යෙදුමෙන් කියවන්න

ලොකසුත‍්තං

4. 1. 3. 3.

4. 1. 3. 3.

[ලොකසුත‍්තං]

[ලෝක සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

23. ලොකො භික‍්ඛවෙ, තථාගතෙන අභිසම‍්බුද‍්ධො. ලොකස‍්මා තථාගතො විසංයුත‍්තො. ලොකසමුදයො භික‍්ඛවෙ, තථාගතෙන අභිසම‍්බුද‍්ධො. ලොකසමුදයො තථාගතස‍්ස පහීණො. ලොකනිරොධො භික‍්ඛවෙ, තථාගතෙන අභිසම‍්බුද‍්ධො. ලොකනිරොධො තථාගතස‍්ස සච‍්ඡිකතො. ලොකනිරොධගාමිනීපටිපදා භික‍්ඛවෙ, තථාගතෙන අභිසම‍්බුද‍්ධා. ලොකනිරොධගාමිනීපටිපදා තථාගතස‍්ස භාවිතා.

23. මහණෙනි, ලෝකය - දුඃඛසත්‍යය තථාගතයන් වහන්සේ විසින් පසක් කරණ ලදී. තථාගතයන් වහන්සේ ලෝකයෙන් - දුඃඛසත්‍යයෙන් විසංයුක්තයහ. මහණෙනි, ලෝකසමුදය (තෘෂ්ණාව) තථාගතයන් වහන්සේ විසින් පසක් කරණ ලදී. තථාගතයන් වහන්සේ විසින් ලෝකසමුදය ප්‍රහීණ කරණ ලදී. මහණෙනි, ලොකනිරොධය තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරණ ලදී. ලොකනිරොධය තථාගතයන් වහන්සේ විසින් පසක් කරණ ලදී. මහණෙනි, ලෝකනිරෝධගාමිනී ප්‍රතිපද් තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරණ ලදු. ලෝකනිරෝධගාමිනීප්‍රතිපද් තථාගතයන් වහන්සේ විසින් වඩන ලදු.

යං භික‍්ඛවෙ, සදෙවකස‍්ස ලොකස‍්ස සමාරකස‍්ස සබ්‍රහ‍්මකස‍්ස සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙවමනුස‍්සාය දිට‍්ඨං සුතං මුතං විඤ‍්ඤාතං පත‍්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, සබ‍්බං තං තථාගතෙන අභිසම‍්බුද‍්ධං. තස‍්මා තථාගතො’ති වුච‍්චති.

මහණෙනි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයා විසින් ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත අවශේෂ දේවමනුෂ්‍යයන් සහිත සත්ත්‍වාඛ්‍ය ප්‍රජාව විසින් යම් රූපායතනයෙක් ශබ්දායතනයෙක් ගන්‍ධරස ස්ප්‍රෂ්ටව්‍යායතනයෙක් ධර්‍මාලම්බනයෙක් ලබන ලද ද, සොයන ලද ද, සිතින් ලුහුබැඳ ගන්නා ලද ද, එ හැම තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරණ ලදී. එයින් ‘තථාගත’යයි කියනු ලැබේ.

යඤ‍්ච භික‍්ඛවෙ, රත‍්තිං තථාගතො අභිසම‍්බුජ‍්ඣති, යඤ‍්ච රත‍්තිං පරිනිබ‍්බායති, යං එතස‍්මිං අන‍්තරෙ භාසති ලපති නිද‍්දිසති, සබ‍්බං තං තථෙව හොති, නො අඤ‍්ඤථා. තස‍්මා තථාගතො’ති වුච‍්චති.

මහණෙනි, යම් රැයෙක තථාගතයන් වහන්සේ චතුස්සත්‍යාවබෝධය කරණ සේක් ද, යම් රැයෙක පිරිනිවන් පානා සේක් ද, මේ අතර යමක් බණන සේක් ද, තෙපලන සේක් ද, නිදෙසන සේක් ද, එහැම එපරිදි ම වෙයි. වෙනස් නො වෙයි. එයින් ‘තථාගත’ය යි කියනු ලැබේ.

යථාවාදී භික‍්ඛවෙ, තථාගතො තථාකාරී, යථාකාරී තථාවාදී. ඉති යථාවාදී තථාකාරී, යථාකාරී තථාවාදී. තස‍්මා තථාගතො’ති වුච‍්චති.

මහණෙනි, තථාගතයන් වහන්සේ යථාවාදී සේක් තථාකාරී සේක. යථාකාරී සේක් තථාවාදී සේක. මෙසේ යථාවාදී තථාකාරීයහ. යථාකාරී තථාවාදීයහ. එයින් ‘තථාගත’ය යි කියනු ලැබේ.

සදෙවකෙ භික‍්ඛවෙ, ලොකෙ සමාරකෙ සබ්‍රහ‍්මකෙ සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙවමනුස‍්සාය තථාගතො අභිභූ අනභිභූතො, අඤ‍්ඤදත්‍ථු දසො වසවත‍්තී. තස‍්මා තථාගතො’ති වුච‍්චති.

මහණෙනි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත, අවශේෂ දේවමනුෂ්‍යයන් සහිත සත්ත්‍වාඛ්‍ය ප්‍රජායෙහි තථාගතයන් වහන්සේ හැම මැඩ ගෙණ සිටුනා සේක් මෙරමා විසින් නො මඩනා ලදහ. ඒකාන්තයෙන් හැම දක්නා සේක් තමා වශයෙහි ලා සිටුනා සේක. එයින් ‘තථාගත’ය යි කියනු ලැබේ.

53. සබ‍්බලොකං අභිඤ‍්ඤාය සබ‍්බලොකෙ යථා තථං, සබ‍්බලොකවිසංයුත‍්තො සබ‍්බලොකෙ අනූපයො.

53. සියලු ත්‍රෛධාතුක ලෝකසන්නිවාසය හා එහි (සර්‍වලෝකයෙහි) හැම ඥේයධර්‍ම ඇති සැටි දැන යෝගප්‍රහාණයෙන් ත්‍රෛධාතුකලෝකයෙන් විසංයුක්ත වූයේ ත්‍රෛධාතුකලෝකයෙහි තෘෂ්ණා - දෘෂ්ටිරහිත වූයේ -

54. ස වෙ සබ‍්බාභිභූ ධීරො සබ‍්බගන්‍ථප‍්පමොචනො, ඵුට‍්ඨස‍්ස පරමා සන‍්ති නිබ‍්බානං අකුතොභයං.

54. සිවුවැදෑරුම් හැම ග්‍රන්‍ථයන් මුදා හැර සිටියේ රූපාදි හැම අරමුණු මැඩ ගෙණ සිටියේ වේ ද, හේ ඒකාන්තයෙන් ධීරයෙකි. කොයිනුදු බිය නැති නිර්‍වාණසඞ්ඛ්‍යාත පරමශාන්තිය ඔහු විසින් පහස්නා ලදු.

55. “එස ඛීණාසවො බුද‍්ධො අනීඝොච‍්ඡින‍්නසංසයො, සබ‍්බකම‍්මක‍්ඛයං පත‍්තො විමුත‍්තො උපධිසඞ‍්ඛයෙ.

55.“කෙලෙස් දුක් නැති මුලුසුන් සැක ඇති ක්‍ෂීණාස්‍රව වූ තුලුන් වහන්සේ සර්‍වඥයහ. සර්‍වකර්‍මක්‍ෂයට පැමිණියහ. නිවන් නිමිත්තෙහි (එය අරමුණු කොට සිටුනා) ඵලවිමුක්තියෙන් විමුක්තයහ.

56. එස සො භගවා බුද‍්ධො එස සීහො අනුත‍්තරො, සදෙවකස‍්ස ලොකස‍්ස බ්‍රහ‍්මචක‍්කං පවත‍්තයී.”

56. ඒ භගවත්හු නම් තෙල බුද්ධයහ. තුලුන් වහන්සේ අනුත්තරසිංහයහ. දෙවියන් සහිත ලොවට බ්‍රහ්මචක්‍රය පැවැත් වූ සේක.”

57. ඉති දෙවමනුස‍්සා ච යෙ බුද‍්ධං සරණංගතා, සඞ‍්ගම‍්ම තං නමස‍්සන‍්ති මහන‍්තං වීතසාරදං.

57. මෙසේ කියමින් දෙවිමිනිස්හු හෝ යම් කෙනෙක් බුදුරජුන් සරණ ගියාහු ද, ඔහු එළඹ මහත් වූ පහ වූ බිය ඇති උන්වහන්සේ වඳිත්.

58. “දන‍්තො දමයතං සෙට‍්ඨො සන‍්තො සමයතං ඉසි, මුත‍්තො මොචයතං අග‍්ගො තිණ‍්ණො තාරයතං වරො.”

58.“තුමූ දැමුනාහු දමනය කරණුවන් අතර ශ්‍රේෂ්ඨය හ. තුමූ ශාන්ත වූවාහු ශමනය කරණුවන් අතර ඍෂියහ. තුමූ මිදුනාහු මුදනුවන් අතර අග්‍රයහ. තුමූ තීර්‍ණ වූවාහු තරණය කරණුවන් අතර උත්තමයහ.

59. ඉති හෙතං නමස‍්සන‍්ති මහන‍්තං වීතසාරදං, සදෙවකස‍්මිං ලොකස‍්මිං නත්‍ථි තෙ පටිපුග‍්ගලොති.

59. දෙවියන් සහිත ලෝකයෙහි මුඹ වහන්සේට ප්‍රතිපද්ගලයෙක් නැතැ”යි මෙසේ කියා පහ වූ බිය ඇති පූජ්‍ය වූ තෙල බුදුරජුන් වඳිත්.