යෙදුමෙන් කියවන්න

චරත‍්තසුත‍්තං

4. 1. 2. 1.

4. 1. 2. 1.

[චරත‍්තසුත‍්තං]

[චරන්ත සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

11. චරතො චෙපි භික‍්ඛවෙ, භික‍්ඛුනො උප‍්පජ‍්ජති කාමවිතක‍්කො වා ව්‍යාපාදවිතක‍්කො වා විහිංසාවිතක‍්කො වා. තඤ‍්ච භික‍්ඛු අධිවාසෙති, නප‍්පජහති, න විනොදෙති, න ව්‍යන‍්තීකරොති, න අනභාවං ගමෙති. චරම‍්පි භික‍්ඛවෙ, භික‍්ඛු එවම‍්භූතො අනාතාපී අනොත‍්තාපී සතතං සමිතං කුසීතො හීනවීරියො’ති වුච‍්චති.

11. මහණෙනි, ඇවිදුනා මහණහට ද කාමවිතර්‍කයෙක් හෝ ව්‍යාපාදවිතර්‍කයෙක් හෝ විහිංසාවිතර්‍කයෙක් හෝ උපදනේය. මහණ ඒ විතර්‍කය ද ඉවසයි. නො හරියි, නො නෙරයි. විගතාන්ත නො කෙරෙයි. අභාවයට නොද පමුණුවයි. මහණෙනි, වීර්‍ය්‍යරහිත වූ උපවාද භය රහිත වූ හැමදා නරතුරු කුසීත වූ මෙබඳු ඇවිදුනා මහණ ද, “හීනවීර්‍ය්‍ය ඇත්තේ” යයි කියනු ලැබේ.

ඨිතස‍්ස චෙපි භික‍්ඛවෙ, භික‍්ඛුනො උප‍්පජ‍්ජති කාමවිතක‍්කො වා ව්‍යාපාදවිතක‍්කො වා විහිංසාවිතක‍්කො වා. තඤ‍්ච භික‍්ඛු අධිවාසෙති, නප‍්පජහති, න විනොදෙති, න ව්‍යන‍්තීකරොති, න අනභාවං ගමෙති. ඨිතො චෙපි භික‍්ඛවෙ, භික‍්ඛු එවම‍්භූතො අනාතාපී අනොත‍්තාපී සතතං සමිතං කුසීතො හීනවීරියො’ති වුච‍්චති.

මහණෙනි, සිටුනා වූ ද මහණහට ද කාමවිතර්‍කයෙක් හෝ ව්‍යාපාදවිතර්‍කයෙක් හෝ විහිංසාවිතර්‍කයෙක් හෝ උපදනේ ය. මහණ ඒ විතර්‍කය ද ඉවසයි. නො හරියි, නො නෙරයි. විගතාන්ත නො කෙරෙයි. අභාවයට නොද පමුණුවයි. මහණෙනි, වීර්‍ය්‍ය රහිත වූ උපවාද භය රහිත වූ හැමදා නරතුරු කුසීත වූ මෙබඳු සිටුනා මහණ ද, “හීනවීර්‍ය්‍ය ඇත්තේ” යි කියනු ලැබේ.

නිසින‍්නස‍්ස චෙපි භික‍්ඛවෙ, භික‍්ඛුනො උප‍්පජ‍්ජති කාමවිතක‍්කො වා ව්‍යාපාදවිතක‍්කො වා විහිංසාවිතක‍්කො වා. තඤ‍්ච භික‍්ඛු අධිවාසෙති, නප‍්පජහති, න විනොදෙති, න ව්‍යන‍්තීකරොති, න අනභාවං ගමෙති. නිසින‍්නොපි භික‍්ඛවෙ, භික‍්ඛු එවම‍්භූතො අනාතාපී අනොත‍්තාපී සතතං සමිතං කුසීතො හීනවිරියො’ති වුච‍්චති.

මහණෙනි, හිඳුනා වූ ද මහණහට ද කාමවිතර්‍කයෙක් හෝ ව්‍යාපාදවිතර්‍කයෙක් හෝ විහිංසාවිතර්‍කයෙක් හෝ උපදනේය. මහණ ඒ විතර්‍කය ද ඉවසයි. නො හරියි, නො නෙරයි. විගතාන්ත නො කෙරෙයි. අභාවයට නොද පමුණුවයි. මහණෙනි, වීර්‍ය්‍යරහිත වූ උපවාද භය රහිත වූ හැමදා නරතුරු කුසීත වූ මෙබඳු හිඳුනා මහණ ද, “හීනවීර්‍ය්‍ය ඇත්තේ” යි කියනු ලැබේ.

සයානස‍්ස චෙපි භික‍්ඛවෙ, භික‍්ඛුනො ජාගරස‍්ස උප‍්පජ‍්ජති කාමවිතක‍්කො වා ව්‍යාපාදවිතක‍්කො වා විහිංසාවිතක‍්කො වා. තඤ‍්ච භික‍්ඛු අධිවාසෙති, නප‍්පජහති, න විනොදෙති, න ව්‍යන‍්තීකරොති, න අනභාවං ගමෙති. සයානොපි භික‍්ඛවෙ, භික‍්ඛු ජාගරො එවම‍්භූතො අනාතාපී අනොත‍්තාපී සතතං සමිතං කුසීතො හීනවිරියො’ති වුච‍්චති.

මහණෙනි, නිදිවරණ හෝනා වූ ද මහණහට ද කාමවිතර්‍කයෙක් හෝ ව්‍යාපාදවිතර්‍කයෙක් හෝ විහිංසාවිතර්‍කයෙක් හෝ උපදනේය. මහණ ඒ විතර්‍කය ද ඉවසයි. නො හරියි, නො නෙරයි. විගතාන්ත නො කෙරෙයි. අභාවයට නොද පමුණුවයි. මහණෙනි, වීර්‍ය්‍ය රහිත වූ උපවාද භය රහිත වූ හැමදා නරතුරු කුසීත වූ මෙබඳු නිදිවරණ හෝනා වූ ද මහණ “හීනවීර්‍ය්‍ය ඇත්තේ” යි කියනු ලැබේ.

චරතො චෙපි භික‍්ඛවෙ, භික‍්ඛුනො උප‍්පජ‍්ජති කාමවිතක‍්කො වා ව්‍යාපාදවිතක‍්කො වා විහිංසාවිතක‍්කො වා. තඤ‍්ච භික‍්ඛු නාධිවාසෙති, පජහති විනොදෙති, ව්‍යන‍්තීකරොති, අනභාවං ගමෙති. චරම‍්පි භික‍්ඛවෙ, භික‍්ඛු එවම‍්භූතො ආතාපී ඔත‍්තාපී සතතං සමිතං ආරද‍්ධවිරියො පහිතත‍්තො’ති වුච‍්චති.

මහණෙනි, ඇවිදුනාවූ ද මහණහට කාමවිතර්‍කයෙක් හෝ ව්‍යාපාදවිතර්‍කයෙක් හෝ විහිංසාවිතර්‍කයෙක් හෝ උපදනේය. මහණ ඒ විතර්‍කය ද නො ඉවසයි. හරියි. නෙරයි. විගතාන්ත කෙරෙයි. අභාවයට පමුණුවයි. මහණෙනි, වීර්‍ය්‍ය ඇති උපවාද භය ඇති හැමදා නරතුරු පටන් ගත් වීර්‍ය්‍ය ඇති මෙබඳු ඇවිදුනා වූ ද මහණ “සමථ විදර්‍ශනා දෙක්හි මෙහෙයූ සිත් ඇත්තේ” යි කියනු ලැබේ.

ඨිතස‍්ස චෙපි භික‍්ඛවෙ, භික‍්ඛුනො උප‍්පජ‍්ජති කාමවිතක‍්කො වා ව්‍යාපාදවිතක‍්කො වා විහිංසාවිතක‍්කො වා. තඤ‍්ච භික‍්ඛු නාධිවාසෙති, පජහති විනොදෙති ව්‍යන‍්තීකරොති අනභාවං ගමෙති ඨිතොපි භික‍්ඛවෙ, භික‍්ඛු එවම‍්භූතො ආතාපී ඔත‍්තාපී සතතං සමිතං ආරද‍්ධවිරියො පහිතත‍්තො’ති වුච‍්චති.

මහණෙනි, සිටුනා වූ ද මහණහට ද කාමවිතර්‍කයෙක් හෝ ව්‍යාපාදවිතර්‍කයෙක් හෝ විහිංසාවිතර්‍කයෙක් හෝ උපදනේය. මහණ ඒ විතර්‍කය ද නො ඉවසයි. හරියි. නෙරයි. විගතාන්ත කෙරෙයි. අභාවයට පමුණුවයි. මහණෙනි, වීර්‍ය්‍ය ඇති උපවාද භය ඇති හැමදා නරතුරු පටන් ගත් වීර්‍ය්‍ය ඇති මෙබඳු සිටුනා වූ ද මහණ “සමථ විදර්‍ශනා දෙක්හි මෙහෙයූ සිත් ඇත්තේ” යි කියනු ලැබේ.

නිසින‍්නස‍්ස චෙපි භික‍්ඛවෙ, භික‍්ඛුනො උප‍්පජ‍්ජති කාමවිතක‍්කො වා ව්‍යාපාදවිතක‍්කො වා විහිංසාවිතක‍්කො වා. තඤ‍්ච භික‍්ඛු නාධිවාසෙති පජහති විනොදෙති ව්‍යන‍්තීකරොති අනභාවං ගමෙති. නිසින‍්නොපි භික‍්ඛවෙ භික‍්ඛු එවම‍්භූතො ආතාපී ඔත‍්තාපී සතතං සමිතං ආරද‍්ධවිරියො පහිතත‍්තො’ති වුච‍්චති.

මහණෙනි, හුන්නා වූ ද මහණහට ද කාමවිතර්‍කයෙක් හෝ ව්‍යාපාදවිතර්‍කයෙක් හෝ විහිංසාවිතර්‍කයෙක් හෝ උපදනේය. මහණ ඒ විතර්‍කය ද නො ඉවසයි. හරියි. නෙරයි. විගතාන්ත කෙරෙයි. අභාවයට පමුණුවයි. මහණෙනි, වීර්‍ය්‍ය ඇති උපවාද භය ඇති හැමදා නරතුරු පටන් ගත් වීර්‍ය්‍ය ඇති මෙබඳු වූ ද මහණ “සමථ විදර්‍ශනා දෙක්හි මෙහෙයූ සිත් ඇත්තේ” යි කියනු ලැබේ.

සයානස‍්ස චෙපි භික‍්ඛවෙ භික‍්ඛුනො ජාගරස‍්ස උප‍්පජ‍්ජති කාමවිතක‍්කො වා ව්‍යාපාදවිතක‍්කො වා විහිංසාවිතක‍්කො වා. තඤ‍්ච භික‍්ඛු නාධිවාසෙති, පජහති, විනොදෙති, බ්‍යන‍්තීකරොති, අනභාවං ගමෙති. සයානොපි භික‍්ඛවෙ භික‍්ඛු ජාගරො එවම‍්භූතො ආතාපී ඔත‍්තාපී සතතං සමිතං ආරද‍්ධවිරියො පහිතත‍්තො’ති වුච‍්චතීති.

මහණෙනි, නිදිවරණ හෝනා වූත් මහණහට කාමවිතර්‍කයෙක් හෝ ව්‍යාපාදවිතර්‍කයෙක් හෝ විහිංසා විතර්‍කයෙක් හෝ උපදනේය. මහණ තෙමේ ඒ විතර්‍කය ද සිත්හි නගා නො වසවයි. හරියි. නෙරයි. විගතාන්ත කෙරෙයි. අභාවයට පමුණුවයි. මහණෙනි, වීර්‍ය්‍ය ඇති උපවාදයට භය ඇති හැමදා නරතුරු පටන් ගත් වීර්‍ය්‍ය ඇති මෙබඳු වූ හෝනාවූත් නිදිවරණ මහණ “සමථ විදර්‍ශනා දෙක්හි මෙහෙයූ සිත් ඇත්තේ” යි කියනු ලැබේ.

28. චරං වා යදි වා තිට‍්ඨං නිසින‍්නො උදවා සයං, යො විතක‍්කං විතක‍්කෙති පාපකං ගෙහනිස‍්සිතං.

28. යම් මහණෙක් ඇවිදුනේ හෝ වැලිත් සිටුනේ හෝ හුන්නේ හෝ නොහොත් හෝනේ හෝ ක්ලේශනිඃශ්‍රිත ලාමක විතර්‍ක විතර්‍කනය කෙරේ ද,

29. කුම‍්මග‍්ගං පටිපන‍්නො සො මොහනෙය්‍යෙසු මුච‍්ඡිතො, අභබ‍්බො තාදිසො භික‍්ඛු ඵුට‍්ඨුං සම‍්බොධිමුත‍්තමං.

29. උන්මාර්‍ගයට වැදුනු මෝහජනක අරමුණෙහි මුසපත් එබඳු ඒ මහණ උතුම් අර්‍හත්‍වඥානය පහස්නට අභව්‍යය.

30. යො චරං වා තිට‍්ඨං වා නිසින‍්නො උද වා සයං, විතක‍්කං සමයිත්‍වාන විතක‍්කූපසමෙ රතො, භබ‍්බො සො තාදිසො භික‍්ඛු ඵුට‍්ඨුං සම‍්බොධිමුත‍්තමන‍්ති.

30. යම් මහණෙක් ඇවිදුනේ හෝ සිටුනේ හෝ නොහොත් හුන්නේ හෝ හෝනේ හෝ විතර්‍කව්‍යුපශමයෙහි ඇලුනේ කාමාදි විතර්‍ක ශමනය කොට වෙසේ ද, එබඳු ඒ මහණ උතුම් අර්‍හත්‍වඥානය පහස්නට භව්‍ය ය.