පධානසුත්තං
4. 1. 2. 3.
4. 1. 2. 3.
[පධානසුත්තං]
[පධාන සූත්‍රය]
13. චත්තාරිමානි භික්ඛවෙ, සම්මප්පධානානි. කතමානි චත්තාරි?
13. මහණෙනි, මේ සතර සම්‍යක් ප්‍රධන් වීර්‍ය්‍යයෝ ය. කවර සතර කෙනෙක යත්:
ඉධ භික්ඛවෙ, භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති, වායමති, විරියං ආරභති, චිත්තං පග්ගණ්හාති පදහති.
මහණෙනි, මෙ සස්නෙහි මහණ තෙම නූපන් ලාමක අකුශල ධර්මයන්ගේ නො ඉපැද්ම පිණිස ඡන්දය උපදවයි. ව්‍යායාම කෙරෙයි. වීර්‍ය්‍යාරම්භ කෙරෙයි. සිත දැඩි කොට ගණියි. ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි.
උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහාණාය ඡන්දං ජනෙති, වායමති, විරියං ආරභති, චිත්තං පග්ගණ්හාති පදහති.
උපන් ලාමක අකුශල ධර්මයන්ගේ ප්රහාණය පිණිස ඡන්දය උපදවයි. ව්‍යායාම කෙරෙයි. වීර්‍ය්‍යාරම්භ කෙරෙයි. සිත දැඩි කොට ගණියි. ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි.
අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනෙති, වායමති, විරියං ආරභති, චිත්තං පග්ගණ්හාති පදහති.
නූපන් කුශල ධර්මයන්ගේ ඉපැද්ම පිණිස ඡන්දය උපදවයි. ව්‍යායාම කෙරෙයි. වීර්‍ය්‍යාරම්භ කෙරෙයි. සිත දැඩි කොට ගණියි. ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි.
උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භීයොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති, වායමති, විරියං ආරභති, චිත්තං පග්ගණ්හාති පදහති.
උපන් කුශල ධර්මයන්ගේ ස්ථිතිය පිණිස අසම්මොෂය පිණිස බොහෝ බව පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස සම්පූර්ණ බව පිණිස ඡන්දය උපදවයි. ව්‍යායාම කෙරෙයි. වීර්‍ය්‍යාරම්භ කෙරෙයි. සිත දැඩි කොට ගණියි. ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි.
ඉමානි ඛො භික්ඛවෙ, චත්තාරි සම්මප්පධානානීති.
මහණෙනි, මේ සතර සම්‍යක් ප්‍රධන් වීර්‍ය්‍යයෝ යි.
34. සම්මප්පධානා මාරධෙය්යාධිභූතා තෙ අසිතා ජාතිමරණභයස්ස පාරගූ, තෙ තුසිතා ජෙත්වාන මාරං සවාහිනිං තෙ අනෙජා, (සබ්බං) නමුචිබලං උපාතිවත්තා තෙ සුඛිතාති.
34. සම්යක්ප්රධන්වීර්ය්ය ඇති සසරවට නමැති මාරධෙය්‍යය මැඩ ගෙණ සිටුනා ඒ රහත්හු අනිඃශ්‍රිතයහ ජාතිමරණ සඞ්ඛ්‍යාත භීතියගේ කෙළ පැමිණියාහු ය. ඒ රහත්හු තුෂ්ටයහ. සේනා සහිත මරහු දිනා සිටියහ. ඒ රහත්හු තෘෂ්ණා නැතියහ. මුළු මරබල විධමා සිටියහ. (එහෙයින් ම) ඒ රහත්හු සුඛිතයෝ යි.