යෙදුමෙන් කියවන්න

සංවරප‍්පධානසුත‍්තං

4. 1. 2. 4.

4. 1. 2. 4.

[සංවරප‍්පධානසුත‍්තං]

[සංවරප්පධාන සූත්‍රය]

14. චත‍්තාරිමානි භික‍්ඛවෙ, පධානානි. කතමානි චත‍්තාරි? සංවරප‍්පධානං, පහාණප‍්පධානං, භාවනාප‍්පධානං, අනුරක‍්ඛණප‍්පධානං.

14. මහණෙනි, මේ සතර ප්‍රධන්වීර්‍ය්‍ය කෙනෙකි. කවර සතර කෙනෙක යත්: සංවරප්පධානය, පහාණප්පධානය, භාවනාප්පධානය, අනුරක්ඛණප්පධාන යි.

කතමඤ‍්ච භික‍්ඛවෙ, සංවරප‍්පධානං? ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු චක‍්ඛුනා රූපං දිස‍්වා න නිමිත‍්තග‍්ගාහී හොති නානුව්‍යඤ‍්ජනග‍්ගාහී, යත්‍වාධිකරණමෙතං චක‍්ඛුන්‍ද්‍රියං අසංවුතං විහරන‍්තං අභිජ‍්ඣා දොමනස‍්සා පාපකා අකුසලා ධම‍්මා අන්‍වාස‍්සවෙය්‍යුං, තස‍්ස සංවරාය පටිපජ‍්ජති, රක‍්ඛති චක‍්ඛුන්‍ද්‍රියං, චක‍්ඛුන්‍ද්‍රියෙ සංවරං ආපජ‍්ජති. සොතෙන සද‍්දං සුත්‍වා - ඝානෙන ගන්‍ධං ඝායිත්‍වා - ජිව‍්හාය රසංසායිත්‍වා - කායෙන ඵොට‍්ඨබ‍්බං ඵුසිත්‍වා - මනසා ධම‍්මං විඤ‍්ඤාය න නිමිත‍්තග‍්ගාහී හොති නානුව්‍යඤ‍්ජනග‍්ගාහී, යත්‍වාධිකරණමෙතං මනින්‍ද්‍රියං අසංවුතං විහරන‍්තං අභිජ‍්ඣා දොමනස‍්සා පාපකා අකුසලා ධම‍්මා අන්‍වාස‍්සවෙය්‍යුං, තස‍්ස සංවරාය පටිපජ‍්ජති, රක‍්ඛති මනින්‍ද්‍රියං, මනින්‍ද්‍රියෙ සංවරං ආපජ‍්ජති. ඉදං වුච‍්චති භික‍්ඛවෙ, සංවරප‍්පධානං.

මහණෙනි, සංවරප්පධාන කවරේ ය? මහණෙනි, මෙසස්නෙහි මහණ යමක් හේතු කොට ගෙණ චක්‍ෂුරින්‍ද්‍රිය අසංවෘත කොට විහරණය කරණ තෙල මහණහු අභිධ්‍යා දෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශල ධර්‍මයෝ ලුහුබඳනාහු ද, ඇසින් එබඳු රූපයක් දැක නිමිත්තග්‍රාහී නො වේ. අනුව්‍යඤ්ජනග්‍රාහී නො ද වේ. ඒ චක්‍ෂුරින්‍ද්‍රියසංවරය පිණිස පිළිපදනේ ය. චක්‍ෂුරින්‍ද්‍රිය රක්නේ ය. චක්‍ෂුරින්‍ද්‍රිය විෂයෙහි සංවරයට පැමිණේ. ශ්‍රෝතයෙන් ශබ්දය අසා ... ඝ්‍රාණයෙන් ගන්‍ධය අසා ... දිවින් රස විඳ ... කයින් ස්පර්‍ශය පැහැස ... යමක් හේතු කොට ගෙණ මනින්‍ද්‍රිය අසංවෘත කොට ගෙණ වසන තෙල මහණහු අභිධ්‍යා දෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශල ධර්‍මයෝ ලුහුබඳනාහු ද, සිතින් එබඳු ධර්‍මාලම්බනයක් දැන නිමිත්තග්‍රාහී නො වේ. අනුව්‍යඤ්ජනග්‍රාහී නො ද වේ. ඒ මනින්‍ද්‍රියසංවරය පිණිස පිළිපදනේ ය. මනින්‍ද්‍රිය රක්නේ ය. මනින්‍ද්‍රිය විෂයෙහි සංවරයට පැමිණේ. මහණෙනි, මේ ‘සංවරප්පධාන’ යි කියනු ලැබේ.

කතමඤ‍්ච භික‍්ඛවෙ, පහාණප‍්පධානං? ඉධ භික‍්ඛවෙ භික‍්ඛු උප‍්පන‍්නං කාමවිතක‍්කං නාධිවාසෙති, පජහති, විනොදෙති, ව්‍යන‍්තීකරොති, අනභාවං ගමෙති. උප‍්පන‍්නං ව්‍යාපාදවිතක‍්කං -පෙ- උප‍්පන‍්නං විහිංසාවිතක‍්කං - උප‍්පන‍්නුප‍්පන‍්නෙ පාපකෙ අකුසලෙ ධම‍්මෙ නාධිවාසෙති, පජහති, විනොදෙති, බ්‍යන‍්තීකරොති අනභාවං ගමෙති. ඉදං වුච‍්චති භික‍්ඛවෙ, පහාණප‍්පධානං:

මහණෙනි, පහාණප්පධාන කවරේ ය? මහණෙනි, මෙසස්නෙහි මහණ උපන් කාමවිතර්‍කය නො ඉවසයි. හරියි. නෙරයි. විගතාන්ත කෙරෙයි. අභාවයට පමුණුවයි. උපන් ව්‍යාපාදවිතර්‍කය ... උපන් විහිංසාවිතර්‍කය ... උපනුපන් ලාමක අකුශලධර්‍මයන් නො ඉවසයි. හරියි. නෙරයි. විගතාන්ත කෙරෙයි. අභාවයට පමුණුවයි. මහණෙනි, මේ ‘පහාණප්පධාන’ යි කියනු ලැබේ.

කතමඤ‍්ච භික‍්ඛවෙ, භාවනාප‍්පධානං? ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සතිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති -පෙ- විරියසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති - පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති - පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති - සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති - උපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. ඉදං වුච‍්චති භික‍්ඛවෙ, භාවනාප‍්පධානං.

මහණෙනි, භාවනාප්පධාන කවරේ ය? මහණෙනි, මෙසස්නෙහි මහණ (අධිගන්තව්‍යවශයෙන්) විවේකනිඃශ්‍රිත කොට විරාගනිඃශ්‍රිත කොට නිරෝධනිඃශ්‍රිත කොට (ක්ලේශපරිත්‍යාගය හා නිර්‍වාණප්‍රස්කන්‍දයයි කියන ලද) වොස්සග්ගයට පරිණාමශීල කොට ස්මෘතිසම්බොධ්‍යඞ්ගය වඩයි ... ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය වඩයි ... වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගය වඩයි ... ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය වඩයි ... ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය වඩයි ... සමාධිසම්බෝධ්‍යඞ්ගය වඩයි ... විවේකනිඃශ්‍රිත කොට විරාගනිඃශ්‍රිත කොට නිරෝධනිඃශ්‍රිත කොට වොස්සග්ගයට පරිණාමශීල කොට උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය වඩයි. මහණෙනි, මේ ‘භාවනාප්පධාන’ යි කියනු ලැබේ.

කතමඤ‍්ච භික‍්ඛවෙ, අනුරක‍්ඛණප‍්පධානං? ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු උප‍්පන‍්නං භද‍්දකං සමාධිනිමිත‍්තං අනුරක‍්ඛති අට‍්ඨිකසඤ‍්ඤං පුලවකසඤ‍්ඤං විනීලකසඤ‍්ඤං විපුබ‍්බකසඤ‍්ඤං විච‍්ඡිද‍්දකසඤ‍්ඤං උද‍්ධුමාතකසඤ‍්ඤං. ඉදං වුච‍්චති භික‍්ඛවෙ, අනුරක‍්ඛණාප‍්පධානං.

මහණෙනි, අනුරක්ඛණප්පධාන කවරේ ය? මහණෙනි, මෙසස්නෙහි මහණ උපන් කල්‍යාණ වූ සමාධිනිමිත්ත රක්නේ ය. අට්ඨිකසඤ්ඤාය, පුලවකසඤ්ඤාය, විනීලකසඤ්ඤාය, විපුබ්බකසඤ්ඤාය, විච්ඡිද්දකසඤ්ඤාය, උද්ධුමාතකසඤ්ඤාය යන මේ ය. මහණෙනි, මේ ‘අනුරක්ඛණප්පධාන’ යි කියනු ලැබේ.

ඉමානි ඛො භික‍්ඛවෙ, චත‍්තාරි පධානානීති.

මහණෙනි, මේ සතර ප්‍රධන් වීර්‍ය්‍යයෝ යි.

36. සංවරො ච පහාණඤ‍්ච භාවනා අනුරක‍්ඛණා, එතෙ පධානා චත‍්තාරො දෙසිතාදිච‍්චබන්‍ධුනා, යෙහි භික‍්ඛු ඉධාතාපී ඛයං දුක‍්ඛස‍්ස පාපුණෙ’ති.

36. මෙසස්නෙහි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති මහණ යම් වීර්‍ය්‍ය කෙනෙකුන් කරණ කොට ගෙණ දුඃඛක්‍ෂය සඞ්ඛ්‍යාත අර්‍හත්ත්‍වයට පැමිණේ ද, එබඳු වූ සංවරය, පහාණය, භාවනාය, අනුරක්ඛණය යන මේ සතර ප්‍රධන් වීර්‍ය්‍යයෝ ආදිච්චබන්‍ධු වූ බුදුරජාණන් වහන්සේ විසින් දෙසන ලදහ.