2. චරවග්ගො අට්ඨකථා
2. චර වර්ගය
1. චරත්තසුත්තවණ්ණනා
1. චරන්ත සූත්‍ර වර්ණනාව
දුතියස්ස පඨමෙ අධිවාසෙතීති චිත්තං අධිරොපෙත්වා වාසෙති. නප්පජහතීති න පරිච්චජති. න විනොදෙතීති න නීහරති. න බ්යන්තීකරොතීති න විගතන්තං පරිච්ඡින්නපරිවටුමං කරොති. න අනභාවං ගමෙතීති න අනුඅභාවං අවඩ්ඪිං විනාසං ගමෙති. චරම්පීති චරන්තොපි. අනාතාපීති නිබ්බීරියො. අනොත්තාපීති උපවාදභයරහිතො. සතතන්ති නිච්චං. සමිතන්ති නිරන්තරං. එවං සබ්බත්ථ අත්ථං ඤත්වා සුක්කපක්ඛෙ වුත්තවිපරියායෙන අත්ථො වෙදිතබ්බො.
දෙවැනි වර්ගයේ පළමුවැනි සූත්‍රයේ අධිවාසෙති යනු සිතෙහි නංවා වාසය කරයි. න පජහති යනු අත් නොහරියි, න විනොදෙති යනු ඉවත් නොකරයි. න ව්යන්තිකරොති යනු පහවූ කෙළවර ඇති පිරිසිඳින ලද චක්‍රයක් නොකරයි. න අනභාවං ගමෙති යනු මුළුමනින් අභාවයට, නොවැඩීමට, විනාශයට නොයවයි. චරම්පි යනු හැසිරෙන්නේ ද යනුයි. අනාතාපි යනු වීර්ය නැත්තේයි. අනොත්තාපී යනු දොෂාරොපනයට බියරහිත වූයේයි. සත්තං යනු නිතරයි. සමිතං යනු නිරතුරුවයි. මෙසේ සියලු තැන අර්ථය දැන පුන්‍ය පක්ෂයෙහි කියන ලද්දට වෙනස් අයුරින් අර්ථය දතයුතුය.
ගාථාසු ගෙහනිස්සිතන්ති කිලෙසනිස්සිතං. මොහනෙය්යෙසූති මොහජනකෙසු ආරම්මණෙසු. අභබ්බොති අභාජනභූතො. ඵුට්ඨුං සම්බොධිමුත්තමන්ති අරහත්තමග්ගසඞ්ඛාතං උත්තමඤාණං ඵුසිතුං.
ගාථාවන්හි ගෙහනිස්සිතං යනු කෙලෙස් ඇසුරු කළාවූයි. මොහනෙය්යස්සු යනු මුළාව දනවන අරමුණුවලයි. අභබ්බො යනු බඳුන් නොවූයේයි. පුට්ඨුං සම්බොධිමුත්තමං යනු අරහත් මාර්ග සංඛ්‍යාත උතුම් ඤාණය ස්පර්ශ කිරීමටය.
2. සීලසුත්තවණ්ණනා
2. ශීල සූත්‍ර වර්ණනාව
දුතියෙ සම්පන්නසීලාති පරිපුණ්ණසීලා. සම්පන්නපාතිමොක්ඛාති පරිපුණ්ණපාතිමොක්ඛා. පාතිමොක්ඛසංවරසංවුතාති පාතිමොක්ඛසංවරසීලෙන සංවුතා පිහිතා උපෙතා හුත්වා විහරථ. ආචාරගොචරසම්පන්නාති ආචාරෙන ච ගොචරෙන ච සම්පන්නා සමුපාගතා භවථ. අණුමත්තෙසු වජ්ජෙසූති අණුප්පමාණෙසු දොසෙසු. භයදස්සාවිනොති තානි අණුමත්තානි වජ්ජානි භයතො දස්සනසීලා. සමාදාය සික්ඛථ සික්ඛාපදෙසූති සබ්බසික්ඛාකොට්ඨාසෙසු සමාදාතබ්බං සමාදාය ගහෙත්වා සික්ඛථ. “සම්පන්නසීලානං…පෙ… සික්ඛාපදෙසූ”ති එත්තකෙන ධම්මක්ඛානෙන සික්ඛත්තයෙ සමාදාපෙත්වා චෙව පටිලද්ධගුණෙසු ච වණ්ණං කථෙත්වා ඉදානි උත්තරි කාතබ්බං දස්සෙන්තො කිමස්සාතිආදිමාහ. තත්ථ කිමස්සාති කිං භවෙය්ය.
දෙවැන්නෙහි සම්පන්නසීලා යනු පිරිපුන්සිල් ඇත්තෝයි. සම්පන්නපාතිමොක්ඛා යන පිරිපුන් පාමොක් ඇත්තාහුයි. පාතිමොක්ඛසංවරසංවුතා යනු ප්රාතිමොක්ෂ සංවර සීලයෙන් සංවර වූවාහු වසන ලද්දාහු යුක්ත වූවාහු වී වාසය කරවු. ආචාරගොචර සම්පන්නා යනු හැසිරීමෙන් ද ඇවතුම් පැවතුමෙන් ද යුක්ත වූවාහු එළඹුනාහු වෙවු. අණුමත්තෙසු වජ්ජෙසු යනු සුළු වූද දොෂයන්හියි. භයදස්සාවිනො යනු ඒ සුළු වූ වැරදි බියෙන් දක්නාසුලුවූයි. සමාදාය සික්ඛථ සික්ඛාපදෙසු යනු සියලු ශික්ෂා කොටස්වල ඒ ඒ සමාදන් වියයුතු දෙය සමාදන්ව රැගෙන හික්මෙවු. “සම්පන්න සීලානං -පෙ- සික්ඛා පදෙසා” යනුවෙන් මෙපමණ වූ දහම් විස්තර කිරීමකින් සමාදන් කරවා මෙන්ම ලබන ලද ගුණයන්හි ද පැසසීම කොට. දැන් මත්තෙහි කළ යුතු දෙය දක්වන සේක් “කිමස්ස” යනාදිය කී සේක. එහි- කිමස්ස යනු කුමක් වන්නේ ද යනුයි.
යතං චරෙති යථා චරන්තො යතො හොති සංයතො, එවං චරෙය්ය. එස නයො සබ්බත්ථ. අච්ඡෙති නිසීදෙය්ය. යතමෙනං පසාරයෙති යං අඞ්ගපච්චඞ්ගං පසාරෙය්ය, තං යතං සංයතමෙව කත්වා පසාරෙය්ය. උද්ධන්ති උපරි. තිරියන්ති මජ්ඣං. අපාචීනන්ති අධො. එත්තාවතා අතීතා පච්චුප්පන්නා අනාගතා ච පඤ්චක්ඛන්ධා කථිතා. යාවතාති පරිච්ඡෙදවචනං. ජගතො ගතීති ලොකස්ස නිප්ඵත්ති. සමවෙක්ඛිතා ච ධම්මානං, ඛන්ධානං උදයබ්බයන්ති එතෙසං සබ්බලොකෙ අතීතාදිභෙදානං පඤ්චක්ඛන්ධධම්මානං උදයඤ්ච වයඤ්ච සමවෙක්ඛිතා. “පඤ්චක්ඛන්ධානං උදයං පස්සන්තො පඤ්චවීසති ලක්ඛණානි පස්සති, වයං පස්සන්තො පඤ්චවීසති ලක්ඛණානි පස්සතී”ති වුත්තෙහි සමපඤ්ඤාසාය ලක්ඛණෙහි සම්මා අවෙක්ඛිතා හොති. චෙතොසමථසාමීචින්ති චිත්තසමථස්ස අනුච්ඡවිකං පටිපදං. සික්ඛමානන්ති පටිපජ්ජමානං, පූරයමානන්ති අත්ථො. පහිතත්තොති පෙසිතත්තො. ආහූති කථයන්ති. සෙසමෙත්ථ උත්තානමෙව. ඉමස්මිං පන සුත්තෙ සීලං මිස්සකං කථෙත්වා ගාථාසු ඛීණාසවො කථිතො.
යතං වරෙ යනු යම්සේ හැසිරෙන්නේ සංවර වූවෙක් සංයත වූවෙක් වන්නේ ද එසේ හැසිරෙන්නේය. සියලු තන්හි මේ ක්‍රමයයි. අච්ඡෙ යනු හිඳින්නේය. යතමෙනං පසාරයෙ යනු යම් අඟපසඟක් දික්කරන්නේ ද එය සංවර වූවක් සංයම වූවක් කොට (දික් කරන්නේය). පතුරුවන්නේය. උද්ධං යනු මත්තෙහියි, තිරියං යනු මැදයි, අපාචිනං යනු යටයි, මෙපමණකින් අතීත වර්තමාන අනාගත පඤ්චස්කන්ධයෝ කියන ලද්දාහ. යාවතා යනු පිරිසිඳීමේ වචනයකි. ජගතො ගති යනු ලොව හටගැනීමයි. සමවෙක්ඛිතා ච ධම්මානං ඛන්ධානං උදයබ්බයං යනු සියලු ලොව අතීතාදී භේද ඇති මේ පඤ්චස්කන්ධ ධර්මයන්ගේ හටගැනීමද විනාශයද මනාව බලන ලද්දාහුයි. පඤ්චස්කන්ධයන්ගේ හටගැනීම බලන්නේ පස්විසි ලකුණු දකියි. විනාශය දකින්නේ පස්විසි ලකුණු දකී යයි කියන ලද්දා වූ සමපණස් ලකුණුවලින් මනාව දක්නා ලද්දාහු වෙත්. චෙතොසමථසාමීචිං යනු චිත්ත සමාධියට සුදුසු ප්‍රතිපදාවයි. සික්ඛමානං යනු පිළිපදිනු ලබන, පුරනු ලබන යන අර්ථයයි. පහිතත්තො යනු යවන ලද්දේයි. ආහු යනු කියත්, මෙහි සෙස්ස පැහැදිලිමය. මේ සූත්‍රයෙහි ශීල මිශ්‍රකය කියා ගාථාවන්හි ක්ෂීණාශ්රවයන් වහන්සේ කියන ලදී.
3. පධානසුත්තවණ්ණනා
3. පධාන සූත්‍ර වර්ණනාව
තතියෙ සම්මප්පධානානීති සුන්දරපධානානි උත්තමවීරියානි. සම්මප්පධානාති පරිපුණ්ණවීරියා. මාරධෙය්යාභිභූතාති තෙභූමකවට්ටසඞ්ඛාතං මාරධෙය්යං අභිභවිත්වා සමතික්කමිත්වා ඨිතා. තෙ අසිතාති තෙ ඛීණාසවා අනිස්සිතා නාම. ජාතිමරණභයස්සාති ජාතිඤ්ච මරණඤ්ච පටිච්ච උප්පජ්ජනකභයස්ස, ජාතිමරණසඞ්ඛාතස්සෙව වා භයස්ස. පාරගූති පාරඞ්ගතා. තෙ තුසිතාති තෙ ඛීණාසවා තුට්ඨා නාම. ජෙත්වා මාරං සවාහිනින්ති සසෙනකං මාරං ජිනිත්වා ඨිතා. තෙ අනෙජාති තෙ ඛීණාසවා තණ්හාසඞ්ඛාතාය එජාය අනෙජා නිච්චලා නාම. නමුචිබලන්ති මාරබලං. උපාතිවත්තාති අතික්කන්තා. තෙ සුඛිතාති තෙ ඛීණාසවා ලොකුත්තරසුඛෙන සුඛිතා නාම. තෙනෙවාහ –
තුන්වැන්නෙහි සම්මප්පධානානි යනු මනා (සොඳුරු) උත්සාහයෝ, උතුම් වීර්යයෝයි. සම්මප්පධානා යනු පිරිපුන් වීර්ය ඇත්තාහුයි, මාරෙධෙය්යාධිභූනො යනු ත්‍රෛභූමික සංසාර සංඛ්‍යාත මාරවසඟය මැඩපවත්වා ඉක්මවා සිටියාහුයි. තෙ අසිතා යනු ඒ ක්ෂීණාශ්රවයෝ අනිස්සිත (අසුරු නොකළහ) නම් වෙති. ජාතිමරණභයස්ස යනු උපත ද මරණය ද නිසා උපදනා බියේයි. ජාතිමරණ සංඛ්යාතවූම බියේ හෝයි. පාරගු යනු එතෙරට ගියාහුයි, නෙ තුසිතා යනු ඒ රහතන් වහන්සේලා සතුටුවූවාහු නමි. ජෙත්වා මාරං ස වාහනං යනු සේනාව සහිත මාරයා පරදා සිටියාහුයි, තෙ අනෙජා යනු ඒ රහතන් වහන්සේලා තෘෂ්ණා සංඛ්‍යාත වූ මෙහෙයවීමෙන් නොමුළාවූවාහු නිශ්චල වූවාහු නමි. නමුවිබලං යනු මාර බලයයි. උපාතිවත්තා යනු ඉක්මවූවාහුයි. තෙ සුඛිතා යනු ඒ රහතන් වහන්සේලා ලෝකෝත්තර සුවයෙන් සුවපත් වූවාහු නමි. එහෙයින්ම කීය.
“සුඛිතා වත අරහන්තො, තණ්හා නෙසං න විජ්ජති; අස්මිමානො සමුච්ඡින්නො, මොහජාලං පදාලිත”න්ති. (සං· නි· 3.76);
රහතන් වහන්සේලා ඒකාන්තයෙන්ම සුවපත් වූවාහු ය, උන්වහන්සේලාගේ තෘෂ්ණාව නොදක්නා ලැබේ. අස්මිමානය සිඳිණ. මෝහය නැමැති දැල පුපුරුවා හරින ලදි.
4. සංවරප්පධානසුත්තවණ්ණනා
4. සංවරප්පධාන සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ පධානානීති වීරියානි. සංවරප්පධානන්ති චක්ඛාදීනි සංවරන්තස්ස උප්පන්නවීරියං. පහානප්පධානන්ති කාමවිතක්කාදයො පජහන්තස්ස උප්පන්නවීරියං. භාවනාප්පධානන්ති සම්බොජ්ඣඞ්ගෙ භාවෙන්තස්ස උප්පන්නවීරියං. අනුරක්ඛණාප්පධානන්ති සමාධිනිමිත්තං අනුරක්ඛන්තස්ස උප්පන්නවීරියං.
සතරවැන්නෙහි පධානාති යනු වීර්යයෝයි. සංවරප්පධානං යනු ඇස් ආදිය සංවර කරන්නහුට උපන් වීර්යයයි. පහානප්පධානං යනු කාම විතර්කාදීන් අත්රින්නහුට උපන් වීර්යයයි. භාවනාපධානං යනු බොධ්‍යංගයන් වඩන්නහුට උපන් වීර්යයයි. අනුරක්ඛනප්පධානං යනු සමාධි නිමිත්ත ආරක්ෂා කරන්නහුට උපන් වීර්යයයි.
විවෙකනිස්සිතන්තිආදීසු විවෙකො, විරාගො, නිරොධොති තීණිපි නිබ්බානස්ස නාමානි. නිබ්බානං හි උපධිවිවෙකත්තා විවෙකො, තං ආගම්ම රාගාදයො විරජ්ජන්තීති විරාගො, නිරුජ්ඣන්තීති නිරොධො. තස්මා විවෙකනිස්සිතන්තිආදීසු ආරම්මණවසෙන වා අධිගන්තබ්බවසෙන වා නිබ්බානනිස්සිතන්ති අත්ථො.
විවෙකනිස්සිතං යනාදියෙහි විවෙක, විරාග, නිරොධ යන තුනම නිවනට නමිය. නිවන වනාහි කෙලෙසුන්ගෙන් වෙන්වීම බැවින් විවේකයයි. ඊට පැමිණ රාගාදීහු නොඇලෙතියි විරාග නමි. නිරුද්ධ වෙත්නුයි නිරෝධයයි. එබැවින් විවෙකනිස්සිතං යනාදියෙහි අරමුණු වශයෙන් හෝ වටහාගතයුතු වශයෙන් හෝ නිවන ඇසුරු කොට ඇත යන අර්ථයයි.
වොස්සග්ගපරිණාමින්ති එත්ථ ද්වෙ වොස්සග්ගා – පරිච්චාගවොස්සග්ගො ච පක්ඛන්දනවොස්සග්ගො ච. තත්ථ විපස්සනා තදඞ්ගවසෙන කිලෙසෙ ච ඛන්ධෙ ච රාගං පරිච්චජතීති පරිච්චාගවොස්සග්ගො. මග්ගො ආරම්මණවසෙන නිබ්බානං පක්ඛන්දතීති පක්ඛන්දනවොස්සග්ගො. තස්මා වොස්සග්ගපරිණාමින්ති යථා භාවියමානො සතිසම්බොජ්ඣඞ්ගො වොස්සග්ගත්ථාය පරිණමති, විපස්සනාභාවඤ්ච මග්ගභාවඤ්ච පාපුණාති, එවං තං භාවෙතීති අයමෙත්ථ අත්ථො. සෙසපදෙසුපි එසෙව නයො. භද්දකන්ති ලද්ධකං. සමාධිනිමිත්තං වුච්චති අට්ඨිකසඤ්ඤාදිවසෙන අධිගතො සමාධියෙව. අනුරක්ඛතීති සමාධිපාරිපන්ථිකධම්මෙ රාගදොසමොහෙ සොධෙන්තො රක්ඛති. එත්ථ ච අට්ඨිකසඤ්ඤාදිකා පඤ්චෙව සඤ්ඤා වුත්තා, ඉමස්මිං පන ඨානෙ දසපි අසුභානි විත්ථාරෙත්වා කථෙතබ්බානි. තෙසං විත්ථාරො විසුද්ධිමග්ගෙ (විසුද්ධි· 1.102 ආදයො) වුත්තොයෙව. ගාථාය සංවරාදිනිප්ඵාදකං වීරියමෙව වුත්තං. ඛයං දුක්ඛස්ස පාපුණෙති දුක්ඛක්ඛයසඞ්ඛාතං අරහත්තං පාපුණෙය්යාති.
වොස්සග්ගපරිනාමිං යන මෙහි පරිච්චාග වොස්සග්ගය ද පක්ඛන්දන වොස්සග්ගය ද යනුවෙන් වොස්සග්ග දෙකකි. එහි විදර්ශනා තදංග වශයෙන් කෙලෙසුන් ද ස්කන්ධයන් ද අත්හරියි ද එය පරිච්චාග වොස්සග්ගයයි. මාර්ගය අරමුණු වශයෙන් නිවනට පනී (එළඹේ) නුයි පක්ඛන්ධන වොස්සග්ගයයි. එහෙයින් වොස්සග්ගපරිනාමිං යනු යම්සේ වඩනු ලබන සති සම්බොධ්‍යංගය වොස්සග්ගය (අත්හැරීම) සඳහා මුහුකුරා යයි ද විදර්ශනා බවට හා මාර්ග බවට පැමිණෙයි ද මෙසේ එය වඩයි යනු මෙහි අර්ත්ථයයි. සෙසු පදයන්හි ද මේ ක්‍රමයමැයි, භද්දකං යන ලබන ලදයි, අට්ඨික සංඥාදි වශයෙන් එළැඹි සමාධියම සමාධිනිමිත්තංයි කියනු ලැබේ. අනුරක්ඛති යනු පරිච්චාග වොස්සග්ගය සමාධියට බාධාකර ධර්මයන් වූ රාග, දෝස, මෝහයන් පිරිසිදු කරමින් ආරක්ෂා කරයි. මෙහිද අට්ඨික සංඥාව ආදී සංඥා පසම කියන ලදි. මෙතැන්හිදී දස අසුභයන් ද විස්තර කොට කිවයුතුය. ඔවුන්ගේ විස්තරය විසුද්ධිමග්ගයෙහි කියන ලද්දේමය. ගාථාවෙහිදී සංවරාදි නාමයෙන් සංවරාදිය උපදවන්නා වූ වීර්‍ය්‍යයම කියන ලදි. ඛයං දුක්ඛස්ස පාපුණෙ යනු දුක් නැතිකිරීම් සංඛ්‍යාත රහත්බවට පමුණුවන්නේය.
5. අග්ගපඤ්ඤත්තිසුත්තවණ්ණනා
5. අග්ගපඤ්ඤත්ති සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ අග්ගපඤ්ඤත්තියොති උත්තමපඤ්ඤත්තියො. අත්තභාවීනන්ති අත්තභාවවන්තානං. යදිදං රාහු අසුරින්දොති යො එස රාහු අසුරින්දො අයං අග්ගොති. එත්ථ රාහු කිර අසුරින්දො චත්තාරි යොජනසහස්සානි අට්ඨ ච යොජනසතානි උච්චො, බාහන්තරමස්ස ද්වාදසයොජනසතානි, හත්ථතලපාදතලානං පුථුලතා තීණි යොජනසතානි. අඞ්ගුලිපබ්බානි පණ්ණාස යොජනානි, භමුකන්තරං පණ්ණාසයොජනං, නලාටං තියොජනසතං, සීසං නවයොජනසතං. කාමභොගීනං යදිදං රාජා මන්ධාතාති යො එස රාජා මන්ධාතා නාම, අයං දිබ්බෙපි මානුසකෙපි කාමෙ පරිභුඤ්ජනකානං සත්තානං අග්ගො නාම. එස හි අසඞ්ඛෙය්යායුකෙසු මනුස්සෙසු නිබ්බත්තිත්වා ඉච්ඡිතිච්ඡිතක්ඛණෙ හිරඤ්ඤවස්සං වස්සාපෙන්තො මානුසකෙ කාමෙ දීඝරත්තං පරිභුඤ්ජි. දෙවලොකෙ පන යාව ඡත්තිංසාය ඉන්දානං ආයුප්පමාණං, තාව පණීතෙ කාමෙ පරිභුඤ්ජීති කාමභොගීනං අග්ගො නාම ජාතො. ආධිපතෙය්යානන්ති අධිපතිට්ඨානං ජෙට්ඨකට්ඨානං කරොන්තානං. තථාගතො අග්ගමක්ඛායතීති ලොකියලොකුත්තරෙහි ගුණෙහි තථාගතො අග්ගො සෙට්ඨො උත්තමො අක්ඛායති.
පස්වැන්නෙහි අග්ගපඤ්ඤතතියො යනු උතුම් පැනවීම්ය, අත්තභාවිනං යනු ආත්මභාව ඇත්තවුන්ගේයි, යදිදං රාහු අසුරින්දො යනු යම් මේ රාහු අසුරෙන්ද්රයෙක් වේ ද, හෙතෙම අග්‍රය, රාහු අසුරෙන්ද්රයා, වනාහි යොදුන් සාරදහස් අටසියයක් උස්ය. ඔහුගේ බාහු අතරත යොදුන් දොළොස් සියයකි. අත්තල පාදතලයන්ගේ මහත්බව යොදුන් තුන්සියයකි. ඇගිලි පුරුක් යොදුන් පණසකි. බැම අතර යොදුන් පණසකි. නලළ යොදුන් තුන්සියයකි. හිස යොදුන් නවසියයකි. කාමභොගින යදිදං මන්ධාතා යනු යම් මේ මන්ධාතු නම් රජෙක් වේ ද මෙතෙම දිව්‍යමයවූද මානුෂිකවූද කාමයන් පරිභොග කරන සත්ත්වයන් අතුරෙන් අග්‍ර නම් වෙයි. මෙතෙම අසංඛ්‍ය ආයුෂ ඇති මිනිසුන් අතර ඉපිද කැමති කැමති විට රන්වැසි වස්වන්නේ මානුෂික කාමයන් බොහෝ කලක් වින්දේය. දෙව්ලොවෙහි ඉන්ද්‍රයන් (ශක්‍රයන්) සතිසකගේ ආයුෂ ප්‍රමාණය යම්තාක් වේ ද ඒතාක් කාමයන් පරිභොග කළේ යයි කාමභෝගීන් අතුරෙහි අග්‍රයා නම් වූයේය. ආධිපතෙය්යානං අධිපතිතැන දෙටුතැන කරන්නවුන්ගේයි, තථාගතො අග්ගමක්ඛායති යනු ලෞකික ලෝකෝත්තර ගුණයන්ගෙන් තථාගතයන් වහන්සේ අග්‍රය, ශ්‍රේෂ්ඨය, උත්තම යයි කියනු ලැබේ.
ඉද්ධියා යසසා ජලන්ති දිබ්බසම්පත්තිසමිද්ධියා ච පරිවාරසඞ්ඛාතෙන යසසා ච ජලන්තානං. උද්ධං තිරියං අපාචීනන්ති උපරි ච මජ්ඣෙ ච හෙට්ඨා ච. යාවතා ජගතො ගතීති යත්තකා ලොකනිප්ඵත්ති.
ඉද්ධියා යසසා ජලං යනු දිව්‍ය සම්පත්තීන්ගේ සමෘද්ධියෙන් ද පරිවාර සංඛ්‍යාත යසසින් ද බබලන්නවුන්ගේයි, උද්ධං තිරියං අපාචිනං යනු මත්තෙහි, මැද හා යටයි, යාවතාජගතො ගති යනු යම්තාක් ලොව හටගැනීම වේ ද (ඒතාක්ය).
6. සොඛුම්මසුත්තවණ්ණනා
6. සොඛුම්ම සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ සොඛුම්මානීති සුඛුමලක්ඛණපටිවිජ්ඣනකානි ඤාණානි. රූපසොඛුම්මෙන සමන්නාගතො හොතීති රූපෙ සණ්හසුඛුමලක්ඛණපරිග්ගාහකෙන ඤාණෙන සමන්නාගතො හොති. පරමෙනාති උත්තමෙන. තෙන ච රූපසොඛුම්මෙනාති තෙන යාව අනුලොමභාවං පත්තෙන සුඛුමලක්ඛණපරිග්ගාහකඤාණෙන. න සමනුපස්සතීති නත්ථිභාවෙනෙව න පස්සති. න පත්ථෙතීති නත්ථිභාවෙනෙව න පත්ථෙති. වෙදනාසොඛුම්මාදීසුපි එසෙව නයො.
සයවැන්නෙහි සොබුම්මානි යනු සියුම් ලකුණු අවබෝධ කරන්නා වූ ඥානයෝයි, රූපසොබුම්මෙන සමන්නාගතො හොති යනු රූපයෙහි සිනිදු සියුම් ලකුණු විමසන්නා වූ නුවණින් යුක්තවූයේ වෙයි. පරමෙන යනු උතුම් වූ දෙයිනි, තෙන ච රූපසොබුම්මෙන යනු අනුලොම්බව දක්වා පැමිණි සියුම් ලකුණු විමසන ඒ ඥානයෙනි, න සමනුපස්සති යනු නැති බැවින්ම නොදකියි. න පත්ථෙති යනු නැති බැවින්ම නොපතයි. වෙදනා සොබුම්මාදියෙහි ද මේ ක්‍රමයමැයි,
රූපසොඛුම්මතං ඤත්වාති රූපක්ඛන්ධස්ස සණ්හසුඛුමලක්ඛණපරිග්ගාහකෙන ඤාණෙන සුඛුමතං ජානිත්වා. වෙදනානඤ්ච සම්භවන්ති වෙදනාක්ඛන්ධස්ස ච පභවං ජානිත්වා. සඤ්ඤා යතො සමුදෙතීති යස්මා කාරණා සඤ්ඤාක්ඛන්ධො සමුදෙති නිබ්බත්තති, තඤ්ච ජානිත්වා. අත්ථං ගච්ඡති යත්ථ චාති යස්මිං ඨානෙ නිරුජ්ඣති, තඤ්ච ජානිත්වා. සඞ්ඛාරෙ පරතො ඤත්වාති සඞ්ඛාරක්ඛන්ධං අනිච්චතාය ලුජ්ජනභාවෙන පරතො ජානිත්වා. ඉමිනා හි පදෙන අනිච්චානුපස්සනා කථිතා. දුක්ඛතො නො ච අත්තතොති ඉමිනා දුක්ඛානත්තානුපස්සනා. සන්තොති කිලෙසසන්තතාය සන්තො. සන්තිපදෙ රතොති නිබ්බානෙ රතො. ඉති සුත්තන්තෙ චතූසු ඨානෙසු විපස්සනාව කථිතා, ගාථාසු ලොකුත්තරධම්මොපීති.
රූපසොබුම්මතං ඤත්වා යනු රූපස්කන්ධයේ සිනිඳු සියුම් ලකුණු විමසන්නා වූ ඥානයෙන් සියුම්බව දැනයි: වෙදනානං ච සම්භවං යනු වේදනාස්කන්ධයේ ද හටගැනීම දැනයි, සඤ්ඤා යතො ච සමුදෙති යනු යම් කරුණකින් සංඥා ස්කන්ධය හටගනියිද උපදියිද එයද දැනයි. අත්ථං ගච්ඡති යත්ථ ච යනු යම්තැනක නිරුද්ධවේද එයද දැනයි, සංඛාරෙ පරතො ඤත්වා යනු සංස්කාරස්කන්ධය අනිත්‍ය බැවින් විනාශවන ස්වභාවයෙන් අන්යත්වයෙන් දැනයි, මේ පදයෙන් අනිච්චානුපස්සනාව කියන ලදි, දුක්ඛතො නො ච අත්තතො යන මෙයින් දුක්ඛ, අනත්ත අනුපස්සනා කියන ලදි. සන්තො යනු කෙලෙස් තැවුලෙන් ශාන්ත වූයේයි. සන්තිපදෙ රතො යනු නිවනෙහි ඇළුණේයි. මෙසේ සූත්‍රාන්තයෙහි සිවුතැනක විදර්ශනාවම කියන ලදි. ගාථාවන්හි ලෝකෝත්තර ධර්මය ද (කියන ලදි).
7-9. අගතිසුත්තාදිවණ්ණනා
7-9. අගති ආදි සූත්‍ර වර්ණනා
සත්තමෙ අගතිගමනානීති නගතිගමනානි. ඡන්දාගතිං ගච්ඡතීති ඡන්දෙන අගතිං ගච්ඡති, අකත්තබ්බං කරොති. සෙසෙසුපි එසෙව නයො. ඡන්දා දොසා භයා මොහාති ඡන්දෙන, දොසෙන, භයෙන, මොහෙන. අතිවත්තතීති අතික්කමති. අට්ඨමං උත්තානමෙව. නවමෙ තථාබුජ්ඣනකානං වසෙන ද්වීහිපි නයෙහි කථිතං.
සත්වැන්නෙහි අගතිගමනානි යනු ගතියට නොයෑම්ය, ඡන්දාගතිං ගච්ඡති යනු ඡන්දයෙන් අගතියට යයි, නොකළයුත්තක් කරයි. සෙස්සෙහි ද මේ ක්‍රමයමැයි, ඡන්දා දොසා භයා මොහා යනු ඡන්දයෙන් ද්වේශයෙන්, බියෙන් හා මුළාවීමෙනි, අතිවත්තති යනු ඉක්මවයි, අටවැන්න පැහැදිලි අරුත් ඇත්තේමය, නවවැන්නෙහි එසේ අවබෝන්ධ කරන්නන්ගේ වශයෙන් ක්‍රම දෙකකින් කියන ලදි.
10. භත්තුද්දෙසසුත්තවණ්ණනා
10. භත්තුද්දෙසක සූත්‍ර වර්ණනාව
දසමෙ භත්තුද්දෙසකොති සලාකභත්තාදීනං උද්දෙසකො. කාමෙසු අසංයතාති වත්ථුකාමෙසු කිලෙසකාමෙහි අසංයතා. පරිසාකසටො ච පනෙස වුච්චතීති අයඤ්ච පන සො එවරූපා පරිසාකචවරො නාම වුච්චතීති අත්ථො. සමණෙනාති බුද්ධසමණෙන. පරිසාය මණ්ඩො ච පනෙස වුච්චතීති අයං එවරූපා පරිසා විප්පසන්නෙන පරිසාමණ්ඩොති වුච්චතීති.
දසවැන්නෙහි භත්තුද්දෙසකො යනු ලහබත් ආදිය උදෙසන්නායි. කාමෙසු අසංයතා යනු වස්තුකාම ක්ලේශ කාමයන්හි අසංවර වූවෝයි, පරිසක්කසාවො ච පනෙස වුච්චති යන මෙය ද මෙබඳු වූ යම් පිරිසක් වේ ද එය පිරිස් කසල නමැයි කියනු ලැබේය යන අර්ත්ථයයි. සමණෙන යනු බුද්ධ ශ්‍රමණයා විසිනි, පරිසාය මණ්ඩො පනෙස වුච්චති යන මෙය මෙබඳු වූ පිරිස පසන් බැවින් පරිසමණ්ඩ යයි කියනු ලැබේ.
චරවග්ගො දුතියො.
දෙවැනි වූ චර වර්ගයයි.