩක් වූයේය. ඉක්බිති පැසුළු ජනතාව එය වටකොට චෛත්‍ය ස්ථානයක් කළේය. ඒ උදෙසා උරුවෙලා යයි කියන ලදි. මහාතලය, මහවැලි ගොඩය යන අර්ථයයි. ඒ සඳහාම කියන ලදි. නැතහොත් වැලි උරු යයි කියනු ලැබේ. වෙලා යනු සීමාවයි. සීමාව (වෙරළ) ඉක්මවා යන හේතුවෙන් ගෙනෙන ලද වැලි උරුවෙලායි මෙසේ මෙහි අර්ත්ථය දැක්විය යුතුය.
නජ්ජා නෙරඤ්ජරාය තීරෙති උරුවෙලගාමං නිස්සාය නෙරඤ්ජරානදීතීරෙ විහරාමීති දස්සෙති. අජපාලනිග්රොධෙති අජපාලකා තස්ස නිග්රොධස්ස ඡායාය නිසීදන්තිපි තිට්ඨන්තිපි, තස්මා සො අජපාලනිග්රොධොත්වෙව සඞ්ඛං ගතො, තස්ස හෙට්ඨාති අත්ථො. පඨමාභිසම්බුද්ධොති සම්බුද්ධො හුත්වා පඨමමෙව. උදපාදීති අයං විතක්කො පඤ්චමෙ සත්තාහෙ උදපාදි. කස්මා උදපාදීති? සබ්බබුද්ධානං ආචිණ්ණත්තා චෙව පුබ්බාසෙවනතාය ච. තත්ථ පුබ්බාසෙවනාය පකාසනත්ථං තිත්තිරජාතකං ආහරිතබ්බං. හත්ථිවානරතිත්තිරා කිර එකස්මිං පදෙසෙ විහරන්තා “යො අම්හාකං මහල්ලකො, තස්මිං සගාරවා විහරිස්සාමා”ති නිග්රොධං දස්සෙත්වා “කො නු ඛො අම්හාකං මහල්ලකො”ති වීමංසන්තා තිත්තිරස්ස මහල්ලකභාවං ඤත්වා තස්ස ජෙට්ඨාපචායනකම්මං කත්වා අඤ්ඤමඤ්ඤං සමග්ගා සම්මොදමානා විහරිත්වා සග්ගපරායණා අහෙසුං. තං කාරණං ඤත්වා රුක්ඛෙ අධිවත්ථා දෙවතා ඉමං ගාථමාහ –
නජ්ජා නෙරඤ්ජරාය තීරෙ යනු උරුවෙලාගම ඇසුරුකොට නෙරඤ්ජරා නදී තෙර වසමියි දක්වයි. අජපාලනිග්රොධෙ යනු එළුපල්ලෝ නුග ගසේ සෙවනැල්ලෙහි හිඳිති, සිටිති. එබැවින් ඒ ගස අජපාල නිග්‍රෝධ යයි ප්‍රසිද්ධියට ගියේය. එහි යටය යන අර්ථයයි. පඨමාභිසම්බුද්ධො යනු සම්බුදු වී පළමුවමයි, උදපාදි යනු මේ විතර්කය පස්වැනි සතියෙහි හටගත්තේය, කෙසේ හටගත්තේද යත්? සම්බුදුවරුනට පුරුදුබැවින් මෙන්ම පෙර පුහුණුව ඇති බැවින් ද වේ. එහි පෙර පුහුණුව ප්රකටවීම සඳහා තිත්තිර ජාතකය ගෙනහැර දැක්විය යුතුය. ඇත්, වඳුරු, වටු යන තිදෙනෙක් එක් පෙදෙසක වසන්නාහු යමෙක් අප අතරින් මහළු ද ඔහු කෙරෙහි ගෞරව සහිතව වසන්නෙමු යයි නිග්රොධ ගස දක්වා කවරෙක් නම් අපගෙන් මහළුදැයි විමසන්නාහු වටුවාගේ මහළුබව දැන ඔහුට වැඩිමහළු සැලකිලි කොට ඔවුනොවුන් සමඟිව සතුටින් වැස ස්වර්ගගාමී වූහ. ඒ කරුණු දැන ගසට අධිගෘහිත දේවතාවා මේ ගාථාව පැවසීය.
“යෙ වුඩ්ඪමපචායන්ති, නරා ධම්මස්ස කොවිදා; දිට්ඨෙව ධම්මෙ පාසංසා, සම්පරායෙ ච සුග්ගතී”ති. (ජා· 1.1.37);
ධර්මයෙහි දක්ෂ වූ යම්බඳු වූ මිනිස්සු වැඩිමහල්ලන්ට ගරු කරත්ද ඔවුහු මෙලොවම පැසසුමට බඳුන්වෙති. පරලොවදී සුගතියට ද යති
එවං අහෙතුකතිරච්ඡානයොනියං නිබ්බත්තොපි තථාගතො සගාරවවාසං රොචෙසි, ඉදානි කස්මා න රොචෙස්සතීති. අගාරවොති අඤ්ඤස්මිං ගාරවරහිතො, කඤ්චි ගරුට්ඨානෙ අට්ඨපෙත්වාති අත්ථො. අප්පතිස්සොති පතිස්සයරහිතො, කඤ්චි ජෙට්ඨකට්ඨානෙ අට්ඨපෙත්වාති අත්ථො. සමණං වා බ්රාහ්මණං වාති එත්ථ සමිතපාපබාහිතපාපායෙව සමණබ්රාහ්මණා අධිප්පෙතා. සක්කත්වා ගරුං කත්වාති සක්කාරඤ්චෙව කත්වා ගරුකාරඤ්ච උපට්ඨපෙත්වා.
මෙසේ අහේතුක වූ තිරිසන් යෝනියෙහි උපන්නේ වුව ද තථාගතයන් වහන්සේ ගෞරව සහිතව විසීමට කැමතිවූහ. දැන් කෙසේනම් රුචි නොකෙරෙත්ද? අගාරවො යනු අන්‍යයා කෙරෙහි ගෞරවය නැත්තේයි. කිසිවකු ගරුතන්හි නොතබා යන අර්ථයයි, අප්පතිස්සො යනු කීකරුබව රහිත වූයේයි, දෙටුතන්හි නොතබා යන අර්ත්ථයයි, සමණං වා බ්රාහ්මණං වා යන මෙහි ශමනය කරන ලද පවු ඇති බහාතබන ලද පවු ඇති සමණ බ්‍රාහ්මණයෝ අදහස් කරන ලදහ. සක්කත්වා ගරුකත්වා යනු සත්කාර ද කොට ගරු කිරීම් ද එළවායි,
සදෙවකෙ ලොකෙතිආදීසු සද්ධිං දෙවෙහි සදෙවකෙ. දෙවග්ගහණෙන චෙත්ථ මාරබ්රහ්මෙසු ගහිතෙසුපි මාරො නාම වසවත්තී සබ්බෙසං උපරි වසං වත්තෙති, බ්රහ්මා නාම මහානුභාවො, එකඞ්ගුලියා එකස්මිං චක්කවාළසහස්සෙ ආලොකං ඵරති, ද්වීහි ද්වීසු, දසහි අඞ්ගුලීහි දසසු චක්කවාළසහස්සෙසු ආලොකං ඵරති. සො ඉමිනා සීලසම්පන්නතරොති වත්තුං මා ලභන්තූති සමාරකෙ සබ්රහ්මකෙති විසුං වුත්තං. තථා සමණා නාම එකනිකායාදිවසෙන බහුස්සුතා සීලවන්තො පණ්ඩිතා, බ්රාහ්මණාපි වත්ථුවිජ්ජාදිවසෙන බහුස්සුතා පණ්ඩිතා. තෙ ඉමිනා සම්පන්නතරාති වත්තුං මා ලභන්තූති සස්සමණබ්රාහ්මණියා පජායාති වුත්තං. සදෙවමනුස්සායාති ඉදං පන නිප්පදෙසතො දස්සනත්ථං ගහිතමෙව ගහෙත්වා වුත්තං. අපිචෙත්ථ පුරිමානි තීණි පදානි ලොකවසෙන වුත්තානි, පච්ඡිමානි ද්වෙ පජාවසෙන. සීලසම්පන්නතරන්ති සීලෙන සම්පන්නතරං, අධිකතරන්ති අත්ථො. එත්ථ ච සීලාදයො චත්තාරො ධම්මා ලොකියලොකුත්තරා කථිතා, විමුත්තිඤාණදස්සනං ලොකියමෙව. පච්චවෙක්ඛණඤාණමෙව හෙතං. පාතුරහොසීති “අයං සත්ථා අවීචිතො යාව භවග්ගා සීලාදීහි අත්තනා අධිකතරං අපස්සන්තො ‘මයා පටිවිද්ධනවලොකුත්තරධම්මමෙව සක්කත්වා උපනිස්සාය විහරිස්සාමී’ති චින්තෙති, කාරණං භගවා චින්තෙති, අත්ථං වුඩ්ඪිං විසෙසං චින්තෙති, ගච්ඡාමිස්ස උස්සාහං ජනෙස්සාමී”ති චින්තෙත්වා පුරතො පාකටො අහොසි, අභිමුඛෙ අට්ඨාසීති අත්ථො.
සදෙවකෙ ලොකෙ යනාදියෙහි දෙවියන් සහිත වූයේ සදෙවක නමි. දෙවියන් ගැනීමෙන් මාර බ්‍රහ්මයන් ගත්කල්හි ද මාරනම් වූයේ වසවත්තී දෙවියාය. සියල්ලන්ටම ඉහළින් බලය පවත්වයි. මහා බ්‍රහ්ම නම් වූයේ මහානුභාව ඇත්තෙකි. එක් ඇඟිල්ලකින් එක් සක්වළ දහසක ආලෝකය පතුරුවයි. ඇඟිලි දෙකකින් සක්වල දෙදහසකය. ඇඟිලි දසයෙන් දස දහසක් සක්වළවල ආලෝකය පතුරුවයි. හෙතෙම මෙයින් වැඩිමනත් සිල් ඇත්තෙකැයි කීමට නොලබත්වායි සමාරකෙ සබ්රහ්මකෙ යනුවෙන් වෙන් වෙන්ව කියන ලදි. එසේම ශ්‍රමණයෝ නම් නිකාය එකක් ආදි වශයෙන් බහුශ්‍රැතයහ. සිල්වත්යහ, පණ්ඩිතයහ, බ්‍රාහ්මණයෝ ද වාස්තු විද්‍යාදි වශයෙන් බහුශ්‍රැතයහ, පණ්ඩිතයහ. ඔවුහු මෙයින් යුක්තවූහයි කීමට නොලබත්වායි සස්සමණබ්රාහ්මණියා පජාය යි කියන ලදි. සදෙවමනුස්සාය යන මෙය වනාහි සියල්ල ඇතුළත් වන සේ දැක්වීම සඳහා ගන්නා ලද්දක්මය, (එසේ) ගෙන කියන ලදි. තවද මෙහි මුල් පද තුන ලෝක වශයෙන් කියන ලදි. පසු පද දෙක ප්‍රජාව වශයෙනි. සීලසම්පන්නතරං යනු සීලයෙන් වැඩිමනත් යුක්තය යන අර්ථයයි. මෙහිද ලෞකික ලෝකෝත්තර වූ ශීලාදී ධර්ම සතර කියන ලදි. විමුක්ති ඥාන දර්ශනය ලෞකිකමය, එය ප්රත්යවෙක්ෂණ ඥානයමයි. පාතුරහොසි යන මෙය ශාස්තෲන් වහන්සේ අවීචියෙහි සිට භවාග්‍රය දක්වා ශීලාදියෙන් තමන්ට අධිකතරවූවකු නොදක්නාහු මා විසින් අවබෝධ කරන ලද නව ලෝකෝත්තර ධර්මයම ගරුකොට ඇසුරුකොට වාසය කරන්නෙමියි සිතූහ. භාග්‍යවතුන් වහන්සේ කාරණය, අර්ත්ථය, වෘද්ධිය, විශේෂත්වය සිතූහ. යමි මොහුගේ උත්සාහය උපදවන්නෙමියි සිතා ඉදිරියෙහි ප්‍රකට වූහ. ඉදිරියෙහි සිටියහ යන අර්ත්ථයයි.
විහංසු විහරන්ති චාති එත්ථ යො වදෙය්ය – “විහරන්තීති වචනතො පච්චුප්පන්නෙපි බහූ බුද්ධා”ති, සො “භගවාපි භන්තෙ එතරහි අරහං සම්මාසම්බුද්ධො”ති ඉමිනා වචනෙන පටිබාහිතබ්බො.
විහංසු විහරන්ති ච යන මෙහි වාසය කරති (විහරන්ති) යන වචනයෙන් වර්තමානයෙහි ද බොහෝ බුදුවරු වෙතැයි යමෙක් කියන්නේ ද “භගවාපි හන්තෙ එතරහි අරහං සම්මාසම්බුද්ධො” යන මේ වචනයෙන් හෙතෙම වැළැක්විය යුතුය.
“න මෙ ආචරියො අත්ථි, සදිසො මෙ න විජ්ජති; සදෙවකස්මිං ලොකස්මිං, නත්ථි මෙ පටිපුග්ගලො”ති. (මහාව· 11; ම· නි· 2.341) –
මට ඇදුරෙක් නැත. මට සමානවූවෙක් විද්‍යාමාන නොවේ. දෙවියන් සහිත ලොවෙහි මට ප්‍රතිපුද්ගලයෙක් (ප්රතිමල්ලවයෙක්) නැත
ආදීහි චස්ස සුත්තෙහි අඤ්ඤෙසං බුද්ධානං අභාවො දීපෙතබ්බො. තස්මාති යස්මා සබ්බෙපි බුද්ධා සද්ධම්මගරුනො, තස්මා. මහත්තමභිකඞ්ඛතාති මහන්තභාවං පත්ථයමානෙන. සරං බුද්ධාන සාසනන්ති බුද්ධානං සාසනං සරන්තෙන.
යනාදි සූත්රන්ගෙන් ද ඔහුට වෙනත් බුදුවරුන් නැති බව දැක්විය යුතුය. තස්මා යනු යම් හෙයකින් සියලුම බුදුවරු සදහම් ගරුකරන්නෝ වෙත්ද, එහෙයිනි. මහත්තමභිකංඛතා යනු මහත්බව පතන්නහු විසිනි, සරං බුද්ධානසාසනං යනු, බුදුවරුන්ගේ අනුශාසනය සිහිකරන්නහු විසිනි.
යතොති යස්මිං කාලෙ. මහත්තෙන සමන්නාගතොති රත්තඤ්ඤුමහත්තං වෙපුල්ලමහත්තං බ්රහ්මචරියමහත්තං ලාභග්ගමහත්තන්ති ඉමිනා චතුබ්බිධෙන මහත්තෙන සමන්නාගතො. අථ මෙ සඞ්ඝෙපි ගාරවොති අථ මය්හං සඞ්ඝෙපි ගාරවො ජාතො. කිස්මිං පන කාලෙ භගවතා සඞ්ඝෙ ගාරවො කතොති? මහාපජාපතියා දුස්සයුගදානකාලෙ. තදා හි භගවා අත්තනො උපනීතං දුස්සයුගං “සඞ්ඝෙ, ගොතමි, දෙහි, සඞ්ඝෙ තෙ දින්නෙ අහඤ්චෙව පූජිතො භවිස්සාමි සඞ්ඝො චා”ති වදන්තො සඞ්ඝෙ ගාරවං අකාසි නාම.
යතො යනු යම් කලෙකය, මහත්තෙන සමන්නාගතා යනු චිරරාත්රඥතාවෙන් මහත්බව, විපුලත්වයෙන් මහත්බව, බ්‍රහ්ම චර්ය්යෙයෙන් මහත්බව, ලැබීමෙන් මහත්බව යන මේ සිවුවැදෑරුම් මහත්බවින් යුක්ත වූයේයි, අථ මෙ සඬෙඝපි ගාරවො යනු ඉක්බිති මට සංඝයා කෙරෙහි ද ගෞරවය උපන්නේය යනුයි. කවර කාලයක භාග්‍යවතුන් වහන්සේ විසින් සංඝයා කෙරෙහි ගෞරවය කරන ලද්දේද යත්? මහා ප්‍රජාපතිය විසින් වස්ත්‍ර යුගලයක් දුන් කල්හිය. එදින භාග්‍යවතුන් වහන්සේ තමාට එළවන ලද වස්ත්‍ර යුගලය, “ගෝතමිය, සංඝයා කෙරෙහි දෙන්න. ඔබ සංඝයාට දුන් කල්හි මම ද පුදන ලද්දෙ වෙමි. සංඝයා ද (පුදන ලද්දාහු වෙති)”යි කියන සේක් සංඝයා කෙරෙහි ගෞරවය කළ සේක නමි.
2. දුතිය උරුවෙලසුත්තවණ්ණනා
2. ද්විතිය උරුවෙල සූත්‍ර වර්ණනාව
දුතියෙ සම්බහුලාති බහුකා. බ්රාහ්මණාති හුහුක්කජාතිකෙන බ්රාහ්මණෙන සද්ධිං ආගතා බ්රාහ්මණා. ජිණ්ණාති ජරාජිණ්ණා. වුඩ්ඪාති වයොවුද්ධා. මහල්ලකාති ජාතිමහල්ලකා. අද්ධගතාති තයො වයෙ අද්ධෙ අතික්කන්තා. සුතමෙතන්ති අම්හෙහි සුතං එතං. තයිදං භො, ගොතම, තථෙවාති භො, ගොතම, එතං අම්හෙහි සුතකාරණං තථා එව. තයිදං භො, ගොතම, න සම්පන්නමෙවාති තං එතං අභිවාදනාදිඅකරණං අනනුච්ඡවිකමෙව.
දෙවැන්නෙහි සම්බහුලා යනු බොහෝවූයි, බ්රාහ්මණා යනු හුහුංක ජාතික බ්‍රාහ්මණයා සමග පැමිණි බ්රාහ්මණයෝයි, ජිණ්ණා යනු ජරාවෙන් දිරාපත් වූවාහුයි, වුද්ධො යනු වයසින් වැඩිමහලු වූවෝයි, අද්ධගතා යනු වයස් තුනෙන් අඩක් ඉක්මවූවාහුයි, සුතං නෙතං යනු අප විසින් මෙය අසන ලදියි. තයිදං භො ගොතම තථෙව යනු භවත් ගෞතමයනි, අප විසින් අසන ලද මේ කාරණය එසේමය යනුයි. තයිදං භො ගොතම න සම්පන්නමෙව යනු ඒ මේ අභිවාදනාදිය නොකිරීම නුසුදුසුමය,
අකාලවාදීතිආදීසු අකාලෙ වදතීති අකාලවාදී. අසභාවං වදතීති අභූතවාදී. අනත්ථං වදති, නො අත්‍ථන්ති අනත්ථවාදී. අධම්මං වදති, නො ධම්මන්ති අධම්මවාදී. අවිනයං වදති, නො විනයන්ති අවිනයවාදී. අනිධානවතිං වාචං භාසිතාති න හදයෙ නිධෙතබ්බයුත්තකං වාචං භාසිතා. අකාලෙනාති කථෙතුං අයුත්තකාලෙන. අනපදෙසන්ති අපදෙසරහිතං, සාපදෙසං සකාරණං කත්වා න කථෙති. අපරියන්තවතින්ති පරියන්තරහිතං, න පරිච්ඡෙදං දස්සෙත්වා කථෙති. අනත්ථසංහිතන්ති න ලොකියලොකුත්තරඅත්ථනිස්සිතං කත්වා කථෙති. බාලො ථෙරොත්වෙව සඞ්ඛං ගච්ඡතීති අන්ධබාලො ථෙරොති සඞ්ඛං ගච්ඡති.
අකාලවාදී යනාදියෙන් නුසුදුසු කල්හි කියයිනුයි අකාලවාදී නමි. අස්වභාවය කියයිනුයි අභූතවාදී නමි. අනර්ථය කියයි අර්ථය නොකියයිනුයි අනත්ථවාදී නමි. අධර්මය කියයි, ධර්මය නොකියයිනුයි අධම්මවාදී නමි. විනය නොවූවක් කියයි. විනය නොකියයිනුයි අවිනයවාදී නමි. අනිධානවතිං වාචං භාසිතා යනු හදවතෙහි තැත්පත් නොකළ යුතු වචනයක් කියන ලදී, අකාලෙන යනු කීමට නොයුතු කාලයෙනි, අනපදෙසං යනු හේතු රහිතවයි. හේතු සහිතකොට කරුණු සහිත කොට නොකියයි, අපරියන්තවතිං යනු කෙළවර රහිතවූයි, සීමාව දක්වමින් නොකියයි, අතත්ථසංහිතං යනු ලෞකික ලෝකෝත්තර අර්ථය ඇසුරු නොකොට කියයි. බාලො ථෙරොතෙව සංඛං ගච්ඡති
කාලවාදීතිආදීනි වුත්තපටිපක්ඛවසෙන වෙදිතබ්බානි. පණ්ඩිතො ථෙරොත්වෙව සඞ්ඛං ගච්ඡතීති පණ්ඩිච්චෙන සමන්නාගතත්තා පණ්ඩිතො, ථිරභාවප්පත්තියා ථෙරොති සඞ්ඛං ගච්ඡති.
[missing trans] යනු පාණ්ඩිත්‍යයෙන් යුක්ත බැවින් පණ්ඩිත තෙමේ ස්ථිරභාවයට පැමිණි බැවින් ථෙර යයි ප්‍රසිද්ධියට යයි.
බහුස්සුතො හොතීති බහුං අස්ස සුතං හොති, නවඞ්ගං සත්ථුසාසනං පාළිඅනුසන්ධිපුබ්බාපරවසෙන උග්ගහිතං හොතීති අත්ථො. සුතධරොති සුතස්ස ආධාරභූතො. යස්ස හි ඉතො ගහිතං ඉතො පලායති, ඡිද්දඝටෙ උදකං විය න තිට්ඨති, පරිසමජ්ඣෙ එකසුත්තං වා ජාතකං වා කථෙතුං වා වාචෙතුං වා න සක්කොති, අයං න සුතධරො නාම. යස්ස පන උග්ගහිතං බුද්ධවචනං උග්ගහිතකාලසදිසමෙව හොති, දසපි වීසතිපි වස්සානි සජ්ඣායං අකරොන්තස්ස නෙව නස්සති, අයං සුතධරො නාම. සුතසන්නිචයොති සුතස්ස සන්නිචයභූතො. යස්ස හි සුතං හදයමඤ්ජූසාය සන්නිචිතං සිලාය ලෙඛා විය සුවණ්ණපත්තෙ පක්ඛිත්තසීහවසා විය ච තිට්ඨති, අයං සුතසන්නිචයො නාම. ධාතාති ධාතා පගුණා. එකච්චස්ස හි උග්ගහිතබුද්ධවචනං ධාතං පගුණං නිච්චලිකං න හොති, “අසුකං සුත්තං වා ජාතකං වා කථෙහී”ති වුත්තෙ “සජ්ඣායිත්වා සංසන්දිත්වා සමනුග්ගාහිත්වා ජානිස්සාමී”ති වදති. එකච්චස්ස ධාතං පගුණං භවඞ්ගසොතසදිසං හොති, “අසුකං සුත්තං වා ජාතකං වා කථෙහී”ති වුත්තෙ උද්ධරිත්වා තමෙව කථෙති. තං සන්ධාය වුත්තං “ධාතා”ති. වචසා පරිචිතාති සුත්තදසක-වග්ගදසකපණ්ණාසදසකවසෙන වාචාය සජ්ඣායිතා. මනසානුපෙක්ඛිතාති චිත්තෙන අනුපෙක්ඛිතා. යස්ස වාචාය සජ්ඣායිතං බුද්ධවචනං මනසා චින්තෙන්තස්ස තත්ථ තත්ථ පාකටං හොති, මහාදීපං ජාලෙත්වා ඨිතස්ස රූපගතං විය පඤ්ඤායති, තං සන්ධායෙතං වුත්තං. දිට්ඨියා සුප්පටිවිද්ධාති අත්ථතො ච කාරණතො ච පඤ්ඤාය සුප්පටිවිද්ධා.
බහුසසුතො හොති යනු ඔහුට අසන ලද දෙය බොහෝ වෙයි. පෙරඅපර වශයෙන් පෙළ ගැලපීමෙන් නවංග ශාස්තෲ ශාසනය උගන්නා ලද්දේ වේ යයි අර්ථයයි. සුතධරො යනු අස්නා ලද දෙයට පදනම් වූයේයි. යමෙකුට වනාහි මෙයින් ගන්නා ලද දෙය මෙයින් පලායයි ද සිදුරු වූ කළයක ජලය මෙන් නොසිටීද, පිරිස මැද එක් සූත්‍රයක් හෝ ජාතකයක් හෝ කීමට හෝ කියවීමට හෝ නොහැකිවෙයිද මෙතෙම සුතධරයෙක් නම් නොවේ. යමෙකුට වනාහි උගත් බුද්ධ වචනය උගත් කාලයට සමානවම වේද, වසර දහයකුදු විස්සකුදු සජ්ඣායනා නොකරන්නහුගේ (උගත්දෙය) නොනැසෙයිද මෙතෙම සුතධරවූයේ නමි. සුතසන්නිචයො යනු ඇසූපිරූ දෙයට නිධානයක් වූයේයි, යමෙකුගේ ඇසූපිරූ දෙය හදවත් කරඬුවෙහි මනාව රැස්වුයේ ගලෙහි ඉරක් මෙන් ද රන් බඳුනෙක බහන ලද සිංහ තෙලක් මෙන්ද සිටීද, මෙතෙම සුතසන්නිචයො නමි. ධතා යනු තහවුරු වූවාහු, ප්‍රගුණ වුවාහුයි, ඇතමෙකුට වනාහි උගත් බුද්ධ වචනය තහවුරුව ප්‍රගුණ වූයේ නොසැලෙන්නේ නොවෙයි. අසුවල් සූත්‍රය හෝ ජාතකය හෝ කියවයි කී කල්හි සජ්ඣායනය කොට සසඳා දන්නෙමියි කියයි. ඇතමෙකුට තහවුරුව ප්‍රගුණ වූයේ භවංග (චිත්ත) ධාරාව මෙන් වෙයි. අසුවල් සූත්‍රය හෝ ජාතකය හෝ කියවයි කී කල්හි (නිසිතැනින්) උපුටාගෙන එයම කියයි. එබඳු ඒ පුද්ගලයා උදෙසා ධතායි කියන ලදි. වචසා පරිවිතා යනු සූතදශක, වර්ගදශක, පණ්ණාස දශක වශයෙන් වචනයෙන් සජ්ඣායනය කරන ලදයි, මනසානුපෙක්ඛිතා යනු සිතෙන් විමසන ලද්දාවූයි. යමෙකුගේ වචනයෙන් සජ්ඣායනය කරන ලද බුද්ධ වචනය සිතෙන් සිතන්නහුට ඒ ඒ තැන පැහැදිලි වෙයි. මහ පහනක් දල්වා සිටියකුට රූපයක් පඤ්ඤායති පෙනෙන්නාක් මෙනි. එය අරභයා කියන ලදි. දිට්ඨියා සුප්පටිවිද්ධො යනු අර්ථ වශයෙන්ද කරුණු වශයෙන් ද ප්‍රඥාවෙන් මනාව අවබෝධ කරන ලද්දාවූයි.
ආභිචෙතසිකානන්ති අභිචෙතොති අභික්කන්තං විසුද්ධං චිත්තං වුච්චති, අධිචිත්තං වා, අභිචෙතසි ජාතානි ආභිචෙතසිකානි, අභිචෙතොසන්නිස්සිතානීති වා ආභිචෙතසිකානි. දිට්ඨධම්මසුඛවිහාරානන්ති දිට්ඨධම්මෙ සුඛවිහාරානං. දිට්ඨධම්මොති පච්චක්ඛො අත්තභාවො වුච්චති, තත්ථ සුඛවිහාරභූතානන්ති අත්ථො. රූපාවචරජ්ඣානානමෙතං අධිවචනං. තානි හි අප්පෙත්වා නිසින්නා ඣායිනො ඉමස්මිංයෙව අත්තභාවෙ අසංකිලිට්ඨනෙක්ඛම්මසුඛං වින්දන්ති, තස්මා “දිට්ඨධම්මසුඛවිහාරානී”ති වුච්චති. නිකාමලාභීති නිකාමෙන ලාභී, අත්තනො ඉච්ඡාවසෙන ලාභී, ඉච්ඡිතිච්ඡිතක්ඛණෙ සමාපජ්ජිතුං සමත්ථොති වුත්තං හොති. අකිච්ඡලාභීති සුඛෙනෙව පච්චනීකධම්මෙ වික්ඛම්භෙත්වා සමාපජ්ජිතුං සමත්ථොති වුත්තං හොති. අකසිරලාභීති අකසිරානං ලාභී විපුලානං, යථාපරිච්ඡෙදෙන වුට්ඨාතුං සමත්ථොති වුත්තං හොති. එකච්චො හි ලාභීයෙව හොති, න පන ඉච්ඡිතිච්ඡිතක්ඛණෙ සක්කොති සමාපජ්ජිතුං. එකච්චො සක්කොති තථාසමාපජ්ජිතුං, පාරිපන්ථිකෙ ච පන කිච්ඡෙන වික්ඛම්භෙති. එකච්චො තථා ච සමාපජ්ජති, පාරිපන්ථිකෙ ච අකිච්ඡෙනෙව වික්ඛම්භෙති, න සක්කොති නාළිකයන්තං විය යථාපරිච්ඡෙදෙයෙව වුට්ඨාතුං. යස්ස පන අයං තිවිධාපි සම්පදා අත්ථි, සො “අකිච්ඡලාභී අකසිරලාභී”ති වුච්චති. ආසවානං ඛයාතිආදීනි වුත්තත්ථානෙව. එවමිධ සීලම්පි බාහුසච්චම්පි ඛීණාසවස්සෙව සීලං බාහුසච්චඤ්ච, ඣානානිපි ඛීණාසවස්සෙව වළඤ්ජනකජ්ඣානානි කථිතානි. “ආසවානං ඛයා”තිආදීහි පන අරහත්තං කථිතං. ඵලෙන චෙත්ථ මග්ගකිච්චං පකාසිතන්ති වෙදිතබ්බං.
ආභිචෙතසිකානං යනු බබලන පිරිසුදු සිත අභිචෙතොයි කියනු ලැබේ. අභිචිත්ත යනුවෙන් හෝ වේ. (බබලන) අභිසිතෙහි හටගත්තාහු ආභිචෙතසිකයෝයි. අභිචිත්තයෙන් ඇසුරු කරන ලද්දාහු හෝ අභිචෙතසිකයෝයි, දිට්ඨධම්මසුඛවිහාරානං යනු ඉහාත්මයෙහි සැප සේ වසන්නවුන්ගේයි. ප්රත්යක්ෂ ආත්මභාවය දිට්ඨධම්ම යයි කියනු ලැබේ. එහි සුඛ විහරණ ඇත්තවූන්ගේයි, මෙය රූපාවචර ධ්යානයන්ටම පර්‍ය්‍යාය වචනයකි. ඒවා අර්පණාවට නංවා සිටියා වූ ධ්‍යාන ඇත්තාහු මේ ආත්මභාවයෙහිම නොකිළිටි වූ නෛෂ්ක්‍රම්‍ය සැපය විඳිති. එහෙයින් දිට්ඨධම්ම සුඛවිහාරානියි කියනු ලැබෙත්. නිකාමලාහී යනු කැමැත්තෙන් ලබන්නා වූ, තමන්ගේ කැමැත්ත ලෙස ලබන්නාවූයි. කැමති කැමතිවිට සමවැදීමට දක්ෂයෙකියි කියන ලද්දේ වෙයි. අකිච්ඡලාභී යනු පහසුවෙන්ම විරුද්ධ ධර්මයන් යටපත්කොට සමවැදීමට දක්ෂයෙකියි කියන ලද්දේ වෙයි. අකසිරලාභී යනු අපහසු රහිත වූ බොහෝ දේ ලබන්නායි, පිරිසිඳීම් වශයෙන් (සමවතින්) නැඟී සිටීමට සමත් වූවෙකැයි කියන ලද්දේ වෙයි. ඇතමෙක් හුදෙක් ලබන්නෙක්ම වෙයි. කැමති කැමතිවිට සමවැදීමට නොහැක්කේ වෙයි. ඇතමෙක් එසේ සමවැදීමට හැක්කේ වෙයි. උවදුරු දුක සේ මැඬලයි. ඇතමෙක් එසේ සමවදියි උවදුරු ද පහසුවෙන්ම යටපත් කරයි. (එහෙත්) හෝරා යන්ත්‍රයක් මෙන් කැමති කොටසෙහිම නැඟීසිටීමට නොහැකිවෙයි. යමෙකුට මේ ත්‍රිවිධ සම්පත්තියම ඇත්තේ ද හෙතෙම අකිච්ඡලාභී අකසිරලාභී යයි කියනු ලැබේ. ආසවානං ඛයා යනාදිය කියන ලද අර්ත්ථ ඇත්තේමයි. මෙසේ මෙහිද සීලය ද ක්ෂීණාශ්රවයාගේම ශීලයයි. බහුශ්‍රැත බවද ක්ෂීණාශ්රවයාගේ බහුශ්‍රැත බවයි. ධ්‍යානයෝ ද ක්ෂීණාශ්රවයාගෙන්ම විඳුනා ධ්‍යානයෝයි කියන ලද්දාහුය. ආසවානං ඛයා යනාදියෙන් වනාහි රහතන් වහන්සේ කියන ලදහ. මෙහි ඵලයෙහි මාර්ග කෘත්‍යය ප්‍රකාශ කරන ලද්දේ යයි දතයුතුයි.
උද්ධතෙනාති උද්ධච්චසහගතෙන. සම්ඵන්ති පලාපකථං. අසමාහිතසඞ්කප්පොති අට්ඨපිතසඞ්කප්පො. මගොති මගසදිසො. ආරාති දූරෙ. ථාවරෙය්යම්හාති ථාවරභාවතො. පාපදිට්ඨීති ලාමකදිට්ඨි. අනාදරොති ආදරරහිතො. සුතවාති සුතෙන උපගතො. පටිභානවාති දුවිධෙන පටිභානෙන සමන්නාගතො. පඤ්ඤායත්ථං විපස්සතීති සහවිපස්සනාය මග්ගපඤ්ඤාය චතුන්නං සච්චානං අත්ථං විනිවිජ්ඣිත්වා පස්සති. පාරගූ සබ්බධම්මානන්ති සබ්බෙසං ඛන්ධාදිධම්මානං පාරං ගතො, අභිඤ්ඤාපාරගූ, පරිඤ්ඤාපාරගූ, පහානපාරගූ, භාවනාපාරගූ, සච්ඡිකිරියාපාරගූ, සමාපත්තිපාරගූති එවං ඡබ්බිධෙන පාරගමනෙන සබ්බධම්මානං පාරං පරියොසානං ගතො. අඛිලොති රාගඛිලාදිවිරහිතො. පටිභානවාති දුවිධෙනෙව පටිභානෙන සමන්නාගතො. බ්රහ්මචරියස්ස කෙවලීති සකලබ්රහ්මචරියො. සෙසමෙත්ථ උත්තානමෙවාති.
උද්ධෙතන යනු උඩඟුකම සහිතවීමෙනි. සමපං යනු ප්‍රලාප කථාවයි, අසමාහිතසංකප්පො යනු (බහා) නොතබන ලද සංකල්ප ඇත්තේයි, මගො යනු මෘගයකු (හෝ මෝඩයකු) සමාන වූයේයි. ආරා යනු දුරෙහියි, ථාවරෙය්යමහා යනු තහවුරු බවින් ස්ථිරභාවයෙනි; පාපදිට්ඨි යනු ලාමක දෘෂ්ටි ඇත්තේයි, අනාදරො යනු ආදර රහිතවූයේයි, සුතවා යනු ඇසීමෙන් එළඹුනාවූයි, පටිභානවා යනු දෙවදෑරුම් ප්‍රතිභානයෙන් යුක්ත වූයේයි, පඤ්ඤායත්ථං විපස්සයී යනු විදර්ශනාව සහිත මාර්ග ප්‍රඥාවෙන් චතුස්සත්‍යයන්ගේ අර්ථය විනිවිද දකියි. පාරගු සබ්බධම්මානං යනු සියලු ස්කන්ධාදී ධර්මයන්ගේ පරතෙරට ගියේයි, අභිඤ්ඤාපාරගු, පරිඤ්ඤාපාරගු, පහානපාරගු, භාවනාපාරගු, සච්ඡිකිරියාපාරගු, සමාපත්තිපාරගු යන සයාකාර පරතෙර යාමෙන් සියලු ධර්මයන්ගේ පරතෙරට, කෙළවරට ගියේයි, අඛිලො යන රාගහුල් ආදිය රහිත වූයේයි. පටිභානවා යනු දෙවැදෑරුම් ප්‍රතිභානයෙන් යුක්ත වූයේයි, බ්රහ්මචරියස්ස කෙවලී යනු සියලු බ්රහ්මචර්ය්යයයි. මෙහි සෙස්ස පැහැදිලිමයි.
3. ලොකසුත්තවණ්ණනා
3. ලොක සූත්‍ර වර්ණනාව
තතියෙ ලොකොති දුක්ඛසච්චං. අභිසම්බුද්ධොති ඤාතො පච්චක්ඛො කතො. ලොකස්මාති දුක්ඛසච්චතො. පහීනොති මහාබොධිමණ්ඩෙ අරහත්තමග්ගඤාණෙන පහීනො. තථාගතස්ස භාවිතාති තථාගතෙන භාවිතා.
තෙවැන්නෙහි ලොකා යනු දුක්ඛ සත්‍යයයි, අභිසම්බුද්ධො යනු දන්නා ලද්දේ, ප්රත්යක්ෂ කරන ලද්දේයි, ලොකස්මා යනු දුක්ඛ සත්‍යයෙනි, පහීනො යනු මහබෝමැඩදී අරහත් මාර්ග ඥානයෙන් දුරුකරන ලද්දේයි, තථාගතස්ස භාවිතා යනු තථාගතයන් වහන්සේ විසින් වඩන ලදි.
එවං එත්තකෙන ඨානෙන චතූහි සච්චෙහි අත්තනො බුද්ධභාවං කථෙත්වා ඉදානි තථාගතභාවං කථෙතුං යං, භික්ඛවෙතිආදිමාහ. තත්ථ දිට්ඨන්ති රූපායතනං. සුතන්ති සද්දායතනං. මුතන්ති පත්වා ගහෙතබ්බතො ගන්ධායතනං රසායතනං ඵොට්ඨබ්බායතනං. විඤ්ඤාතන්ති සුඛදුක්ඛාදි ධම්මාරම්මණං. පත්තන්ති පරියෙසිත්වා වා අපරියෙසිත්වා වා පත්තං. පරියෙසිතන්ති පත්තං වා අප්පත්තං වා පරියෙසිතං. අනුවිචරිතං මනසාති චිත්තෙන අනුසඤ්චරිතං.
මෙසේ මෙපමණ කරුණින් චතුරාර්ය සත්‍යයන් මගින් තමාගේ බුද්ධභාවය පවසා දැන් තථාගතබව ප්‍රකාශ කිරීමට යං භික්ඛවෙ යනාදිය කීහ. එහි දිට්ඨං යනු රූපායතනයයි, සුතං යනු ශබ්දායතනයයි, මුතං යනු පත්ව ගතයුතු බැවින් ගන්ධරස ස්පර්ශායතනයයි, විඤ්ඤාතං යනු සුඛ දුක්ඛ ආදී ධර්මාරම්මණයයි, පත්තං යනු සොයා හෝ නොසොයා ලබනලද දෙයයි, පරියෙසිතං යනු ලද හෝ නොලද සොයන ලද්දයි, අනුවිචරිතං මනසා යනු සිතෙන් හසුරුවන ලද දේයි.
තථාගතෙන අභිසම්බුද්ධන්ති ඉමිනා එතං දස්සෙති – යං අපරිමාණාසු ලොකධාතූසු ඉමස්ස සදෙවකස්ස ලොකස්ස නීලං පීතකන්තිආදි රූපාරම්මණං චක්ඛුද්වාරෙ ආපාථං ආගච්ඡති, “අයං සත්තො ඉමස්මිං ඛණෙ ඉමං නාම රූපාරම්මණං දිස්වා සුමනො වා දුම්මනො වා මජ්ඣත්තො වා ජාතො”ති සබ්බං තථාගතස්ස එවං අභිසම්බුද්ධං. තථා යං අපරිමාණාසු ලොකධාතූසු ඉමස්ස සදෙවකස්ස ලොකස්ස භෙරිසද්දො මුදිඞ්ගසද්දොතිආදි සද්දාරම්මණං සොතද්වාරෙ ආපාථං ආගච්ඡති, මූලගන්ධො තචගන්ධොතිආදි ගන්ධාරම්මණං ඝානද්වාරෙ ආපාථං ආගච්ඡති, මූලරසො ඛන්ධරසොතිආදි රසාරම්මණං ජිව්හාද්වාරෙ ආපාථං ආගච්ඡති, කක්ඛළං මුදුකන්තිආදි පථවීධාතුතෙජොධාතුවායොධාතුභෙදං ඵොට්ඨබ්බාරම්මණං කායද්වාරෙ ආපාථං ආගච්ඡති, “අයං සත්තො ඉමස්මිං ඛණෙ ඉමං නාම ඵොට්ඨබ්බාරම්මණං ඵුසිත්වා සුමනො වා දුම්මනො වා මජ්ඣත්තො වා ජාතො”ති සබ්බං තථාගතස්ස එවං අභිසම්බුද්ධං. තථා යං අපරිමාණාසු ලොකධාතූසු ඉමස්ස සදෙවකස්ස ලොකස්ස සුඛදුක්ඛාදිභෙදං ධම්මාරම්මණං මනොද්වාරස්ස ආපාථං ආගච්ඡති, “අයං සත්තො ඉමස්මිං ඛණෙ ඉමං නාම ධම්මාරම්මණං විජානිත්වා සුමනො වා දුම්මනො වා මජ්ඣත්තො වා ජාතො”ති සබ්බං තථාගතස්ස එවං අභිසම්බුද්ධං. යඤ්හි, භික්ඛවෙ, ඉමෙසං සබ්බසත්තානං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං, තත්ථ තථාගතෙන අදිට්ඨං වා අසුතං වා අමුතං වා අවිඤ්ඤාතං වා නත්ථි, ඉමස්ස පන මහාජනස්ස පරියෙසිත්වා අප්පත්තම්පි අත්ථි, අපරියෙසිත්වා අප්පත්තම්පි අත්ථි, පරියෙසිත්වා පත්තම්පි අත්ථි, අපරියෙසිත්වා පත්තම්පි අත්ථි, සබ්බම්පි තථාගතස්ස අප්පත්තං නාම නත්ථි ඤාණෙන අසච්ඡිකතං.
තථාගතෙන අභිසම්බුද්ධං යන මෙයින් පහත සඳහන් කාරණය දක්වයි. අප්‍රමාණ වූ ලෝකධාතූන්හි මේ දෙවියන් සහිත ලෝකයාගේ නිල්, කහ ආදී යම් රූපාරම්මණයක් වක්ෂූර්ද්වාරයෙන් අපාථයට එයිද මේ සත්ත්වයා මෙකෙණෙහි මෙනම් වූ රූපාරම්මණයක් දැක සතුටුවූයේ හෝ නොසතුටු වූයේ හෝ මැදහත් වූයේ හෝයි යන සියල්ල තථාගතයන් වහන්සේ විසින් මෙසේ අවබෝධ කරන ලද්දේය. එසේ අප්‍රමාණ වූ ලෝකධාතූන්හි මේ දෙවියන් සහිතවූ ලෝකයාට බෙරහඬ, මිහිඟු බෙර හඬ ආදී යම් ශබ්දාරම්මණයක් ශ්රොතද්වාරයෙහි ආපාථයට එයිද මුල්ගඳ, පොතු ගඳ ආදි යම් ගන්ධාරම්මණයක් ඝානද්වාරයෙහි ආපාථයට එයිද, මුලේ රසය, කදේ රසය යනාදී රසාරම්මණයක් ජීව්භා ද්වාරයෙන් ආපාථයට එයිද රළු මෙලෙක් යනාදි පෘථිවිධාතු තෙජොධාතු වායොධාතු යන හේද ඇති ස්පර්ශාරම්මණයක් කායද්වාරයෙහි ආපාථයට එයිද මේ සත්ත්වයා මෙකෙණහි මෙනම් ස්පර්ශාරම්මණයක් ස්පර්ශ කොට සතුටු වූයේ හෝ නොසතුටුවූයේ හෝ මැදහත් වුයේ හෝයි යන සියල්ල තථාගතයන් වහන්සේට මෙසේ අවබෝධ වූයේය. එසේම අප්‍රමාණ වූ ලෝකධාතුන්හි මේ දෙවියන් සහිත ලෝකයාගේ සුවදුක් ආදී ප්‍රභේද ඇති යම් ධර්මාරම්මණයක් මනොද්වාරයෙහි ආපාථයට එයිද මේ සත්ත්වයා මෙකෙණෙහි මෙනම්වූ ධර්මාරම්මණයක් දැන සතුටුවුයේ හෝ නොසතුටු වූයේ හෝ මැදහත් වූයේ යන ඒ සියල්ල තථාගතයන් වහන්සේට මෙසේ අවබෝධ වූයේය. මහණෙනි, මේ සියලු සත්ත්වයන්ගේ දක්නා ලද්දක් අස නලද්දක්, විඳින ලද්දක් දැනගන්නා ලද්දක් වේද එහි තථාගතයන් වහන්සේ විසින් නොදන්නා ලද්දක්, නොඅසන ලද්දක්, නොවිඳින ලද්දක්, නොදන්නා ලද්දක් හෝ නැත. මේ මහජනයාගේ සොයා නොපත් දෙය ද ඇත. නොසොයා නොපත් දෙය ද ඇත. සොයා පත් දෙයද ඇත. නොසොයා පත් දෙයද ඇත. තථාගතයන් වහන්සේට සියල්ල නොපත් වූයේ නම් නොවේ. විඥානයෙන් සාක්ෂාත් නොකළ දෙයක් නැත.
තස්මා තථාගතොති වුච්චතීති යං යථා ලොකෙන ගතං, තස්ස තථෙව ගතත්තා තථාගතොති වුච්චති. පාළියං පන “අභිසම්බුද්ධ”න්ති වුත්තං, තං ගතසද්දෙන එකත්ථං. ඉමිනා නයෙන සබ්බවාරෙසු තථාගතොති නිගමස්ස අත්ථො වෙදිතබ්බො. තස්ස යුත්ති එකපුග්ගලවණ්ණනායං තථාගතසද්දවිත්ථාරෙ වුත්තායෙව. අපිචෙත්ථ අඤ්ඤදත්ථූති එකංසත්ථෙ නිපාතො. දක්ඛතීති දසො. වසං වත්තෙතීති වසවත්තී.
තස්මා තථාගතොති වුච්චති යනු ලෝකයා විසින් යම්සේ යමකට යන ලද්දේ ද, එයට එසේ ගිය බැවින් තථාගත යැයි කියනු ලැබේ. පෙළෙහි වනාහි අභිසම්බුද්ධංයි කියන ලදි. එය ගත ශබ්දයෙන් ඒකාර්‍ත්‍ථ වෙයි. මේ ක්‍රමයෙන් සියලු වාරයන්හි තථාගත යන නිගමනයේ අර්ත්ථය දතයුතුය. එහි යුක්තිය (සාධාරණත්වය) ඒකපුද්ගල වර්ණනාවෙහි තථාගත ශබ්දය පිළිබඳ විස්තරයෙහි කියන ලද්දේමය. තවද මෙහි අඤ්ඤදත්ථු යනු ඒකාන්ත අර්ථයෙහි නිපාතයෙකි, දකියිනුයි දසො නමි. වසයෙහි පවතීනුයි වසවත්ති නමි.
සබ්බං ලොකං අභිඤ්ඤාති තෙධාතුකං ලොකසන්නිවාසං ජානිත්වා. සබ්බං ලොකෙ යථාතථන්ති තස්මිං තෙධාතුකලොකසන්නිවාසෙ යංකිඤ්චි නෙය්‍යං, සබ්බං තං යථාතථං අවිපරීතං ජානිත්වා. විසංයුත්තොති චතුන්නං යොගානං පහානෙන විසංයුත්තො. අනූපයොති තණ්හාදිට්ඨිඋපයෙහි විරහිතො. සබ්බාභිභූති රූපාදීනි සබ්බාරම්මණානි අභිභවිත්වා ඨිතො. ධීරොති ධිතිසම්පන්නො. සබ්බගන්ථප්පමොචනොති සබ්බෙ චත්තාරොපි ගන්ථෙ මොචෙත්වා ඨිතො. ඵුට්ඨස්සාති ඵුට්ඨා අස්ස. ඉදඤ්ච කරණත්ථෙ සාමිවචනං. පරමා සන්තීති නිබ්බානං. තඤ්හි තෙන ඤාණඵුසනෙන ඵුට්ඨං. තෙනෙවාහ – නිබ්බානං අකුතොභයන්ති. අථ වා පරමාසන්තීති උත්තමා සන්ති. කතරා සාති? නිබ්බානං. යස්මා පන නිබ්බානෙ කුතොචි භයං නත්ථි, තස්මා තං අකුතොභයන්ති වුච්චති. විමුත්තො උපධිසඞ්ඛයෙති උපධිසඞ්ඛයසඞ්ඛාතෙ නිබ්බානෙ තදාරම්මණාය ඵලවිමුත්තියා විමුත්තො. සීහො අනුත්තරොති පරිස්සයානං සහනට්ඨෙන කිලෙසානඤ්ච හිංසනට්ඨෙන තථාගතො අනුත්තරො සීහො නාම. බ්රහ්මන්ති සෙට්ඨං. ඉතීති එවං තථාගතස්ස ගුණෙ ජානිත්වා. සඞ්ගම්මාති සමාගන්ත්වා. තං නමස්සන්තීති තං තථාගතං තෙ සරණං ගතා නමස්සන්ති. ඉදානි යං වදන්තා තෙ නමස්සන්ති, තං දස්සෙතුං දන්තොතිආදි වුත්තං. තං උත්තානත්ථමෙවාති.
සබ්බලොකං අභිඤ්ඤාය යනු ත්‍රෛධාතුක වූ ලෝක සන්නිවාසය (එක්ව විසීම) දැනගෙනයි, සබ්බලොකෙ යථාතථං යනු ඒ ත්‍රෛධාතුක ලොක සන්නිවාසයෙහි යම්කිසි ගෙනහැර දැක්විය යුතු යමක්වේද ඒ සියල්ල තත්වූ පරිද්දෙන් නොවෙනස්ව දැනයි, විසංයුත්තො යනු යෝගසතර දුරුකිරීමෙන් වෙන්වූයේයි, අනුපයො යනු තෘෂ්ණා දෘෂ්ටි ඇලීම්වලින් විරහිත වූයේයි, සබ්බාභිභූ යනු රූපාදී වූ සියලු අරමුණු යටපත්කොට සිටියේයි, ධීරො යනු ධෛර්ය්ය සම්පන්නවූයේයි, සබ්බගන්ථප්පමොචනො යනු සියලු සතර ග්රන්ථයන් (ගැට) මුදාසිටියේයි, ඵුට්ඨස්ස යනු ස්පර්ශ කරන ලද්දහුගේයි, මෙයද කරණාර්ථයෙහි සම්බන්ධ විභක්ති වචනයි: පරමා සන්ති යනු නිවනයි, එයද මේ ඥානය ස්පර්ශ කිරීමෙන් ස්පර්ශ කරන ලදි. එහින්ම කිසිතැනකින් බිය නැති නිවන යයි කියන ලදි. නැතහොත් පරමාසන්ති යනු උතුම් ශාන්තියයි, එය කුමක්දයත්? නිවනයි, යම් හෙයකින් නිවනෙහි කිසි ලෙසකින් බියක් නැතිද එහෙයින් එය අකුතොභයං යි කියනු ලැබේ. විමුත්තො උපදිසංඛයෙ යනු උපධිසංඛය නම් වූ නිවනෙහි තදාරම්මණ වූ ඵලවිමුක්තියෙන් මිදුනේයි, සීහො අනුත්තරො යනු උවදුරු දුරු කිරීමේ අරුතින් ද කෙලෙසුන් පෙළන අරුතින් ද තථාගතයන් වහන්සේ අනුත්තර වූ සිංහ නමි. බ්රහ්මං යනු ශ්‍රේෂ්ඨ යනුයි. ඉති යනු මෙසේ තථාගතයන් වහන්සේගේ ගුණයෙන් දැකයි. සංගම්ම යනු එක්වීයි. තං නමස්සං යනු ඔවුහු ඒ තථාගතයන් වහන්සේ සරණ ගියාහු නමදිත්, දැන් යමක් කියන්නා වූ ඔවුහු නමදිත් ද එය දැක්වීමට දන්තො යනාදිය කියන ලදි. එය පැහැදිලි අරුත් ඇත්තේමය.