යෙදුමෙන් කියවන්න

සීලසුත‍්තං

4. 1. 2. 2.

4. 1. 2. 2.

[සීලසුත‍්තං]

[ශීල සූත්‍රය]

12. සම‍්පන‍්නසීලා භික‍්ඛවෙ, විහරථ සම‍්පන‍්නපාතිමොක‍්ඛා. පාතිමොක‍්ඛසංවරසංවුතා විහරථ ආචාරගොචරසම‍්පන‍්නා අණුමත‍්තෙසු වජ‍්ජෙසු භයදස‍්සාවිනො. සමාදාය සික‍්ඛථ සික‍්ඛාපදෙසු. සම‍්පන‍්නසීලානං වො භික‍්ඛවෙ, විහරතං සම‍්පන‍්නපාතිමොක‍්ඛානං පාතිමොක‍්ඛසංවරසංවුතානං විහරතං ආචාරගොචරසම‍්පන‍්නානං අණුමත‍්තෙසු වජ‍්ජෙසු භයදස‍්සාවීනං සමාදාය සික‍්ඛතං සික‍්ඛාපදෙසු, කිමස‍්ස උත‍්තරිං කරණීයං?

12. මහණෙනි, පරිපූර්‍ණ සිල් ඇති ව පිරිපුන් පාමොක් ඇති ව වසව. ප්‍රාතිමෝක්‍ෂසංවර ශීලයෙන් යුක්ත ව ආචාර ගෝචර දෙකින් යුක්ත ව වසව. අණුප්‍රමාණ වූ ද දෝෂයෙහි බිය විසින් දක්නා සුලු ව සික පෙදෙහි සමාදාන කොට ගෙණ හික්මෙව. මහණෙනි, පරිපූර්‍ණ සිල් ඇති ව පිරිපුන් පාමොක් ඇති ව ප්‍රාතිමෝක්‍ෂසංවර ශීලයෙන් යුක්තව ආචාර ගෝචර දෙකින් යුක්ත ව අණුප්‍රමාණ වරදෙහි බිය දක්නා සුලු ව සික පෙදෙහි සමාදාන කොට ගෙණ හික්මීම් කරමින් වසන තොප විසින් මතුයෙහි කරණී කිමය යත්:

චරතො චෙපි භික‍්ඛවෙ, භික‍්ඛුනො අභිජ‍්ඣා ව්‍යාපාදො විගතො හොති. ථිනමිද‍්ධං උද‍්ධච‍්චකුක‍්කුච‍්චං විචිකිච‍්ඡා පහීණා හොති. ආරද‍්ධං හොති විරියං අසල‍්ලීනං. උපට‍්ඨිතා සති අපම‍්මුට‍්ඨා. පස‍්සද‍්ධො කායො අසාරද‍්ධො. සමාහිතං චිත‍්තං එකග‍්ගං. චරම‍්පි භික‍්ඛවෙ, භික‍්ඛු එවම‍්භූතො ආතාපී ඔත‍්තාපී සතතං සමිතං ආරද‍්ධවිරියො පහිතත‍්තො’ති වුච‍්චති.

මහණෙනි, ඇවිදුනා වූ ද මහණහට අභිධ්‍යා ව්‍යාපාද විගත වේ ද, ථීන මිද්ධ, උද්ධච්චකුක්කුච්ච, විචිකිච්ඡා ප්‍රහීණ වේ ද, රුකුළු වැර අසංලීන වේ ද, ස්මෘතිය එළඹ සිටියා මුෂිත නො වූවා වේ ද, කය සංහිඳුනේ දරථ නැත්තේ වේ ද, සිත මොනොවට පිහිටුවන ලද්දේ එකඟ වූයේ වේ ද, මහණෙනි, කෙලෙස් තවන වැර ඇති, උපවාද භය ඇති, හැමදා නරතුරු පටන්ගත් වීර්‍ය්‍ය ඇති මෙබඳු වූ ඇවිදුනා වූත් ඒ මහණ “සමථ විදර්‍ශනා දෙක්හි මෙහෙයූ සිතැත්තේ” යි කියනු ලැබේ.

ඨිතස‍්ස චෙපි භික‍්ඛවෙ, භික‍්ඛුනො අභිජ‍්ඣා ව්‍යාපාදො විගතො හොති. ථිනමිද‍්ධං උද‍්ධච‍්චකුක‍්කුච‍්චං විචිකිච‍්ඡා පහීණා හොති. ආරද‍්ධං හොති විරියං අසල‍්ලීනං. උපට‍්ඨිතා සති අපම‍්මුට‍්ඨා. පස‍්සද‍්ධො කායො අසාරද‍්ධො. සමාහිතං චිත‍්තං එකග‍්ගං. ඨිතොපි භික‍්ඛවෙ, භික‍්ඛු එවම‍්භූතො ආතාපී ඔත‍්තාපී සතතං සමිතං ආරද‍්ධවිරියො පහිතත‍්තො’ති වුච‍්චති.

මහණෙනි, සිටුනා වූ ද මහණහට අභිධ්‍යා ව්‍යාපාද විගත වේ ද, ථීන මිද්ධ උද්ධච්චකුක්කුච්ච විචිකිච්ඡා ප්‍රහීණ වේ ද, ආරබ්ධවීර්‍ය්‍යය අසංලීන වේ ද, ස්මෘතිය එළඹ සිටියා මුෂිත නොවූවා වේ ද, කය සංහිඳුනේ දරථ නැත්තේ වේ ද, සිත මොනොවට පිහිටුවන ලද්දේ එකඟ වූයේ වේ ද, මහණෙනි, කෙලෙස් තවන වැර ඇති උපවාද භය ඇති හැමදා නරතුරු පටන් ගත් වීර්‍ය්‍ය ඇති මෙබඳු වූ සිටුනා වූත් ඒ මහණ “සමථ විදර්‍ශනා දෙක්හි මෙහෙයූ සිතැත්තේ” යි කියනු ලැබේ.

නිසින‍්නස‍්ස චෙපි භික‍්ඛවෙ, භික‍්ඛුනො අභිජ‍්ඣා ව්‍යාපාදො විගතො හොති. ථීනමිද‍්ධං උද‍්ධච‍්චකුක‍්කුච‍්චං විචිකිච‍්ඡා පහීනා හොති. ආරද‍්ධං හොති විරියං අසල‍්ලීනං. උපට‍්ඨිතා සති අපම‍්මුට‍්ඨා. පස‍්සද‍්ධො කායො අසාරද‍්ධො. සමාහිතං චිත‍්තං එකග‍්ගං. නිසින‍්නොපි භික‍්ඛවෙ, භික‍්ඛු එවම‍්භූතො ආතාපී ඔත‍්තාපී සතතං සමිතං ආරද‍්ධවිරියො පහිතත‍්තො’ති වුච‍්චති.

මහණෙනි, හුන්නාවූත් මහණහට අභිධ්‍යා ව්‍යාපාද විගත වේ ද, ථීන මිද්ධ, උද්ධච්චකුක්කුච්ච විචිකිච්ඡා ප්‍රහීණ වේ ද, වීර්‍ය්‍යය පටන්ගන්නා ලද්දේ නො හැකුළුනේ වේ ද, ස්මෘතිය එළඹ සිටියා මුෂිත නො වූවා වේ ද, කය සංහිඳුනේ දරථ නැත්තේ වේ ද, සිත මොනොවට පිහිටුවන ලද්දේ එකඟ වූයේ වේ ද, මහණෙනි, කෙලෙස් තවන වැර ඇති උපවාදභය ඇති හැමදා නරතුරු පටන්ගත් වීර්‍ය්‍ ඇති මෙබඳු වූ හුන්නාවූත් ඒ මහණ “ශමථවිදර්‍ශනා දෙක්හි මෙහෙයූ සිත් ඇත්තේ״ යි කියනු ලැබේ.

සයානස‍්ස චෙපි භික‍්ඛවෙ භික‍්ඛුනො ජාගරස‍්ස අභිජ‍්ඣා ව්‍යාපාදො විගතො හොති. ථිනමිද‍්ධං උද‍්ධච‍්චකුක‍්කුච‍්චං විචිකිච‍්ඡා පහීණා හොති. ආරද‍්ධං හොති විරියං අසල‍්ලීනං. උපට‍්ඨිතා සති අපම‍්මුට‍්ඨා. පස‍්සද‍්ධො කායො අසාරද‍්ධො. සමාහිතං චිත‍්තං එකග‍්ගං. සයානොපි භික‍්ඛවෙ, භික‍්ඛු ජාගරො එවම‍්භූතො ආතාපී ඔත‍්තාපී සතතං සමිතං ආරද‍්ධවිරියො පහිතත‍්තො’ති වුච‍්චතීති.

මහණෙනි, හෝනාවූත් නිදිවරණ මහණහට අභිධ්‍යා ව්‍යාපාද විගත වේ ද, ථීනමිද්ධ, උද්ධච්චකුක්කුච්ච විචිකිච්ඡා ප්‍රහීණ වේ ද, වීර්‍ය්‍යය පටන්ගන්නා ලද්දේ නො හැකුළුනේ වේ ද, ස්මෘතිය එළඹ සිටියා මුෂිත නොවූවා වේ ද, කය සංහිඳුනේ දරථ නැත්තේ වේ ද, සිත මොනොවට පිහිටුවන ලද්දේ එකඟවූයේ වේ ද, මහණෙනි, කෙලෙස් තවන වැර ඇති, උපවාදභය ඇති නරතුරු පටන්ගත් වීර්‍ය්‍ ඇති මෙබඳු වූ හෝනාවූත් නිදිවරණ ඒ මහණ “ශමථවිදර්‍ශනා දෙක්හි මෙහෙයූ සිතැත්තේ” යි කියනු ලැබේ.

31. යතං චරෙ යතං තිට‍්ඨෙ යතං අච‍්ඡෙ යතං සයෙ, යතං සමිඤ‍්ජයෙ භික‍්ඛු යතමෙව නං පසාරයෙ.

31. මහණ, සංයත කොට ගෙණ හැසිරෙන්නේ ය. සංයත කොට ගෙණ සිටුනේ ය. සංයත කොට ගෙන හිඳුනේ ය. සංයත කොට ගෙණ හෝනේ ය. සංයත කොට ගෙණ අත්පා හකුළන්නේ ය. සංයත කොට ගෙණ ම ඒ අඟ පසඟ දිගු කරන්නේය.

32. උද‍්ධං තිරියං අපාචීනං යාවතා ජගතො ගති, සමවෙක‍්ඛිතා ච ධම‍්මානං ඛන්‍ධානං උදයබ‍්බයං.

32. (යම් මහණෙක්) උඩ මැද යට යි ලෝක නිෂ්පත්තිය තෙක් (අතීතාදි භේද භින්න) පඤ්චස්කන්‍ධ ධර්‍මයන්ගේ උදය - වය දක්නේ වේ ද,

33. චෙතොසමථසාමීචිං සික‍්ඛමානං සදා සතං, සතතං පහිතත‍්තො’ති ආහු භික‍්ඛුං තථාවිධන‍්ති.

33. චිත්තශමථයට අනුච්ඡවික පටිපදාව පුරණ සියලු කල්හි ස්මෘතිමත් එබඳු ඒ මහණ නරතුරු ශමථ විදර්‍ශනා දෙක්හි මෙහෙයූ සිතැත්තෙකැ යි කියත්.