යෙදුමෙන් කියවන්න

1. භණ‍්ඩගාමවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

1. භණ්ඩගාම වර්ගය

1. අනුබුද‍්ධසුත‍්තවණ‍්ණනා

1. අනුබුද්ධ සූත්‍ර වර්ණනාව

චතුක‍්කනිපාතස‍්ස පඨමෙ අනනුබොධාති අබුජ‍්ඣනෙන අජානනෙන. අප‍්පටිවෙධාති අප‍්පටිවිජ‍්ඣනෙන අපච‍්චක‍්ඛකිරියාය. දීඝමද‍්ධානන‍්ති චිරකාලං. සන්‍ධාවිතන‍්ති භවතො භවං ගමනවසෙන සන්‍ධාවිතං. සංසරිතන‍්ති පුනප‍්පුනං ගමනාගමනවසෙන සංසරිතං. මමඤ‍්චෙව තුම‍්හාකඤ‍්චාති මයා ච තුම‍්හෙහි ච. අථ වා සන්‍ධාවිතං සංසරිතන‍්ති සන්‍ධාවනං සංසරණං මමඤ‍්චෙව තුම‍්හාකඤ‍්ච අහොසීති එවමෙත්‍ථ අත්‍ථො වෙදිතබ‍්බො. අරියස‍්සාති නිද‍්දොසස‍්ස. සීලං සමාධි පඤ‍්ඤාති ඉමෙ පන තයො ධම‍්මා මග‍්ගඵලසම‍්පයුත‍්තාව වෙදිතබ‍්බා, විමුත‍්තිනාමෙන ඵලමෙව නිද‍්දිට‍්ඨං. භවතණ‍්හාති භවෙසු තණ‍්හා. භවනෙත‍්තීති භවරජ‍්ජු. තණ‍්හාය එව එතං නාමං. තාය හි සත‍්තා ගොණා විය ගීවාය බන්‍ධිත්‍වා තං තං භවං නීයන‍්ති, තස‍්මා භවනෙත‍්තීති වුච‍්චති.

චතුෂ්ක නිපාතයේ පළමුවැනි සූත්‍රයෙහි අනනුබොධා යනු අවබෝධ නොකිරීමෙනි, නොදැනීමෙනි. අප්පටිවෙධා යනු මනාව වටහා නොගැනීමෙනි, ප්‍රත්‍යක්ෂ නොකිරීමෙනි, දීඝමද්ධානං යනු බොහෝ කාලයකි. සන්ධාවිතං යනු භවයෙන් භවයට යාම් වශයෙන් හැසිරෙන ලදි. සංසරිතං යනු යළියළිත් යාම් ඊම් වශයෙන් සැරිසරන ලදි. මමඤ්චෙව තුම්හාකඤ්ච යනු මාවිසින් ද ඔබලා විසින් ද යනුයි. නැතහොත් සන්ධාවිතං සංසරිතං යනු මගේ ද ඔබලාගේ ද හැසිරීම සැරිසැරීම වීය යනුවෙන් මෙසේ මෙහි අර්ථය දත යුතුය. අරියස්ස යනු නිදොස් වූවහුගේයි. සීලසමාධිඤ්ඤා යන මේ ධර්ම තුන සමඟ යුක්ත වූවාහුමයයි දතයුත්තාහ. විමුත්ති නමින් ඵලයම දක්වන ලදි. භවතණ්හා යනු භවයන්හි ඇල්මයි. භවනෙත්ති යනු භව රැහැනයි. මෙය තෘෂ්ණාවටම නමෙකි. එයින් වනාහි සත්ත්වයෝ ගොණුන් මෙන් ගෙලෙහි බැඳ ඒ ඒ භවයට පමුණුවනු ලැබෙත්. එබැවින් භව රැහැන යයි කියනු ලැබේ.

අනුත‍්තරාති ලොකුත‍්තරා. දුක‍්ඛස‍්සන‍්තකරොති වට‍්ටදුක‍්ඛස‍්ස අන‍්තකරො. චක‍්ඛුමාති පඤ‍්චහි චක‍්ඛූහි චක‍්ඛුමා. පරිනිබ‍්බුතොති කිලෙසපරිනිබ‍්බානෙන පරිනිබ‍්බුතො. ඉදමස‍්ස බොධිමණ‍්ඩෙ පඨමපරිනිබ‍්බානං, පච‍්ඡා පන යමකසාලානමන‍්තරෙ අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා පරිනිබ‍්බුතොති යථානුසන්‍ධිනා දෙසනං නිට‍්ඨාපෙසි.

අනුත්තරා යනු ලෝකෝත්තරවූයි. දුක්ඛස්සන්තකරො යනු සංසාර දුක කෙළවර කරන්නේයි. චක්ඛුමා යනු පසැසින් ඇස් ඇත්තායි. පරිනිබ්බුතො යනු කෙලෙස් පිරිනිවුමෙන් පිරිනිවුනාවූයි. මෙය උන්වහන්සේගේ බෝමැඩ දී පළමු පිරිනිවීමයි. පසුව වනාහි සල්ගස් දෙකක් අතර අනුපාදිසෙස නිර්වාණ ධාතුවෙන් පිරිනිවියේ යැයි අනුසන්ධි පරිද්දෙන් දේශනාව අවසන් කළසේක.

2. පපතිතසුත‍්තවණ‍්ණනා

2. පපතිත සූත්‍ර වර්ණනාව

දුතියෙ පපතිතොති පතිතො චුතො. අප‍්පපතිතොති අපතිතො පතිට‍්ඨිතො. තත්‍ථ ලොකියමහාජනො පතිතොයෙව නාම, සොතාපන‍්නාදයො කිලෙසුප‍්පත‍්තික‍්ඛණෙ පතිතා නාම, ඛීණාසවො එකන‍්තපතිට‍්ඨිතො නාම.

දෙවැන්නෙහි පපතිතො යනු වැටුණේ, ගිලිහී ගියේයි. අප්පපතිතො යනු නොවැටුණේ, පිහිටියේයි. එහි ලෞකික මහජනයා වැටුණේම නම් වෙයි. සෝවාන් ආදීහු කෙලෙස් උපන් කෙරෙහි වැටුණාහු නම් වෙත්. ආස්‍රවයන් ක්ෂය කළ තැනැත්තා ඒකාන්තයෙන්ම පිහිටියේ නම් වෙයි.

චුතා පතන‍්තීති යෙ චුතා, තෙ පතන‍්ති නාම. පතිතාති යෙ පතිතා, තෙ චුතා නාම. චුතත‍්තා පතිතා, පතිතත‍්තා චුතාති අත්‍ථො. ගිද‍්ධාති රාගරත‍්තා. පුනරාගතාති පුන ජාතිං පුන ජරං පුන බ්‍යාධිං පුන මරණං ආගතා නාම හොන‍්ති. කතං කිච‍්චන‍්ති චතූහි මග‍්ගෙහි කත‍්තබ‍්බකිච‍්චං කතං. රතං රම‍්මන‍්ති රමිතබ‍්බයුත‍්තකෙ ගුණජාතෙ රමිතං. සුඛෙනාන්‍වාගතං සුඛන‍්ති සුඛෙන සුඛං අනුආගතං සම‍්පත‍්තං. මානුසකසුඛෙන දිබ‍්බසුඛං, ඣානසුඛෙන විපස‍්සනාසුඛං, විපස‍්සනාසුඛෙන මග‍්ගසුඛං, මග‍්ගසුඛෙන ඵලසුඛං, ඵලසුඛෙන නිබ‍්බානසුඛං සම‍්පත‍්තං අධිගතන‍්ති අත්‍ථො.

චුතා පත්තති යනු යමෙක් චුත වූවාහුද ඔවුහු වැටෙත් නම් වෙත්. පතිතා යනු යමෙක් වැටුණාහුද ඔවුහු චුත වූවාහු නමි. චුත වූ බැවින් වැටුණාහුය. වැටුණු බැවින් චුත වූවාහු යයි අර්ථයි. ගිද්ධා යනු රාගයෙන් රත් වූවාහුයි. පුනරාගතා යනු නැවත උපතට, නැවත ජරාවට නැවත ව්‍යාධියට නැවත මරණයට ආවාහු නම් වෙත්. කතකිච්චං යනු සිවුමගින් කළයුතු කිසයි. රතං රම්මං යනු රමනය කළයුතු ගුණසමූහයෙහි සතුටු වූයේයි. සුඛෙන්නවාගතං සුඛං යනු සුවයෙන් සුවය අනුව පැමිණි එළැඹුණුයි. මිනිස් සුවයෙන් දිවසුවයට, ධ්‍යාන සුවයෙන් විදර්‍ශනා සුවයට, විදර්‍ශනා සුවයෙන් මාර්ග සුවයට, මාර්ග සුවයෙන් ඵලසුවයට, ඵල සුවයෙන් නිවන් සුවයට පැමිණි එළඹුණු යන අර්ථයයි.

3. පඨමඛතසුත‍්තවණ‍්ණනා

3. පඨමඛත සූත්‍ර වර්ණනාව

තතියං දුකනිපාතවණ‍්ණනායං වුත‍්තමෙව. ගාථාසු පන නින්‍දියන‍්ති නින්‍දිතබ‍්බයුත‍්තකං. නින්‍දතීති ගරහති. පසංසියොති පසංසිතබ‍්බයුත‍්තො. විචිනාති මුඛෙන සො කලින‍්ති යො එවං පවත‍්තො, තෙන මුඛෙන කලිං විචිනාති නාම. කලිනා තෙන සුඛං න වින්‍දතීති තෙන ච කලිනා සුඛං න පටිලභති. සබ‍්බස‍්සාපි සහාපි අත‍්තනාති සබ‍්බෙනපි සකෙන ධනෙන චෙව අත‍්තනා ච සද‍්ධිං යො පරාජයො, සො අප‍්පමත‍්තකොව කලීති අත්‍ථො. යො සුගතෙසූති යො පන සම‍්මග‍්ගතෙසු පුග‍්ගලෙසු චිත‍්තං පදුස‍්සෙය්‍ය, අයං චිත‍්තපදොසොව තතො කලිතො මහන‍්තතරො කලි. ඉදානි තස‍්ස මහන‍්තතරභාවං දස‍්සෙන‍්තො සතං සහස‍්සානන‍්තිආදිමාහ. තත්‍ථ සතං සහස‍්සානන‍්ති නිරබ‍්බුදගණනාය සතසහස‍්සං. ඡත‍්තිංසතීති අපරානි ච ඡත‍්තිංසති නිරබ‍්බුදානි. පඤ‍්ච චාති අබ‍්බුදගණනාය ච පඤ‍්ච අබ‍්බුදානි. යමරියගරහීති යං අරියෙ ගරහන‍්තො නිරයං උපපජ‍්ජති, තත්‍ථ එත‍්තකං ආයුප‍්පමාණන‍්ති.

තෙවැන්න දුක නිපාත වර්‍ණණාවෙහි කියන ලද්දේමය. ගාථාවන්හි වනාහි නින්දියං යනු නින්දා කටයුතු වූයි. නින්දති යනු ගර්භා කරයි. පසංසියො යනු පැසසිය යුතු වූයේයි. විචිනාති මුඛෙන සො කලිං යනු මෙසේ පැවති හෙතෙම ඒ මුවෙන් පාපය රැස්කරයි නමි. කලිනා තෙන සුඛං නවින්දති යනු ඒ පාපයෙන් සුවය නොලබයි. සබ්බස්සාපි සහාපි අත්තනා යනු සියලු සිය ධනයෙන් මෙන්ම තමන්ද සමඟ යම් පරාජයක් වේ ද එය ස්වල්පමාත්‍ර වූම අභාග්‍යයක් යන අර්ථයයි. සො සුගතෙසු යනු යමෙක් වනාහි මනාව ගිය පුද්ගලයින් කෙරෙහි සිත දූෂ්‍ය කරන්නේ ද, මෙම චිත්තදූෂණය ඒ පාපයෙන් ඉතා මහත්වූ පාපයයි. දැන් එහි ඉතා මහත්බව දක්වමින් සතං සහස්සානං යනාදිය කීහ. සතං සහස්සානං යනු නිරබ්බුද ගණනින් ලක්ෂයකි. ඡත්තිංසති යනු අන්‍ය වූ ද සතිස් නිරබ්බුදයෝයි. පඤ්ච ච යනු අබ්බුද ගණනින් අබ්බුද පසෙකි. යමරියගරහී යනු ආර්යයන් ගරහන්නා යම් නිරයක උපදී ද එහි එපමණ ආයුෂ ඇත්තේයි.

4. දුතියඛතසුත‍්තවණ‍්ණනා

4. දුතියඛත සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ මාතරි පිතරි චාතිආදීසු මිත‍්තවින්‍දකො මාතරි මිච‍්ඡාපටිපන‍්නො නාම, අජාතසත‍්තු පිතරි මිච‍්ඡාපටිපන‍්නො නාම, දෙවදත‍්තො තථාගතෙ මිච‍්ඡාපටිපන‍්නො නාම, කොකාලිකො තථාගතසාවකෙ මිච‍්ඡාපටිපන‍්නො නාම. බහුඤ‍්චාති බහුකමෙව. පසවතීති පටිලභති. තායාති තාය මිච‍්ඡාපටිපත‍්තිසඞ‍්ඛාතාය අධම‍්මචරියාය. පෙච‍්චාති ඉතො ගන‍්ත්‍වා. අපායං ගච‍්ඡතීති නිරයාදීසු අඤ‍්ඤතරස‍්මිං නිබ‍්බත‍්තති. සුක‍්කපක‍්ඛෙපි එසෙව නයො.

සිවු වැන්නෙහි මාතරිපිතරී ච යනාදියෙහි මිත්තවින්දක තෙමේ මව කෙරෙහි වැරදි සේ පිළිපන්නේ නමි. ආජාතසත්තු තෙමේ පියා කෙරෙහි වැරදි සේ පිළිපන්නේ නමි. දෙව්දත් තෙමේ තථාගතයන් කෙරෙහි වැරදි සේ පිළිපන්නේ නමි. කොකාලික තෙමේ තථාගත ශ්‍රාවකයා කෙරෙහි වැරදි සේ පිළිපන්නේ නමි. බහුඤ්ච යනු බොහෝ වූවක්මය, පසවති යනු ලබයි. තාය යනු ඒ මිථ්‍යා ප්‍රතිපත්ති සංඛ්‍යාත අධර්ම චර්යාවෙනි. පෙච්ච යනු මෙයින් ගොය. අපායං ගච්ඡති යනු නිරයාදීන් අතුරෙහි එක් නිරයක උපදියි. පුණ්‍ය පක්ෂයෙහි ද මේ ක්‍රමයමැයි.

5. අනුසොතසුත‍්තවණ‍්ණනා

5. අනුසෝත සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ අනුසොතං ගච‍්ඡතීති අනුසොතගාමී. කිලෙසසොතස‍්ස පච‍්චනීකපටිපත‍්තියා පටිසොතං ගච‍්ඡතීති පටිසොතගාමී. ඨිතත‍්තොති ඨිතසභාවො. තිණ‍්ණොති ඔඝං තරිත්‍වා ඨිතො. පාරඞ‍්ගතොති පරතීරං ගතො. ථලෙ තිට‍්ඨතීති නිබ‍්බානථලෙ තිට‍්ඨති. බ්‍රාහ‍්මණොති සෙට‍්ඨො නිද‍්දොසො. ඉධාති ඉමස‍්මිං ලොකෙ. කාමෙ ච පටිසෙවතීති කිලෙසකාමෙහි වත්‍ථුකාමෙ පටිසෙවති. පාපඤ‍්ච කම‍්මං කරොතීති පාපඤ‍්ච පාණාතිපාතාදිකම‍්මං කරොති. පාපඤ‍්ච කම‍්මං න කරොතීති පඤ‍්චවෙරකම‍්මං න කරොති. අයං වුච‍්චති, භික‍්ඛවෙ, ඨිතත‍්තොති අයං අනාගාමී පුග‍්ගලො තස‍්මා ලොකා පුන පටිසන්‍ධිවසෙන අනාගමනතො ඨිතත‍්තො නාම.

පස්වැන්නෙහි ස්‍රෝතය අනුව යන්නේනුයි අනුසොතගාමී නමි. කෙලෙස් වසයෙන් ඔහුගේ විරුද්ධ ප්‍රතිපත්තියෙන් ප්‍රතිස්‍රෝතසට යන්නේනුයි පටිසොතගාමී නමි. ඨිතතෙනා යනු පිහිටි ස්වභාවය ඇත්තේයි. තිණ්ණො යනු සැඩපහර තරණයකොට සිටියේයි. පාරංගතො යනු පරතෙරට ගියේයි. ථලෙ තිට්ඨති යනු නිවන්තලයෙහි සිටියි. බ්‍රාහ්මණො යනු ශ්‍රේෂ්ඨ වූයේ නිර්දෝෂ වූයේයි. ඉධ යනු මෙලොවෙහියි. කාමෙ ච පටිසෙවති කිලෙසකාමයෙන් වස්තුකාමයන් ඇසුරු කරයි. පාපඤ්ච කම්මං කරොති යනු පරපණ නැසීම් ආදී පාපකර්මය ද කරයි. පාපඤ්ච කම්මං න කරොති යනු වෛරකර්‍ම පස (පස්පවු) නොකරයි. අයං වුච්චති භික්ඛවෙ ඨිතත්තො යනු මේ අනාගාමී පුද්ගලයා එලොවින් යළි පිළිසිඳ ගැනීම් වශයෙන් නොපැමිණීම් වශයෙන් සිටියේ නමි.

තණ‍්හාධිපන‍්නාති තණ‍්හාය අධිපන‍්නා අජ‍්ඣොත්‍ථටා, තණ‍්හං වා අධිපන‍්නා අජ‍්ඣොගාළ‍්හා. පරිපුණ‍්ණසෙඛොති සික‍්ඛාපාරිපූරියා ඨිතො. අපරිහානධම‍්මොති අපරිහීනසභාවො. චෙතොවසිප‍්පත‍්තොති චිත‍්තවසීභාවං පත‍්තො. එවරූපො ඛීණාසවො හොති, ඉධ පන අනාගාමී කථිතො. සමාහිතින්‍ද්‍රියොති සමාහිතඡළින්‍ද්‍රියො. පරොපරාති පරොවරා උත‍්තමලාමකා, කුසලාකුසලාති අත්‍ථො. සමෙච‍්චාති ඤාණෙන සමාගන‍්ත්‍වා. විධූපිතාති විද‍්ධංසිතා ඣාපිතා වා. වුසිතබ්‍රහ‍්මචරියොති මග‍්ගබ්‍රහ‍්මචරියං වසිත්‍වා ඨිතො. ලොකන‍්තගූති තිවිධස‍්සාපි ලොකස‍්ස අන‍්තං ගතො. පාරගතොති ඡහාකාරෙහි පාරගතො. ඉධ ඛීණාසවොව කථිතො. ඉති සුත‍්තෙපි ගාථාසුපි වට‍්ටවිවට‍්ටමෙව කථිතං.

තණ්හාධිපන්නා යනු තෘෂ්ණාවට පිවිසියේ, ඇතුළත් වූයේයි හෝ තෘෂ්ණාවට පිවිසියේ ඇතුළත් වූයේයි. පරිපුණ්ණසෙඛො යනු ශික්ෂා සපිරීමෙහි සිටියේයි. අසහානධම්මො යනු නොපිරිහුණු ස්වභාවයයි. වෙතොවසිප්පත්තො යනු සිතෙහි වසඟ බවට පැමිණියේයි. මෙබඳු වූ ක්ෂීණාශ්‍රවයෙක් වෙයි. මෙහි වනාහි අනාගාමි පුද්ගලයා කියන ලදි. සමාහිතින්ද්‍රියො යනු මනාව පිහිටුවන ලද ඉඳුරන් සය ඇත්තේයි. පරොවරා යනු උසස් පහත් උතුම්ලාමක කුසල් අකුසල්ය යන අර්ථයයි. සමෙව්ව යනු නුවණින් එක්වීයි. විධූපිතා යනු විනාශ කරනලද හෝ දවන ලද්දාවූයි. වුසිතබ්‍රහ්මචරියො යනු මග බඹසර වැස සිටියේයි. ලොකන්තගු යනු තෙවැදෑරුම් ලෝකයේ කෙළවරට ගියේයි. පාරගතො යනු සය අයුරකින් පරතෙරට ගියේයි. මෙහි ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේම කියන ලදහ. මෙසේ සූත්‍රයෙහි ද ගාථාවන්හි ද සසර හා නිවනම කියනලදී.

6. අප‍්පස‍්සුතසුත‍්තවණ‍්ණනා

6. අප්පස්සුත සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ අනුපපන‍්නොති අනුපාගතො. සුත‍්තන‍්තිආදීසු උභතොවිභඞ‍්ගනිද‍්දෙසඛන්‍ධකපරිවාරසුත‍්තනිපාතමඞ‍්ගලසුත‍්තරතනසුත‍්ත- නාළකසුත‍්තතුවටකසුත‍්තානි, අඤ‍්ඤම‍්පි ච සුත‍්තනාමකං තථාගතවචනං සුත‍්තන‍්ති වෙදිතබ‍්බං. සබ‍්බම‍්පි සගාථකං සුත‍්තං ගෙය්‍යන‍්ති වෙදිතබ‍්බං, විසෙසෙන සංයුත‍්තකෙ සකලොපි සගාථාවග‍්ගො. සකලම‍්පි අභිධම‍්මපිටකං, නිග‍්ගාථකසුත‍්තං, යඤ‍්ච අඤ‍්ඤම‍්පි අට‍්ඨහි අඞ‍්ගෙහි අසඞ‍්ගහිතං බුද‍්ධවචනං, තං වෙය්‍යාකරණන‍්ති වෙදිතබ‍්බං. ධම‍්මපද-ථෙරගාථා-ථෙරිගාථා සුත‍්තනිපාතෙ නොසුත‍්තනාමිකා සුද‍්ධිකගාථා ච ගාථාති වෙදිතබ‍්බා. සොමනස‍්සඤාණමයිකගාථාපටිසංයුත‍්තා ද‍්වෙඅසීති සුත‍්තන‍්තා උදානන‍්ති වෙදිතබ‍්බා. “වුත‍්තඤ‍්හෙතං භගවතා”තිආදිනයප‍්පවත‍්තා දසුත‍්තරසතසුත‍්තන‍්තා ඉතිවුත‍්තකන‍්ති වෙදිතබ‍්බා. අපණ‍්ණකජාතකාදීනි පඤ‍්ඤාසාධිකානි පඤ‍්ච ජාතකසතානි ජාතකන‍්ති වෙදිතබ‍්බානි. “චත‍්තාරොමෙ, භික‍්ඛවෙ, අච‍්ඡරියා අබ‍්භුතා ධම‍්මා ආනන්‍දෙ”තිආදිනයප‍්පවත‍්තා සබ‍්බෙපි අච‍්ඡරියඅබ‍්භුතධම‍්මපටිසංයුත‍්තා සුත‍්තන‍්තා අබ‍්භුතධම‍්මන‍්ති වෙදිතබ‍්බා. චූළවෙදල‍්ලමහාවෙදල‍්ලසම‍්මාදිට‍්ඨිසක‍්කපඤ‍්හසඞ‍්ඛාරභාජනියමහාපුණ‍්ණමසුත‍්තාදයො සබ‍්බෙපි වෙදඤ‍්ච තුට‍්ඨිඤ‍්ච ලද‍්ධා ලද‍්ධා පුච‍්ඡිතා සුත‍්තන‍්තා වෙදල‍්ලන‍්ති වෙදිතබ‍්බා. න අත්‍ථමඤ‍්ඤාය න ධම‍්මමඤ‍්ඤායාති අට‍්ඨකථඤ‍්ච පාළිඤ‍්ච අජානිත්‍වා. ධම‍්මානුධම‍්මප‍්පටිපන‍්නොති නවලොකුත‍්තරධම‍්මස‍්ස අනුරූපධම‍්මං සහසීලං පුබ‍්බභාගපටිපදං න පටිපන‍්නො හොති. ඉමිනා උපායෙන සබ‍්බවාරෙසු අත්‍ථො වෙදිතබ‍්බො. පඨමවාරෙ පනෙත්‍ථ අප‍්පස‍්සුතදුස‍්සීලො කථිතො, දුතියෙ අප‍්පස‍්සුතඛීණාසවො, තතියෙ බහුස‍්සුතදුස‍්සීලො, චතුත්‍ථෙ බහුස‍්සුතඛීණාසවො.

සයවැන්නෙහි අනුප්පන්නො යනු නොපැමිණියේයි. සුත්තං යනාදියෙහි උභතොවිභංග, නිද්දෙස, ඛන්ධක, පරිවාර, සුත්තනිපාත, මංගලසුත්ත, රතනසුත්ත, නාලකසුත්ත, තුවටක යන සුත්‍රයෝ ද අන්‍ය වූ සුත්‍ර නාමය ඇති බුද්ධ වචනය සුත්ත යයි දතයුතුය. සියලුම ගාථා සහිත වූ සූත්‍ර ගෙය්‍ය යයි දතයුතුය. විශේෂයෙන් සංයුත්ත නිකායෙහි සගාථක වර්‍ගයයි. සියලු අභිධර්ම පිටකය ද ගාථා නැති සූත්‍රය ද අංග අටෙහි සංග්‍රහ නොවූ යම් වෙනත් බුද්ධ වචනයක් වේ ද, එය වෙය්‍යාකරණ යයි දතයුතුය. ධම්මපද ථෙරගාථා, ථෙරීගාථා සුත්ත නිපාතයෙහි නොසුත්ත නම් දරන සුද්ධික ගාථා ද ගාථා යයි දතයුතුය. සොමනස්ස ඤාණමය ගාථාවන්ගෙන් යුක්ත වූ දෙඅසූවක් සූතාන්තයෝ උදානයැයි දතයුතුය. වුත්තමිදං භගවතා යනාදී ක්‍රමයෙන් පැවති එකසිය දහයක් සූත්‍රාන්තයෝ ඉතිවුත්තක යයි දතයුත්තාහ. අපණ්ණක ජාතක ආදී වූ පන්සිය පණසක් ජාතකයෝ ජාතක යයි දතයුත්තාහ. චත්තාරොමෙ භික්ඛවෙ අච්ඡරියා අබ්භූතා ධම්මා ආනන්ද යනාදි ක්‍රමයෙන් පැවති සියලුම ආශ්චර්ය අද්භූතධර්‍ම ප්‍රතිසංයුත්ත වූ සූත්‍රාන්තයෝ අබ්භූත ධම්ම යැයි දතයුත්තාහ. චුල්ලවේදල්ල, මහාවේදල්ල, සම්මාදිට්ඨි, සක්කපඤ්හ, සංඛාරහාජනිය, මහාපුණ්ණම සූත්‍රාදියද දැනීම ද සතුට ද ලබමින් අසනලද සියලු සූත්‍රාන්තයෝ ද වේදල්ල යැයි දතයුතුය. න අත්ථමඤ්ඤාය න ධම්මමඤ්ඤාය යනු අර්‍ත්‍ථ කථාත් පාළියත් නොදැනයි. ධම්මානුධම්මපටිපන්නො යනු නව ලොවුතුරා දහමට අනුරූප ධර්‍මය වූ සීලය සහිත පූර්‍වභාග ප්‍රතිපදාවට පිළිපන්ණේ නොවෙයි. මේ ක්‍රමයෙන් සියලු වාරයන්හි අර්ථය දත යුතුය. මෙහි ප්‍රථම වාරයෙහි වනාහි ඇසූපිරූතැන් නැති දුශ්ශීලයා කියනලදී. දෙවැනි වාරයෙහි ඇසූපිරූ තැන් නැති ක්ෂීණාශ්‍රවයන් වහන්සේ කියන ලදහ. තෙවැන්නෙහි ඇසූපිරූ තැන් ඇති දුශ්ශීලයා ද සිවුවැන්නෙහි ඇසූපිරූ තැන් ඇති ක්ෂීණාශ්‍රවයන් වහන්සේ ද (කියන ලදහ.)

සීලෙසු අසමාහිතොති සීලෙසු අපරිපූරකාරී. සීලතො ච සුතෙන චාති සීලභාගෙන ච සුතභාගෙන ච “අයං දුස‍්සීලො අප‍්පස‍්සුතො”ති එවං තං ගරහන‍්තීති අත්‍ථො. තස‍්ස සම‍්පජ‍්ජතෙ සුතන‍්ති තස‍්ස පුග‍්ගලස‍්ස යස‍්මා තෙන සුතෙන සුතකිච‍්චං කතං, තස‍්මා තස‍්ස සුතං සම‍්පජ‍්ජති නාම. නාස‍්ස සම‍්පජ‍්ජතෙති සුතකිච‍්චස‍්ස අකතත‍්තා න සම‍්පජ‍්ජති. ධම‍්මධරන‍්ති සුතධම‍්මානං ආධාරභූතං. සප‍්පඤ‍්ඤන‍්ති සුපඤ‍්ඤං. නෙක‍්ඛං ජම‍්බොනදස‍්සෙවාති ජම‍්බුනදං වුච‍්චති ජාතිසුවණ‍්ණං, තස‍්ස ජම‍්බුනදස‍්ස නෙක‍්ඛං විය, පඤ‍්චසුවණ‍්ණපරිමාණං සුවණ‍්ණඝටිකං වියාති අත්‍ථො.

සීලෙසු අසමාහිතො යනු සීලයන් නොසපුරන්නේයි. සීලතො ච සුතෙන ච යනු ශීල කොටසින් ද ඇසූපිරූ තැන් පිළිබඳ කොටසින් ද මේ දුශ්ශීලයා අල්ප ශ්‍රැතයෙකියි මෙසේ ඔහු ගරහයි යන අර්ථයයි. තස්ස සම්පජ්ජතෙ සුතං යනු ඒ පුද්ගලයාට යම් හෙයකින් මේ ඇසූ දෙයින් ශ්‍රැත කෘත්‍යය කරන ලද ද එහෙයින් ඔහුට ශ්‍රැතය එළඹෙයි නමි. නාස්ස සම්පජ්ජතෙ යනු ශ්‍රැත කෘත්‍යය නොකළ බැවින් නොඑළඹෙයි නමි. ධම්මධරං යනු ශ්‍රැත ධර්‍මයන්ට ආධාරවූයි. සප්පඤ්ඤං යනු මනා ප්‍රඥාව ඇත්තේයි. නෙක්ඛම්මං ජම්බොනන්දස්සෙව යනු ජාති ස්වර්‍ණය ජම්බුනද යයි කියනු ලැබේ. ඒ ජම්බුනදයාගේ නිෂ්කයක් මෙත් ස්වර්‍ණ පහක ප්‍රමාණය ඇති ස්වර්‍ණ ඝටකයක් මෙනැයි අර්‍ත්‍ථයයි.

7. සොභෙන‍්තිසුත‍්තවණ‍්ණනා

7. සොහෙන්ති සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ වියත‍්තාති පඤ‍්ඤාවෙය්‍යත‍්තියෙන සමන‍්නාගතා. විනීතාති විනයං උපෙතා සුවිනීතා. විසාරදාති වෙසාරජ‍්ජෙන සොමනස‍්සසහගතෙන ඤාණෙන සමන‍්නාගතා. ධම‍්මධරාති සුතධම‍්මානං ආධාරභූතා. භික‍්ඛු ච සීලසම‍්පන‍්නොති ගාථාය කිඤ‍්චාපි එකෙකස‍්සෙව එකෙකො ගුණො කථිතො, සබ‍්බෙසං පන සබ‍්බෙපි වට‍්ටන‍්තීති.

සත්වැන්නෙහි වියත්තා යනු ප්‍රඥාවේ ව්‍යක්ත බවින් යුක්ත වූවාහුයි. විනීතා යනු විනයට පැමිණියාහු, මනාව හික්මුණාහුය. විසාරදා යනු තැතිගැනීමෙන් තොර සොම්නස් සහිත නුවණින් යුක්ත වූවාහුයි. ධම්මධරා යනු ශ්‍රැත ධර්‍මයන්ට ආධාරවූයි. භික්ඛු ච සීලසම්පන්නො යන ගාථාවෙහි එකිනෙකාගේ එක් එක් ගුණයක් කියන ලදී. සියල්ලන්ට වනාහි සියල්ලම වටයි.

8. වෙසාරජ‍්ජසුත‍්තවණ‍්ණනා

8. වෙසාරජ්ජ සූත්‍ර වර්ණනාව

අට‍්ඨමෙ වෙසාරජ‍්ජානීති එත්‍ථ සාරජ‍්ජපටිපක‍්ඛො වෙසාරජ‍්ජං, චතූසු ඨානෙසු සාරජ‍්ජාභාවං පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස උප‍්පන‍්නසොමනස‍්සමයඤාණස‍්සෙතං නාමං. ආසභං ඨානන‍්ති සෙට‍්ඨට‍්ඨානං උත‍්තමට‍්ඨානං. ආසභා වා පුබ‍්බබුද‍්ධා, තෙසං ඨානන‍්ති අත්‍ථො. අපිච ගවසතජෙට‍්ඨකො උසභො, ගවසහස‍්සජෙට‍්ඨකො වසභො. වජසතජෙට‍්ඨකො වා උසභො, වජසහස‍්සජෙට‍්ඨකො වසභො, සබ‍්බගවසෙට‍්ඨො සබ‍්බපරිස‍්සයසහො සෙතො පාසාදිකො මහාභාරවහො අසනිසතසද‍්දෙහිපි අසම‍්පකම‍්පියො නිසභො, සො ඉධ උසභොති අධිප‍්පෙතො. ඉදම‍්පි හි තස‍්ස පරියායවචනං. උසභස‍්ස ඉදන‍්ති ආසභං. ඨානන‍්ති චතූහි පාදෙහි පථවිං උප‍්පීළෙත්‍වා වවත්‍ථානං. ඉදං පන ආසභං වියාති ආසභං. යථෙව හි නිසභසඞ‍්ඛාතො උසභො චතූහි පාදෙහි පථවිං උප‍්පීළෙත්‍වා අචලට‍්ඨානෙන තිට‍්ඨති, එවං තථාගතොපි චතූහි වෙසාරජ‍්ජපාදෙහි අට‍්ඨපරිසපථවිං උප‍්පීළෙත්‍වා සදෙවකෙ ලොකෙ කෙනචි පච‍්චත්‍ථිකෙන පච‍්චාමිත‍්තෙන අකම‍්පියො අචලට‍්ඨානෙන තිට‍්ඨති. එවං තිට‍්ඨමානොව තං ආසභං ඨානං පටිජානාති උපගච‍්ඡති න පච‍්චක‍්ඛාති, අත‍්තනි ආරොපෙති. තෙන වුත‍්තං “ආසභං ඨානං පටිජානාතී”ති.

අටවැන්නෙහි වෙසාරජ්ජානි යනු තැතිගැන්මට ප්‍රතිපක්ෂ වූ විශාරද බවයි. සිවුතැනක තැතිගැන්මක් නොමැතිබව සිහිකරන්නහුට උපන් සොම්නස් සහගත ඤාණයට මෙය නමෙකි. ආසභං ඨානං යනු ශ්‍රේෂ්ඨ ස්ථානයයි, උත්තම ස්ථානයයි. නැතහොත් පෙර බුදුවරු ආසභ නම් වෙත්. උන්වහන්සේලාගේ තැන යන අර්ථයයි. තවද ගවයන් සියයකට ජ්‍යෙෂ්ඨ වූයේ උසභ නම් වෙයි. ගවයන් දහසකට දෙටුවූයේ වසභය. ගාල් සියයකට දෙටුවූයේ හෝ උසභය. ගාල් දහසකට දෙටුවූයේ වසභය. සියලු ගවයන්ට ශ්‍රේෂ්ඨ වූ සියලු වෙහෙස දරන, සුදුවූ පැහැදීම ඇතිකරන මහත් බර උසුලන, හෙණ සියයක ශබ්දයෙනුදු නොසැලෙන්නේ නිසභ නම් වෙයි. හෙතෙම මෙහි උසභ යැයි අදහස් කරන ලදි. මෙයද ඔහුට පර්යාය වචනයකි. මෙය වෘෂභයාගේනුයි ආසභ නම් වෙයි. ඨානං යනු පා සතරින් පොළොව මැඬගෙන තහවුරුව සිටීමයි. මෙය වනාහි ආසභයකු මෙනැයි ආසභ නමි. යම්සේ නම් නිසභ සංඛ්‍යාත වූ වෘෂහ තෙමේ පා සතරින් පොළොව මැඬගෙන නොසෙල්වෙන තැනින් සිටියි. එසේම තථාගතයන් වහන්සේ ද විශාරද බව නමැති පා සතරින් අටපිරිස් පොළොව මැඬ දෙවියන් සහිත ලොවෙහි කිසියම් විරුද්ධවාදී පසමිතුරකුගෙන් නොසැලෙන සේක් නොසැලෙන තැනින් තිට්ඨති යනු මෙසේ සිටින සේක් ඒ ශ්‍රේෂ්ඨ ස්ථානය පිළිගනිති. එළඹෙති. ප්‍රතික්‍ෂේප නොකරත්. තමන් කෙරෙහි නංවා තබති. එබැවින් ආසහං ඨානං පටිජානාති’යි කියන ලදි.

පරිසාසූති අට‍්ඨසු පරිසාසු. සීහනාදං නදතීති සෙට‍්ඨනාදං අභීතනාදං නදති, සීහනාදසදිසං වා නාදං නදති. අයමත්‍ථො සීහනාදසුත‍්තෙන දස‍්සෙතබ‍්බො. යථා වා සීහො සහනතො ච හනනතො ච සීහොති වුච‍්චති, එවං තථාගතො ලොකධම‍්මානං සහනතො පරප‍්පවාදානඤ‍්ච හනනතො සීහොති වුච‍්චති. එවං වුත‍්තස‍්ස සීහස‍්ස නාදං සීහනාදං. තත්‍ථ යථා සීහො සීහබලෙන සමන‍්නාගතො සබ‍්බත්‍ථ විසාරදො විගතලොමහංසො සීහනාදං නදති, එවං තථාගතසීහොපි තථාගතබලෙහි සමන‍්නාගතො අට‍්ඨසු පරිසාසු විසාරදො විගතලොමහංසො “ඉති රූප”න‍්තිආදිනා නයෙන නානාවිධදෙසනාවිලාසසම‍්පන‍්නං සීහනාදං නදති. තෙන වුත‍්තං “පරිසාසු සීහනාදං නදතී”ති.

පරිසාසු යනු අටවැදෑරුම් පිරිසෙහිය. සීහනාදං යනු ශ්‍රේෂ්ඨ නාදය අභීත නාදය හඬ නගයි. සිංහ නාදයට සමාන වූ හෝ නාදය නංවයි. මේ අර්ථය සීහනාද සූත්‍රයෙන් දැක්විය යුතුය. යම්සේ සිංහයා ඉවසන බැවින් ද වනසන නිසා ද සිංහයායි කියනු ලැබේද, එසේ තථාගතයන් වහන්සේ ලෝක ධර්‍මයන් ඉවසන බැවින් ද පරවාදයන් මඬින නිසා ද සිංහ යයි කියනු ලැබේ. මෙසේ කියන ලද සිංහයාගේ නාදය සිංහ නාදයයි. එහි යම්සේ නම් සිංහයා සිංහ බලයෙන් යුක්ත වූයේ හැම තන්හි විශාරද වූයේ පහවූ ලොමු දැහැගැනීම් ඇත්තේ සිංහ නාදය නාද කරයිද මෙසේ තථාගත නමැති සිංහයා ද තථාගත බලයෙන් යුක්ත වූයේ අටපිරිසෙහි විශාරද වූයේ පහවූ ලොමු දැහැගැනීම් ඇත්තේ මෙය රූපයය යනාදී ක්‍රමයෙන් නොයෙක් දේශනා විලාසයන්ගෙන් යුත් සිංහ හඬ නගයි. එබැවින් පරිසාසු සීහනාදං නදති යි කියන ලදි.

බ්‍රහ‍්මචක‍්කං පවත‍්තෙතීති එත්‍ථ බ්‍රහ‍්මන‍්ති සෙට‍්ඨං උත‍්තමං විසුද‍්ධං. චක‍්කසද‍්දො පනායං –

බ්‍රහ්මචක්කං පවත්තෙති යන මෙහි බ්‍රහ්මං යනු ශ්‍රේෂ්ඨ වූ උත්තම වූ පිරිසුදුවූයි. මේ චක්ක ශබ්දය :

“සම‍්පත‍්තියං ලක‍්ඛණෙ ච, රථඞ‍්ගෙ ඉරියාපථෙ; දානෙ රතනධම‍්මූර-චක‍්කාදීසු ච දිස‍්සති; ධම‍්මචක‍්කෙ ඉධ මතො, තඤ‍්ච ද‍්වෙධා විභාවයෙ”.

සැපතෙහි, ලකුණෙහි, රිය අඟෙහි, ඉරියව්වෙහි, දීමෙහි, රුවන් දහම් උරසක් ආදියෙහි ද දක්නා ලැබේ. මෙහි ධර්‍මචක්‍රයෙහි දන්නා ලදි. එයද දෙපරිද්දෙකින් ප්‍රකට වන්නේය.

“චත‍්තාරිමානි, භික‍්ඛවෙ, චක‍්කානි, යෙහි සමන‍්නාගතානං දෙවමනුස‍්සාන”න‍්තිආදීසු (අ· නි· 4.31) හි අයං සම‍්පත‍්තියං දිස‍්සති. “පාදතලෙසු චක‍්කානි ජාතානී”ති (දී· නි· 2.35) එත්‍ථ ලක‍්ඛණෙ. “චක‍්කංව වහතො පද”න‍්ති (ධ· ප· 1) එත්‍ථ රථඞ‍්ගෙ. “චතුචක‍්කං නවද‍්වාර”න‍්ති (සං· නි· 1.29) එත්‍ථ ඉරියාපථෙ. “දදං භුඤ‍්ජ මා ච පමාදො, චක‍්කං වත‍්තය සබ‍්බපාණින”න‍්ති (ජා· 1.7.149) එත්‍ථ දානෙ. “දිබ‍්බං චක‍්කරතනං පාතුරහොසී”ති (දී· නි· 2.243; ම· නි· 3.256) එත්‍ථ රතනචක‍්කෙ. “මයා පවත‍්තිතං චක‍්ක”න‍්ති (සු· නි· 562) එත්‍ථ ධම‍්මචක‍්කෙ. “ඉච‍්ඡාහතස‍්ස පොසස‍්ස, චක‍්කං භමති මත්‍ථකෙ”ති (ජා· 1.1.104; 1.5.103) එත්‍ථ උරචක‍්කෙ. “ඛුරපරියන‍්තෙන චෙපි චක‍්කෙනා”ති (දී· නි· 1.166) එත්‍ථ පහරණචක‍්කෙ. “අසනිවිචක‍්ක”න‍්ති (දී· නි· 3.61; සං· නි· 2.162) එත්‍ථ අසනිමණ‍්ඩලෙ. ඉධ පනායං ධම‍්මචක‍්කෙ මතො.

“චත්තාරිමානි භික්ඛවෙ චක්කානි යෙහි සමන්නාගතානං දෙවමනුස්සානං” යනාදියෙහි මේ චක්ක ශබ්දය දක්නා ලැබේ. “පාදතලෙසු චක්කානි ජාතානි” යන මෙහි ලකුණෙහිය. “චක්කංව වහතො පදං” යන මෙහි රිය අඟෙහිය. “චතුචක්කං නවද්වාරං” යන මෙහි ඉරියව්වෙහිය. “දද භුඤ්ජ ච මා ච පමාදො චක්කං වත්තය සබ්බපාණිනං” යන මෙහි දීමෙහිය. “දිබ්බං චක්කරතනං පාතුරහොසි” යන මෙහි රුවන් සකෙහිය. “මයා පවත්තිතං චක්කං” යන මෙහි දහම් සකෙහිය. “ඉච්ඡාහතස්ස පොසස්ස චක්කං හමති මත්ථකෙ” යන මෙහි උරසකෙහිය. “ඛුරපරියන්තෙන චෙපි චක්කෙන” යන මෙහි පහරදීමේ සකෙහිය. “අසනිචක්කං” යන මෙහි හෙණ මඬුල්ලෙහිය. මෙහි වනාහි දහම් සකෙහි දන්නා ලදි.

තං පනෙතං ධම‍්මචක‍්කං දුවිධං හොති පටිවෙධඤාණඤ‍්ච දෙසනාඤාණඤ‍්ච. තත්‍ථ පඤ‍්ඤාපභාවිතං අත‍්තනො අරියඵලාවහං පටිවෙධඤාණං, කරුණාපභාවිතං සාවකානං අරියඵලාවහං දෙසනාඤාණං. තත්‍ථ පටිවෙධඤාණං උප‍්පජ‍්ජමානං උප‍්පන‍්නන‍්ති දුවිධං. තඤ‍්හි අභිනික‍්ඛමනතො යාව අරහත‍්තමග‍්ගා උප‍්පජ‍්ජමානං, ඵලක‍්ඛණෙ උප‍්පන‍්නං නාම. තුසිතභවනතො වා යාව මහාබොධිපල‍්ලඞ‍්කෙ අරහත‍්තමග‍්ගා උප‍්පජ‍්ජමානං, ඵලක‍්ඛණෙ උප‍්පන‍්නං නාම. දීපඞ‍්කරතො පට‍්ඨාය වා යාව බොධිපල‍්ලඞ‍්කෙ අරහත‍්තමග‍්ගා උප‍්පජ‍්ජමානං, ඵලක‍්ඛණෙ උප‍්පන‍්නං නාම. දෙසනාඤාණම‍්පි පවත‍්තමානං පවත‍්තන‍්ති දුවිධං. තඤ‍්හි යාව අඤ‍්ඤාසිකොණ‍්ඩඤ‍්ඤස‍්ස සොතාපත‍්තිමග‍්ගා පවත‍්තමානං, ඵලක‍්ඛණෙ පවත‍්තං නාම. තෙසු පටිවෙධඤාණං ලොකුත‍්තරං, දෙසනාඤාණං ලොකියං. උභයම‍්පි පනෙතං අඤ‍්ඤෙහි අසාධාරණං, බුද‍්ධානංයෙව ඔරසඤාණං.

එම ධර්‍ම චක්‍රය වනාහි පටිවෙධ ඤාණය හා දෙසනා ඤාණය යනුවෙන් දෙවැදෑරුම් වෙයි. එහි ප්‍රඥාවෙන් ප්‍රභාවිත වූ තමන්ට ආර්යඵල ගෙන දෙන්නා වූ ඥානය පටිවෙධ ඥානයයි. කරුණාවෙන් ප්‍රභාවිත වූ ශ්‍රාවකයන්ට ආර්යඵල ගෙන දෙන්නා වූ ඥානය දෙසනා ඤාණයයි. එහි ප්‍රතිවෙධ ඥානය උපදිනු ලබන හා උපන් යනුවෙන් දෙපරිදිය. අබිනිෂ්ක්‍රමණයෙහි සිට අරහත් මාර්ගය දක්වා උපදිනු ලබන නමි. ඵලක්ෂණයෙහි උපන්නමි. තුසිත භවනයෙහි සිට මහබෝ පලඟෙහි අරහත් මග දක්වා හෝ උපදිනු ලබන නමි. ඵලක්‍ෂණයෙහි උපන්නමි. දීපඞ්කර බුදු පාමුලෙහි සිට අරහත් මග දක්වා හෝ උපදිනු ලබන නමි. ඵලක්‍ෂණයෙහි උපන්නමි. දෙසනා ඥානය ද පවත්වනු ලබන හා පවත්වන ලදැයි දෙපරිදිය. එයද අඤ්ඤාකොණ්ඩඤ්ඤගේ සෝවාන් මග දක්වා පවත්වනු ලබන දේශනා ඥානයයි. ඵලක්‍ෂණයෙහි පවත්වන ලද දේශනා ඥානයයි. ඒ අතුරෙහි ප්‍රතිවේධ ඥානය ලෝකෝත්තරය. දේශනා ඥානය ලෞකිකකය. මේ දෙකම වනාහි අන්‍යයන් විසින් අසාධාරණ වූයේ බුදුවරුන් වහන්සේලාගේම ඖරෂ ඥානයයි.

සම‍්මාසම‍්බුද‍්ධස‍්ස තෙ පටිජානතොති “අහං සම‍්මාසම‍්බුද‍්ධො, සබ‍්බෙ ධම‍්මා මයා අභිසම‍්බුද‍්ධා”ති එවං පටිජානතො තව. අනභිසම‍්බුද‍්ධාති ඉමෙ නාම ධම‍්මා තයා අනභිසම‍්බුද‍්ධා. තත්‍ර වතාති තෙසු “අනභිසම‍්බුද‍්ධා”ති එවං දස‍්සිතධම‍්මෙසු. සහධම‍්මෙනාති සහෙතුනා සකාරණෙන වචනෙන. නිමිත‍්තමෙතන‍්ති එත්‍ථ පුග‍්ගලොපි ධම‍්මොපි නිමිත‍්තන‍්ති අධිප‍්පෙතො. තං පුග‍්ගලං න පස‍්සාමි, යො මං පටිචොදෙස‍්සති. තං ධම‍්මං න පස‍්සාමි, යං දස‍්සෙත්‍වා “අයං නාම ධම‍්මො තයා අනභිසම‍්බුද‍්ධො”ති මං පටිචොදෙස‍්සතීති අයමෙත්‍ථ අත්‍ථො. ඛෙමප‍්පත‍්තොති ඛෙමං පත‍්තො. සෙසපදද‍්වයං ඉමස‍්සෙව වෙවචනං. සබ‍්බම‍්පෙතං වෙසාරජ‍්ජඤාණමෙව සන්‍ධාය වුත‍්තං. දසබලස‍්ස හි “අයං නාම ධම‍්මො තයා අනභිසම‍්බුද‍්ධො”ති චොදකං පුග‍්ගලං වා චොදනාකාරණං අනභිසම‍්බුද‍්ධධම‍්මං වා අපස‍්සතො “සභාවබුද‍්ධොයෙව වත සමානො අහං බුද‍්ධොස‍්මීති වදාමී”ති පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස බලවතරං සොමනස‍්සං උප‍්පජ‍්ජති, තෙන සම‍්පයුත‍්තං ඤාණං වෙසාරජ‍්ජං නාම. තං සන්‍ධාය “ඛෙමප‍්පත‍්තො”තිආදිමාහ. එවං සබ‍්බත්‍ථ අත්‍ථො වෙදිතබ‍්බො.

සම්මා සම්බුද්ධස්ස තෙ පටිජානතො යනු මම සම්මා සම්බුදු වෙමි. මා විසින් සියලු ධර්‍මයෝ අවබෝධ කරන ලදහයි මෙසේ පිළිගන්නහුට මෙනම් ධර්‍මයෝ ඔබට අවබෝධ නොවූහ. ඔබ විසින් අවබෝධ නොකරන ලදහ යනුයි. තත්‍රවත යනු අවබෝධ නොකරන ලදැයි මෙසේ දක්වන ලද ඒ ධර්මයන් අතුරෙහිය. සහධම්මෙන යනු හේතු සහිත කරුණු සහිත වචනයෙනි. නිමිත්තමෙතං යන මෙහි පුද්ගලයා ද ධර්‍මය ද නිමිත්ත යයි අදහස් කරන ලදි. යමෙක් මට චෝදනා කරයිද එබඳු පුද්ගලයකු නොදකිමි. යම් ධර්‍මයක් දක්වා මෙනම් ධර්‍මය ඔබ විසින් අවබෝධ නොකරන ලදැයි මට චෝදනා නඟන්නේ ද එබඳු ධර්‍මයක් නොදකිමි යන මෙය මෙහි අර්ථයයි. ඛෙමප්පත්තො යනු නිර්භය බවට පැමිණියේයි. සෙසු පද දෙක මෙහිම පර්යාය වචනයි. මේ සියල්ලම වෙසාරජ්ජ ඤාණයම උදෙසා කියන ලදි. මෙනම් ධර්‍මයක් ඔබ විසින් අවබෝධ නොකරන ලදැයි චෝදනා කරන පුද්ගලයකු හෝ චෝදනාවට කාරණයක් හෝ අවබෝධ නොකරන ලද ධර්‍මයක් හෝ නොදකින්නා වූ, ස්වභාවයෙන් බුදුවරයෙක් වෙමින්ම මම බුදුවෙමැයි කියමියි මෙනෙහි කරන දශබලයන් වහන්සේට බලවත් වූ සොම්නසක් උපදියි. එයින් යුක්ත වූ ඤාණය වෙසාරජ්ජ නමි. එය සඳහා ක්ෂේමයට පැමිණියේය යනාදිය කීහ. මෙසේ සියලු තැන අර්ථය දතයුතුය.

අන‍්තරායිකා ධම‍්මාති එත්‍ථ පන අන‍්තරායං කරොන‍්තීති අන‍්තරායිකා. තෙ අත්‍ථතො සඤ‍්චිච‍්ච වීතික‍්කන‍්තා සත‍්ත ආපත‍්තික‍්ඛන්‍ධා. සඤ‍්චිච‍්ච වීතික‍්කන‍්තං හි අන‍්තමසො දුක‍්කටදුබ‍්භාසිතම‍්පි මග‍්ගඵලානං අන‍්තරායං කරොති. ඉධ පන මෙථුනධම‍්මො අධිප‍්පෙතො. මෙථුනං සෙවතො හි යස‍්ස කස‍්සචි නිස‍්සංසයමෙව මග‍්ගඵලානං අන‍්තරායො හොති.

අන්තරායිකා ධම්මා යනු මෙහි වනාහි අන්තරාය කරත්නුයි අන්තරායිකා නමි. ඒවා අර්‍ත්‍ථ වශයෙන් දැන ඉක්මවන්නා වූ ආපත්ති ස්කන්ධ සතයි. දැන ඉක්මවන යටත් පිරිසයින් දුක්කට දුබ්භාසිතයකුදු මාර්‍ගඵලවලට අන්තරාය කරයි. මෙහි වනාහි මෛථුන ධර්‍මය අදහස් කරන ලදි. මෛථුනය සේවනය කරන යම් කිසිවකුට වනාහි නිසැකවම මාර්‍ග ඵලයන්ට අන්තරාය වෙයි.

යස‍්ස ඛො පන තෙ අත්‍ථායාති රාගක‍්ඛයාදීසු යස‍්ස අත්‍ථාය. ධම‍්මො දෙසිතොති අසුභභාවනාදිධම‍්මො කථිතො. තත්‍ර වත මන‍්ති තස‍්මිං අනිය්‍යානිකධම‍්මෙ මං. සෙසං වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං.

යස්ස ඛො පන තෙ අත්ථාය යනු රාගක්‍ෂයාදියෙහි යමක් යමක් සඳහායි. ධම්මො දෙසිතො යනු අසුභ භාවනා ආදී ධර්‍මය කියන ලදි. තත්‍ර වත මං යනු එ අනෛර්‍ය්‍යානික ධර්‍මයෙහිය. සෙස්ස කියන ලද ක්‍රමයෙන්ම දතයුතුය.

වාදපථාති වාදායෙව. පුථූති බහූ. සිතාති උපනිබද‍්ධා අභිසඞ‍්ඛතා. අථ වා පුථුස‍්සිතාති පුථුභාවං සිතා උපගතා, පුථූහි වා සිතාතිපි පුථුස‍්සිතා. යං නිස‍්සිතාති එතරහිපි යං වාදපථං නිස‍්සිතා. න තෙ භවන‍්තීති තෙ වාදපථා න භවන‍්ති භිජ‍්ජන‍්ති විනස‍්සන‍්ති. ධම‍්මචක‍්කන‍්ති දෙසනාඤාණස‍්සපි පටිවෙධඤාණස‍්සපි එතං නාමං. තෙසු දෙසනාඤාණං ලොකියං, පටිවෙධඤාණං ලොකුත‍්තරං. කෙවලීති සකලගුණසමන‍්නාගතො. තාදිසන‍්ති තථාවිධං.

වාදපථා යනු වාදයෝමය. පුථු යනු බොහෝයි. සිතා යනු එකට බඳනාද, පිළියෙල කරන ලදයි. නැතහොත් පුථුස්සිතා යනු පළල්බව (බොහෝ බව) ඇසුරු කළාහු එළැඹියාහුය. බොහෝවකින් හෝ ඇසුරු කරන ලද්දාහුයි පුථුස්සිතා නමි. යං නිස්සිතා යනු දැනුදු යම් වාදපථයක් ඇසුරු කළාහුද යනුයි. න තෙ භවන්ති යනු ඒ වාදපථයෝ නොවෙත්, බිදීයත්, වැනසෙත්. ධම්මචක්කං යනු දෙසනා ඤාණයට ද පටිවෙධ ඤාණයට ද මෙය නමෙකි. ඔවුනතුරෙහි දෙසනා ඤාණය ලෞකිකය, පටිවෙධ ඤාණය ලෝකෝත්තරය. කෙවලී යනු සියලු ගුණයන්ගෙන් යුක්ත වූයේයි. තාදිසං යනු එබඳුවූයි.

9. තණ‍්හාසුත‍්තවණ‍්ණනා

9. තෘෂ්ණා සූත්‍ර වර්ණනාව

නවමෙ උප‍්පජ‍්ජති එතෙසූති උප‍්පාදා. කා උප‍්පජ‍්ජති? තණ‍්හා. තණ‍්හාය උප‍්පාදා තණ‍්හුප‍්පාදා, තණ‍්හාවත්‍ථූනි තණ‍්හාකාරණානීති අත්‍ථො. චීවරහෙතූති “කත්‍ථ මනාපං චීවරං ලභිස‍්සාමී”ති චීවරකාරණා උප‍්පජ‍්ජති. ඉතිභවාභවහෙතූති එත්‍ථ ඉතීති නිදස‍්සනත්‍ථෙ නිපාතො. යථා චීවරාදිහෙතු, එවං භවාභවහෙතුපීති අත්‍ථො. භවාභවොති චෙත්‍ථ පණීතතරානි සප‍්පිනවනීතාදීනි අධිප‍්පෙතානි. සම‍්පත‍්තිභවෙසු පණීතතරපණීතතමභවොතිපි වදන‍්තියෙව.

නවවැන්නෙහි මේවායෙහි උපදීනුයි උප්පාදායි. කවරක් උපදී ද? තෘෂ්ණාවයි. තණ්හාවෙන් ඉපදීම තණහුප්පාදායි. තෘෂ්ණාවට වස්තු තෘෂ්ණාවට හේතු යන අර්‍ත්‍ථයයි. චීවරහෙතු යනු කොයින් කැමති සිවුරක් ලබන්නෙම්දැයි වචීවරය හේතුකොටගෙන (තෘෂ්ණාව) උපදියි. ඉතිභවාභව හෙතු යන මෙහි ඉති යනු නිදර්‍ශනයෙහි නිපාතයෙකි. යම්සේ චීවරාදි හේතු වේ ද එසේ භවාභව හේතුය යන අර්ථයයි. මෙහි භවාභවො යන්නෙන් ඉතා රසවත් ගිතෙල් වෙඬරු ආදිය අදහස් කරන ලදි. සම්පත්ති භවයන්හි පණීතතර පණීතතමහාවය යනුවෙන් ද කියත්මය.

තණ‍්හාදුතියොති අයඤ‍්හි සත‍්තො අනමතග‍්ගෙ සංසාරවට‍්ටෙ සංසරන‍්තො න එකකොව සංසරති, තණ‍්හං පන දුතියිකං ලභන‍්තොව සංසරති. තෙන වුත‍්තං “තණ‍්හාදුතියො”ති. ඉත්‍ථභාවඤ‍්ඤථාභාවන‍්ති එත්‍ථ ඉත්‍ථභාවො නාම අයං අත‍්තභාවො, අඤ‍්ඤථාභාවො නාම අනාගතත‍්තභාවො. එවරූපො වා අඤ‍්ඤොපි අත‍්තභාවො ඉත්‍ථභාවො නාම, න එවරූපො අඤ‍්ඤථාභාවො නාම. තං ඉත්‍ථභාවඤ‍්ඤථාභාවං. සංසාරන‍්ති ඛන්‍ධධාතුආයතනානං පටිපාටිං. නාතිවත‍්තතීති නාතික‍්කමති. එවමාදීනවං ඤත්‍වාති එවං අතීතානාගතපච‍්චුප‍්පන‍්නෙසු ඛන්‍ධෙසු ආදීනවං ජානිත්‍වා. තණ‍්හං දුක‍්ඛස‍්ස සම‍්භවන‍්ති තණ‍්හං ච “අයං වට‍්ටදුක‍්ඛසම‍්භූතො සභාවො කාරණ”න‍්ති එවං ජානිත්‍වා. එත‍්තාවතා ඉමස‍්ස භික‍්ඛුනො විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තං පත‍්තභාවො දස‍්සිතො. ඉදානි තං ඛීණාසවං ථොමෙන‍්තො වීතතණ‍්හොතිආදිමාහ. තත්‍ථ අනාදානොති නිග‍්ගහණො. සතො භික‍්ඛු පරිබ‍්බජෙති සතිසම‍්පජඤ‍්ඤෙ වෙපුල‍්ලප‍්පත‍්තො ඛීණාසවො භික‍්ඛු සතො සම‍්පජානො චරෙය්‍ය විහරෙය්‍යාති අත්‍ථො. ඉති සුත‍්තන‍්තෙ වට‍්ටං කථෙත්‍වා ගාථාසු වට‍්ටවිවට‍්ටං කථිතන‍්ති.

තණ්හාදුතියො යනු මේ සත්ත්වයා වනාහි නොදත් අග් ඇති සංසාර වෘත්තයෙහි හැසිරෙන්නේ හුදෙකලාවම නොහැසිරෙයි. තෘෂ්ණා (නමැති) දුතීයිකාව (දෙවැන්නිය) ලබාම හැසිරෙයි. එබැවින් තණ්හාදුතියොයි කියන ලදි. ඉත්ථභාවඤ්ඤථාභාවං යන මෙහි ඉත්ථභාවො යනු මේ ආත්මභාවයයි. අඤ්ඤථාභාව යනු අනාගත ආත්මභාවයයි. මෙබඳුවූ හෝ වෙනත් ආත්මභාවයක් ද ඉත්ථභාව නම්වෙයි. මෙබඳු නොවූයේ අඤ්ඤථාභාව නමි. එය ඉත්ථභාවඤ්ඤථාභාවයයි. සංසාරං යනු ඛන්ධධාතු ආයතන පිළිවෙලයි. නාතිවත්තති යනු නොඉක්මවයි. එවමාදීනවං ඤත්වා යනු මෙසේ අතීත, අනාගත, වර්‍තමාන පඤ්චස්කන්ධයන්හි ආදීනව දැනගෙනයි. තණ්හාදුක්ඛස්ස සම්භවං යනු තෘෂ්ණාව ද මෙම සංසාර දුකට හටගැනීමකි. ප්‍රභවයකි. කාරණයකැයි මෙසේ දැනෙයි. මෙපමණකින් මේ භික්ෂුවගේ විදර්‍ශනාව වඩා රහත්බවට පැමිණිබව දක්වන ලද්දේය. දැන් ඒ ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේ පවසමින් වීතතණ්හො යනාදිය කීහ. එහි අනාදානො යනු නොගැනීමයි. සතො භික්ඛු පරිබ්බජෙ යනු සිහියෙහි හා නුවණෙහි විපුලබවට පත් රහතන් වහන්සේ සිහි ඇත්තේව නුවණැත්තේව හැසිරෙන්නේය, වසන්නේය යන අර්ථයයි. මෙසේ සූත්‍රාන්තයෙහි සසර (ගැන) කියා ගාථාවල සසර හා නිවන (ගැන) කියන ලදි.

10. යොගසුත‍්තවණ‍්ණනා

10. යොග සූත්‍ර වර්ණනාව

දසමෙ වට‍්ටස‍්මිං යොජෙන‍්තීති යොගා. කාමයොගොතිආදීසු පඤ‍්චකාමගුණිකො රාගො කාමයොගො. රූපාරූපභවෙසු ඡන්‍දරාගො භවයොගො, තථා ඣානනිකන‍්ති. සස‍්සතදිට‍්ඨිසහගතො ච රාගො ද‍්වාසට‍්ඨි දිට‍්ඨියො ච දිට‍්ඨියොගො. චතූසු සච‍්චෙසු අඤ‍්ඤාණං අවිජ‍්ජායොගො. කාමෙසු වා යොජෙතීති කාමයොගො. භවෙසු යොජෙතීති භවයොගො. දිට‍්ඨීසු යොජෙතීති දිට‍්ඨියොගො. අවිජ‍්ජාය යොජෙතීති අවිජ‍්ජායොගොති හෙට‍්ඨා වුත‍්තධම‍්මානංයෙවෙතං අධිවචනං.

දසවැන්නෙහි සසරෙහි යොදවත්නුයි යොගා නමි. කාමයොගො යනාදියෙහි පඤ්චකාම ගුණයන්ට අයත් රාගය කාමයොගයයි. රූපාරූප භවයන්හි ඡන්දරාගය භවයොගො නමි. එසේ ධ්‍යානයන්හි ඇලුම් කරන ශාස්වත දෘෂ්ටි සහගත වූ රාගය ද දෙසැටක් දෘෂ්ටීහු ද දිට්ඨියොගො නමි. සිවුසස්හි නොදැනීම අවිජ්ජාමයොගො නමි. කාමයන්හි හෝ යොදයිනුයි කාමයොගොයි. හවයන්හි යොදයිනුයි භවයොගොයි. දෘෂ්ටීන්හි යොදයිනුයි දිට්ඨියොගොයි. අවිද්‍යාවෙහි යොදයිනුයි අවිජ්ජායොගො නමි. මෙය ඉහත කියන ලද ධර්‍මයන්ට පර්යාය වචනයකි.

ඉදානි තෙ විත්‍ථාරෙත්‍වා දස‍්සෙන‍්තො කතමො ච, භික‍්ඛවෙතිආදිමාහ. තත්‍ථ සමුදයන‍්ති උප‍්පත‍්තිං. අත්‍ථඞ‍්ගමන‍්ති භෙදං. අස‍්සාදන‍්ති මධුරභාවං. ආදීනවන‍්ති අමධුරභාවං දොසං. නිස‍්සරණන‍්ති නිස‍්සටභාවං. කාමෙසූති වත්‍ථුකාමෙසු. කාමරාගොති කාමෙ ආරබ‍්භ උප‍්පන‍්නරාගො. සෙසපදෙසුපි එසෙව නයො. අනුසෙතීති නිබ‍්බත‍්තති. අයං වුච‍්චති, භික‍්ඛවෙ, කාමයොගොති, භික‍්ඛවෙ, ඉදං කාමෙසු යොජනකාරණං බන්‍ධනකාරණං වුච‍්චතීති එවං සබ‍්බත්‍ථ අත්‍ථො වෙදිතබ‍්බො.

දැන් ඒවා විස්තර කොට දක්වන සේක් “කතමා ච භික්ඛවෙ” ආදිය කීහ. එහි සමුදයං යනු උපතයි. අත්ථගමං යනු භේදය (විනාශය) යි, අස්සාදං යනු මිහිරිබවයි. ආදීනවං යනු අමිහිරි බවයි. දොෂයයි. නිස්සරණං යනු අත්හළ බවයි. කාමෙසු යනු වස්තුකාමයන්හිය, කාමරාගො යනු කාමයන් අරබයා උපන් රාගයයි. සෙසු පදයන්හි ද මේ ක්‍රමයමැයි. අනුසෙති යනු හටගැනීමයි. අයං වුච්චති භික්ඛවෙ කාමයොගො යනු මහණෙනි, මෙය කාමයන්හි යෙදවීමේ කාරණය බැඳීමේ කාරණය කියනු ලැබේයයි මෙසේ සියලු තන්හි අර්‍ත්‍ථය දතයුතුයි.

ඵස‍්සායතනානන‍්ති චක‍්ඛාදීනං චක‍්ඛුසම‍්ඵස‍්සාදිකාරණානං. අවිජ‍්ජා අඤ‍්ඤාණන‍්ති ඤාණපටිපක‍්ඛභාවෙන අඤ‍්ඤාණසඞ‍්ඛාතා අවිජ‍්ජා. ඉති කාමයොගොති එත්‍ථ ඉති සද‍්දො චතූහිපි යොගෙහි සද‍්ධිං යොජෙතබ‍්බො “එවං කාමයොගො, එවං භවයොගො”ති. සංයුත‍්තොති පරිවාරිතො. පාපකෙහීති ලාමකෙහි. අකුසලෙහීති අකොසල‍්ලසම‍්භූතෙහි. සංකිලෙසිකෙහීති සංකිලෙසනකෙහි, පසන‍්නස‍්ස චිත‍්තස‍්ස පසන‍්නභාවදූසකෙහීති අත්‍ථො. පොනොබ‍්භවිකෙහීති පුනබ‍්භවනිබ‍්බත‍්තකෙහි. සදරෙහීති සදරථෙහි. දුක‍්ඛවිපාකෙහීති විපාකකාලෙ දුක‍්ඛුප‍්පාදකෙහි. ආයතිං ජාතිජරාමරණිකෙහීති අනාගතෙ පුනප‍්පුනං ජාතිජරාමරණනිබ‍්බත‍්තකෙහි. තස‍්මා අයොගක‍්ඛෙමීති වුච‍්චතීති යස‍්මා අප‍්පහීනයොගො පුග‍්ගලො එතෙහි ධම‍්මෙහි සම‍්පයුත‍්තො හොති, තස‍්මා චතූහි යොගෙහි ඛෙමං නිබ‍්බානං අනධිගතත‍්තා න යොගක‍්ඛෙමීති වුච‍්චති.

ඵස්සායතනානං යනු චක්ඛු ආදීන්ගේ ඇස ගැටීම් ආදී කාරණයයි. අවිජ්ජා අඤ්ඤාණං යනු ඤාණයට ප්‍රතිපක්ෂ බවෙන් අඥාන සංඛ්‍යාත වූ අවිද්‍යාවයි. ඉතිකාමයොගො යන මෙහි ඉතිශබ්දය යොගසතර සමඟම යෙදිය යුතුය. කාමයොගය මෙසේය, භවයොගය මෙසේය යනුවෙනි. සංයුත්තො යනු පිරිවරන ලදුයේයි. පාපකෙහි යනු ලාමක වූ දෙයිනි. අකුසලෙහි යනු අදක්ෂ බවින් හටගත් දෙයිනි, සංකිලෙසෙහි යනු කිළිටි කරන දෙයිනි, පහන් සිතේ පහන්බව කෙලෙසන දෙයිනි යන අර්ථයයි. පොනොභවිකෙහි යනු පුනර්භවය නිපදවන්නා වූ දෙයිනි, සදරෙහි යනු සිත්තැවුල්වලිනි, දුක්ඛවිපාකෙහි යනු විපාක කාලයෙහි දුක් උපදවන්නා වූ දෙයිනි, ආයති ජාතිජරාමරණෙහි යනු අනාගතයෙහි යළියළිත් ජාතිජරාමරණ උපදවන්නා වූ දෙයිනි, තස්මා අයොගක්ඛෙමිති වුච්චති යනු යම්හෙයකින් ප්‍රහීන නොවූ යොග ඇති පුද්ගල තෙමේ මේ ධර්‍මයන්ගෙන් යුක්තවූයේ වෙයිද එහෙයින් සතර යෝගයන්ගෙන් ක්ෂේම වූ නිර්‍වාණය අවබෝධ නොකළ බැවින් න යොගක්ඛෙමී යයි කියනු ලැබේ.

විසංයොගොති විසංයොජනකාරණානි. කාමයොගවිසංයොගොති කාමයොගතො විසංයොජනකාරණං. සෙසපදෙසුපි එසෙව නයො. තත්‍ථ අසුභජ‍්ඣානං කාමයොගවිසංයොගො, තං පාදකං කත්‍වා අධිගතො අනාගාමිමග‍්ගො එකන‍්තෙනෙව කාමයොගවිසංයොගො නාම. අරහත‍්තමග‍්ගො භවයොගවිසංයොගො නාම, සොතාපත‍්තිමග‍්ගො දිට‍්ඨියොගවිසංයොගො නාම, අරහත‍්තමග‍්ගො අවිජ‍්ජායොගවිසංයොගො නාම. ඉදානි තෙ විත්‍ථාරවසෙන දස‍්සෙන‍්තො කතමො ච, භික‍්ඛවෙතිආදිමාහ. තස‍්සත්‍ථො වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො.

විසංයොගො යනු වෙන්කරන්නා වූ කරුණුයි. කාමයොග විසංයොගො යනු කාමයොගයෙන් වෙන්කිරීමේ කරුණයි. සෙසු පදයන්හි ද මේ ක්‍රමයමැයි. එහි අසුභ ධ්‍යානය කාමයොග විසංයොගයයි. එය පාදකකොට එළඹි අනාගාමි මාර්ගය එකාන්තයෙන්ම කාමයොගවිසංයොග නමි. අරහත් මාර්ගය භවයොග විසංයොග නමි. සෝවාන්මග දිට්ඨියොග නවිසංයොග නමි, අරහත් මග අවිජ්ජායෝග විසංයොග නමි. දැන් ඒවා විස්තර කොට දක්වමින් “කතමො ච භික්ඛවේ” යනාදිය කීහ. එහි අර්ථය කියන ලද ක්‍රමයෙන්ම දතයුතුය.

භවයොගෙන චූභයන‍්ති භවයොගෙන ච සංයුත‍්තා, කිඤ‍්චි භිය්‍යො උභයෙනාපි සම‍්පයුත‍්තා, යෙන කෙනචි යොගෙන සමන‍්නාගතාති අත්‍ථො. පුරක‍්ඛතාති පුරතො කතා, පරිවාරිතා වා. කාමෙ පරිඤ‍්ඤායාති දුවිධෙපි කාමෙ පරිජානිත්‍වා. භවයොගඤ‍්ච සබ‍්බසොති භවයොගඤ‍්ච සබ‍්බමෙව පරිජානිත්‍වා. සමූහච‍්චාති සමූහනිත්‍වා. විරාජයන‍්ති විරාජෙන‍්තො, විරාජෙත්‍වා වා. “විරාජෙන‍්තො”ති හි වුත‍්තෙ මග‍්ගො කථිතො හොති, “විරාජෙත්‍වා”ති වුත‍්තෙ ඵලං. මුනීති ඛීණාසවමුනි. ඉති ඉමස‍්මිං සුත‍්තෙපි ගාථාසුපි වට‍්ටවිවට‍්ටමෙව කථිතන‍්ති.

භවයොගෙන වූහයං යනු භවයෝගයෙන් ද යුක්ත වූවාහු කිසි වැඩි යමක්ද වේ. දෙක දෙකින්මද එක්ව යෙදුනාහු යම්කිසි යොග දෙකකින් යුක්ත වූවාහුය යන අර්ථයයි. පුරක්ඛතා යනු පෙරටුකොට හෝ පිරිවරන ලද්දාහු හෝයි. කාමෙ පරිඤ්ඤා යනු දෙවැදෑරුම් කාමයන් මනාව දැනයි. සමූහච්ච යනු මුළුමනින් විනාශ කොටයි. විරාජයං යනු බැබලෙමින් හෝ බැබලීහෝයි. බැබලෙමියි කී කල මාර්ගය කියන ලදි. බැබලී යයි කී කල ඵලයයි. මුනි යනු ආශ්‍රවයත් ක්ෂය කළ මුනිවරයායි. මෙසේ මේ සූත්‍රයෙහි ද ගාථාවන්හි ද සසර මෙන්ම නිවන ද කියන ලදි.

භණ‍්ඩගාමවග‍්ගො පඨමො.

භණ්ඩගාම වර්ගය පළමුවැන්නයි