යෙදුමෙන් කියවන්න

පඨම උරුවෙලසුත‍්තං

4. 1. 3. 1.

4. 1. 3. 1.

[පඨම උරුවෙලසුත‍්තං]

[ප්‍රථම උරුවේල සූත්‍රය]

21. [එවං මෙ සුතං:] එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි භික‍්ඛවො’ති. භදන‍්තෙති තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච :

21. [මා විසින් මෙසේ අසන ලදී] එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ ජේතවන නම් වූ, අනේපිඬු මහසිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි, යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල සූත්‍රය වදාළ සේක:

එකමිදාහං භික‍්ඛවෙ, සමයං උරුවෙලායං විහරාමි නජ‍්ජා නෙරඤ‍්ජරාය තීරෙ අජපාලනිග්‍රොධෙ පඨමාභිසම‍්බුද‍්ධො.

මහණෙනි, මම එක් කලෙක උරුවෙල් දනව්වෙහි නේරඤ්ජරා හෝතෙර අජපාල නම් න්‍යග්‍රෝධමූලයෙහි සම්‍යක් සම්බුද්ධ ව පළමු ම වෙසෙමි.

තස‍්ස මය‍්හං භික‍්ඛවෙ, රහොගතස‍්ස පතිසල‍්ලීනස‍්ස එවං චෙතසො පරිවිතක‍්කො උදපාදි : දුක‍්ඛං ඛො අගාරවො විහරති අප‍්පතිස‍්සො. කන‍්නු ඛො අහං සමණං වා බ්‍රාහ‍්මණං වා සක‍්කත්‍වා ගරුකත්‍වා උපනිස‍්සාය විහරෙය්‍යන‍්ති. තස‍්ස මය‍්හං භික‍්ඛවෙ, එතදහොසි:

මහණෙනි, රහෝගත වූ එකත් අරමුණෙහි ඇලුනු මට මෙබඳු වූ චිත්තපරිවිතර්‍කයෙක් උපන: අනෙකකු කෙරෙහි ගෞරව නැතියේ ප්‍රතිශ්‍රය නැතියේ දුකසේ වෙසෙයි. මම කිනම් මහණකු හෝ බමුණකු හෝ සත්කාර කොට ගෙණ ගුරු කොට ගෙණ ඇසුරු කොට ගෙණ වෙසෙම් දෝයී. මහණෙනි, ඒ මට මෙබඳු සිතෙක් වී.

අපරිපූරස‍්ස ඛො අහං සීලක‍්ඛන්‍ධස‍්ස පාරිපූරියා අඤ‍්ඤං සමණං වා බ්‍රාහ‍්මණං වා සක‍්කත්‍වා ගරුකත්‍වා උපනිස‍්සාය විහරෙය්‍යං, න ඛො පනාහං පස‍්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ‍්මකෙ සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙවමනුස‍්සාය අඤ‍්ඤං සමණං වා බ්‍රාහ‍්මණං වා අත‍්තනා සීලසම‍්පන‍්නතරං යමහං සක‍්කත්‍වා ගරුකත්‍වා උපනිස‍්සාය විහරෙය්‍යං.

මම නො පිරිපුන් ශීලස්කන්‍ධයාගේ පිරිපුන්බව පිණිස අන් මහණකු හෝ බමුණකු හෝ සත්කාර කොට ගෙණ ගුරු කොට ගෙණ ඇසුරු කොට ගෙණ වෙසෙම් නම්, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි-ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත අවශේෂ දේවමනුෂ්‍යයන් සහිත සත්ත්‍වාඛ්‍ය ප්‍රජායෙහි, මම යමකු සත්කාර කොට ගෙණ ගුරු කොට ගෙණ ඇසුරු කොට ගෙණ වෙසෙම් නම්, තමාට වඩා සිල්සපන් එබඳු අන් මහණකු හෝ බමුණකු හෝ මම (බුදුඇසින්) නො දක්මි.

අපරිපූරස‍්ස ඛො අහං සමාධික‍්ඛන්‍ධස‍්ස පාරිපූරියා අඤ‍්ඤං සමණං වා බ්‍රාහ‍්මණං වා සක‍්කත්‍වා ගරුකත්‍වා උපනිස‍්සාය විහරෙය්‍යං. න ඛො පනාහං පස‍්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ‍්මකෙ සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙවමනුස‍්සාය අඤ‍්ඤං සමණං වා බ්‍රාහ‍්මණං වා අත‍්තනා සමාධිසම‍්පන‍්නතරං යමහං සක‍්කත්‍වා ගරුකත්‍වා උපනිස‍්සාය විහරෙය්‍යං.

මම නොපිරිපුන් සමාධිස්කන්‍ධයාගේ පිරිපුන් බව පිණිස අන් මහණකු හෝ බමුණකු හෝ සත්කාර කොට ගෙණ ගුරුකොට ගෙණ ඇසුරුකොට ගෙණ වෙසෙම් නම්, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි මහණ බමුණන් සහිත සෙසු දෙවිමිනිසුන් සහිත ප්‍රජායෙහි මම යමකු සත්කාර කොට ගෙණ ගුරුකොට ගෙණ වෙසෙම් නම්, තමාට වඩා සමාධිසම්පන්න වූ එබඳු අන් මහණකු හෝ බමුණකු හෝ මම නො දක්මි.

අපරිපූරස‍්ස ඛො අහං පඤ‍්ඤාක‍්ඛන්‍ධස‍්ස පාරිපූරියා අඤ‍්ඤං සමණං වා බ්‍රාහ‍්මණං වා සක‍්කත්‍වා ගරුකත්‍වා උපනිස‍්සාය විහරෙය්‍යං. න ඛො පනාහං පස‍්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ‍්මකෙ සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙවමනුස‍්සාය අඤ‍්ඤං සමණං වා බ්‍රාහ‍්මණං වා අත‍්තනා පඤ‍්ඤාසම‍්පන‍්නතරං, යමහං සක‍්කත්‍වා ගරුකත්‍වා උපනිස‍්සාය විහරෙය්‍යං.

මම නොපිරිපුන් ප්‍රඥාස්කන්‍ධයාගේ පිරිපුන් බව පිණිස අන් මහණකු හෝ බමුණකු හෝ සත්කාර කොට ගෙණ ගුරු කොට ගෙණ ඇසුරු කොට ගෙණ වෙසෙම් නම්, දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ලෝකයෙහි - මහණ බමුණන් සහිත වූ අවශේෂ දෙවිමිනිසුන් සහිත වූ ප්‍රජායෙහි මම යමකු සත්කාර කොට ගෙණ ගුරු කොට ගෙණ ඇසුරු කොට ගෙණ වෙසෙම් නම්, තමාට වඩා ප්‍රඥාසම්පන්න වූ එබඳු අන් මහණකු හෝ බමුණකු හෝ මම නො දක්මි.

අපරිපූරස‍්ස ඛො අහං විමුත‍්තික‍්ඛන්‍ධස‍්ස පාරිපූරියා අඤ‍්ඤං සමණං වා බ්‍රාහ‍්මණං වා සක‍්කත්‍වා ගරුකත්‍වා උපනිස‍්සාය විහරෙය්‍යං. න ඛො පනාහං පස‍්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ‍්මකෙ සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙවමනුස‍්සාය අත‍්තනා විමුත‍්තිසම‍්පන‍්නතරං, යමහං සක‍්කත්‍වා ගරුකත්‍වා උපනිස‍්සාය විහරෙය්‍යන‍්ති.

මම නො පිරිපුන් විමුක්තිස්කන්‍ධයාගේ පිරිපුන් බව පිණිස අන් මහණකු හෝ බමුණකු හෝ සත්කාර කොට ගෙණ ගුරු කොට ගෙණ ඇසුරු කොට ගෙණ වෙසෙම් නම්, දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ලෝකයෙහි - මහණබමුණන් සහිත වූ අවශේෂ දෙවිමිනිසුන් සහිත වූ ප්‍රජායෙහි මම යමකු සත්කාර කොට ගෙණ ගුරු කොට ගෙණ ඇසුරු කොට ගෙණ වෙසෙම් නම්, තමාට වඩා විමුක්ති සම්පන්න වූ එබඳු අන් මහණකු හෝ බමුණකු හෝ මම නො දක්මි.

තස‍්ස මය‍්හං භික‍්ඛවෙ, එතදහොසි : යන‍්නූනාහං යොපායං ධම‍්මො මයා අභිසම‍්බුද‍්ධො තමෙව ධම‍්මං සක‍්කත්‍වා ගරුකත්‍වා උපනිස‍්සාය විහරෙය්‍යන‍්ති.

මහණෙනි, ඒ මට මෙබඳු සිතෙක් වී: මා විසින් යම් මේ ධර්‍මයෙක් අවබෝධ කරණ ලද නම්, ඒ දහම ම සත්කාර කොට ගෙණ ගුරු කොට ගෙණ ඇසුරු කොට ගෙණ මම වෙසෙම් නම් මැනවි නො! යී.

අථ ඛො භික‍්ඛවෙ, බ්‍රහ‍්මා සහම‍්පති මම චෙතසා චෙතොපරිවිතක‍්කමඤ‍්ඤාය සෙය්‍යථාපි නාම බලවා පුරිසො සම‍්මිඤ‍්ජිතං වා බාහං පසාරෙය්‍ය, පසාරිතං වා බාහං සම‍්මිඤ‍්ජෙය්‍ය, එවමෙවං බ්‍රහ‍්මලොකෙ අන‍්තරහිතො මම පුරතො පාතුරහොසි.

මහණෙනි, එක්බිති සහම්පති මහබඹ ඔහු සිතින් මාගේ චිත්තපරිවිතර්‍කය දැන යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළූ අතක් දිගු කරන්නේ ද දික් කළ අතක් හකුළා ගන්නේ ද එපරිදි බ්‍රහ්මලෝකයෙහි අතුරුදහන් කෙළේ මා පෙරට පහළ වී.

අථ ඛො භික‍්ඛවෙ, බ්‍රහ‍්මා සහම‍්පති එකංසං උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා දක‍්ඛිණං ජාණුමණ‍්ඩලං පුථුවියං නිහන‍්ත්‍වා යෙනාහං තෙනඤ‍්ජලිං පණාමෙත්‍වා මං එතදවොච : එවමෙතං භගවා, එවමෙතං සුගත, යෙපි තෙ භන‍්තෙ, අහෙසුං අතීතමද‍්ධානං අරහන‍්තො සම‍්මාසම‍්බුද‍්ධා. තෙපි භගවන‍්තො ධම‍්මංයෙව සක‍්කත්‍වා ගරුකත්‍වා උපනිස‍්සාය විහරිංසු. යෙපි තෙ භන‍්තෙ භවිස‍්සන‍්ති අනාගතමද‍්ධානං අරහන‍්තො සම‍්මාසම‍්බුද‍්ධා, තෙපි භගවන‍්තො ධම‍්මං යෙව සක‍්කත්‍වා ගරුකත්‍වා උපනිස‍්සාය විහරිස‍්සන‍්ති. භගවාපි භන‍්තෙ, එතරහි අරහං සම‍්මාසම‍්බුද‍්ධො ධම‍්මං යෙව සක‍්කත්‍වා ගරුකත්‍වා උපනිස‍්සාය විහරතූති.

මහණෙනි, එක්බිති සහම්පතී මහබඹ උතුරුසළුව එකස් කොට ලා දකුණු දණමඬල බිම හැන මා වෙත ඇඳිලි නමා මට මෙ තෙපුල් සැළ කෙළේය: භාග්‍යවතුන් වහන්ස, තෙල එසේ ම ය. සුගතයන් වහන්ස, තෙල එසේ ම ය. වහන්ස, අතීත කාලයෙහි යම් ඒ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කෙනෙක් වූහු ද, ඒ භගවත්හුදු දහම ම සත්කාර කොට ගෙණ ගුරු කොට ගෙණ ඇසුරු කොට ගෙණ විසූහ. වහන්ස, අනාගතයෙහි යම් ඒ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කෙනෙක් වෙද් ද, ඒ භගවත්හුදු දහම ම සත්කාර කොට ගෙණ ගුරු කොට ගෙන ඇසුරු කොට ගෙණ වෙසෙත්. වහන්ස, මෙකල අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ ද දහම ම සත්කාර කොට ගෙණ ගුරු කොට ගෙන ඇසුරු කොට ගෙණ වෙසෙත්වා යී.

ඉදමවොච බ්‍රහ‍්මා සහම‍්පති. ඉදං වත්‍වා අථාපරං එතදවොච :

සහම්පති මහබඹ මෙය කීය. මෙය කියා වැලිත් අනෙක් තෙල බස් ද කීය:

47. යෙ චබ‍්භතීතා සම‍්බුද‍්ධා යෙ ච බුද‍්ධා අනාගතා, යො චෙතරහි සම‍්බුද‍්ධො බහුන‍්නං සොකනාසනො.

47. අතීතකාලික වූ යම් සම්බුදු කෙනෙක් වූහු ද, අනාගතකාලික වූ යම් සම්බුදු කෙනෙකුත් වෙද්ද, දැන් බොහෝ දෙනාගේ ශෝක නසන යම් සම්බුද්ධයන් වහන්සේ කෙනෙක් ඇද්ද,

48. සබ‍්බෙ සද‍්ධම‍්මගරුනො විහංසු විහරන‍්ති ච, අථොපි විහරිස‍්සන‍්ති එසා බුද‍්ධාන ධම‍්මතා.

48. එහැම සද්ධර්‍මය ගුරු කොට ඇත්තාහු විසූහ. දැනුදු වෙසෙත්. වැලි අනාගතයෙහිදු වෙසෙත්. බුදුවරුන්ගේ මේ ධර්‍මතා ය.

49. තස‍්මා හි අත්‍ථකාමෙන මහත‍්තමභිකඞ‍්ඛතා, සද‍්ධම‍්මො ගරුකාතබ‍්බො සරං බුද‍්ධානසාසනන‍්ති.

49. එහෙයින් වැඩ කැමැති, මහත්බව පතන, බුදුවරුන්ගේ සස්න සිහි කරන්නහු විසින් සද්ධර්‍මය ගරු කටයුත්තේ යි.

ඉදමවොච භික‍්ඛවෙ, බ්‍රහ‍්මා සහම‍්පති. ඉදං වත්‍වා මං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා තත්‍ථෙවන‍්තරධායී.

මහණෙනි, සහම්පති මහබඹ මේ කිය. මෙය කියා මා වැඳ පැදකුණු කොට එහි ම අතුරුදහන් කෙළේ ය.

අථඛ‍්වාහං භික‍්ඛවෙ, බ්‍රහ‍්මුනො ච අජ‍්ඣෙසනං විදිත්‍වා අත‍්තනො ච පතිරූපං, යොපායං ධම‍්මො මයා අභිසම‍්බුද‍්ධො තමෙව ධම‍්මං සක‍්කත්‍වා ගරුකත්‍වා උපනිස‍්සාය විහාසිං. යතො ච ඛො භික‍්ඛවෙ, සඞ‍්ඝොපි මහත‍්තෙන සමන‍්නාගතො, අථ මෙ සඞ‍්ඝෙපි (තිබ‍්බ) ගාරවොති.

මහණෙනි, එක්බිති මම බ්‍රහ්මාරාධනය ද තමහට නිස්සද දැන, මා විසින් යම් ධර්‍මයෙක් අවබෝධ කරණ ලද ද, ඒ දහම ම සත්කාර කොට ගෙණ ගුරු කොට ගෙණ ඇසුරු කොට ගෙන විසීමි. මහණෙනි, යම් කලෙක සිට සඞ්ඝයාත් (චතුර්විධ) මහත්ත්‍වයෙන් සමන්‍වාගත ද එකල සඞ්ඝයා කෙරෙහිදු මාගේ බලවත් ගෞරවය විය.