කාළකාරාමසුත්තං
4. 1. 3. 4.
4. 1. 3. 4.
[කාළකාරාමසුත්තං]
[කාළකාරාම සූත්‍රය]
24. [එවං මෙ සුතං:] එකං සමයං භගවා සාකෙතෙ විහරති කාළකාරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච :
24. [මා විසින් මෙසේ අසන ලදී:] එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සාකේතයෙහි වූ කාළකාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි, යි භික්ෂූන් ඇමතූ සේක. පින්වතුන් වහන්සැ යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
යං භික්ඛවෙ, සදෙවකස්ස ලොකස්ස සමාරකස්ස සබ්රහ්මකස්ස සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තමහං ජානාමි.
මහණෙනි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයා විසින්, ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත අවශේෂ දේවමනුෂ්‍යයන් සහිත ප්‍රජාව විසින් යම් රූපායතනයෙක් ශබ්දායතනයෙක් ගන්ධ-රස-ස්ප්‍රෂ්ටව්‍යායතනයෙක් ධර්‍මාලම්බනයෙක් ගන්නා ලද ද, සොයා ගන්නා ලද ද, සිතින් ලුහුබඳනා ලද ද, එ හැම මම දනිමි.
යං භික්ඛවෙ, සදෙවකස්ස ලොකස්ස සමාරකස්ස සබ්රහ්මකස්ස සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තමහං අබ්භඤ්ඤාසිං. තං තථාගතස්ස විදිතං, තං තථාගතො න උපට්ඨාසි.
මහණෙනි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයා විසින්, ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත අවශේෂ දේවමනුෂ්‍යයන් සහිත ප්‍රජාව විසින් යම් රූපායතනයෙක් ශබ්දායතනයෙක් ගන්ධ-රස-ස්ප්‍රෂ්ටව්‍යායතනයෙක් ධර්‍මාලම්බනයෙක් ගන්නා ලද ද, සොයා ගන්නා ලද ද, සිතින් ලුහුබඳනා ලද ද, එ හැම මම (අතීත වශයෙන්) දැන ගතිමි. ඒ හැම තථාගතයන් වහන්සේට ප්‍රකටසේ විදිතය. (එහෙත්) එ හැම සදොර අරමුණු කරා තථාගතයන් වහන්සේ තෘෂ්ණාදෘෂ්ටීන් වැද නොගත්හ.
යං භික්ඛවෙ, සදෙවකස්ස ලොකස්ස සමාරකස්ස සබ්රහ්මකස්ස සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තමහං ජානාමීති වදෙය්යං, තං මම අස්ස මුසා.
මහණෙනි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයා විසින්, ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත අවශේෂ දේවමනුෂ්‍යයන් සහිත ප්‍රජාව විසින් යම් රූපායතනයෙක් ශබ්දායතනයෙක් ගන්ධ-රස-ස්ප්‍රෂ්ටව්‍යායතනයෙක් ධර්‍මාලම්බනයෙක් ගන්නා ලද ද, සොයා ගන්නා ලද ද, සිතින් ලුහුබඳනා ලද ද, එ හැම මම (මහාජනයා දක්නා සෙයින් තෘෂ්ණාදීන්) දනිමි යි කියම් නම් එය මාගේ මෘෂායෙක් වෙයි. (ආත්ම-ආත්මීයභාවයෙන් ශුන්‍යතා ඇතිහෙයිනි.)
යං භික්ඛවෙ -පෙ- තමහං ජානාමි ච න ච ජානාමීති වදෙය්යං, තම්පස්ස තාදිසමෙව. තමහං නෙව ජානාමි න න ජානාමීති වදෙය්යං, තං මම අස්ස කලි.
මහණෙනි, ... එ හැම මම දනිමි යී ද, නො දනි මි යී ද කියම් නම් එ ද එබඳු ම වෙයි. එ හැම මම නො ම දනිමි යී ද නො දන්නෙම් නො වෙමි යී ද කියම් නම්, එබස මාගේ දෝෂයෙක් වෙයි.
ඉති ඛො භික්ඛවෙ, තථාගතො දට්ඨා දට්ඨබ්බං, දිට්ඨං න මඤ්ඤති. අදිට්ඨං න මඤ්ඤති. දට්ඨබ්බං න මඤ්ඤති. දට්ඨාරං න මඤ්ඤති. සුතා සොතබ්බං, සුතං න මඤ්ඤති. අසුතං න මඤ්ඤති. සොතබ්බං න මඤ්ඤති. සොතාරං න මඤ්ඤති. මුතා මොතබ්බං, මුතං න මඤ්ඤති. අමුතං න මඤ්ඤති. මොතබ්බං න මඤ්ඤති. මොතාරං න මඤ්ඤති. විඤ්ඤාතා විඤ්ඤාතබ්බං, විඤ්ඤාතං න මඤ්ඤති. අවිඤ්ඤාතං න මඤ්ඤති. විඤ්ඤාතබ්බං න මඤ්ඤති. විඤ්ඤාතාරං න මඤ්ඤති.
මහණෙනි, මෙසේ වනාහි තථාගතයන් වහන්සේ ද්රෂ්ටව්ය වූ රූපායතනය දැක ඒ රූපායතනය (තණ්හාදිට්ඨිමඤ්ඤනා විසින්) නො හඟිත්. (මහාජනයා විසින් නො දක්නා ලද) රූපායතනය (මම දනිමැ යි තණ්හාදීන්) නො හඟිත්. ද්‍රෂ්ටව්‍යය නො හඟිත්. ද්රෂ්ටෘ සඞ්ඛ්‍යාත සත්ත්වයකු නො හඟිත්. ශ්රෝතව්ය වූ ශබ්දායතනය අසා ඒ ශබ්දායතනය (තණ්හා දිට්ඨි මඤ්ඤනා විසින්) නො හඟිත්. (මහාජනයා විසින් නො අසන ලද) ශබ්දායතනය (මම දනිමැ යි තණ්හාදීන්) නො හඟිත්. ශ්රොතව්යය නො හඟිත්. ශ්රෝතෘ සඞ්ඛ්‍යාත සත්ත්වයකු නො හඟිත්. මුතසඞ්ඛ්‍යාත ගන්ධරසස්ප්රෂ්ටව්යායතනය දැන ඒ මුතායතනය (තණ්හාදිට්ඨි මඤ්ඤනා විසින්) නො හඟිත්. (මහාජනයා විසින් නො දන්නා ලද) මුතසඞ්ඛ්‍යාත ගන්ධාදිය නො හඟිත්. මන්තව්‍ය සඞ්ඛ්‍යාත ගන්ධාදිය නො හඟිත්. මන්තෘ සඞ්ඛ්‍යාත සත්ත්වයකු නො හඟිත්. විඥාතව්යධර්මාලම්බනය දැන ඒ විඥාතව්‍යය තණ්හාදීන් නො හඟිත්. (මහාජනයා විසින් අවිඥාත) ධර්මාලම්බනය නො හඟිත්. විඥාතව්‍යය නො හඟිත්. විඥතෘ සඞ්ඛ්‍යාත සත්ත්වයකු නො හඟිත්.
ඉති ඛො භික්ඛවෙ, තථාගතො දිට්ඨසුතමුතවිඤ්ඤාතබ්බෙසු ධම්මෙසු තාදීයෙව තාදී. තම්හා ච පන තාදිම්හා අඤ්ඤො තාදී උත්තරිතරො වා පණීතතරො වා නත්ථීති වදාමීති.
මහණෙනි, මෙසේ වනාහි තථාගතයන් වහන්සේ දිට්ඨසුතමුතවිඤ්ඤාත වූ ධර්මයන් කෙරෙහි තාදී සේක් ම තාදීයහ. ඒ තථාගතතාදීභාවයට වැඩි උත්තරීතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ තාදීභාවයෙක් නැති යි වදාරමි.
60. යං කිඤ්චි දිට්ඨංව සුතං මුතං වා අජ්ඣොසිතං සච්චමුතං පරෙසං, න තෙසු තාදී සයසංවුතෙසු සච්චං මුසා වාපි පරං දහෙය්යං.
60. මෙරමාගේ බසින් (පරප්‍රත්‍යයෙන්), සැබැවැ’යි හැඟීම් කොට ගිල ගන්නා ලද යම් කිසි රූපායතනයෙක් වේවයි ශබ්දායතනයෙක් වේවයි ගන්ධාදිමුතයෙක් වේවයි ස්වයංසංවෘත සඞ්ඛ්‍යාත ඒ දෘෂ්ටිගතීන් කෙරෙහි තාදී වූයෙම් සත්‍යය යි හෝ මෘෂාය යි හෝ පරම කොට නො හදහමි.
61. එතං ච සල්ලං පටිගච්ච දිස්වා අජ්ඣොසිතා යත්ථ පජා විසත්තා, ජානාමි පස්සාමි තථෙව එතං අජ්ඣොසිතං නත්ථි තථාගතානන්ති.
61. යම් දෘෂ්ටිගතියෙක ප්‍රජාවෝ ඇලුනාහු බැස ගත්තාහු වෙත් ද කැලම තෙල ශල්‍යය දැක තෙල දෘෂ්ටිශල්‍යය එසේ ම දනිමි යි දක්මියි තථාගතයන්ගේ ගැලැගැන්මෙක් නැත.