අග්ගපඤ්ඤත්තිසුත්තං
4. 1. 2. 5.
4. 1. 2. 5.
[අග්ගපඤ්ඤත්තිසුත්තං]
[අග්ගපඤ්ඤත්ති සූත්‍රය]
15. චතස්සො ඉමා භික්ඛවෙ, අග්ගපඤ්ඤත්තියො. කතමා චතස්සො?
15. මහණෙනි, මේ අග්‍රප්‍රඥප්තීහු සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
එතදග්ගං භික්ඛවෙ, අත්තභාවීනං යදිදං රාහු අසුරින්දො.
මහණෙනි, ආත්මභාවීන් අතුරෙන් යම් මේ රාහු අසුරෙන්ද්රෙයක් වේ ද, මෙ තෙම අග්‍රය.
එතදග්ගං භික්ඛවෙ, කාමභොගීනං යදිදං රාජා මන්ධාතා.
මහණෙනි, කාමභෝගීන් අතුරෙන් යම් මේ මාන්ධාතෘ නම් රජෙක් වේ ද, මෙ තෙම අග්‍රය.
එතදග්ගං භික්ඛවෙ, ආධිපතෙය්යානං යදිදං මාරො පාපිමා.
මහණෙනි, ආධිපත්‍යය කරණුවන් අතුරෙන් යම් මේ පාපී මාරයෙක් වේ ද, මෙ තෙම අග්‍රය.
සදෙවකෙ භික්ඛවෙ, ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය තථාගතො අග්ගමක්ඛායති අරහං සම්මාසම්බුද්ධො.
මහණෙනි, මරුන් සහිත බඹුන් සහිත දෙවියන් සහිත ලෝකයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවිමිනිසුන් සහිත සත්ත්‍වාඛ්‍ය ප්‍රජායෙහි අර්හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ අග්‍රයහ යි කියනු ලැබේ.
ඉමා ඛො භික්ඛවෙ, චතස්සො අග්ගපඤ්ඤත්තියො’ති.
මහණෙනි, මේ සතර අග්‍රප්‍රඥප්තීහු යි.
37. රාහග්ගං අත්තභාවිනං මන්ධාතා කාමභොගිනං, මාරො ආධිපතෙය්යානං ඉද්ධියා යසසා ජලං.
37. ආත්මභාවීන් අතුරෙන් රාහු අසුරිඳු අග්‍ර වේ. කාමභෝගීන් අතුරෙන් මාන්ධාතෘ සක්විති රජ අග්‍ර වේ. ආධිපත්‍ය කරණුවන්, දිව්‍ය සම්පත්ති සමෘද්ධියෙනුදු පරිවාර සඞ්ඛ්‍යාත යශසිනුදු බබලනුවන් අතුරෙන් මරදෙව්පිත් අග්‍ර වේ.
38. උද්ධං තිරියං අපාචීනං යාවතා ජගතො ගති, සදෙවකස්ස ලොකස්ස බුද්ධො අග්ගො පවුච්චතී’ති.
38. උඩය මැදය යටය යන ලෝකනිෂ්පත්තිය තෙක් දෙවියන් සහිත ලෝකයාට බුදුරජාණන් වහන්සේ අග්‍රයහ යි කියනු ලැබේ.