අගතිසුත්තං
4. 1. 2. 7.
4. 1. 2. 7.
[අගතිසුත්තං]
[අගති සූත්රය]
17. චත්තාරිමානි භික්ඛවෙ, අගතිගමනානි. කතමානි චත්තාරි?
17. මහණෙනි, මේ අගතියට යන කරුණු සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
ඡන්දාගතිං ගච්ඡති. දොසාගතිං ගච්ඡති. මොහාගතිං ගච්ඡති. භයාගතිං ගච්ඡති.
ඡන්දෙයන් අගතියට යෙයි. ද්වේෂයෙන් අගතියට යෙයි. මෝහයෙන් අගතියට යෙයි. බියෙන් අගතියට යෙයි.
ඉමානි ඛො භික්ඛවෙ, චත්තාරි අගතිගමනානීති.
මහණෙනි, මේ අගතිගමන කරුණු සතර දෙනය.
41. ඡන්දා දොසා භයා මොහා යො ධම්මං අතිවත්තති, නිහීයති තස්ස යසො කාලපක්ඛෙව චන්දිමා’ති.
41. ඡන්දෙයනුදු ද්වේෂයෙනුදු භයෙනුදු මෝහයෙනුදු යමෙක් දහම පැන යේ ද ඔහුගේ යශස් පිරිහෙයි. කළුවර පස සඳු මෙනි.
4. 1. 2. 8.
4. 1. 2. 8.
[නාගතිසුත්තං]
[නාගති සූත්රය]
18. චත්තාරිමානි භික්ඛවෙ, නාගතිගමනානි. කතමානි චත්තාරි?
18. මහණෙනි, මේ සතර අගතිගමන නොවන කරුණු ය. කවර සතර කරුණුය යත්:
න ඡන්දාගතිං ගච්ඡති. න දොසාගතිං ගච්ඡති. න මොහාගතිං ගච්ඡති. න භයාගතිං ගච්ඡති.
ඡන්දයෙන් අගතියට නො යෙයි. ද්වේෂයෙන් අගතියට නො යෙයි. මෝහයෙන් අගතියට නො යෙයි. භයෙන් අගතියට නො යෙයි.
ඉමානි ඛො භික්ඛවෙ, චත්තාරි නාගතිගමනානීති.
මහණෙනි, මේ අගතිගමන නොවන සතර කරුණු යි.
42. ඡන්දා දොසා භයා මොහා යො ධම්මං නාතිවත්තති, ආපූරති තස්ස යසො සුක්කපක්ඛෙව චන්දිමා’ති.
42. ඡන්දයෙනුදු ද්වේෂයෙනුදු භයෙනුදු මෝහයෙනුදු යමෙක් දහම පැන නො යේ ද, ඔහුගේ යශස් පිරේ. පුරපස සඳු මෙනි.
4. 1. 2. 9.
4. 1. 2. 9.
[අගතිනාගතිසුත්තං]
[අගතිනාගති සූත්රය]
19. චත්තාරිමානි භික්ඛවෙ, අගතිගමනානි. කතමානි චත්තාරි?
19. මහණෙනි, මේ සතර අගතිගමන කරුණු ය. කවර සතර කරුණුය යත්:
ඡන්දාගතිං ගච්ඡති. දොසාගතිං ගච්ඡති. මොහාගතිං ගච්ඡති. භයාගතිං ගච්ඡති.
ඡන්දයෙන් අගතියට යෙයි. ද්වේෂයෙන් අගතියට යෙයි. මෝහයෙන් අගතියට යෙයි. භයෙන් අගතියට යෙයි.
ඉමානි ඛො භික්ඛවෙ, චත්තාරි අගතිගමනානීති.
මහණෙනි මේ අගතිගමන වන සතර කරුණු යි.
චත්තාරිමානි භික්ඛවෙ, නාගතිගමනානි. කතමානි චත්තාරි?
මහණෙනි, මේ සතර අගතිගමන නොවන කරුණු ය. කවර සතර කරුණුය යත්:
න ඡන්දාගතිං ගච්ඡති. න දොසාගතිං ගච්ඡති. න මොහාගතිං ගච්ඡති. න භයාගතිං ගච්ඡති.
ඡන්දයෙන් අගතියට නො යෙයි. ද්වේෂයෙන් අගතියට නො යෙයි. මෝහයෙන් අගතියට නො යෙයි. භයෙන් අගතියට නො යෙයි.
ඉමානි ඛො භික්ඛවෙ, චත්තාරි නාගතිගමනානීති.
මහණෙනි, මේ අගතිගමන නොවන සතර කරුණු යි.
43. ඡන්දා දොසා භයා මොහා යො ධම්මං අතිවත්තති, නිහීයති තස්ස යසො කාලපක්ඛෙව චන්දිමා’ති.
43. ඡන්දයෙනුදු ද්වේෂයෙනුදු භයෙනුදු මෝහයෙනුදු යමෙක් දහම පැන යේ ද ඔහුගේ යශස් පිරිහෙයි. කළුවරපස සඳු මෙනි.
44. ඡන්දා දොසා භයා මොහා යො ධම්මං නාතිවත්තති, ආපූරති තස්ස යසො සුක්කපක්ඛෙව චන්දිමා’ති.
44. ඡන්දයෙනුදු ද්වේෂයෙනුදු භයෙනුදු මෝහයෙනුදු යමෙක් දහම පැන නො යේ ද ඔහුගේ යශස් පිරේ. පුරපස සඳු මෙනි.