යෙදුමෙන් කියවන්න

භත‍්තුද‍්දෙසසුත‍්තං

4. 1. 2. 10.

4. 1. 2. 10.

[භත‍්තුද‍්දෙසසුත‍්තං]

[භත්තුද්දෙසක සූත්‍රය]

20. චතූහි භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො භත‍්තුද‍්දෙසකො යථාභතං නික‍්ඛිත‍්තො එවං නිරයෙ. කතමෙහි චතූහි?

20. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ‘භත්තුද්දෙසක’ මහණ යම් සේ ගෙනවුත් බහා තැබුයේ වේ ද එපරිද්දෙන් නිරයෙහි සිටුනේ ය. කවර සතර කරුණෙන යත්:

ඡන්‍දාගතිං ගච‍්ඡති. දොසාගතිං ගච‍්ඡති. මොහාගතිං ගච‍්ඡති. භයාගතිං ගච‍්ඡති.

ඡන්‍දයෙන් අගතියට යෙයි. ද්වේෂයෙන් අගතියට යෙයි. මෝහයෙන් අගතියට යෙයි. බියෙන් අගතියට යෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ, චතූහි ධම‍්මෙහි සමන‍්නාගතො භත‍්තුද‍්දෙසකො යථාභතං නික‍්ඛිත‍්තො එවං නිරයෙ.

මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත භත්තුද්දෙසක මහණ යම් සේ ගෙනවුත් බහා තැබුයේ වේ ද එපරිද්දෙන් නිරයෙහි සිටුනේ ය.

චතූහි භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො භත‍්තුද‍්දෙසකො යථාභතං නික‍්ඛිත‍්තො එවං සග‍්ගෙ. කතමෙහි චතූහි?

මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ‘භත්තුද්දෙසක’ මහණ යම්සේ ගෙනවුත් බහා තැබූයේ වේ ද එපරිද්දෙන් ස්වර්‍ගයෙහි සිටුනේ ය. කවර සතර කරුණෙන යත්:

න ඡන්‍දාගතිං ගච‍්ඡති. න දොසාගතිං ගච‍්ඡති. න මොහාගතිං ගච‍්ඡති. න භයාගතිං ගච‍්ඡති.

ඡන්‍දයෙන් අගතියට නො යෙයි. ද්වේෂයෙන් අගතියට නො යෙයි. මෝහයෙන් අගතියට නො යෙයි. බියෙන් අගතියට නො යෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ, චතූහි ධම‍්මෙහි සමන‍්නාගතො භත‍්තුද‍්දෙසකො යථාභතං නික‍්ඛිත‍්තො එවං සග‍්ගෙති.

මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත ‘භත්තුද්දෙසක’ මහණ යම් සේ ගෙනවුත් බහා තැබුයේ වේ ද එපරිද්දෙන් ස්වර්‍ගයෙහි සිටුනේ ය.

45. යෙ කෙචි කාමෙසු අසඤ‍්ඤතා ජනා, අධම‍්මිකා හොන‍්ති අධම‍්මගාරවා, ඡන්‍දා ච දොසා ච භයා ච ගාමිනො පරිසක‍්කසාවො ච පනෙස වුච‍්චති. එවං හි වුත‍්තං සමණෙන ජානතා.

45. කාමයෙහි අසංයත වූ යම් කිසි ජන කෙනෙක් අධාර්මික වෙත් ද ධර්‍මගෞරව රහිත වෙත් ද ඡන්‍දයෙනුදු ද්වේෂයෙනුදු භයෙනුදු අගතිගාමීහු වෙත් ද (මෙ බඳු ජනයන් ඇති පිරිසෙහි) මේ භත්තුද්දෙසක තෙමේ ‘පිරිස්කසළුය’ යි කියනු ලැබේ. සියල්ල දන්නා වූ බුද්ධශ්‍රමණයන් වහන්සේ විසින් මෙසේ වදාරණ ලදී.

46. තස‍්මා හි තෙ සප‍්පුරිසා පසංසියා, ධම‍්මෙ ඨිතා යෙ න කරොන‍්ති පාපකං, න ඡන්‍දෙදාසා න භයා ච ගාමිනො. පරිසාය මණ‍්ඩො ච පනෙස වුච‍්චති එවං හි වුත‍්තං සමණෙන ජානතා’ති.

46. යම් ජන කෙනෙක් ධර්‍මයෙහි සිටියාහු පව් නො කෙරෙද්ද, ඡන්‍දයෙන් හා ද්වේෂයෙන් අගතිගාමී නො වෙද්ද, බියෙනුදු අගතිගාමීහු නොවෙත් ද, එහෙයින් ඒ සත්පුරුෂයෝ පැසසිය යුත්තාහ. (මෙබඳු ජනයන් ඇති) පිරිසෙහි මේ භත්තුද්දෙසක තෙමේ ‘මණ්ඩන’ යි කියනු ලැබේ. සියල්ල දන්නා වූ බුද්ධශ්‍රමණයන් වහන්සේ විසින් මෙසේ වදාරණ ලදී.

චරවග‍්ගො දුතියො.

චරවර්‍ග දෙවැනි යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

චරං සීලං පධානානි, සංවරං පඤ‍්ඤත‍්ති පඤ‍්චමං, සොඛුම‍්මං තයො අගතී භත‍්තුද‍්දෙසෙන තෙ දසාති.

චර, සීල, පධාන, සංවර, පස් වැනි පඤ්ඤත්ති, සොඛුම්ම, අගති (සූත්‍ර) තුණය, භත්තුද්දෙස යනු හා ඒ සූත්‍ර දසයෙකි.