යෙදුමෙන් කියවන්න

සොඛුම‍්මසුත‍්තං

4. 1. 2. 6.

4. 1. 2. 6.

[සොඛුම‍්මසුත‍්තං]

[සොඛුම්ම සූත්‍රය]

16. චත‍්තාරිමානි භික‍්ඛවෙ, සොඛුම‍්මානි. කතමානි චත‍්තාරි?

16. මහණෙනි, මේ සූක්‍ෂමලක‍්ෂණප්‍රතිවේධකඥානයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:

ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු රූපසොඛුම‍්මෙන සමන‍්නාගතො හොති පරමෙන, තෙන ච රූපසොඛුම‍්මෙන අඤ‍්ඤං රූපසොඛුම‍්මං උත‍්තරිතරං වා පණීතතරං වා න සමනුපස‍්සති. තෙන ච රූපසොඛුම‍්මෙන අඤ‍්ඤං රූපසොඛුම‍්මං උත‍්තරිතරං වා පණීතතරං වා න පත්‍ථෙති.

මහණෙනි, මෙ සස්නෙහි මහණ රූපයෙහි උතුම් සූක්‍ෂමලක‍්ෂණපරිග්‍රාහකඥානයෙන් සමන්‍වාගත වෙයි. ඒ රූපසූක්‍ෂමභාවඥානයෙන් උත්තරිතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අනෙක් රූපසූක්‍ෂමත්‍වයක් නො දක්නේ ය. ඒ රූපසූක්‍ෂමභාවඥානයෙන් උත්තරිතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අන් රූපසූක්‍ෂමත්‍වයක් නො පතයි.

වෙදනාසොඛුම‍්මෙන සමන‍්නාගතො හොති පරමෙන. තෙන ච වෙදනාසොඛුම‍්මෙන අඤ‍්ඤං වෙදනාසොඛුම‍්මං උත‍්තරිතරං වා පණීතතරං වා න සමනුපස‍්සති. තෙන ච වෙදනාසොඛුම‍්මෙන අඤ‍්ඤං වෙදනාසොඛුම‍්මං උත‍්තරිතරං වා පණීතතරං වා න පත්‍ථෙති.

වේදනායෙහි උතුම් සූක්‍ෂමලක‍්ෂණප්‍රතිවේධකඥානයෙන් සමන්‍වාගත වෙයි. ඒ වේදනායෙහි සූක්‍ෂමලක‍්ෂණපරිග්‍රාහකඥානයෙනුදු උත්තරිතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අනෙක් වේදනාසූක්‍ෂමභාවයක් නො දක්නේ ය. ඒ වේදනාසූක්‍ෂමභාවඥානයෙන් උත්තරිතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අනෙක් වේදනාසූක්‍ෂමභාවයක් නො පතයි.

සඤ‍්ඤාසොඛුම‍්මෙන සමන‍්නාගතො හොති පරමෙන. තෙන ච සඤ‍්ඤාසොඛුම‍්මෙන අඤ‍්ඤං සඤ‍්ඤාසොඛුම‍්මං උත‍්තරිතරං වා පණීතතරං වා න සමනුපස‍්සති. තෙන ච සඤ‍්ඤාසොඛුම‍්මෙන අඤ‍්ඤං සඤ‍්ඤාසොඛුම‍්මං උත‍්තරිතරං වා පණීතතරං වා න පත්‍ථෙති.

සංඥායෙහි උතුම් සූක්‍ෂමලක‍්ෂණප්‍රතිවේධකඥානයෙන් සමන්‍වාගත වෙයි. ඒ සංඥායෙහි සූක්‍ෂමලක‍්ෂණපරිග්‍රාහකඥානයෙනුදු උත්තරිතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අනෙක් සංඥාසූක්‍ෂමභාවයක් නො දක්නේ ය. ඒ සංඥාසූක්‍ෂමභාවඥානයෙනුදු උත්තරිතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අනෙක් සංඥාසූක්‍ෂමභාවයක් නො පතයි.

සඞ‍්ඛාරසොඛුම‍්මෙන සමන‍්නාගතො හොති පරමෙන. තෙන ච සඞ‍්ඛාරසොඛුම‍්මෙන අඤ‍්ඤං සඞ‍්ඛාරසොඛුම‍්මං උත‍්තරිතරං වා පණීතතරං වා න සමනුපස‍්සති. තෙන ච සඞ‍්ඛාරසොඛුම‍්මෙන අඤ‍්ඤං සඞ‍්ඛාරසොඛුම‍්මං උත‍්තරිතරං වා පණීතතරං වා න පත්‍ථෙති.

සංස්කාරයෙහි උතුම් සූක්‍ෂමලක‍්ෂණප්‍රතිවේධකඥානයෙන් සමන්‍වාගත වෙයි. ඒ සංස්කාරයෙහි සූක්‍ෂමලක‍්ෂණපරිග්‍රාහකඥානයෙනුදු උත්තරිතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අනෙක් සංස්කාරසූක්‍ෂමභාවයක් නො දක්නේ ය. ඒ සංස්කාරසූක්‍ෂමභාවඥානයෙනුදු උත්තරිතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අනෙක් සංස්කාරසූක්‍ෂමභාවයක් නො පතයි.

ඉමානි ඛො, භික‍්ඛවෙ, චත‍්තාරි සොඛුම‍්මානීති.

මහණෙනි, මේ සතර සූක්‍ෂමලක‍්ෂණප්‍රතිවේධකඥානයෝ ය.

39. රූපසොඛුම‍්මතං ඤත්‍වා වෙදනානඤ‍්ච සම‍්භවං, සඤ‍්ඤා යතො සමුදෙති අත්‍ථං ගච‍්ඡති යත්‍ථ ච.

39. රූපස්කන්‍ධයාගේ සූක්‍ෂමභාවය දැන, වේදනාවන්ගේ ප්‍රභවය ද දැන, යම් කරුණින් සංඥාස්කන්‍ධය උදා වේ ද එ ද දැන, යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ වේ ද එද දැන,

40. සඞ‍්ඛාරෙ පරතො ඤත්‍වා දුක‍්ඛතො නො ච අත‍්තතො, ස වෙ සම‍්මද‍්දසො භික‍්ඛු සන‍්තො සන‍්තිපදෙ රතො, ධාරෙති අන‍්තිමං දෙහං ජෙත්‍වා මාරං සවාහිනින‍්ති.

40. සංස්කාරයන් අනිත්‍යතායෙන් පරවශයෙන් දැන, දුක් විසින් දැන, අනාත්ම විසින් දැන සිටුනා, මොනවට පස්කඳ දක්නා, සන්හුන් කෙලෙස් ඇති වන බැවින් ශාන්ත වූ, එහෙයින් ම ශාන්තිපද සඞ්ඛ්‍යාත නිවණෙහි ඇලුනු, ඒ මහණ ඒකාන්තයෙන් සෙන් සියෝ මරදෙවිපිත් දිනා අන්තිම දේහය දරයි.