යෙදුමෙන් කියවන්න

යොගසුත‍්තං

4. 1. 1. 10.

4. 1. 1. 10.

[යොගසුත‍්තං]

[යෝග සූත්‍රය]

10. චත‍්තාරො’මෙ භික‍්ඛවෙ, යොගා. කතමෙ චත‍්තාරො? කාමයොගො භවයොගො දිට‍්ඨියොගො අවිජ‍්ජායොගො.

10. මහණෙනි, මේ සතර යෝග කෙනෙක් වෙති. කවර සතර කෙනෙක යත්; කාමයෝගය, භවයෝගය, දෘෂ්ටියෝගය, අවිද්‍යායෝග යි.

කතමො ච භික‍්ඛවෙ, කාමයොගො? ඉධ භික‍්ඛවෙ, එකච‍්චො කාමානං සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං නප‍්පජානාති. තස‍්ස කාමානං සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං අප‍්පජානතො යො කාමෙසු කාමරාගො කාමනන්‍දි කාමසිනෙහො කාමමුච‍්ඡා කාමපිපාසා කාමපරිළාහො කාමජ‍්ඣොසානං කාමතණ‍්හා සානුසෙති. අයං වුච‍්චති භික‍්ඛවෙ, කාමයොගො. (ඉති කාමයොගො.)

මහණෙනි, කාමයෝගය කවරේය: මහණෙනි, මෙසස්නෙහි ඇතැම් මහණෙක් කාමයන්ගේ උත්පත්තිය ද, බිඳීම ද, මිහිර ද, දෝෂය ද, නිස්සරණය ද, තත් වූ සැටියෙන් නො දනියි. කාමයන්ගේ ඉපැද්ම ද, බිඳීම ද, මිහිර ද, දෝෂය ද, හැරපීම ද, තත් වූ සැටියෙන් නො දන්නා ඔහුට වස්තුකාමයෙහි යම් කාමරාගයෙක්, කාමනන්‍දියෙක්, කාමස්නේහයෙක්, කාමමූර්ඡායෙක්, කාමපිපාසායෙක්, කාමපරිදාහයෙක්, කාමයෙහි බැසගැනීමෙක්, කාමතෘෂ්ණායෙක් ඇද්ද, ඒ තෘෂ්ණාව උපදියි. මහණෙනි, මේ කාමයෝග යි කියනු ලැබේ. (මේ කාමයෝග යි.)

භවයොගො ච කථං හොති? ඉධ භික‍්ඛවෙ, එකච‍්චො භවානං සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං නප‍්පජානාති. තස‍්ස භවානං සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං අප‍්පජානතො යො භවෙසු භවරාගො භවනන්‍දි භවසිනෙහො භවමුච‍්ඡා භවපිපාසා භවපරිළාහො භවජ‍්ඣොසානං භවතණ‍්හා සානුසෙති. අයං වුච‍්චති භික‍්ඛවෙ, භවයොගො. (ඉති කාමයොගො භවයොගො.)

භවයෝගය කෙසේය යත්: මහණෙනි, මෙසස්නෙහි ඇතැම් මහණෙක් භවයන්ගේ උත්පත්තිය ද, බිඳීම ද, මිහිර ද, දොස් ද, හැරපීම ද තත් වූ සැටියෙන් නො දනී ද, භවයන්ගේ ඉපැද්ම ද, බිඳීම ද, මිහිර ද, දොස් ද, හැරපීම ද, තත් වූ සැටියෙන් නො දන්නා ඔහුට භවයෙහි යම් භවරාගයෙක්, භවනන්‍දියෙක්, භවස්නෙහයෙක්, භවමූර්‍ඡායෙක්, භවපිපාසයෙක්, භවපරිදාහයෙක්, භවයෙහි ගැලීසිටීමෙක්, භවතෘෂ්ණායෙක් ඇද්ද, ඒ තෘෂ්ණාව උපදියි. මහණෙනි, මේ භවයෝග යි කියනු ලැබේ. (මේ කාමයෝග හා භවයෝග යි.)

දිට‍්ඨියොගො ච කථං හොති? ඉධ භික‍්ඛවෙ, එකච‍්චො දිට‍්ඨීනං සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං නප‍්පජානාති. තස‍්ස දිට‍්ඨීනං සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං අප‍්පජානතො යො දිට‍්ඨීසු දිට‍්ඨිරාගො දිට‍්ඨිනන්‍දි දිට‍්ඨිසිනෙහො දිට‍්ඨිමුච‍්ඡා දිට‍්ඨිපිපාසා දිට‍්ඨිපරිළාහො දිට‍්ඨිඅජ‍්ඣොසානං දිට‍්ඨිතණ‍්හා සානුසෙති. අයං වුච‍්චති භික‍්ඛවෙ, දිට‍්ඨියොගො. (ඉති කාමයොගො භවයොගො දිට‍්ඨියොගො.)

දෘෂ්ටියෝගය කෙසේය යත්: මහණෙනි, මෙසස්නෙහි ඇතැම් මහණෙක් දෘෂ්ටීන්ගේ ඉපැද්ම ද, බිඳීම ද, මිහිර ද, දොස් ද, හැරපීම ද, තත් වූ සැටියෙන් නො දනී ද, දෘෂ්ටීන්ගේ ඉපැද්ම ද, බිඳීම ද, මිහිර ද, දොස් ද, හැරපීම ද, තත් වූ සැටියෙන් නො දන්නා ඔහුට දෘෂ්ටියෙහි යම් දෘෂ්ටිරාගයෙක්, දෘෂ්ටිනන්‍දියෙක්, දෘෂ්ටිස්නේහයෙක්, දෘෂ්ටිමූර්‍ඡායෙක්, දෘෂ්ටිපිපාසායෙක්, දෘෂ්ටිපරිදාහයෙක්, දෘෂ්ටියෙහි ගැලීසිටීමෙක්, දෘෂ්ටිතෘෂ්ණායෙක් ඇද්ද, ඒ උපදී. මහණෙනි, මේ දෘෂ්ටියෝග යි කියනු ලැබේ. (මේ කාමයෝග-භවයෝග හා දෘෂ්ටියෝග යි.)

අවිජ‍්ජායොගො ච කථං හොති? ඉධ භික‍්ඛවෙ, එකච‍්චො ඡන‍්නං ඵස‍්සායතනානං සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං නප‍්පජානාති. තස‍්ස ඡන‍්නං ඵස‍්සායතනානං සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං අප‍්පජානතො යා ඡසු ඵස‍්සායතනෙසු අවිජ‍්ජා අඤ‍්ඤාණං සානුසෙති. අයං වුච‍්චති භික‍්ඛවෙ, අවිජ‍්ජායොගො. (ඉති කාමයොගො භවයොගො දිට‍්ඨියොගො අවිජ‍්ජායොගො.)

අවිද්‍යායෝගය කෙසේය යත්: මහණෙනි, මෙසස්නෙහි ඇතැම් මහණෙක් සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ ඉපැද්ම ද, බිඳීම ද, මිහිර ද, දොස් ද, හැරපීම ද, තත් වූ සැටියෙන් නො දනී ද, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ ඉපැද්ම ද, බිඳීම ද, මිහිර ද, දොස් ද, හැරපීම ද, තත් වූ පරිදි නො දන්නා වූ ඔහුට ෂට්ස්පර්‍ශායතනයෙහි යම් අවිද්‍යායෙක් අඥානයෙක් ඇද් ද, ඒ අවිද්‍යාව උපදී. මහණෙනි, මේ අවිද්‍යායෝග යි කියනු ලැබේ. (කාමයෝග - භවයෝග - දෘෂ්ටියෝග - අවිද්‍යායෝග මෙසේ ය.)

සංයුත‍්තො පාපකෙහි අකුසලෙහි ධම‍්මෙහි සංකිලෙසිකෙහි පොනොභවිකෙහි සදරෙහි දුක‍්ඛවිපාකෙහි ආයතිං ජාතිජරාමරණිකෙහි. තස‍්මා අයොගක‍්ඛෙමීති වුච‍්චති.

කිලිටි කරණ, පුනර්‍භවය ඇති කරණ, දරථ සහිත දුක් උපදවන, මතු ජාතිජරාමරණ උදාකරන ලාමක අකුසල් දහමින් පිරිවැරුනේ වේ ද, එහෙයින් (හෙතෙම) අයෝගක්ඛේමී කියනු ලැබේ.

ඉමෙ ඛො භික‍්ඛවෙ, චත‍්තාරො යොගා.

මහණෙනි, මේ සතර යොගයහ.

චත‍්තාරො’මෙ භික‍්ඛවෙ, විසංයොගා. කතමෙ චත‍්තාරො? කාමයොගවිසංයොගො, භවයොගවිසංයොගො, දිට‍්ඨියොගවිසංයොගො, අවිජ‍්ජායොගවිසංයොගො.

මහණෙනි, මේ සතර විසංයෝග කාරණයෝ ය. කවර සතරහ යත්: කාමයොගයෙන් විසංයෝගය, භවයොගයෙන් විසංයෝගය, දිට්ඨියෝගයෙන් විසංයෝගය, අවිජ්ජායෝගයෙන් විසංයෝග යි.

කතමො ච භික‍්ඛවෙ, කාමයොගවිසංයොගො? ඉධ භික‍්ඛවෙ, එකච‍්චො කාමානං සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං පජානාති. තස‍්ස කාමානං සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං පජානතො යො කාමෙසු කාමරාගො කාමනන්‍දි කාමසිනෙහො කාමමුච‍්ඡා කාමපිපාසා කාමපරිළාහො කාමජ‍්ඣොසානං කාමතණ‍්හා සා නානුසෙති. අයං වුච‍්චති භික‍්ඛවෙ, කාමයොගවිසංයොගො. (ඉති කාමයොගවිසංයොගො.)

මහණෙනි, කාමයොගයෙන් විසංයෝගය කවරේය: මහණෙනි, මෙසස්නෙහි ඇතැම් මහණෙක් කාමයන්ගේ ඉපැද්ම ද, බිඳීම ද, මිහිර ද, දොස් ද, හැරපීම ද, තත් වූ සැටියෙන් දනී ද, කාමයන්ගේ ඉපැද්ම ද, බිඳීම ද, මිහිර ද, දොස් ද, හැරපීම ද, තත් වූ සැටියෙන් දන්නා ඔහුට කාමයෙහි යම් කාමරාගයෙක්, කාමනන්‍දියෙක්, කාමස්නේහයෙක්, කාමමූර්ඡායෙක්, කාමපිපාසායෙක්, කාමපරිදාහයෙක්, කාමයෙහි ගැලීසිටීමෙක්, කාමතෘෂ්ණායෙක් ඇද්ද, ඒ නූපදී. මහණෙනි, මේ කාමයෝග විසංයෝග යි කියනු ලැබේ. (මේ කාමයෝග විසංයෝග යි.)

භවයොගවිසංයොගො ච කථං හොති? ඉධ භික‍්ඛවෙ, එකච‍්චො භවානං සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං පජානාති. තස‍්ස භවානං සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං පජානතො යො භවෙසු භවරාගො භවනන්‍දි භවසිනෙහො භවමුච‍්ඡා භවපිපාසා භවපරිළාහො භවජ‍්ඣොසානං භවතණ‍්හා සා නානුසෙති. අයං වුච‍්චති භික‍්ඛවෙ, භවයොගවිසංයොගො. (ඉති කාමයොගවිසංයොගො භවයොගවිසංයොගො.)

භවයොගයෙන් විසංයෝගය කෙසේය යත්: මහණෙනි, මෙසස්නෙහි ඇතැම් මහණෙක් භවයන්ගේ ඉපැද්ම ද, බිඳීම ද, මිහිර ද, දොස් ද, හැරපීම ද, තත් වූ සැටියෙන් දනී ද, භවයන්ගේ ඉපැද්ම ද, බිඳීම ද, මිහිර ද, දොස් ද, හැරපීම ද, තත් වූ සැටියෙන් දන්නා ඔහුට භවයෙහි යම් භවරාගයෙක්, භවනන්‍දියෙක්, භවස්නෙහයෙක්, භවමූර්‍ඡායෙක්, භවපිපාසායෙක්, භවපරිදාහයෙක්, භවයෙහි ගැලීසිටීමෙක්, භවතෘෂ්ණායෙක් ඇද්ද, ඒ තෘෂ්ණාව නූපදී. මහණෙනි, මේ භවයෝග විසංයෝග යි කියනු ලැබේ. (මේ කාමයෝග විසංයෝග හා භවයෝග විසංයෝග යි.)

දිට‍්ඨියොගවිසංයොගො ච කථං හොති? ඉධ භික‍්ඛවෙ, එකච‍්චො දිට‍්ඨීනං සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං පජානාති. තස‍්ස දිට‍්ඨීනං සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං පජානතො යො දිට‍්ඨීසු දිට‍්ඨිරාගො දිට‍්ඨිනන්‍දී දිට‍්ඨිමුච‍්ඡා දිට‍්ඨිපිපාසා දිට‍්ඨිපරිළාහො දිට‍්ඨිඅජ‍්ඣොසානං දිට‍්ඨිතණ‍්හා සා නානුසෙති. අයං වුච‍්චති භික‍්ඛවෙ, දිට‍්ඨියොගවිසංයොගො. (ඉති කාමයොගවිසංයොගො භවයොගවිසංයොගො දිට‍්ඨියොගවිසංයොගො.)

දෘෂ්ටියොගයෙන් විසංයෝගය කෙසේය යත්: මහණෙනි, මෙසස්නෙහි ඇතැම් මහණෙක් දෘෂ්ටීන්ගේ ඉපැද්ම ද, බිඳීම ද, මිහිර ද, දොස් ද, හැරපීම ද, තත් වූ සැටියෙන් දනී ද, දෘෂ්ටීන්ගේ ඉපැද්ම ද, බිඳීම ද, මිහිර ද, දොස් ද, හැරපීම ද, තත් වූ සැටියෙන් දන්නා ඔහුට දෘෂ්ටියෙහි යම් දෘෂ්ටිරාගයෙක්, දෘෂ්ටිනන්‍දියෙක්, දෘෂ්ටිමූර්‍ඡායෙක්, දෘෂ්ටිපිපාසායෙක්, දෘෂ්ටිපරිදාහයෙක්, දෘෂ්ටියෙහි ගැලීසිටීමෙක්, දෘෂ්ටිතෘෂ්ණායෙක් ඇද්ද, ඒ තෘෂ්ණාව නූපදී. මහණෙනි, මේ දෘෂ්ටියෝගවිසංයෝග යි කියනු ලැබේ. (මේ කාමයෝගවිසංයෝගය, භවයෝගවිසංයෝගය දෘෂ්ටියෝග විසංයෝග යි.)

අවිජ‍්ජායොගවිසංයොගො ච කථං හොති? ඉධ භික‍්ඛවෙ, එකච‍්චො ඡන‍්නං ඵස‍්සායතනානං සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං පජානාති. තස‍්ස ඡන‍්නං ඵස‍්සායතනානං සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං පජානතො යා ඡසු ඵස‍්සායතනෙසු අවිජ‍්ජා අඤ‍්ඤාණං සා නානුසෙති. අයං වුච‍්චති භික‍්ඛවෙ, අවිජ‍්ජායොගවිසංයොගො . (ඉති කාමයොගවිසංයොගො භවයොගවිසංයොගො දිට‍්ඨියොගවිසංයොගො අවිජ‍්ජායොගවිසංයොගො.)

අවිජ්ජායෝගයෙන් විසංයෝගය කෙසේය යත්: මහණෙනි, මෙසස්නෙහි ඇතැම් මහණෙක් ෂට්ස්පර්‍ශායතනයන්ගේ ඉපැද්ම ද, බිඳීම ද, මිහිර ද, දොස් ද, හැරපීම ද, තත් වූ සැටියෙන් දනී ද, ෂට්ස්පර්‍ශායතනයන්ගේ ඉපැද්ම ද, බිඳීම ද, මිහිර ද, දොස් ද, හැරපීම ද, තත් වූ සැටියෙන් දන්නා ඔහුට ෂට්ස්පර්‍ශායතනයෙහි යම් අවිද්‍යායෙක් නො දැන්මෙක් ඇද් ද, ඒ අවිද්‍යාව නූපදී. මහණෙනි, මේ අවිද්‍යායොගයෙන් විසංයෝග යි කියනු ලැබේ. (කාමයෝගවිසංයෝගය, භවයෝගවිසංයෝගය, දෘෂ්ටියෝගවිසංයෝගය, අවිද්‍යායෝගවිසංයෝගය මෙසේ යි.)

විසංයුත‍්තො පාපකෙහි අකුසලෙහි ධම‍්මෙහි සංකිලෙසිකෙහි පොනොභවිකෙහි සදරෙහි දුක‍්ඛවිපාකෙහි ආයතිං ජාතිජරාමරණිකෙහි. තස‍්මා යොගක‍්ඛෙමීති වුච‍්චති.

කිලිටි කරණ, පුනර්‍භවය ඇති කරණ, දරථ සහිත, දුක් උපදවන, මතු ජාතිජරාමරණ උදාකරන, ලාමක අකුසල් දහමින් වෙන් වූයේ වේ ද, එහෙයින් (හෙතෙම) අයෝගක්ඛේමී යී කියනු ලැබේ.

ඉමෙ ඛො භික‍්ඛවෙ, චත‍්තාරො විසංයොගාති.

මහණෙනි, මේ සතර විසංයෝග කාරණයෝ යි.

26. කාමයොගෙන සංයුත‍්තා භවයොගෙන චූභයං, දිට‍්ඨියොගෙන සංයුත‍්තා අවිජ‍්ජාය පුරක‍්ඛතා, සත‍්තා ගච‍්ඡන‍්ති සංසාරං ජාතිමරණගාමිනො.

26. කාමයොගයෙන් සංයුක්ත වූත්, භවයොගයෙන් සංයුක්ත වූත්, මෙසේ උභයභාගයෙන් හෝ සංයුක්ත වූත්, දෘෂ්ටියොගයෙන් සංයුක්ත වූත්, අවිද්‍යායෙන් පෙරටු කරණ ලද්දා වූත්, ජාතිජරාමරණ කරා යන සුලු සත්හු සසරට වදිත්.

27. යෙ ච කාමෙ පරිඤ‍්ඤාය භවයොගඤ‍්ච සබ‍්බසො, දිට‍්ඨියොගං සමූහච‍්ච අවිජ‍්ජඤ‍්ච විරාජයං, සබ‍්බයොගවිසංයුත‍්තා තෙ වෙ යොගාතිගා මුනීති.

27. යම් කෙනෙක් දෙවැදෑරුම් කාමයන් පිරිසිඳ දැන සර්‍වප්‍රකාරයෙන් භවයොගයත් දැන දෘෂ්ටියෝගය සිඳපියා අවිද්‍යාවත් හැරපියා සර්‍වයෝගයන් කෙරෙන් විසංයුක්ත වූහු ද, ඒ ක්‍ෂීණාස්‍රව මුනීහු ඒකාන්තයෙන් කාමාදීයොගයන් පැන ගියාහු යි.

භණ‍්ඩගාමවග‍්ගො පඨමො.

භණ්ඩගාමවර්‍ගය පළමුවැනි යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

අනුබුද‍්ධං පපතිතං ද‍්වෙ ඛතං අනුසොතපඤ‍්චමං, අප‍්පස‍්සුතො ච සොභෙන‍්ති වෙසාරජ‍්ජං තණ‍්හායොගෙන තෙ දසා’ති.

අනුබද්ධය, පපතිතය, ඛත දෙක ය, පස්වැනි අනුසෝතය, අප්පසුතය, සෝභෙන්තිය, වෙසාරජ්ජය, තණ්හාය, යෝගය යන මෙයින් ඒ සූත්‍රයෝ දස දෙනෙකි.