දුතිය උරුවෙලසුත්තං
4. 1. 3. 2.
4. 1. 3. 2.
[දුතිය උරුවෙලසුත්තං]
[ද්විතීය උරුවේල සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
22. එකමිදාහං භික්ඛවෙ, සමයං උරුවෙලායං විහරාමි නජ්ජා නෙරඤ්ජරාය තීරෙ අජපාලනිග්රොධෙ පඨමාභිසම්බුද්ධො. අථ ඛො භික්ඛවෙ, සම්බහුලා බ්රාහ්මණා ජිණ්ණා වුද්ධා මහල්ලකා අද්ධගතා වයොඅනුප්පත්තා යෙනාහං තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා මම සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො භික්ඛවෙ, තෙ බ්රාහ්මණා මං එතදවොචුං :
22. මහණෙනි, මම එක් කලෙක උරුවේලා දනව්වෙහි නේරඤ්ජරා හෝතෙර අජපාලන්යග්රෝධමූලයෙහි සම්‍යක්සම්බුද්ධ ව පළමු ම වෙසෙමි. මහණෙනි එකල ජරාජීර්ණ වූ වයෝවෘද්ධ වූ දෑමහලු වූ තුන් විය ඉක්ම වූ පැසිම්විය ට පැමිණි බොහෝ බමුණෝ (හුහුඞ්කජාතික බමුණු සමග) මා කරා එළඹියහ. එළඹ මා සමග සතුටු වූහ. තුස්නට නිසි සිහි කළ යුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්හ. මහණෙනි, එකත්පසෙක හුන් ඒ බමුණෝ මට තෙල වචන කීහ:
සුතං නෙතං භො ගොතම න සමණො ගොතමො බ්රාහ්මණෙ ජිණ්ණෙ වුද්ධෙ මහල්ලකෙ අද්ධගතෙ වයොඅනුප්පත්තෙ අභිවාදෙති වා පච්චුට්ඨෙති වා ආසනෙන වා නිමන්තෙති. තයිදං භො ගොතම, තථෙව. නහි භවං ගොතමො බ්රාහ්මණෙ ජිණ්ණෙ වුද්ධෙ මහල්ලකෙ අද්ධගතෙ වයොඅනුප්පත්තෙ අභිවාදෙති වා පච්චුට්ඨෙති වා ආසනෙන වා නිමන්තෙති. තයිදං භො ගොතම, න සම්පන්නමෙවාති.
භවත් ගෞතමයෙනි, “මහණ ගොයුම්හු ජරාජීර්ණ, වයෝවෘද්ධ, දෑමහලු, තුන්විය ඉක්ම සිටි, පැසිම්වියට පැමිණි බමුණන් නොවඳිති යි, දැක හුනස්නෙන් නො නැගිටිති යි, අසුනෙන් නො අමතති” යි අප විසින් තෙල අසන ලදී. භවත් ගෞතමයෙනි, එය (අප විසින් ඇසූ කරුණ) එසේ ම ය. භවත් ගෞතමයෝ ජීර්ණ, වෘද්ධ, මහලු, අධවගත, පශ්චිමවයසට ගිය, බමුණන් නො වඳිති. දැක හුනස්නෙන් නො නැගිටිති. අසුනෙන් නො කැඳවති. භවත් ගෞතමයෙනි, එකරුණ නොනිසි මැ යි.
තස්ස මය්හං භික්ඛවෙ, එතදහොසි : න වතිමෙ ආයස්මන්තො ජානන්ති ථෙරං වා ථෙරකරණෙ වා ධම්මෙ. වුද්ධො චෙපි භික්ඛවෙ, හොති ආසීතිකො වා නාවුතිකො වා වස්සසතිකො වා ජාතියා. සො ච හොති අකාලවාදී අභූතවාදී අනත්ථවාදී අධම්මවාදී අවිනයවාදී අනිධානවතිං වාචං භාසිතා අකාලෙන අනපදෙසං අපරියන්තවතිං අනත්ථසංහිතං. අථ ඛො සො බාලො ථෙරොත්ථෙව සඞ්ඛං ගච්ඡති.
මහණෙනි, මට මෙබඳු සිතෙක් වී: මේ ආයුෂ්මත්හු ස්ථවිර හෝ ස්ථවිර භාවය කරණ දහම් හෝ එකැතින් ම නො දනිත්. මහණෙනි, ඉදින් උපතින් අසූවයස් ඇති හෝ අනූවයස් ඇති හෝ සියක් වයස් ඇති හෝ වෘද්ධයෙක් වෙයි. හෙ ද අකාලවාදීත් වෙයි. අභූතවාදීත් වෙයි. අනර්ත්ථවාදීත් වෙයි. අධර්මවාදීත් වෙයි. අවිනයවාදීත් වෙයි. අකාලයෙහි නිෂ්කාරණ වූ පර්ය්යන්තරහිත වූ ලොවීලොව්තුරා අරුත් නැති ලෙහි නිධන් නො කටයුතු තෙපුල් කියන්නේත් වෙයි. ඒ අඳබල් ද ස්ථවිර ම ය යි ගණනට වැටෙයි.
දහරො චෙපි භික්ඛවෙ, හොති යුවා සුසුකාළකෙසො භද්දෙන යොබ්බනෙන සමන්නාගතො පඨමෙන වයසා. සො ච හොති කාලවාදී භූතවාදී අත්ථවාදී ධම්මවාදී විනයවාදී නිධානවතිං වාචං භාසිතා කාලෙන සාපදෙසං පරියන්තවතිං අත්ථසංහිතං. අථ ඛො සො පණ්ඩිතො ථෙරොත්වෙව සඞ්ඛං ගච්ඡති.
මහණෙනි, ඉඳින් තුරුණු වූ ඉකළු කෙස් ඇති භද්‍රයෞවනයෙන් සමන්වාගත ප්රථමවයසින් යුත් ළදරුවෙක් වෙයි. හෙ ද කාලවාදීත් වෙයි. භූතවාදීත් වෙයි අර්ත්ථවාදීත් වෙයි. ධර්මවාදීත් වෙයි. විනයවාදීත් වෙයි. නිසි කල කරුණු සහිත වූ පර්‍ය්‍යන්ත ඇති ලොවී ලොව්තුරා අරුත් ඇති ලෙහි නිධන් කළයුතු තෙපුල් කියන්නේත් වෙයි. ඒ පණ්ඩිත තෙමේ ස්ථවිර ම ය යි ගණනට වැටෙයි.
චත්තාරොමෙ භික්ඛවෙ, ථෙරකරණා ධම්මා. කතමෙ චත්තාරො?
මහණෙනි, මේ ථේර (තෙරබව) කරණ ධර්මයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
ඉධ භික්ඛවෙ, භික්ඛු සීලවා හොති. පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී, සමාදාය සික්ඛති සික්ඛාපදෙසු.
මහණෙනි, මෙසස්නෙහි මහණ සිල්වත් වෙයි, ප්රාතිමෝක්ෂසංවරශීලයෙන් සංවෘත ව වෙසෙයි. ආචාරගෝචරසම්පන්න වෙයි, අණුමාත්‍ර වරදෙහි බිය දක්නා සුලු වෙයි, සිකපද මොනවට ගෙණ හික්මෙයි.
බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො, යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙකල්යාණා පරියොසානකල්යාණා සාත්ථා සව්යඤ්ජනා කෙවලපරිපුණ්ණා පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති, තථාරූපාස්ස ධම්මා බහුස්සුතා හොන්ති ධතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා, දිට්ඨියා සුප්පටිවිද්ධා.
බහුශ්‍රුත වෙයි, ශ්‍රැතධර වෙයි, ශ්‍රැතසන්නිචය (=රැස් කොට ගත් ශ්‍රැත ඇත්තේ) වෙයි, ආදිකල්‍යාණ වූ මධ්‍යකල්‍යාණ වූ පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ අර්ත්ථ සහිත වූ ව්‍යඤ්ජනසහිත වූ කේවලපරිපූර්‍ණ වූ පරිශුද්ධබ්රහ්මචර්ය්යය කියන යම් ඒ දහම්හු ඇත් ද, එබඳු දහම්හු මොහු විසින් බෙහෙවින් අසන ලද්දාහු දරණ ලද්දාහු තෙපුලෙන් වනපොත් කරණ ලද්දාහු සිතින් පුන පුනා දක්නා ලද්දාහු (අරුත් විසින් කරුණු විසින්) ප්‍රඥායෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්.
චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී.
අධිචිත්තය ඇසුරු කොට සිටි ඉහාත්මයෙහි සුඛවිහරණ ඇති සතර දැහැන් (රිසි රිසි කෙණෙහි සමවැදීම් විසින්) කැමැතිසේ ලබන සුලු වෙයි. සුවසේ ලබන සුලු වෙයි. විපුල කොට ලබන සුලු වෙයි.
ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති.
ආස්‍රවක්‍ෂයහේතුයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්ති ප්‍රඥාවිමුක්ති මෙලොව්හි ම තමා විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට ගෙණ ඇටිඇටිසඳ සමවැද වෙසෙයි.
ඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො ථෙරකරණා ධම්මාති.
මහණෙනි, මේ සතර ථේර කරණ ධර්මයෝය.
50. යො උද්ධතෙන චිත්තෙන සම්ඵඤ්ච බහු භාසති, අසමාහිතසඞ්කප්පො අසද්ධම්මරතො මගො, ආරා සො ථාවරෙය්යම්හා පාපදිට්ඨි අනාදරො.
50. යමෙක් විසුරුණු සිතින් බොහෝ කොට පලප බෙණේ ද, නොපිහිටුවාලූ සංකල්ප ඇති අසද්ධර්මයෙහි නියැලි මෘග සදෘශ ලමු දිටුහ ඇති නිරාදර වූ හෙ තෙමේ ස්ථාවරභාවයෙන් දුරුව සිටුනේ ය.
51. යො ච සීලෙන සම්පන්නො සුතවා පටිභානවා, සඤ්ඤතො ථිරධම්මෙසු පඤ්ඤායත්ථං විපස්සති, පාරගූ සබ්බධම්මානං අඛිලො පටිභානවා.
51. යමෙක් ශීලසම්පන්න වූයේ ශ්‍රැතවත් වූයේ ප්‍රතිභාන ඇතියේ ස්ථාවරධර්මයෙහි සංයත වූයේ මාර්‍ගප්‍රඥායෙන් සත්යාර්ත්ථය විනිවිද දක්නේ ද හැම ස්කන්ධාදි දහම්හි තෙරපත් වේ ද, රාගාදි ඛිල රහිත වේ ද,
52. පහීනජාතිමරණො බ්රහ්මචරියස්ස කෙවලී, තමහං වදාමි ථෙරොති යස්ස නො සන්ති ආසවා, ආසවානං ඛයා භික්ඛු සො ථෙරොති පවුච්චතීති.
52. පැහු දෑමරණ ඇතියේ ද, බඹසර පිරිපුන් කෙළේ වේ ද, යමක්හට ආස්‍රවයෝ නැත් ද, ඔහු මම ‘ථේර’ ය යි කියමි. ආස්‍රවක්‍ෂයයෙන් ඒ මහණ ‘ථේර’ ය යි කියනු ලැබේ.